වැලිවේරිය, රතුපස්වල ජනතාවට පානීය ජලය ලබාදීමට රුපියල් කෝටි පහක් වැය නොකරන ආණ්ඩුව චීනයට මෙරට ඉඩම් විකිණීම සඳහා මුහුද ගොඩ කිරීමට රුපියල් කෝටි 18200 ක් වැය කිරීමේ සාපරාධී ක්‍රියාවක නිරත වන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.
රාජගිරියේ පිහිටි ජාතික වතු සංගම් ශාලාවේදී ඉකුත් 08 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටි අතර එහි වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
උතුරු පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ සියලුම අපේක්ෂකයන්ගේ නිවාසවලට ආරක්ෂක අමාත්‍යාංශයේ, බුද්ධි අංශ සාමාජිකයන් ගොස් ඒ අයගෙන් සහ අසල්වැසියන්ගෙන් විවිධ මට්ටමෙන් ප්‍රශ්න කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලි�ත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන අතර මේ සිද්ධියෙන් මනාව පැහැදිලි වන්නේ රටේ ක්‍රියාත්මක වන ඒකාධිපති හමුදා ජුන්ටා පාලනයයි.
බීමට වතුර ඉල්ලූ ගම්පහ, වැලිවේරියේ ජනයාට හමුදාව යොදවා වෙඩි තබා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ මිනීමරු සිද්ධිය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමෙන් වැළකී සිටින ලෙසට ආණ්ඩුව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වෙත සෘජුව සේම වක්‍රව බරපතළ ලෙස බලපෑම් එල්ල කරමින් සිටිනවා. රටේ ඉඩම් අක්කර
560 ත් 570 ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය හරහා චීනයට විකිණීමට ආණ්ඩුව මාස ගණනක් මුළුල්ලේ සැලසුම් සකස් කරමින් සිටින තත්ත්වයෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව සමස්ත රට සහ ජනතාව චීන්නුන්ට විකුණමින් සිටින බවයි.
අක්කර 568 ක් 99 අවුරුදු බද්දට චීනයට දී එම ඉඩමේ රුපියල් කෝටි 18200 ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර මේ ව්‍යාපෘතිය සැප්තැම්බර්Êමාසයේ දී ආරම්භ කරන බව වරාය අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
මුහුද ගොඩකර අක්කර 568 ක ඉඩම් ප්‍රමාණයක් මෙසේ ලබාගෙන චීනයට මේ රට විකිණීම ඔබ අනුමත කරනවාද? රටේ ඉඩම් මෙසේ චීන්නුන්ට විකිණීමෙන් පැහැදිලි වන්නේ පොළවට වැඳුම් පිඳුම් කරමින් ආණ්ඩුව මවාපාන ඊනියා ජාතිකත්වයේ තරමයි.
ගම්පහ වැලිවේරියේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා රුපියල් කෝටි
5 ක් වියදම් නොකර හමුදාව යොදවා එම ජනයා වෙඩි තබා ඝාතනය කළ ආණ්ඩුව චීන්නුන්ට රටේ ඉඩම් විකිණීම සඳහා රුපියල් කෝටි 18200 ක් වැයකර මහ මුහුද ගොඩ කිරීමේ සාපරාධී ක්‍රියාවක යෙදී සිටිනවා.