50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සජිත් ජයගන්නා බවට ඉන්දීය රෝ බුද්ධි අංශය ඉදිරිපත් කල වාර්ථාවෙන් පසු ව්‍යාපාරිකයන් ගෝඨාට මුදල් පොම්ප කිරීම නවතා දමයි.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සජිත් ජයගන්නා බවට ඉන්දීය රෝ බුද්ධි අංශය ඉදිරිපත් කල වාර්ථාවෙන් පසු ව්‍යාපාරිකයන් ගෝඨාට මුදල් පොම්ප කිරීම නවතා දමයි.

    Apitanam news eka awe oke anith peththa :rofl::rofl: :rolleyes::rolleyes:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    උතුරේ තීන්දුවත්, චන්ද්‍රිකා-‌වෙල්ගම තීන්දුවත් සමග සජිත්ගේ ජය අතැඹුලක් සේ ස්ථිර වෙයි..! ගෝතබයා ආපස්සට දුවයි..!

    -චන්ද්‍රප්‍රදීප් ලියන තත්ව වාර්තාව-

    මෙතෙක් පනහට පනහ තිබූ ජනාධිපතිවරණ සටන හංසයාගේ ජය සහතික කරමින් ඊයේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ඉලංගෙයි තමින් අරසු කච්චි පක්ෂයේ තීන්දුව ප්‍රකාශ කෙරිණ. ඒ අනුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්ද හංසයා ලකුණින් තරඟ කරන සජිත් ප්‍රේමදාසට ලබා දීමට ඊයේ රැස්වූ තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීන්දු කෙළේ යැයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා වවුනියාවේ පැවැති මාධ්‍ය හමුවක දී ඊයේ (03) ප්‍රකාශ කෙළේය. දෙමළ ජාතික සන්ධානයේ ඇති අනෙක් පක්ෂ 2 සමග සාකච්ඡා කර ඒ තීන්දුවත් ඊට හේතුත් ප්‍රකාශ කිරීමට තමිල් අරසු කච්චි නායක ආර්. සම්බන්ධන් මහතාට බාර දුන් බවද සුමන්තිරන් කීවේය.

    යෝජනා 13 ක් ගැන කිසිවෙකු සමග කතා කෙළේවත් නෑ...
    ----------------------------------
    මෙහිදී වැඩි දුරටත් කතා කරමින් සුමන්තිරන් කීවේ මීට පෙර දෙමළ පක්ෂ 6 ක ඉල්ලීම් යැයි මාධ්‍ය වාර්තා කළ ඉල්ලීම් 13 ක් ගැන දකුණේ සජිත් ප්‍රේමදාස පමණක් නොව කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකු සමග සාකච්ඡා නොකළ බවයි. ජනාධිපතිවරණය ඉලක්ක නොකළ නමුත් එවැනි යෝජනා 13 ක් ගැන මාධ්‍ය වාර්තා කළ සැනින් එවැනි ඉල්ලීම් ගැන සලකා බලන්නෙවත් නැතැයි සෑම ජනාධිපති අපේක්ෂකයෙකුම පාහේ ප්‍රකාශ කළ බැවින් ඒ ගැන සාකච්ඡාවක් හෝ නොකර අත්හැර දැමූ බව සුමන්තිරන් කීවේ ය. ප්‍රධාන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ සහ ඒ අපේක්ෂකයන්ගේ පසුබිම සලකා බලා තම පක්ෂය මෙලෙස සජිත් ප්‍රේමදාසට සහාය දීමට තීන්දු කළ බව සුමන්තිරන් වැඩි දුරටත් පැවසීය. (මාධ්‍ය හමුවේ වීඩියෝවක් මේ දිගුවෙන් නැරඹිය හැකිය https://www.facebook.com/watch/?t=5&v=2420816094840736)

    තමිල් අරසු කච්චි පක්ෂය මෙම තීන්දුවට පැමිණියේ අගමැති රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න වැනි දෙමළ ජනතාව විශ්වාස කරන දකුණේ ප්‍රධාන සිංහල නායකයන් සජිත්ට සහාට පිණිස උතුරේ සංචාරය කරන අතරතුරදී වීම විශේෂ ය.

    උතුර නැගෙනහිර දෙමළ බහුතරයේ මෙම තීන්දුවත් සමග පොහොට්ටුවේ ගෝතබයා, 2015 දී මහින්ද ලබා ගත් ඡන්ද සංඛ්‍යාවටත් වඩා පහළට ඇද වැටී සජිත්ගේ ජයග්‍රහණය අතැඹුලක් සේ තහවුරු වී තිබේ.

    ‘ගෝඨා තවත් මාධ්‍ය සාකච්ඡාවක් තියමු ද?’
    ----------------------------------
    සත්‍ය වශයෙන්ම ජනාධිපතිවරණ සටන ආරම්භයේ දී ගෝතබයා සිටියේ සියේට හැටක පමණ ඡන්ද ප්‍රතිශතයක වන අතර සජිත් සිටියේ සියේට හතලිහකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක ය. කලින්ම දුවන්න පටන් ගත් ගෝතබයා හැටේ සිට ඉදිරියට දුවනවා වෙනුවට දිව්වේ ආපස්සට ය. තම ප්‍රථම මාධ්‍ය හමුවෙන්ම තමා කතා කරගන්නට බැරි, ප්‍රශ්නයකට උත්තර දී ගන්නට බැරි, අසන ප්‍රශ්නය වෙනුවට වෙනත් වැල් වටාරම් දොඩවන, ප්‍රශ්නයක දී අයියාගේ මුහුණ බලන, ‘ඇයි මගෙන්ම ප්‍රශ්න අහන්නේ’ යැයි කියා ප්‍රශ්න වලින් පලා යන අමු ගොබ්බයෙකු බව රටේ බයියන් නොවන සාමාන්‍ය ජනතාවට වැටහිණ. එතැනින්ම ගෝතබයා සියේට පහක් ආපස්සට ගියේ ය. ‘ගෝඨා තවත් මාධ්‍ය සාකච්ඡාවක් තියමු ද?’ යි විරුද්ධවාදීන් කීවේ එබැවිනි.

    බැසිල්ගේ ‘තින්ක් ටෑන්ක්’ එක සහ ගෝතබයාගේ ‘නතිං ටෑන්ක්’ එක..

    ඉන්පසුව ඇල්පිටිය චන්දයේ දී ශ්‍රීලනිපය පොහොට්ටුවට ඡන්දය නොදෙන බව තහවුරු වීමත් පොහොට්ටුව සියේට පනස් දෙකට වැටීමත් ප්‍රදර්ශනය වූ අතර තමන්ට සහාය දීමට ආ ශ්‍රීලනිපයේ දැවැන්තයින්ට පවා නීච ලෙස හූ කීමෙන් ද, පොහොට්ටුවේම නායකයින් ගෝතබයාට තම ජව සම්පන්න සහාය නොදෙන බව ප්‍රදර්ශනය වීමත් සමග ගෝතබයා සත්‍ය ලෙසම සියේට පනහට වැටිණ. පොහොට්ටුවේම නායකයින් ගෝතබයාට තම ජව සම්පන්න සහාය නොදෙන බව පෙනී යන්නේ පසුගිය වාරයේ මහින්දට සහාය දුන් කලාකරුවන්ගේ ක්‍රීඩකයන්ගේ ප්‍රකාශ සහිත එකදු රූපවාහිනී දැන්වීමක් හෝ මෙවර නොවීමත් නාමල් චිචී වැනි මහින්ද රාජපක්ෂ පවුලේ අය ගෝතබයාගේ බර කරට නොගැනීමත් හේතුවෙනි. බැසිල්ගේ තින්ක් ටෑන්ක් එක ද ආගිය අතක් සොයා ගැනීමට නැති අතර කරලියේ ඉන්නේ ගෝතබයාගේ නතිං ටෑන්ක් එක ය. නව කිසිදු දෙයක් තම කැම්පේන් එකට ඇතුළු කර ගැනීමට නොහැකි වූ ගෝතබයා දිව්වේ ඇත්තටම ආපස්සට ය.

    ගෝතබයාගේ කැම්පේන් කාරයන්ගේ ගොං උපක්‍රම..
    ----------------------------------
    මේ අතර වාරයේ සියේට හතලිහට පසුපසින් සිටි සජිත් ගෝල්ෆේස් දැවැන්ත රැළියෙන් සියේට හතලිහේ සීමාවට පැමිණි අතර පසුව සිදුවූ රැළි පෙරැළි වලින් තව තව ඉදිරියට දිව්වේ ය. 2015 දී හංසයා සමග සිටි බලවේග ආරම්භයේ දී අනුරට සහාය පළ කළ නමුත් නැගී එන භයානක තත්ත්වය හමුවේ යලි හංසයා වෙත පැමණීම ප්‍රධාන ලක්ෂනයක් විය. තවත් ප්‍රධාන කාරණයක් වූයේ ගෝතබයාගේ කැම්පේන් කාරයන්ගේ ගොං උපක්‍රම ය. ඉන් එකක් මෙසේ ය.

    2015 යහපාලන ආණ්ඩුව බලයට ගෙනා බලවේග වලට මේ ආණ්ඩුව කෙරෙහි තිබූ ප්‍රධාන කලකිරීමක් වූයේ හොරු නොඇල්ලීම ය. ඒ ආණ්ඩුවේ සිටි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ හෙවත් ඩීල්දාස සහ හොරු ඇල්ලීම බාර දුන් ප්‍රධාන පොලිස් නිලධාරියා වූ FCID ලොක්කා රවි වෛද්‍යලංකාර ගෝතබයා වෙත සහාය පළ කරමින් හොරු ඇල්ලීමට බාධා කෙළේ උන් දෙදෙනාගේ කුමන්ත්‍රණයන් බව ජනතාවට තේරුම් යෑමෙන් ආණ්ඩුවට තිබූ ප්‍රධාන කළු පැල්ලමක් ගෝතබයාගේ ගොං කැම්පේන් කාරයන් විසින්ම සෝදා හැරියේ ය. ගෝතබයාගේ කැම්පේන් මාස්ටර් දිලිත් ජයවීර ගංජා මතින් මත්ව පිස්සු කෙළින එකෙක් බව ඉන් සක්සුදක් සේ තහවුරු විය. විජේදාස ගැනීම සහ වෛද්‍යලංකාර ගැනීම ගැන පිටුපස සිටි ප්‍රධානියෙක් වූයේ ගංජා දිලිත් ය.

    තවත් සජිත්ට වාසි වූ කැම්පේන් එකක් දියත් කෙළේ ද මෝඩ ගෝතබයාම ය. ඒ නම් ‘පෑඩ් මෑන්’ අවලාදය යි. ඉන් රටේ සිටින දැනුම් තේරුම් ඇති මධ්‍යම පාන්තික ජනතාවට මෙන්ම දුක් විඳින කාන්තාවන්ට ද පොහොට්ටුව එපා විය.

    හංසයා‌ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද එහි ධාරිතාව පුළුල් කිරීමට මහත් පිටුවහලක් විය. සත්‍ය වශයෙන්ම එය ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය අතික්‍රමණය කරන්නකි. බලයක් ලබා ගත නොහැකි පක්ෂයකට කුමක් කිව හැකි නමුත් බලයක් ලබා ගත හැකි පක්ෂයක් කියන දෑ ඊට වඩා ප්‍රබල බව ජනතාව දනිති.

    ජවිපෙ ඉවත්වීමෙන් වූ අඩුව ශ්‍රීලනිපය පැමිණීමෙන් පිරැවීම..
    ----------------------------------
    සජිත්ට අවාසි වූ බලවේග පෙළගැසීම් පවා පසුව වාසි තත්ත්වයට පත්විය. 2015 හංසයා සමග සිටි බලවේග වලින් ජවිපෙ ඉන් ඉවත් වීම අවාසියකි. ඒ අනුව හංසයාට අහිමි වූ ඡන්ද සංඛ්‍යාවක් තිබේ. නමුත් ඒ සමග පොහොට්ටු හූවත් සමග කලකිරී දයාසොරිලා පොහොට්ටුවට ගිය ද ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානය හරහා පොහොට්ටුව පරාජය කිරීමට හංසයා සමග අත්වැල් බැඳගත් ශ්‍රීලනිප නායකයන් ගණන විශාල විය. සත්‍ය වශයෙන්ම එය 2015 දී මෛත්‍රීපාල සිරිසේන සමග හංසයාට ආ සංඛ්‍යාව මෙන් සිය ගුණයක් විශාලය. එදා ඇත්තටම මෛත්‍රී සමග ආවේ දහයකට අඩු ශ්‍රීලනිප නායකයන් සංඛ්‍යාවක් නමුත් අද ශ්‍රීලනිප සංවිධායක වරුන්ගෙන් සියේට 80 ක්ම ඉන්නේ චන්ද්‍රිකා-වෙල්ගම නායකත්වය දෙන ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානය හරහා හංසයා ජයග්‍රහණය කරවීමට ය. ‌මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ‌දෙපාර්ශවය අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිත ය. සජිත් ‌මේ ගැන ප්‍රකාශයක් කරමින් කීවේ 'මිනිසාගේ පරම යුතුකම මිනිසාට ‌සේවය කිරීමයි' යන බණ්ඩාරනායක‌‌ ශ්‍රීමතාණන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශය අනුව ඉතිහාසයේ ප්‍රථම වරට ‌ප්‍රේමදාසලාත් බණ්ඩාරනායකලාත් අත්වැල් බැඳගෙන තිබෙන බවයි. ඒ අනුව ජවිපෙ ඉවත්වීමෙන් අහිමි වන ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සජිත්ට හිමි වීම යථාර්ථයකි.

    එදා මහින්ද ගත් ලක්ෂ 58 අද ගෝතබයාට ගත නොහැකිය..
    ----------------------------------
    මෙවැනි කාරණා අනුව උතුරේ දෙමළ ඡන්ද පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්වීමට පෙර පනහට පනහ තිබූ ජනාධිපතිවරණ තීන්දුව සම්බන්ධන්ලාගේ තීන්දුවත් සමග සජිත් සියේට පනස් එක දක්වා ඔසවා තබමින් ගෝතබයා සියේට හතලිස් හත දක්වා පහත දමා තිබේ. ටයි ටයි සටන අහවරය. දැන් හංසයාගේ ජයග්‍රහණය අතැඹුලක් සේ ස්ථිර ය. මන්ද යත් ‌දෙමළ සහ මුස්ලිම් ඡන්ද ‌නොමැතිව දකුණේ සිංහල ‌බෞද්ධ ඡන්ද වලින් පමණක් ජයගැනීමට නම් ‌ගෝතබයා සියේට හැට හතක් ලබා ගත යුතුය. එය දැන් ඔහුට සිහිනයකි.

    2015 දී මහින්ද සමග සිටි බලවේග වලට වඩා එකක් හෝ වැඩියෙන් එකතු කර ගැනීමට ගෝතබයා අසමත් විය. 2015 දී මහින්දගේ කැම්පේන් එක දෙස බලා අද ගෝතබයාගේ කැම්පේන් එක දෙස බලන ඔ්නෑම අයෙකුට 2015 දී මහින්ද ලබා ගත් ඡන්ද ලක්ෂ 58 අද ගෝතබයා ලබා නොගන්නා බව නොපෙනෙන්නේ නම් හේ නිසැකවම බයියෙකි; වහලෙකි.

    චන්ද්‍රප්‍රදීප්


    https://www.facebook.com/lankaenews/posts/2751653094899838
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    චන්දෙන් පස්සේ මේ අකවුන්ට් අතඇරලා දාන හින්දම හොඳයි ඉතිං :P


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නැත්නම් කොහොමෙයි රෙද්දක් ඇඳගෙන මේකට රිංගන්නෙ... ඡන්දෙන් පස්සෙ...
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    පොහොට්ටුවේ පුංචි ආණ්ඩුවත් දැන් ෂුවර් නෑ…… බැසිල්ගේ පකිස් පෙට්ටියේ ලක්ෂ 50න් ඡන්ද අඩුවේ… සජිත් එක්ක ගෝඨාට හැරෙන්නවත් බෑ බැසිල් පිළිගනි…..

    Published on- Nov 2, 2019ජනාධිපතිවරණ සටන ආරම්භ වූ දිනයේ සිට හැමදාම නොවරදවා පවත්වන බැසිල්ගේ ජනාධිපතිවරණ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ඊයේ (01) රාත්‍රියේද සුපුරුදු පරිදි පවත්වා තිබෙනවා.

    මෙතක් දවසක් සිය ජයග්‍රහණය පිළිබඳව අධිතක්සේරුවක සිටිමින් ඡන්ද ගණනය කල එම කණ්ඩායම අමතමින් එහිදි බැසිල් ජනාධිපතිවරණ සටනේ වැඩි වාසිය තවදුරටත් පොහොට්ටුව සතු නොවන බව තහවුරු වී ඇති බව ප්‍රකාශ කොට තිබෙනවා.

    රැස්වීමක් හරියට අමතා තම දර්ශනය ජනතාව අතරට ගෙන යාමට හැකි කට ඇති අපේක්ෂකයෙකු තමන් සතු නොවීම ගැන අන් කවරදාකටත් වඩා තමන් පසු තැවෙන බවද සජිත්ගේ වාග් පෞරුෂය හමුවේ ගෝඨාභයට හැරෙන්නට හෝ නොහැකි බවද සඳහන් කොට තිබෙනවා.

    එසේම කෙතරම් සාධාරණය කිරීමට උත්සහ කළද පක්ෂපාති අල්ප රණවිරුවන් අතරින් පිරිස තෝරාගෙන දැන්වීම් කළ ද ගෝඨාභය විසින් අමු අමුවේ රණ විරුවන් පාවා දීමෙන් සිදුවූ හානිය ආපස්සට හැරවිය නොහැකි බවත් අප සියළු දෙනාගේ සැබෑ ස්වරූපය ජනතාව අවබෝධ කොට ගෙන ඇති බවත් බැසිල් මෙහිදි පවසා තිබෙනවා.

    පළාත් පාලන ඡන්දයේදි පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව තවදුරටත් පොහොට්ටුව සතු නොවන බවත් පළාත් පාලන ආයතන මට්ටමින් හා බිම් මට්ටමින් ජනතා ප්‍රසාදය පොහොට්ටුව අහිමි වන බවත් ඔහු පෙන්වා දුන්නා.

    තමාගේ නායකත්වයෙන් දියත් කල මෙහෙයුම් හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනාගත් පළාත් පාලන පාලන ආයතන 239 කගෙන් 110ක බලය ගිලිහි ගොස් ඇති බව තමා විසින් සිදුකරන ලද සමික්ෂණයකදි අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් තමන්ගේ මන්ත්‍රිවරුන්ගේ සහය පවා දින දහතුන තුළ අහිමි වීමේ අවදානමක් මතු වී ඇති බවත් බැසිල් පවසා ඇත.

    මේ සඳහා ගත හැකි කිසිම ප්‍රතිකර්මයක් තමාගේ ඔලුවට මේ අවස්ථාවේ නොපැමිණෙන බවත් මෙම ගේම ෆේල් වුවහොත් අප සියළු දෙනාගේම දේශපාලන ගමනේ අවසානය බවත් ඔහු එක කමිටු සමාජිකයන්ට පවසා ඇති අතර ඡන්ද ව්‍යාපාරය ගොඩ ගත හැකි ක්‍රමයක් කල්පනා කොට තමාට දන්වන ලෙස පවසා සාකච්ඡාව අවසන් වීමට ද ප්‍රථමව අසුනින් නැගිට ගිය බවද අප දේශපාලන වාර්තාකරු සඳහන් කළා.


    http://lankanewsweb.org/archives/21177
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාභයට 50% ක් ගන්න බෑ … බැසිල් Missing….. සජිත් 50%ට එයි..

    Published on: Nov 4, 2019 – 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 සීමාවට එමට හැකියාවක් නොමැති බව පොහොට්ටුවේ මහ මොළකරු ලෙස හදුන්වන බැසිල් රාජපක්ෂ තහවුරු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.

    පසුගිය 1 වැනිදා සමාලෝචන රැස්විමේදි සිදුවු සාකච්ඡාවලින් කොටසක් අප පසුදිනම අනාවරණය කල අතර මේ වනවිට බැසිල් අතුරුදහන් වි ඇති අතර ඒ හේතුවෙන් විමල් සහ ගම්මන්පිල මෙ වනවිට සාකච්ඡාවේදි සිදුවු කතා බව තැන තැන පවසමින් යමින් සිටි.1 වැනිදා සිට මේ වනතුරුත් බැසිල් රාජපක්ෂ අතුරුදහන්ව ඇති අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග පමණක් දුරකතනයෙන් සංවාදයේ යෙදෙන බව පමණක් මේ වනවිට අනාවරණය වි තිබේ.

    බැසිල් සිය තාක්ෂණික ප්‍රයෝග යොදා ගනිමින් ජනාධිපතිවරණයේ ප්‍රතිපල සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකර ඇති අතර එහිදි ඔහු පෙන්වා දි ඇත්තේ ආරම්භයේදි සියයට 56ක් පමණ ඉහල තැනක තිබුනු පොහොට්ටු ඡන්ද ප්‍රතිශතය එක්වරම සියයට 46ක පමණ සීමාව දක්වා පහත වැටි ඇති බවයි.

    සජිත් ප්‍රේමදාසට හොද මහජන හඩක් තිබිම මෙන්ම හිරූ ,දෙරණ නාලිකා අනවශ්‍ය වාර්තාකරණයේ යෙදිම මෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ ජනතාව වේගයෙන් ප්‍රතිකේෂ්ප කිරිම මේ තත්ත්වයට මුලික වි ඇති බව බැසිල් පෙන්වා දි ඇති අතර අනවශ්‍ය ප්‍රකාශ යනුවෙන් කල බැසිල්ගෙ ප්‍රකාශයට විමල් වෙගවත් පිළිතුරක් ලබාදිමට කටයුතු කර තිබේ.

    “අපි කඩා වැටුනෙ ශ්‍රීලංකා එක ආව දවසේ ඉදලා…ඔබතුමාලට තවම තේරෙන්නේ නැත්තම් මම මොනවා කරන්නද.අපි ඇල්පිටිය චන්දෙට යනකොට 80%ට ගන්න හිටියේ.12%අරගෙන ශ්‍රීලංකා කාරයෝ අපි එක්ක නෑ කියලා ඔප්පු කළා.උන් කොහොමත් දෙන්නේ සජිත්ට.ඒවා කපාපු ශ්‍රීලංකා.අනික,අපේ ස්ටේජ් වලට නගින ශ්‍රීලංකා කාරයොන්ට හූ කියන්නේ අපේ අයම තමා.ඒ අයට ශ්‍රීලංකා අය පේන්න බෑ.අපි ජෝක් වෙනවා වෙන අය පටලවලා.අනික එස්.බීගෙ කතා අපිට ලොකු ඩැමේජ් එකක්”

    විමල් තැන තැන කරන ප්‍රකාශයද මෙයම වේ.

    ඒ සමගම විමල් සමග ශ්‍රිලනිපය නියෝජනය කරමින් පැමිණි සිටි සුසිල් ඇතුලු සෙට් එක පැටලි තිබේන අතර තත්ත්වය සමථයකට පත්කල මහින්ද මොහොතක් නොරැදී නැගිට ගොස් තිබේ.

    මේ වනවිට පොහොට්ටුවට එකතු වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ වනවිට බරපතළ ගැටලුවකට මුහුන දි ඇති අතර 5 වැනිදා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්යෙන් ආරම්භ වන නව පෙරමුණ සමග එක්විමට කිහිප දෙනෙකුම මේ වනවිට සුදානමින් සිටින බවද වාර්තා වේ.


    http://lankanewsweb.org/archives/21258
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ග්‍රාමීය ජනතාවගේ සජිත් රැල්ල :lol:

    මහියංගනය - November 4

    74670764_586522218788270_2304944622314455040_n.jpg

    74532291_1143700452686721_4579109189703434240_n.jpg

    73546206_1143542869369146_2626497214469373952_n.jpg

    74617548_1143542982702468_185006120002125824_n.jpg


    පොලොන්නරුව මැදිරිගිරිය

    74677063_1143546879368745_925824988571762688_n.jpg

    74627023_1143546919368741_3117541985062223872_n.jpg


    කලවාන - November 3

    75266197_1142999019423531_7875985034539171840_n.jpg

    73497865_10156866424060186_4418772189323460608_o.jpg



    ගාල්ල හිනිදුම - November 3

    69987279_1142534892803277_8922935385122668544_n.jpg

    72622922_1142560456134054_2458414519743938560_n.jpg

    74266305_1142534976136602_6398776899035725824_n.jpg


    ගම්පොළ - November 2

    74718061_10156861025345186_2891795312823762944_o.jpg

    72716968_10156861019975186_8741334439746863104_o.jpg

    74359695_10156861022525186_2844849189974704128_o.jpg

    76954913_10156861022515186_1798809960868478976_o.jpg
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සජිත් පෙරමුණට ඇවිත් : රාජපක්ෂලාගේ අලුත් තුරුම්පුව මෙන්න !

    ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලැබීමත් සමඟ පොදුජන පෙරමුණ පාර්ශවය දැඩි අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

    ඒ මෙතෙක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ අතර පැවති කරට කර තරගය වෙනස්ව සජිත් ප්‍රේමදාස ඉදිරියට පැමිණ ඇති බවට ලැබී ඇති නවතම මැතිවරණ සමීක්ෂණ වාර්තා නිසයි.

    දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂට සහය දක්වන්න ගාල්ල කරාපිටියේ පසුගියදා සංවිධානය කර තිබූ ජන හමුවෙන් පසුව පොදුජන පෙරමුණේ නායකයන් රාත්‍රී ආහාරය සඳහා රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාගේ නිවසේදී රැස්ව තිබේ.

    ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමාදාසට අරසුකච්චි පක්ෂය ඇතුළු දෙමල සන්ධානයේ සහය ලැබීම සම්බන්ධව සාකච්ඡාව සිදුකර ඇත්තේ එහිදීය.

    තත්ත්වය වෙනස් වෙලා : සජිත් පෙරමුණේ !

    තමන් ඉදිරියෙන් සිට ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළත් මේ වන විට තත්ත්වය වෙනස්වී ඇති බවට වාර්තා වී ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එහිදී වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

    කාන්තා සනීපාරක්ෂක තුවා නොමිලේ දීම වැනි යෝජනාවක් සජිත් වෙතින් ඉදිරිපත් වනු ඇතැයි තමන් කිසිසේත් අපේක්ෂා නොකළ බවත් එය සමච්චලයට ලක්කරමින් ඊට තම පාර්ශවය ප්‍රතිචාර දැක්වූ ආකාරය වාඩාත් අවාසි සහගත බවත් වාර්තා වී ඇතැයි එහිදී සඳහන් කර ඇත.

    නොසිතූ ලෙස සජිත් ජනතා ආකර්ෂණය ලබා ගැනීම හරහා කරට කර සටනක් ලෙස තිබු මෙවර ජනාධිපතිවරණය දමිල පක්ෂ වල සහය සජිත්ට හිමිවීම හමුවේ තවත් පසුබාන තත්ත්වයක් උද්ගතව ඇති බව පෙන්වාදෙන දත්ත සටහන් කිහිපයක්ද එහිදී මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කල බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

    ඇමැති මණ්ඩලය නම් කිරීම ගෝඨාට පැවරෙයි !

    මෙම තත්ත්වය වෙනස් කර ගැනීමට බරපතල චෝදනා ඇති කොටස් මැතිවරණයේ ආසන්න දින කිහිපයේදී ඈත්කර තැබීමට මෙන්ම කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමේදී ඊළඟ මහ මැතිවරණය තෙක් ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය ආකාරයට කැබිනට් මණ්ඩලය සකස් කරන බව ප්‍රසිද්ධ කිරීමට තීන්දු කල බවත් දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

    ඒ අනුව ගෝඨාභයගේ කැබිනට් මණ්ඩලය ගෝඨාභය විසින්ම තෝරාගන්නා බව ප්‍රචාරය කිරීමේ වගකීම විමල් වීරවංශ ඇතුළු කථිකයන් කිහිපදෙනෙකුට පැවරීමත් එහිදී සිදුව තිබෙන බව දැනගන්නට තිබේ.



    https://newstube.lk/news/8810-2019-11-05-03-20-27
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,121
    741
    113
    gampaha
    Adoo man meh first time dakke mee thread eka kiiyak gewanawada bro. Elakiriye mechara kaalayak hitiyata mata thama bari unane ubalawage creative wadak karanna.
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    සජිත් පෙරමුණට ඇවිත් : රාජපක්ෂලාගේ අලුත් තුරුම්පුව මෙන්න !

    ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලැබීමත් සමඟ පොදුජන පෙරමුණ පාර්ශවය දැඩි අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

    ඒ මෙතෙක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ අතර පැවති කරට කර තරගය වෙනස්ව සජිත් ප්‍රේමදාස ඉදිරියට පැමිණ ඇති බවට ලැබී ඇති නවතම මැතිවරණ සමීක්ෂණ වාර්තා නිසයි.

    දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂට සහය දක්වන්න ගාල්ල කරාපිටියේ පසුගියදා සංවිධානය කර තිබූ ජන හමුවෙන් පසුව පොදුජන පෙරමුණේ නායකයන් රාත්‍රී ආහාරය සඳහා රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාගේ නිවසේදී රැස්ව තිබේ.

    ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමාදාසට අරසුකච්චි පක්ෂය ඇතුළු දෙමල සන්ධානයේ සහය ලැබීම සම්බන්ධව සාකච්ඡාව සිදුකර ඇත්තේ එහිදීය.

    තත්ත්වය වෙනස් වෙලා : සජිත් පෙරමුණේ !

    තමන් ඉදිරියෙන් සිට ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළත් මේ වන විට තත්ත්වය වෙනස්වී ඇති බවට වාර්තා වී ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එහිදී වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

    කාන්තා සනීපාරක්ෂක තුවා නොමිලේ දීම වැනි යෝජනාවක් සජිත් වෙතින් ඉදිරිපත් වනු ඇතැයි තමන් කිසිසේත් අපේක්ෂා නොකළ බවත් එය සමච්චලයට ලක්කරමින් ඊට තම පාර්ශවය ප්‍රතිචාර දැක්වූ ආකාරය වාඩාත් අවාසි සහගත බවත් වාර්තා වී ඇතැයි එහිදී සඳහන් කර ඇත.

    නොසිතූ ලෙස සජිත් ජනතා ආකර්ෂණය ලබා ගැනීම හරහා කරට කර සටනක් ලෙස තිබු මෙවර ජනාධිපතිවරණය දමිල පක්ෂ වල සහය සජිත්ට හිමිවීම හමුවේ තවත් පසුබාන තත්ත්වයක් උද්ගතව ඇති බව පෙන්වාදෙන දත්ත සටහන් කිහිපයක්ද එහිදී මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කල බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

    ඇමැති මණ්ඩලය නම් කිරීම ගෝඨාට පැවරෙයි !

    මෙම තත්ත්වය වෙනස් කර ගැනීමට බරපතල චෝදනා ඇති කොටස් මැතිවරණයේ ආසන්න දින කිහිපයේදී ඈත්කර තැබීමට මෙන්ම කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමේදී ඊළඟ මහ මැතිවරණය තෙක් ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය ආකාරයට කැබිනට් මණ්ඩලය සකස් කරන බව ප්‍රසිද්ධ කිරීමට තීන්දු කල බවත් දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

    ඒ අනුව ගෝඨාභයගේ කැබිනට් මණ්ඩලය ගෝඨාභය විසින්ම තෝරාගන්නා බව ප්‍රචාරය කිරීමේ වගකීම විමල් වීරවංශ ඇතුළු කථිකයන් කිහිපදෙනෙකුට පැවරීමත් එහිදී සිදුව තිබෙන බව දැනගන්නට තිබේ.



    https://newstube.lk/news/8810-2019-11-05-03-20-27

    සජිත් පෙරමුණට ඇවිත් තමයි .. හැබැයි විනෝදාශ්වාදය සැපයීම අතින්. ගොන් කතා කියන්න කියන්න ඡන්ද සටනින් නම් පසුපසට යන එක තමයි දිනෙන් දින වෙන්නේ.
    :lol::lol::lol:
     
    • Like
    Reactions: Miami-Vice

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    එකපිට එල්ල වුණු ප්‍රහාර දෙකකින් පොහොට්ටුව අඩපණයි. අවසන් සතිය අසීරු වන ලකුණු !

    පසුගිය දින කිහිපය තුළ, විශේෂයෙන් ඊයේ දිනය තුළ දේශපාලනික වශයෙන් එල්ල වුණු ප්‍රබල ප්‍රහාර දෙකක් හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය දැවැන්ත පසුබෑමකට ලක්ව ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

    මින් පළමුවැන්න වූයේ අනුර කුමාර දිසානායක මහතාට පළමු සලකුණු කර, වෙනත් ඕනෑම අයෙකුට දෙවන මනාපය ප්‍රකාශ කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා විසින් සඳහන් කිරීමයි. ඒ මහතා මේ බව පසුගිය නොවැම්බර් 02 වනදා ඇඹිලිපිටියේ පැවති ජනරැළියකදී ප්‍රකාශ කර තිබුණු අතර ඊට විශාල මාධ්‍ය අවධානයක් හිමිවූයේ ඊයේ (05) දිනය තුළය.

    දෙවැන්න නම් ඊයේ දිනයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් පවත්වන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විකල්ප කණ්ඩායමේ විශේෂ සමුළුව අති සාර්ථක වීමයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන අවස්ථාවේදී පොහොට්ටුව ඊට එරෙහිව ප්‍රචාරණය කළේ චන්ද්‍රිකා මැතිනියගේ සහායගෙන් සජිත්ට ලැබෙන්නේ එක ඡන්දයක් පමණක් බවටයි. එහෙත් ඊයේ දිනයේදී ඇය විසින් පැවැත්වූ සමුළුවට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය පිරෙන්නට සෙනඟ පැමිණීම මත පොහොට්ටුවට කට උත්තර නැතිව ගොස් ඇත.



    විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ගණන් බැලීම් හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු වන බව සාධනය කළේ ශ්‍රීලනිපයේ ලක්ෂ 15ක ඡන්ද ගොඩ තමන්ගේ 2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ලක්ෂ 50ට එක් කිරීමෙනි. එහෙත් දැන් එය එසේ සිදු නොවන බවත් සැලකිය යුතු චන්ද ප්‍රමාණයක් චන්ද්‍රිකා - වෙල්ගම ශ්‍රීලනිප නායකත්වය නිසා පොහොට්ටුවට අහිමි වන බවත් ඔප්පු වී තිබේ.

    අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර දෙවැනි මනාපය ප්‍රකාශ නොකිරීමේ දැඩි ස්ථාවරයක සිටි අතර පොහොට්ටුව එය ද සැලකුවේ තමන්ගේ ජයග්‍රහණයක් ලෙසය. ජවිපෙ මේ මොහොතේ ස්ථිරවම පොහොට්ටුවට පක්ෂපාතී ස්ථාවරයක සිටින බවයි පොහොට්ටුව විසින් ප්‍රචාරණය කළේ. එහෙත් දැන් එය ද බොරුවක් වී ඇත.

    මේ අතර දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද සම්පූර්ණයෙන්ම එජාපයට නොලැබී යනු ඇති බවට සහ එයින් සැලකිය යුතු කොටසක් තමන්ටත් ලැබෙනු ඇති බවට පොහොට්ටුව තුළ වූ බලාපොරොත්තු ද බිඳ වැටී තිබේ.

    ඒ සියල්ල මැද මේ දිනවල පොහොට්ටුවේ ප්‍රධාන ප්‍රචාරක ව්‍යාපෘතිය වූ MCC විරෝධය ද විහිළුවකට හැරී ගොඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිකම පිළිබඳ සංවාදය ඒ හරහා කරළියට පැමිණීම හේතුවෙන් පොහොට්ටුව තවත් අසීරුතාවකට මුහුණ පා සිටී.

    මේ අනුව ජනාධිපතිවරණයේ අවසන් සතිය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරයට අර්බුද රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.


    https://www.lankanewsweb.net/sinhal...පොහොට්ටුව-අඩපණයි--අවසන්-සතිය-අසීරු-වන-ලකුණු--
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාට කිසිදා ජයගත නොහැකි ලක්ෂ 9ක අභියෝගය! රාජපක්ෂවරුන්ගේ පරාජය දෑස මානයටම එයි….

    මෙවර ජනපති සටනේදි ගෝඨාභය රාජපක්ෂ වෙත කිසිවිටක හරවා ගත නොහැකි ලබා ගත නොහැකි, නමුත් සජිත් ප්‍රේමදාස වෙත සaජුවම හිමිවන ඡන්ද ලක්ෂ 9ක් ප්‍රමාණය පිළිබඳව මේ වන විට පොහොට්ටුවේ අභ්‍යන්තර දේශපාලන කමිටුව තුල සාකච්ඡා ඇති වන බව අප දේශපාලන වාර්තාකරු සඳහන්කළා.

    පසුගිය 03 වෙනිදා දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාස වෙත ලබා දෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් විසින් නිවේදනය කිරීමත් සමග නිරායාසයෙන් සජිත් ට හිමිවන දෙමළ ඡන්දය ලක්ෂ 4 1/2, මුස්ලිම් ජාතිකයන් විසින් සජිත් වෙත අනිවාර්යයෙන්ම ලබා දෙන ඡන්ද ලක්ෂ 3 1/2 පමණ ප්‍රමාණය හා ඊයේ හිටපු ජනාධිපති විසින් සුගතදාස ක්‍රිඩාංගනේයේදි ආරම්භ කල ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීමේ සටන හරහා අවම වශයෙන් හිමිවන ඡන්ද ලක්ෂය ලෙස ගත හොත් සජිත් ප්‍රේමදාස වෙත ගෝඨාභය රාජපක්ෂට කිසි දා හැරවිය නොහැකි ඡන්ද ලක්ෂ 9 ක් හිමිවන බවට පොහොට්ටුව ගණන් බල තිබේ.

    සජිත් හා ගෝඨාභය අතර ඇති වන එම ඡන්ද ලක්ෂ 9 යේ පරතරය පිරවීමට මේ වන විටත් කළ යුතු දැ පිළිබඳව සාකච්ඡා වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

    ජනාධිපති සටන ආරම්භ වී නාමයෝජනා දීමට හත් ගව්වක් තිබෙද්දිම අමුඩය ගසා ගත් ගෝඨා වියත් මග, එළිය වැනි වැඩ සටහන් හරහා කෝටි ගණනින් වියදම් කරමින් තම ප්‍රතිරූපය නංවා ගැනීමට බොහෝ වෙහෙස වූ බව පැහැදිලිය.

    තවමත් සමාජ මාධ්‍ය ජාලා වෙත මඩ ගැසීම, ප්‍රවර්ධනය, ප්‍රචාරණය වෙනුවෙන් ගෝඨා පිල දිනකට වැය කරන මුදල් ප්‍රමාණය අති විශාලය. එසේම ඡන්ද රැස්වීම් වෙනුවෙන් ද වුන් එවැනිම මුදල් ප්‍රමාණයක් යට කරන බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව ගත් විට ඡන්ද ව්‍යාපාරයිට මුදල් වියදම් කිරීම අතින් ගෝඨාභය ඉන්නේ සජිත් වඩා ඉදිරියෙනි. නමුත් දේශපාලන විචාරකයන් පවසන පරිදි පිරුණු කලේ දිය නොසැලේ වගේ සජිත් මැතිවරණ ව්‍යාපාරය ප්‍රතිපත්ති හා දැක්මක් සහිතව දිවෙන අතර ම එයට මනා සංවිධානාත්මකව බවක් ද ඇත.

    එම හේතුව නිසා ආරම්භයේ සිටම ගෝඨාභය සජිත් ට වඩා ගොඩ නගා ගත් ජන බලවේගය මේ වන විට හීන වෙමින් පවතින අතර එම පිරිස සජිත් වටා ගොනු වෙමින් පවති.

    මෙම මැතිවරණ ව්‍යාපාරයේදි මහින්ද, ගෝඨාභය, බැසිල් ඇතුළු පොහොට්ටු කල්ලිය ගහන ගහන් ගැටේ වැරදි ඇත. ඇත්ත වශයෙන්ම මහින්ද ලා උතුරෙන් බලාපොරොත්තු වූයේ ඡන්ද වර්ජනයකි. නමුත් දෙමළ සන්ධානය විසින් ඒකිය රටක උපරිම බලය බෙදීම සඳහා වන සජිත් ගේ ප්‍රතිපත්තිය සමඟ එකඟ වෙමින් සජිත් ට සහය දැක්වීමට තීරණය කිරීමත් සමඟ උතුරේ ඡන්ද වර්ජනය ගැන අමතක කරන්නට රාජකීයලාට සිදුවිය.

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහය අරගෙන පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුවට හිමි වු ඡන්ද ලක්ෂ 50 නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 12 එකතු කොට ගෙන ඡන්ද ලක්ෂ 62 ක් නිර්මාණය කිරීමට සැළසුම් කළ රාජපක්ෂලා එතැනදි පරාජය වන්නේ සෑබෑ ශ්‍රි නිදහස් පක්ෂ සමාජිකයන් පොහොට්ටුවට ඡන්දය ලබා නොදෙන බව හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටුවෙන් ඇති වන අන්තරයා පිළිබඳව චන්ද්‍රිකා කුමාරතුංග විසින් පැහැදිළි කිරීමත් සමඟ ය.

    අවස්ථා ගණනාවක දි මහින්ද රාජපක්ෂ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දියාරු කිරීමට, විනාශ කිරීමට ක්‍රියා කළ ආකාරය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සමාජිකයන්ට පැහැදිලි වීමත් සමග වැරදිමකින් හෝ පොහොට්ටුවට ලැබෙන්න තිබු නිදහස් පක්ෂ ඡන්ද අහිමි වන අතරම බණ්ඩාරනායක මැතිතුමාට, සිරිමාවෝ මැතිණියිට ගරු කරන ශ්‍රි ලංකාකාරයා මහින්ද කෙරෙහි පිළිකුලෙන් බලන්නටද පටන් ගෙන ඇත.

    අනෙක් අතර දිගින් දිගටම ජන රැලි වලදි පොහොට්ටුවට සහය දැක්වීමට ගිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට හූ සංග්‍රහ හිමි වීම නිසා පොහොට්ටුවට ඡන්දය දීමට ගත් තීන්දුව ගැන දෙවරක් හිතන තත්ත්වය ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවා පැමිණ තිබෙනවා.

    ඒ අනුව පසුගිය මැතිවරණයේ දී තමාගෙන් ගිළිහුණු ජන්ද මෙවර ද රාජපක්ෂලා ට අත්කර ගැනීමට නොහැකි වූ බව පැහැදිළි වන අතරම ඉතිරිව ඇති දින 10ක කාලය තුළ එකවර ජන්ද ලක්ෂ නවයක් නැවත ගෝඨාභයට හැරවීම, කිරීමට ඉතා අපහසු බව ද පැහැදිළි වේ.


    http://lankanewsweb.org/archives/21280
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ප්‍රථම වරට සජිත් ඉදිරියෙන් !!

    ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙතෙක් පළ වූ සියලුම සමීක්ෂණ වාර්තා අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටි නමුත් නවතම වාර්තා අනුව ප්‍රථම වරට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට පැමිණ තිබේ.

    අද (06) දිනයේ පස්වරුවේ ලැබී ඇති නවතම සමීක්ෂණ වාර්තාව අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාව පරදමින් ඡන්ද 90,000 - 100,000ත් අතර ප්‍රමාණයකින් ඉදිරියට පැමිණ ඇත.


    https://www.lankanewsweb.net/sinhala/90-special-news/51163-ප්‍රථම-වරට-සජිත්-ඉදිරියෙන්---
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ප්‍රථම වරට සජිත් ඉදිරියෙන් !!

    ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙතෙක් පළ වූ සියලුම සමීක්ෂණ වාර්තා අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටි නමුත් නවතම වාර්තා අනුව ප්‍රථම වරට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට පැමිණ තිබේ.

    අද (06) දිනයේ පස්වරුවේ ලැබී ඇති නවතම සමීක්ෂණ වාර්තාව අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාව පරදමින් ඡන්ද 90,000 - 100,000ත් අතර ප්‍රමාණයකින් ඉදිරියට පැමිණ ඇත.


    https://www.lankanewsweb.net/sinhala/90-special-news/51163-ප්‍රථම-වරට-සජිත්-ඉදිරියෙන්---

    LANKA E NEWS :lol:

    උන්ම කිව්ව එහෙනම් මෙච්චර කල් ගෝඨා ඉදිරියෙන් හිටිය කියල :rofl: