සරලව හදුනාගමු ක්රීඩකයන්ගේ ක්රීඩා ස්ථාන කොහොමද කියලා උදෙන්ම
- Goalkeeper
- Defender (Centre-back, Full-back, Wing-back)
- Midfielder (Centre midfield, Defensive midfield, Attacking midfield, Wide midfield, Winger)
- Forward (Centre forward, Second striker)
බොහෝ වෙලාවට කණ්ඩායම් තෝරාගන්න ක්රීඩා සංයුතියක් තමයි 4-4-2 කියන සංයුතිය.
ගෝල රකින්නා ඉතින් එතනම ඉන්න ඕන නිසා පොරව වෙනස්කරන්න බැහැ.
මෙතැනදී ගෝල රකින්නා ඉස්සරහ ඉන්නවා සම්ප්රදායක විදියට defenders හතරදෙනෙක්.
මැද්දේ ඉන්න දෙන්නට කියන්නේ Centre defenders නැත්නම් Centre back defenders කියලා.
දෙපැත්තේ ඉන්න දෙන්නට කියන්නේ Right Full back & Left Full back කියලා.
ඔතනදි Right Full back & Left Full back දෙන්නා ටිකක් ඉස්සරහට යනවනම් ආක්රමණශීලි විදියට එයාලට කියන්නේ Wing back කියලා. එතැනදී ගොඩක් වෙලාවට Centre back defenders තුන්දෙනෙක් ක්රීඩාකරලා Wing back දෙන්නට ආක්රමණශීලි වෙන්න ඉඩ දෙනවා. අන්න එතැනදී සංයුතිය 3-5-2 වගේ වෙනස් වෙනවා.
Midfielders ගැන කතාකරොත් අපේ උදාහරණය (4-4-2) විදියට, මැද්දේ ඉන්න දෙන්නා හදුන්වන්නේ Central midfielders කියලා. අමතර දෙපැත්තේ ඉන්න දෙන්නා right midfielder සහ left midfielder කියලා හදුන්වනවා.
Midfielders ගැන ටිකක් ගැබුරට ගියොත් Defensive midfielders කියන්නේ ටිකක් පිටිපස්සෙන් ඉන්න අයට, සරලව කියුවොත් අරක්ශාකරිව තමන්ගේ ක්රීඩාව හසුරවන midfielder කෙනෙක්ට. Attacking midfielders කියන්නේ ඉදිරිපෙළ ඉන්න striker ක්රීඩකයන් පිටුපසින් ආක්රමණශීලි විදියට ක්රීඩාව හසුරවන midfielder කෙනෙක්ට. දෙපැත්තෙන් දුවගෙන පිස්සෝ වගේ දුවන උන්ට කියන්නේ Wide midfielders නැත්නම් Winger කියලා.
අන්තිමට ඉතින් Attackers
මෙයාල තමයි ප්රති පිලේ ගෝල කනුව සමීපයේ සැරිසරන්නේ. ගෝල ගහන්නේ මෙයාල තමයි වැඩිපුර. ප්රහාරාත්මක ක්රීඩකයන්.
පහලින් තියෙනවා පාපන්දු ක්රීඩාවේ සංයුතීන් කිහිපයක්. ප්රශ්න තියෙනවද? ප්රශ්න?




4-4-2
5-3-2
4-2-3-1
4-3-3
වැරදි දෙයක් කියලා තියෙනවනම් පෙන්වා දෙන්න
