කමක් නෑ කියනවා නෙවෙයි. ගෑනියෙක් හෙළුවෙන් හිටියත් කාටවත් ඒකිව රේප් කරන්න අයිතියක් නෑ, මේක තමයි විය යුත්තේ. බැංකු වල සල්ලි නිකම් රාක්ක වල දාලා තියෙන්න පුලුවන්, ආහ් ඇවිත් තමන්ගේ සල්ලි ටික විතරක් ගන්න, මිනිස්සුන්ට දොරවල් ජනේල ඇරලා තියලා රට උනත් ගිහින් එන්න පුලුවන් බය නැතුව, කොල්ලෙක්ට ලක්ෂ ගණන් තියාගෙන මහ රෑ ඕන තැනක බීලා යන්න පුලුවන් කිසිම බයක් නැතුව. එහෙම මේ සමාජයේ කරන්න පුලුවන්ද? පුලවන්ද? ආරක්ෂාවක් නැතුව උබට මේ සමාජයේ ජිවත් වෙන්න පුලුවන්ද? බෑනේ? ඉතින් ඇයි මේ රේප් කේස් වලදී විතරක් උබලා ඒක බලාපොරොත්තු වෙන්නේ? එහෙම වෙනවා නම් මේ ලෝකේ ආරක්ෂාව කියලා දෙයක් ඕනේ නෑ.
මේ ලෝකේ යූටෝපියානු සමාජයක් නෙවෙයි. එහෙම තැනක අපරාධ, දූෂණ, වංචා, වගේ අනර්ථකාරී දේවල් ඕන තරම් වෙනවා. එහෙම කරන උන්ට දඩුවම් දීලා, පුරුනුර්ථාපනය කරන්න ඕනේ වගේම, තමනුත් දැනගන්න ඕනේ ඒ වගේ දේවල් වලින් තමන්ව, තමන් ආදරය කරන මිනිස්සුන්ව, සහා තමන්ගේ දේපොළ රැකගන්න. නමුත් අනෙක් හැම දේකදීම එහෙම උනත්, ස්ත්රී දූෂණ වලට මේක අදාළ නෑ. බටහිර ලිබරල් වාදීන් කෙල්ලට පොඩ්ඩක් වත් ස්වංය ආරක්ෂාව සම්බන්ධයෙ වගකීමක් පටවන්නේ නෑ. උන් බීලා වැටිලා හිටියත් උන්ට කියන්නේ නෑ උබලා ඔහොම ඉන්න එපා, ඔහොම ඉන්න කොට ඒක ආරක්ෂාවට හොද නෑ කියලා. උන් කියන්නේ උබලට ඕන විදියට හිටපල්ලා. ඉතින් එහෙම ඉදලා කෙල්ලෙක් මැරුනම, ඒකිට පණ දෙන්න පුලුවන්ද? ඊට වඩා හොද නැද්ද පොඩ්ඩක් මොළය පාවිච්චි කරලා සමාජයේ හිටියා නම්.