28න් පස්සෙ ජීවිතේ

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    28න් පස්සෙ ජීවිතේ පට්ට බෝරින් වෙනවා මොකද මචන්ල ඒ? ඔක්කොම කරන්න ඕනෙ ඒව කරල දකින්න ඕන ඒව දැකල තියෙන හන්දද එහෙම වෙන්නෙ?? නැත්නන් වෙන මොකක් හරි මනෝවිද්යාත්මක, ජීව විද්යාත්මක හේතුවක් තියෙනවද ඒකට?? ඒකට පොඩි කාලෙ කොච්චර සුන්දර අත්දැකීමක්ද. පොඩි දේකින් උනත් කොච්චර සතුටු වෙන්න පුලුවන්ද........:(:):P:yes::cool:

    මට දැං 32යි. තාමනං බෝරිං නෑ :D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,116
    67,426
    113
    ඉතින් හොඳයිනේ බං කිසි දෙයක් ගැන ආසාවක් නැත්තං බාවනා කරලා සෝවාන් වෙන්න try කරපං.. serious මට ඕක කරන්න බැරි මට නම් desires තියනවා.. ඒවා නැති උනා නම් කිසි අවුලක් නෑ..

    very wrong ideas about sowan
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙතන එක කමෙන්ට් එකකත් මෙ අදහස ඇති.
    අපි වයසට කරන්න ඔනි දෙවල් කලින් කරහම ඔය දෙ දැනෙනවා ඇති.
    ඒ කාලෙ මිනිස්සු ජිවත් වුණෙ අරමුණක. ගොඩාක්ම ඒ අරමුණ තමන් සහ පවුල පිළිබඳව.
    අදකාලෙ එවුන් ජීවත් වෙන්නෙ සොෂල් මීඩියාස් වල දකින දෙවල් අනුව.
    යාළුවෙක් ට්‍රිපක් ගිහින් ෆොටො එකක් දැම්මොත් තමන් යනකන් හිත නලියනවා.
    යාළුවෙක් රස කැමක් කාල ෆොටො එකක් දැම්මොත් ඒක තමන් කනකන් හිත නලියනවා.
    ඒ වගෙම මෙ දෙවල් වෙන වෙගෙත් වැඩි නෙ ?

    ඉස්සර යාළුවො,නැයො කරන කියන එව්වා අපි දකින්න එක්කො උන්ගෙ ගෙදර ගියහම අවුරුද්දට නැගම් ගියහම ,මළ ගෙදරක සෙට් උනහම වගෙ.
    එත් දැන් සේරම ඔන්ලයින්. වේගෙ වැඩි.
    ඉත්ං ඩිප්‍රෙෂන් එක ,එපා වීම සුලභ දෙයක්.

    ලයිෆ් එක බෝරින්ග් නැහැ බන් අපි බෝරින් කරගෙන.
    ලයිෆ් එක කියන්නෙ ෆේස්බුක් එකෙ දකින එකවත් ට්‍රැවල් කරන එක විතරක්ම වත් නෙමෙ.
    හැම දෙම.
    මිනිහෙක් එක්ක ප්ලේන්ටියක් ගහන ගමන් පොලිටික් කතා කරන එකත් ලයිෆ් එකෙ කොටසක් .
    පවුලෙ කට්ටියත් එක්ක වීක් එන්ඩ් එකට පන්සලකට යන එකත් ලයිෆ් එකෙ කොටසක්.
    බීච් එකට ගිහින් තනියාම මුහුඳු හුලං වැදි වැදි ඉන්න එකත් ලයිෆ් එකෙ කොටසක්

    ගෙයක් හදන එක වාහනයක් ගන්න එක,කසාද බඳින එක මෙව්වත් ලයිෆ් එකෙ කොටස්.

    හැබැයි මෙ දෙවල් කරන්න ෆේස්බුක් එකෙ උවමනාවට නම් ඕකෙ රසය නැහැ

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    :yes::yes::yes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    අහල තියන විදිහටනම් ඕක නෝමල්....
    දැන් පොඩ්ඩක් ආගම පැත්තට නැබුරු වෙන්න....
    සිරි සදහම් ආශ්‍රමයට පලයන් දෙහිවල....