මෙතන එක කමෙන්ට් එකකත් මෙ අදහස ඇති.
අපි වයසට කරන්න ඔනි දෙවල් කලින් කරහම ඔය දෙ දැනෙනවා ඇති.
ඒ කාලෙ මිනිස්සු ජිවත් වුණෙ අරමුණක. ගොඩාක්ම ඒ අරමුණ තමන් සහ පවුල පිළිබඳව.
අදකාලෙ එවුන් ජීවත් වෙන්නෙ සොෂල් මීඩියාස් වල දකින දෙවල් අනුව.
යාළුවෙක් ට්‍රිපක් ගිහින් ෆොටො එකක් දැම්මොත් තමන් යනකන් හිත නලියනවා.
යාළුවෙක් රස කැමක් කාල ෆොටො එකක් දැම්මොත් ඒක තමන් කනකන් හිත නලියනවා.
ඒ වගෙම මෙ දෙවල් වෙන වෙගෙත් වැඩි නෙ ?
ඉස්සර යාළුවො,නැයො කරන කියන එව්වා අපි දකින්න එක්කො උන්ගෙ ගෙදර ගියහම අවුරුද්දට නැගම් ගියහම ,මළ ගෙදරක සෙට් උනහම වගෙ.
එත් දැන් සේරම ඔන්ලයින්. වේගෙ වැඩි.
ඉත්ං ඩිප්‍රෙෂන් එක ,එපා වීම සුලභ දෙයක්.
ලයිෆ් එක බෝරින්ග් නැහැ බන් අපි බෝරින් කරගෙන.
ලයිෆ් එක කියන්නෙ ෆේස්බුක් එකෙ දකින එකවත් ට්‍රැවල් කරන එක විතරක්ම වත් නෙමෙ.
හැම දෙම.
මිනිහෙක් එක්ක ප්ලේන්ටියක් ගහන ගමන් පොලිටික් කතා කරන එකත් ලයිෆ් එකෙ කොටසක් .
පවුලෙ කට්ටියත් එක්ක වීක් එන්ඩ් එකට පන්සලකට යන එකත් ලයිෆ් එකෙ කොටසක්.
බීච් එකට ගිහින් තනියාම මුහුඳු හුලං වැදි වැදි ඉන්න එකත් ලයිෆ් එකෙ කොටසක්
ගෙයක් හදන එක වාහනයක් ගන්න එක,කසාද බඳින එක මෙව්වත් ලයිෆ් එකෙ කොටස්.
හැබැයි මෙ දෙවල් කරන්න ෆේස්බුක් එකෙ උවමනාවට නම් ඕකෙ රසය නැහැ