වටේ මොකා හිටියත් කමක් නෑ. උන් අපතයො වෙන්න පුලුවන්, බඩු කාරයෝ වෙන්න පුලුවන් (මගේ පෞද්ගලික අත්දැකීමෙ හැටියට හොඳට බඩු ගහන අයගෙ ස්ට්රෙස් එක අඩුයි, ඉතින් හොඳට වැඩ කරන්න පුලුවන්, සමාවෙන්න පොඩ්ඩක් පිට පැන්නට). හැබැයි උන්ට කියන්න ඕන, උඹලගෙ ඔය හැකියාවල් අද ඉඳලා රටේ යහපතට යොදවන්න ඕන කියලා. එහෙම නොකලොත්..... දන්නවනෙ ඉතින්. මෙන්න ඒ විදියට හය මාසයක් වැඩ කටයුතු කරාම පොඩි එකාගෙ ඉඳලා හැදිලා ඒවි. ඕන කරන්න ඍජු සහ අවංක නායකත්වයක්. ඒකාධිපති වෙන්න පුලුවන්. මහින්ද රාජපක්ෂට පහුගිය ආණ්ඩුවෙ මේ කරන්න බැරි වුනා. එයාට ඒ හැකියාව නෑ. බැසිල් රාජපක්ෂ ගැන පුද්ගලිකව මගේ කිසිම පැහැදීමක් නෑ. මේක කරන්න පුලුවන් දැනට කරළියෙ ඉන්න එකම එක්කෙනා ගෝඨාභය විතරයි. දේශපාලන අත්දැකීම් ඕන නෑ. ඕන කරන්නෙ දැක්ම සහ හැකියාව. සිංගප්පූරුවෙ ලී ක්වාන් යූ වගේ.