"A/L ඉවරයි" ඉවරයි !

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    "A/L ඉවරයි" ඉවරයි !

    AL%20iwarai.jpg


    ජාතික රූපවාහිනියේ සතියේ දින පහේම රාත්‍රී හතයි තිහට විකාශය වන "A/L ඉවරයි" ටෙලි නාට්‍යය තුලින් සමාජ යතාර්ථය මැනවින් පෙන්වීම නිසාවෙන් ඉතා කෙටිකලකින්ම එම නාට්‍යය බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත්විය.

    මෙම ජනප්‍රියත්වයෙන් සිය ආදායම් මාර්ගය තරකරගැනීමට සිතු ජාතික රූපවාහිනිය විසින් ටෙලි නාට්‍යයයේ විකාශන කාලය අතරතුරදී සීමාවකින් තොරව දැන්වීම් පලකිරීමට පටන්ගෙන ඇත.

    ඒ අනුව මේවනවිට නාට්‍යයට පෙර තිරයේ දිස්වන ඊට අත්වැල සැපයු කලාකරුවන්ගේ නාමාවලිය ජාතික රූපවාහිනිය විසින් කපාදමා ඇත. ඒ අනුව ඒ කාලයද දැන්වීම ප්‍රචාරයට ඔවුන් විසින් යොදවා ඇත්තේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂකවරයාගෙන් හෝ කිසිවක් නොවිමසාය.

    lakmini-amaradewa-20130815.jpg


    මේ පිලිබඳ එම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක ලක්මිණි අමරදේව මහතා ප්‍රකාශකොට තිබුනේ මෙවැන්නකි.

    "ජාතික නාලිකාවක් තුලින් මේ වගේ දෙයක් කිරීමට පෙළඹීම තුලින් ජාතික මානසිකත්වය මොකද්ද කියලා පේනවා..මෙයට වගකිවයුත්තේ ජාතික රූපවාහිනියේ වැඩකරන මිනිස්සු. මේ පෙන්න තියෙන්නේ ඔවුන්ගේ "එතිකල්" ප්‍රශනයක් සහ තීරණ ගැනීමේ මන්ද බුද්ධික කම. මං මේ ගැන ඊට වගකිවයුතු ජාතික රූපවාහිනියේ නිලධාරියාගෙන් විමසුවා.

    ඔහු කියනවා මම ඒ ගැන දන්නේ නැහැ, ඒ ගැන බලන්නම් කියලා. එතකොට මම අහන්නේ ඇයි මේ මිනිහව ජොබ් එකට ගත්තේ ?

    මේ සිදුවීම ජාතික නාලිකාවේ නින්දිත ක්‍රියාවක්. අද ජාතික නාලිකාව සල්ලි හොයන්න හදන්නේ පුදුම කෑදර විදියට. නාට්‍යය විකාශය කරනකොට එයට විනාඩි විස්සකුත්, දැන්වීම සඳහා විනාඩි දහයකුත් වෙන් කරන්න එකඟ වුනා. දැන් ඒ විනාඩි දහයත් මැදිවෙලා.ඕනෑම දෙයකට ආයතනයකට ආචාරධර්ම පද්ධතියක් තියෙන්න ඕන.

    ගණිකා මඩමකටත් එහෙම අචාරධර්ම පද්ධතියක් තියෙනවා. නමුත් ජාතික නාලිකාවට අද එහෙම පද්ධතියක් නැහැ. මං මේ ගැන මාධ්‍යයෙන් කතා කළා කියලා "A/L ඉවරයි " නාට්‍යය විකාශය කිරීම නවත්තල දැම්මත් මට කමක් නැහැ. මං බය නැහැ. මං ජීවත් වුනේ මේ ටෙලිනාට්‍යයෙන් නෙවෙයි. මං මේ නාට්‍යයෙන් ලාභ අරන් නැහැ."

    ---------------------------------------------------------------------------
    මොනවා වුනත් මේ සමහර ටෙලි නාට්‍ය මුලින් පටන් ගත්ත හැටියට නෙමේ පස්සේ කොහු කොහු වෙනවා !

    advertisement කාලය වැඩි හරි අඩු වුනත් මොනවා වුනත් ! මේ ටෙලි නාට්‍යත් දැන් කොහු වෙලා ඉවරයි වගේ
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හැමදාම නත්තල් නැහැනෙ මචන් එ වගෙ තම්යි.හැම දෙම ටික කාලයයි.
     
    May 19, 2013
    1,864
    81
    0
    දැන් නං නාට්‍යයේ කොලිටි එක ටික ටික අඩු කරන් ගිහින් අන්තිමට නාට්‍යය නවත්තපු එක හොඳයි කියලා අපිටම හිතෙන තත්වෙට පත්වේගෙන යනවා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මට මේ ටිකේ බලන්න බැරි උනා බන්ලා
    අහම්බෙන් දැක්කා කවුද කෙල්ලෙක් ඉන්නවා සන්තුශ්ලාගේ ගෙදර
    කවුද බන් ඒක

    සින්දුව ලෝඩ් වෙන්නෙ නෑ කියන්නේ ටැබ් එකේ
    සිම් එකක් මාරු කරන සින් එකක් දැක්කේ
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මට මේ ටිකේ බලන්න බැරි උනා බන්ලා
    අහම්බෙන් දැක්කා කවුද කෙල්ලෙක් ඉන්නවා සන්තුශ්ලාගේ ගෙදර
    කවුද බන් ඒක

    සින්දුව ලෝඩ් වෙන්නෙ නෑ කියන්නේ ටැබ් එකේ
    සිම් එකක් මාරු කරන සින් එකක් දැක්කේ

    උන් බඩුවක් බෝඩිමට අරන් ඇවිත් ගහනවා. සන්තුෂ් තමා අරන් ආවේ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹලට ඕවා බලන්න පුලුවන්ද? මම නම් ල0කාවෙ chanels වල news වත් බලන්නෙ නෑ! ඒව පටන් ගන්න කොටම එපා වෙලා යනව! මම නම් net එකේම තමා! :lol::lol::lol::lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    charlie ge 1st love eka,game kella..

    අප්පටසිරි, ඌට ගමෙත් කෑල්ලක් හිටියද බං? :shocked::shocked: මමත් මුල ඉඳලම වගේ බැලුව කතාව. ඒත් මට miss වෙලා වගේ. මම මුලින්ම බැලුවේ අරවින්දයයි, සන්තුෂ් කාරයයි කඩේකට ගිහින් වලියක් දාගෙන bike එකෙන් යන සීන් එකක්. :):)
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අප්පටසිරි, ඌට ගමෙත් කෑල්ලක් හිටියද බං? :shocked::shocked: මමත් මුල ඉඳලම වගේ බැලුව කතාව. ඒත් මට miss වෙලා වගේ. මම මුලින්ම බැලුවේ අරවින්දයයි, සන්තුෂ් කාරයයි කඩේකට ගිහින් වලියක් දාගෙන bike එකෙන් යන සීන් එකක්. :):)

    ow e kalema thama..uth gamen enne kellage taththata mattu wela uu kellage gedereta ringala inakota..:lol::lol: