නැකැත් රාල;19527972 said:තමුන්ම හිතනවාද මේ විදිහට ආවම තමුන්ට මනුස්සයෙක් අකුරක්වත් කියාදෙයි කියලා? ඉගෙනගන්න ඕන මිනිස්සු සාස්තරේ ඉල්ලන්නේ කකුල් අල්ලලා වැඳලා. තමුන්ලා වගේ උද්දච්ච මිනිස්සුන්ට ලැබෙන්නෙත් උද්දච්ච උත්තර විතරයි. තල වපුරන්නෝ තලත් උඳු වපුරන්නෝ උඳුත් නෙලාගනිති....
ඔතන තියෙන්නේ ජ්‍යෝතිෂ්‍ය ගැන මගේ අදහසනේ. ඒ අදහස වෙනස් කරගන්න තිබ්බ උත්තර ලැබුනනං. ඔබතුමාට පෞද්ගලිකව මොනවත් කියල නෑනේ. කකුල් දෙකට වැඳලා සාස්තරේ ඉල්ලන්නෙ සාස්තරේ ගැන විශ්වාසයෙන් එක ඉගෙනගන්න එන මිනිස්සු මිසක් විවේචනය කරන මිනිස්සු වැඳ වැඳ ප්‍රශ්න අහන රටක් අහල තියෙනවද ? මේ ප්‍රශ්න අහන්නේ ජ්‍යෝතිෂ්‍ය විවේචනය කරන්න තමා නැතුව වැඳ වැඳ ඉගෙනගන්න ආසාවක් නෑ කොහෙත්ම.
මේ වගේ ෆෝරම් හදල තියෙන්නේ මිනිස්සුන්ට වයස, අද්යාපන මට්ටම්, වෙන සමාජ තත්ත්ව අමතක කරල කරල සම මට්ටමක ඉඳන් සංවාද කරන්න තමා. නියම නමින් නොඉඳ වෙන නමක් දාගෙන ඉන්නෙත් එකයි. එහෙම එකක වැඳුම් පිදුම් බලාපොරොත්තු වෙන එකම විහිළුවක්. මට වඩා වැඩිමල් බව දන්නා නිසා තමා මට මොඩය කියල කියද්දීත් උඹ බං කියල නොකිය ඔබතුමා කියල කිවේ. ඊට වඩා බලාපොරොත්තු වෙන්න එපා.
Last edited:

