මචන් ඔය පඩිය ප්‍රමාණවත්ද නැද්ද කියලා තිරණය වෙන්නේ උබ ගත කරන ලයිෆ් එකේ හැටියට තමයි. මම දැනට අවුරුදු 12කට විතර කලින් මේ කම්පැනියෙම වැඩට ආවේ රුපියල් 20,000 පඩියට එත් මේ වෙනකොට මට ඒ වගේ හතර පස්ගුණයකටත් වඩා හම්බවෙනවා. ඒ නිසා උබ උබගේ හැකියාව සහ දක්ෂතාවය හොදට ප්‍රදර්ශනය කරපන්, ඒ කියන්නේ කරන ජොබ් එකේ හොදට වැඩ පෙන්නපන්, එතකොට උබව නිකන්ම ඩිමාන්ඩ් වෙනවා, එහෙම ඩිමාන්ඩ් වෙනකොට කම්පැනියට උබගේ අවශ්‍යතාවය එන්න එන්න වැඩි වෙනවා, ඒ එක්කම උබගේ සැලරියත් ඔටොමැටිකලි වැඩි වෙනවා. එහෙම වැඩි නොවුනත් භය නැතුව ඉන්ක්‍රිමට් ඉල්ලන්න පුළුවන්, අනිවා ඕකේ වෙනවා, මම කවදාවත් මගේ ඕනකමට ඉන්ක්‍රිමන්ට් එකක් ඉල්ලලා නැහැ, අනිත් උන් නම් අව් රුද්දක් අව් රුද්දක් ගානේ ඉල්ලනවා, මගේ බොසා සමහර වෙලාවට මට කියනවා ඉන්ක්‍රිමන්ට් රික්වෙස්ට් එකක දෙන්න කියලා. අන්න ඒ වෙලාවට මම ලියුමක් ගහලා දෙනවා, කියක් වැඩි උනත් එයාල මට සන්තොසෙන් දෙන්න දේ මම සන්තෝසෙන් භාර ගන්නවා. මගේ ලියුම මගේ බොසාම AGM, GM ලඟට අරගෙන ගිහින් මිනිහම එකවුන්ට්ස් ඩිපාර්ට්මනට් එකට භාර දෙනවා, මම ලියුම දිලා පැයක් ඇතුලත ඒ ලියුම එකවුන්ට්ස් ඩිපාට්මනට් එකට අනිවා යනවා. අපේ කම්පැනියෙ මම වගේම තව එක අක්කා කෙනෙක් ඉන්නවා, එයත් මම වගේම තමයි, කරන වැඩේ ගැන විතරයි හිතන්නේ, ඒ දේ හරියට කාරනවා, එතකොට අනිත් එවා නිකන්ම හරියට සිද්ධ වෙනවා.