2016 - සිතන්න දෙයක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැකැත් රාල;19527972 said:
    තමුන්ම හිතනවාද මේ විදිහට ආවම තමුන්ට මනුස්සයෙක් අකුරක්වත් කියාදෙයි කියලා? ඉගෙනගන්න ඕන මිනිස්සු සාස්තරේ ඉල්ලන්නේ කකුල් අල්ලලා වැඳලා. තමුන්ලා වගේ උද්දච්ච මිනිස්සුන්ට ලැබෙන්නෙත් උද්දච්ච උත්තර විතරයි. තල වපුරන්නෝ තලත් උඳු වපුරන්නෝ උඳුත් නෙලාගනිති....

    ඔතන තියෙන්නේ ජ්‍යෝතිෂ්‍ය ගැන මගේ අදහසනේ. ඒ අදහස වෙනස් කරගන්න තිබ්බ උත්තර ලැබුනනං. ඔබතුමාට පෞද්ගලිකව මොනවත් කියල නෑනේ. කකුල් දෙකට වැඳලා සාස්තරේ ඉල්ලන්නෙ සාස්තරේ ගැන විශ්වාසයෙන් එක ඉගෙනගන්න එන මිනිස්සු මිසක් විවේචනය කරන මිනිස්සු වැඳ වැඳ ප්‍රශ්න අහන රටක් අහල තියෙනවද ? මේ ප්‍රශ්න අහන්නේ ජ්‍යෝතිෂ්‍ය විවේචනය කරන්න තමා නැතුව වැඳ වැඳ ඉගෙනගන්න ආසාවක් නෑ කොහෙත්ම.

    මේ වගේ ෆෝරම් හදල තියෙන්නේ මිනිස්සුන්ට වයස, අද්යාපන මට්ටම්, වෙන සමාජ තත්ත්ව අමතක කරල කරල සම මට්ටමක ඉඳන් සංවාද කරන්න තමා. නියම නමින් නොඉඳ වෙන නමක් දාගෙන ඉන්නෙත් එකයි. එහෙම එකක වැඳුම් පිදුම් බලාපොරොත්තු වෙන එකම විහිළුවක්. මට වඩා වැඩිමල් බව දන්නා නිසා තමා මට මොඩය කියල කියද්දීත් උඹ බං කියල නොකිය ඔබතුමා කියල කිවේ. ඊට වඩා බලාපොරොත්තු වෙන්න එපා.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    මතක තියාගන්න කිසි දෙයක් නොදැන විවේචනය කරන්නත් බැරි බව. විවේචනය කරන්නේ මොකක්ද එහි සිද්ධාන්ත මොනවද කියලා නොදැන කරන විවේචනයෙන් පෙනෙන්නේ තමන්ගේ නොදැනුවත් කම විතරයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැකැත් රාල;19528391 said:
    මතක තියාගන්න කිසි දෙයක් නොදැන විවේචනය කරන්නත් බැරි බව. විවේචනය කරන්නේ මොකක්ද එහි සිද්ධාන්ත මොනවද කියලා නොදැන කරන විවේචනයෙන් පෙනෙන්නේ තමන්ගේ නොදැනුවත් කම විතරයි.

    මම ජ්‍යෝතිෂ්‍ය ගැන අධ්‍යනය කරලා නැති බව ඇත්ත. එත් මම අහපු ප්‍රශ්න වලට එක බාධාවක් කියල මම හිතන්නේ නෑ. ගොඩක් ඒවා ඔව් නෑ කියල සරලව උත්තර දෙන්න පුළුවන්බොහොම මුලික මට්ටමේදී ඕනෙම කෙනෙකුට ජ්‍යෝතිෂ්‍ය ගැන ඇතිවෙන ප්‍රශ්න. මම මහා ලොකු සිද්ධාන්ත ගැන විවේචනය කලේ නෑ. ඔබතුමාලා පාවිච්චි කරන සංකීර්ණ ගණිත ක්‍රම අරව මේවා මොනවත් මම ප්‍රශ්න කලේත් නෑ. නිකමට බලන්න මම අන්තිමට අහපු ප්‍රශ්න ටික.
    බුධ, සිකුරු, අඟහරු, සෙනසුරු, බ්‍රහස්පති, ඉර, හඳ ඔක්කොම පාවිච්චි කරන ඔබතුමාල ඒ වගේම සමාන ගතිගුණ තියෙන අනික් ග්‍රහ වස්තු වල බලපෑම ගණන් ගන්න අවශ්‍ය නෑ කියනවනං එක සාධාරණද ?
    ඔබතුමාල පාවිච්චි කරන ග්‍රහයෝ ඔය භෞතික ලෝකේ ග්‍රහයෝ නෙවේ කියල කියනවනං භෞතික ලෝකේ ග්‍රහයන්ගේ නම් ටිකම පාවිච්චි කරන්නයි ඒවගේ ගමන් මාර්ග, පිහිටීම් ගණනයන්ට පාවිච්චි කරන්නේ ඇයි ?
    මම දැකල තියෙනවා සමහර අලුත් කේන්දර වල ඔය යුරේනස් නෙප්චුන්,ප්ලුටෝ පවා ඉන්නව. එතකොට එව වැරදිද ?
    එහෙනං ඒ අමතර ග්‍රහයන් ජ්‍යෝතිෂයේදී පාවිච්චි නොකර සීමිත ග්‍රහයෝ ටිකක් කේන්දරේ ඉන්න හේතුව මොකද්ද. උන්ගෙන් අපිට බලපෑමක් නැද්ද ?
    මම අහල තියෙන්නේ ජ්‍යෝතිෂ්‍ය කියන්නේ ග්‍රහ වස්තු වල බලපෑම මිනිස්සුන්ට එයාලගේ උපන් වෙලාව අනුව බලපාන හැටි විස්තර කරන විද්‍යාවක් කියල. එක වැරදිද ?
    සෙනසුරු කියල ජ්‍යෝතිෂයේ කියන ග්‍රහය සහ ඇත්ත සෙනසුරු ග්‍රහලෝකේ අතර මොනම සම්බන්ධයක්වත් නැද්ද ?
    ගොඩක් ඒවට ඔව්ද නැද්ද කියන්න විතරයි තියෙන්නේ. මේ ඔක්කොම මම ඇහුවේ ඔබතුමාලා පාවිච්චි කරන්නේ ග්‍රහවස්තු හතක් පමණයි සහ ඒවා භෞතික ලෝකේ අපි planets කියල කියන ඒවාට වඩා වෙනස් කියල ඔබතුමාම කලින් කියපු එකෙන්. මේවා ඔබතුමාගේ පන්තියට පලවෙනි දවසේ ආපු මනුස්සයෙකුට එන්න පුළුවන් සරල ප්‍රශ්න. මේවා අහන්නත් පොත් කියවල එන්න ඕනේ නං ඉතිං මට වෙන අහන්න සරල විදියක් තේරෙන්නේ නෑ. :no:

    කොහොම උනත් ඇතිවුනු සංවාදයට සම්බන්ධ වුනාට ඔබතුමාට ස්තුතියි. මම ආය ප්‍රශ්න අහන්නේ නෑ. :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම ජ්‍යෝතිෂ්‍ය ගැන අධ්‍යනය කරලා නැති බව ඇත්ත. එත් මම අහපු ප්‍රශ්න වලට එක බාධාවක් කියල මම හිතන්නේ නෑ. ගොඩක් ඒවා ඔව් නෑ කියල සරලව උත්තර දෙන්න පුළුවන්බොහොම මුලික මට්ටමේදී ඕනෙම කෙනෙකුට ජ්‍යෝතිෂ්‍ය ගැන ඇතිවෙන ප්‍රශ්න. මම මහා ලොකු සිද්ධාන්ත ගැන විවේචනය කලේ නෑ. ඔබතුමාලා පාවිච්චි කරන සංකීර්ණ ගණිත ක්‍රම අරව මේවා මොනවත් මම ප්‍රශ්න කලේත් නෑ. නිකමට බලන්න මම අන්තිමට අහපු ප්‍රශ්න ටික.

    ගොඩක් ඒවට ඔව්ද නැද්ද කියන්න විතරයි තියෙන්නේ. මේ ඔක්කොම මම ඇහුවේ ඔබතුමාලා පාවිච්චි කරන්නේ ග්‍රහවස්තු හතක් පමණයි සහ ඒවා භෞතික ලෝකේ අපි planets කියල කියන ඒවාට වඩා වෙනස් කියල ඔබතුමාම කලින් කියපු එකෙන්. මේවා ඔබතුමාගේ පන්තියට පලවෙනි දවසේ ආපු මනුස්සයෙකුට එන්න පුළුවන් සරල ප්‍රශ්න. මේවා අහන්නත් පොත් කියවල එන්න ඕනේ නං ඉතිං මට වෙන අහන්න සරල විදියක් තේරෙන්නේ නෑ. :no:

    කොහොම උනත් ඇතිවුනු සංවාදයට සම්බන්ධ වුනාට ඔබතුමාට ස්තුතියි. මම ආය ප්‍රශ්න අහන්නේ නෑ. :)

    මගේ පන්තියට නෙමෙයි කොහෙට ආවත් නිහතමානි කමක් නැති මිනිහෙක්ට මම කියා දෙන්නේ නැ. මගේ පන්තියට අද වෙනකන් ලොකු කම් කියවන ඇය ඇවිත් නැ. එහෙම ආවත් මම පලවෙනි දවසෙම කියනවා ආයේ එන්න එපා කියල. මොකද එහෙම අයට කවදාවත් මේ විෂයේ නියම දැනුම ලැබෙන්නේ නැ. මගේ ගුරුවරයෙක් කිව්ව කතාවක් කියන්නම්..
    සුර අසුර යුද්ධයෙන් පසු සුරයන් සහ අසුරයන් අමෘතය බෙදාගන්න හදනකොට, විෂ්ණු තේරුම් ගත්ත අසුරයන් අමෘතය බිවුවොත් අසුරයන් අමරණිය වෙන වග. ඊට පස්සෙ විෂ්ණු මෝහිණිගෙ වෙස් අරගන සුරයන් සහ අසුරයන් කණ්ඩායම් කරල දෙපැත්තට කරල සුරයන්ට විතරක් අමෘතය දෙන අතරෙ, අසුරයන්ට අමෘතය වගේ වෙන දෙයක් දුන්න. අසුරයෝ අතරෙ හිටිය ස්චර්භාණු කියල එක අසුරයෙක් විෂ්ණු කළ වැඩේ දැක්ල, කාටත් හොරෙන් සුරයන්ගෙ පැත්තට ආව. විෂ්ණු අමෘතය බෙදාගන යනකොට ස්වර්භාණුගෙ වාරෙ ඇවිත් ස්වර්භාණුට අමෘතය පොවනකොටන චන්ද්රයා ඇවිත් කීව ඔය ඉන්නෙ අසුරයෙක් කියල. විෂ්ණු ඒ එක්කම මෝහිණිගේ ස්වරුපයෙන් සැබෑ තත්වයට පත්වෙලා චක්රය අරගන ස්වර්භාණුට පහර දුන්න. ස්වර්භාණුගෙ හිස කඳෙන් වෙන්උනා. නමුත් ඒ වෙනකොට අසුරයා අමෘතය පානය කරල ඉවරයි. ඒ හිසයි, කඳයි තමයි රාහු සහ කේතු උනේ. ඒ අනුව හිස අමරණියටත්වයට පත් උනත් කඳ අමරණියත්වයට පත් උනේ නැහැ.
    මේකෙන් උගන්වන සැගවුණ අර්ථය කුමක්ද ?
    අර ස්වර්භාණු වගේ බාගෙට අමෘතය බීපු අයත් සමාජගතවෙලා ඉන්නවා. ඒ අය අමරණියත්වයට පත්වෙන්න උත්සහ කරන්නෙ බලයෙන් සහ ධනයෙන්. අද ජ්යෝතිෂය අවභාවිත වීම සිද්ධවෙන්නෙ ඒ අය අතින්.
    මෙන්න මේ නිසාම, මුල්ගුරු පරපුරකට අයත් ඕනැම කෙනෙක් ජ්යෝතිෂය උගන්වන්නෙ, ඒකට සුදුසු, දැනුමට ගෞරව කරන, දැනුම පිපාසයෙන් සිටින, විශේෂයෙන් තමන් නොදන්නා බව දන්න කෙනෙකුට විතරයි. (මිට අමතරව සැඟවුණු ජ්‍යෝතිෂ සිද්ධාන්ත කිපයක්මත් මෙම කතාවේ තියෙනවා)
    මතක තියා ගන්න පාර විද්‍යා දැනුම කියන්නේ සප්‍රාණික ශක්තියක්. එම දැනුම නුසුදුස්සෙක් අතට නොයන ලෙස දැනුම විසින්ම ආරක්ෂා කරනවා. ඔබ ඊට නුසුදුස්සෙක්නම් ඔබට එම දැනුම බලෙන් ලබන්න්නටවත් ඔබ ඊට සුදුස්සෙක්නම් ඔබට එම දැනුම ලැබීම වැලක්වීමට වත් බැහැ. කල හැකි එකම දේ එම දැනුම ලැබීමට සුදුස්සෙක් වීම පමණයි.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැකැත් රාල;19533214 said:
    මගේ පන්තියට නෙමෙයි කොහෙට ආවත් නිහතමානි කමක් නැති මිනිහෙක්ට මම කියා දෙන්නේ නැ. මගේ පන්තියට අද වෙනකන් ලොකු කම් කියවන ඇය ඇවිත් නැ. එහෙම ආවත් මම පලවෙනි දවසෙම කියනවා ආයේ එන්න එපා කියල. මොකද එහෙම අයට කවදාවත් මේ විෂයේ නියම දැනුම ලැබෙන්නේ නැ.

    ස්තුතියි :)