2019 ගෙවුනේ කොහොමද ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    2019 ගෙවුනේ කොහොමද ?

    සියලු එළකිරි වැසියන්ට මේ අවුරුද්ද ගෙවුන විදිහ ගැන මොනවගේ අදහසක් ද තියෙන්නේ ?
    තමන්ගේ අරමුණු වලට පොඩ්ඩක් හරි ලඟා උනාද ?
    නැත්තම් අරමුණ සම්පුර්ණ කරගත්තද ?

    මේවගේ ගෙවුන අවුරුද්ද ගැන මොහොතක් වෙලාව අරන් කල්පනා කරලා බලන්න තමන් මේ අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳල කරපු දේවල් ගැන. හොඳ නරක ලෙඩ දුක් සුබ අසුභ දේවල් මැද්දෙන් ජිවිතේ ගලාගෙන ගිය හැටි..


    මගේ නම් අදහස මේ 2019 අවුරුද්ද මට නම් ඉතාමත් හොඳ එකක් වුනා.. :yes::yes:අවුරුද්දේ මුල පොඩි පොඩි ලෙඩ රෝග නිසා ඉස්පිරිතාලේ ඉන්න උනත්:sorry: හිටපු කාරනවා දෙකක් ඉෂ්ට කරගන්න පුළුවන් උනා... ;):cool: ලබන අවුරුද්දටත් පොඩි පොඩි ටාගට් ටිකක් හදාගන්න දැන්මම කල්පනා කරලා හිතට ගන්න.. :):)


    ගෙවෙන කාලය අපි කිසිකෙනෙකුට ආපස්සට හරවන්න බෑ... :no::no::no:

    ලබන අවුරුද්දම සුභ වේවා.....!
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මගේ ටාගට් ගොඩක් මඟ ඇරුනා...:dull:
    කෙල්ලෙක්ගෙ අතින්වත් අලුත් අවුරුද්දේ අල්ලන්න ඕන කියල හිතෙනවා...:love:
    දැන් කළකිරිලා...:(
     
    Last edited:
    • Like
    Reactions: shameera89

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජනවාරි 1ක මතකයි 2019 , දන්නෙම නැතිව අවුරුද්ද ගිහින්. 2020 දෙසැම්බර් 31 ත් ඕකම වෙයි
     
    • Like
    Reactions: shameera89

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    මේ අවුරුද්දේ හොද නරක දෙකම සම සමව වගේ තමා...
    කසාදෙ ෆිනලයිස් වෙලා වෙඩිමට දින වැටුන... යන්න අසාවෙන් හිටිය තැන් 3න 4ක ගිය.
    උබටත්, එළකිරි වැසියන් සියල්ලටමත් 2020 සුබම සුබ වසරක් වේවා!
     
    • Like
    Reactions: shameera89

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අලුත් තැනකට ජොබ් එකකට ගියා..:yes::)
    රැවටිමක් උනා..:(මුලදි හිතුවෙ නැ එක එහෙමයි කියලා.එත් ඊයෙ පෙරෙදා දැන ගත්තා එක රැවටිමක් තමා වෙලා තියෙන්නෙ කියලා..:(:(::sorry::sorry:
    කිරියෙ යාලුවො කිප දෙනෙක් පෞද්ගලිකව අදුන ගත්තා:love::love::love:
    ඉවෙන්ට් කරලා පලු යන්න බැනුම් ඇහුවා:cool::cool::cool:
    ෆොන් එක මාරු කලා..
    අනවශ්‍ය පුද්ගලයො කිහිපදෙනෙක් ජිවිතෙන් අයින් කලා..
    දැන් නම් සැපෙන් සතුටෙන් ජිවත් වෙනවා..2020 සාර්තක වෙවි කියලා හිතනවා...:):)
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ගොඩක් අයට හිතෙන එකම දේ ඒ පැත්ත බලල මේ පැත්ත බලද්දී අවුරුද්ද ගිහිල්ල කියල.. ඇත්තටම අපි එන්න එන්නම කාර්‍යබහුල වෙලා හින්ද තමයි එහෙම වෙලා තියෙන්නේ.. අපි පුළුවන් තරම් අපේ පවුලේ අයත් එක්ක කාලේ ගත කරමු.. යන්න බැරි උනා නම් අම්ම තාත්ත බලන්න මේ සති අන්තේ දිනයක් දාගෙනම යන්න.. තරහ කරෝයෝ කියල හිතේ තියන් ඉන්න එපා.... ඒවා අමතක කරලා ඉන්න බලන්න පුදුම සැහැල්ලුවක් දැනෙනවා.. අත්දැකීමෙන් කියන්නේ.... හැමෝටම සියලු බලාපොරොත්තු දේවල් ඒ විදිටිහටම ඉටු වෙන සුබම සුභ අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා කිරියේ යාලුවෝ හැමෝටම
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    අවුරුදු හදාගෙන තියෙන්නෙ මිනිස්සුමයිනෙ බං..වෙනසක් නෑ