9TH PLANET

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    ප්ලූටො ග්‍රහලෝකයක් නොවෙන බව තීරණය කරාට පස්සේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගාන 8 උනා.දැන නවතම සොය ගැනීම වලට අනුව නවවෙනි ග්‍රහයෙක් ගැන කතා කරන්න පටන් අරන්.

    1935584_10153265597381466_6117483662557532534_n.jpg


    මෙම ග්‍රහයා පෘතුවිය වගේ 10 ගුනයක් විශාලයිලු.එම ග්‍රහයා සූර්යාගේ ඉදන් නෙප්චූන් ග්‍රහයාට ඇති දුර වගේ විසිගුනයක්ලු.මේ පිළිබද වෑඩි විස්තර ඉදිරියෙදි නිකුත් කරනවා කියලා නාසා අයතනය කියනවා.


    වැඩි විස්තර බලන්න කැමති අය මෙතනට යන්න​
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    පෘථිවිය මෙන් දස ගුණයකින් විශාල නව ග්‍රහලෝකයක් අපේ සෞරග්‍රහ මණ්ඩලය තුළ තිබෙන බවට ප්‍රබල සාක්ෂි ඔවුන් සොයා ගෙන ඇති බව ඇමරිකානු තාරකා විද්‍යාඥයෝ පවසති.

    “නම වෙනි ග්‍රහයා” නමින් දැනටමත් හඳුන්වා ඇති මේ අභ්‍යවකාශ වස්තුව නෙප්චූන් ග්‍රහයා ගේ සිට සැතපුම් කෝටි ගණනක් ඈතින් පරිභ්‍රමණය වෙමින් තිබෙන බවයි කැලිෆෝනියා තාක්ෂණික ආයතනය පවසන්නේ.

    “එක මොහොතක් තිබුණා හරියටම මේ පුටුවේ වාඩිවෙලා ඉන්න කොට අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ යමක් අපේ අවධානයට යොමු වුණු. ඒක මගේ ඇස් අදහාගන්න බැරිවුණු මොහොතක්. එත් මම ‘හුරේ’ කියල උඩ පැන්නේ නැහැ. හැබැයි ඒක ඇත්තටම දැක්කහම මම ගල් ගැහුණා” යනුවෙනුයි කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ තාරකා විද්‍යාඥයෙක් වන මයික් බ්‍රවුන් (Mike Brown) තම කණ්ඩායම විසින් මේ නව සොයා ගැනීම සිදු කල මොහොත විස්තර කළේ.

    ලොව පුරා ඇති බොහෝ දුරේක්ෂ අතරින් එකකට මෙය දැක ගැනීමේ අවස්ථාව උදා විය හැකි බව පැවසූ ඔහු ලෝකය පුරා සිටින්නන් මෙය සෙවීමට උත්සුක වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

    මේ පිලිබඳ වැඩිදුර පර්යේෂණ පැවැත්වෙමින් තිබෙන බවයි පැවසෙන්නේ.

    BBC