කවුලුව අතරින් හිරිපොද එනවා
පොල් අතු වහලින් පිණි බේරෙනවා
සොඳුරිය මාගේ පුංචි පුතා
මා උකුලේ තියා නළවනවා
අඳුරුය පාළුය නිසලය මේ රැය
සීතල සුළඟද ඒය හමා
වවුලන් ඉගිලෙයි දොරකඩ අරඹේ
බකමූණෙකු හිඳ නද දෙනවා
සොඳුරිය මුමුනන නැල්ලවිලි ගීතය
සුරඟන ගීතය පරදනවා
බොල් පිනි වැටෙනා මේ රෑ යාමේ හිතන්න මට කදුලැල්පමනයි
අහන්න මිහිරියේ අද හඩනා හඩ මගේ සිතුවිලි ඔබ ලග සසලයි
අහන්න මිහිරියේ අද හඩනා හඩ මගේ සිතුවිලි ඔබ ලග සසලයි








