A/L උපදෙස් ඕනෙ

al.al

Member
Mar 29, 2016
4
2
0
මම මේ 2015 දෙසැම්බර් O/L කරල නිවාඩුව(ටියුෂන් නිවාඩුව:yes: ) ගෙවන එකෙක්.අපේ රිසාල්ට් තමයි දැන් ටික දවසකට ඉස්සෙල්ල ආවෙ.

මම Maths තමයි කරන්න ඉන්නෙ. දැනට ඒවට පන්ති යනවා. මට මැත ඇරෙන්න වෙන විසදුමක් නම් නෑ.

මට දැනගන්න ඕනෙ මේ විශය කරද්දි පාඩම් කරන විදිහ වගේ දේවල්. දවසට පැය 3-4 වගේ පාඩම් කරල ගොඩ දාගන්න පුලුවන් වෙයිද? ( මම ටිකක් කම්මැලියෙක් :sorry:) නිදහසක් නැති වෙයිද? පාඩම් කරන්න යාලුවො එක්ක සෙට් වෙන එක සාර්තකද? මම ඒක මීට ඉස්සෙල්ල කරල නම් නෑ. කොහොමින් හරි මට A/L කාලෙට උපදෙස් තමයි ඕනේ.
 
  • Like
Reactions: SLCRI

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,910
    113
    −273.15°C
    පැය 3-4ක් පාඩම් කරලා නම් ගොඩ යන්න බෑ.
    දවසට පැය 6ක් අනිවාර්යයෙන් නිදාගෙන අනිත් හැම වෙලාවකම වැඩ කරන්න ඕන.
    යාලුවො එක්ක සෙට් වෙන එක නම් සාර්ථක ක්‍රමයක් නෙවෙයි,පිස්සු කෙලින සෙට් එකක් සෙට් වුනොත් උඹත් ඉවරයි උනුත් ඉවරයි.
    තනියම පාඩම් කරන එක තමයි හොඳම විදිහ.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    11.gif
    Campus yana kollek gedarata gennala class ekak kara ganin.
    Masekata wedi ganak yanne naaa.
    Loku loku class walata vitharak gihilla nam therumak naa. Godak porawal ugawanne "s" ekak ganna vitharai.
    eka nisa campus kollekta kiyala ubata vitharak thaniyama class ekak da ganin.
    Wun syllabus ekath ikmanata iwara karanawa. Ona deyak ahagannath puluwan.
    Godak campus laga class karana kollo notice dala thiyenawa, number ekak hoya gena call karala, set kara ganin.
    Loku class walatath palayan , mokada ethakota thamai thaman inne thathwe therum yanne,A/L aluth updates ehema dena ganna lebenneth.

    Good luck machan. Jaya wewa...!!!

    11.gif

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කම් මැලි කමනම් එලවන්න වෙනවා පුටේ මේ අව්රුදු දෙකට. නැත්තං තව අව්රුදු 50 ක් උඹට දුක් විදින්න වෙනවා. ඒ නිසා කම්මැලි කම පැත්තකට දාලා ගනං හදන්න. අමතක වෙන ඒවා කැලැන්ඩර් වල පිටිපස්සේ ලියලා පුලුවන් තරම් ගනං හදන්න. බිත්තිය පුරා සිද්ධාන්ත අලවලා උදේ රෑ ඒවා බලන්න. පෑනක් සතියෙන් දෙකෙන් ඉවර කරලා පෑන් මිටි, ලියන කටුවැඩ කොල ගොඩ ගැහෙන හැටි බලලා සතුටු වෙන්න. ඉගෙනීම ගේම් එකක් කර ගන්න. මැත නෙවෙයි ආට් කලත් ලොකු කැපවීමක් නොවී නම් ගොඩයන්න බෑ ඒකයි ඇත්ත. එස් තුනක් දාන්න නෙවෙයි. කෙලින්ම ඉන්ජෙක් වෙන්න ට්‍රයි එක දෙන්න. කව්රුහරි කියනව නම් මැත කරලා එස් තුනක් දැම්මත් ඇති කියලා ඒක විහිලුවක්. අනිවා ඉන්ජිනියරිං යන්නම ට්‍රයි එක දෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: pradeeplk1025

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    antima thappare padam karanne nathuwa danma tika tika goda daganna, pissu kelin nathi yaluwo set ekak tiyaganna. hoda class 3kata (uprima 4kata) wage yanna. sylabus tikak cover unama papers aniwa karanna. chemistry nam goda daganna lesi papers karala thamai. JAYA
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    පලවෙනි අවුරුද්ද subject 3ටම group ක්ලාස් ගිහින් syllabus එකේ පුලුවන් තරම් cover කරගන්න.. theory තේරෙන්නෙ නැත්තම් තෙරෙනකන් අහගන්න. ඊට පස්සෙ අගෝස්තු revision පටන්ගන්නකොට ලොකු ක්ලාස් වලට යන්න.. අනිව papers ලියන්න. theory විතරක් දැනගෙන paper ලියන්න බෑ. revision 1ට යනගමන් group 1ටත් යන්න. recision ක්ලාස් 1 paper ලියවල බලලත් දෙන 1ක් නම් ගොඩක් හොදයි. paper එකෙ අමාරු ප්‍රශ්න group 1n අහගන්නත් පුලුවන්. පාඩම් කරන වෙලාව සාපේක්ශයි. සමහර උන්ට එක ගානක් අහන් හිටියම ටියුට් 1ම හදල දාන්න පුලුවන් නිකම්ම.. සමහර උන්ට ගාන හදන්න දුන්නම හදන්න බෑ ඒට් කියලදුන්නම තෙරෙනව.. ඒ වගේ උන් අම්බානක පාඩම් කරන්න ඕනි..
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කම් මැලි කමනම් එලවන්න වෙනවා පුටේ මේ අව්රුදු දෙකට. නැත්තං තව අව්රුදු 50 ක් උඹට දුක් විදින්න වෙනවා. ඒ නිසා කම්මැලි කම පැත්තකට දාලා ගනං හදන්න. අමතක වෙන ඒවා කැලැන්ඩර් වල පිටිපස්සේ ලියලා පුලුවන් තරම් ගනං හදන්න. බිත්තිය පුරා සිද්ධාන්ත අලවලා උදේ රෑ ඒවා බලන්න. පෑනක් සතියෙන් දෙකෙන් ඉවර කරලා පෑන් මිටි, ලියන කටුවැඩ කොල ගොඩ ගැහෙන හැටි බලලා සතුටු වෙන්න. ඉගෙනීම ගේම් එකක් කර ගන්න. මැත නෙවෙයි ආට් කලත් ලොකු කැපවීමක් නොවී නම් ගොඩයන්න බෑ ඒකයි ඇත්ත. එස් තුනක් දාන්න නෙවෙයි. කෙලින්ම ඉන්ජෙක් වෙන්න ට්‍රයි එක දෙන්න. කව්රුහරි කියනව නම් මැත කරලා එස් තුනක් දැම්මත් ඇති කියලා ඒක විහිලුවක්. අනිවා ඉන්ජිනියරිං යන්නම ට්‍රයි එක දෙන්න.
    bump
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ලැබෙන්න ඕනෙ උපදෙස් ගොඩක් ලැබිලා තියෙනවා. :yes:

    මම දෙයක් කියන්න ඕනෙ. මම A/L Maths කරන්න පටන් ගත්තෙ O/L මානසිකත්වයෙන්. මම තමයි වැඩ්ඩා. මට Maths ගේමක් නෙවෙයි. කියලා හිතාගෙන, මං ගැන අධි තක්සේරුවකින්. (මොකද O/L පංති වලදි බොහෝ වෙලාවට පංතියෙන් ගණන් වලට වැඩිම ලකුණු ගත්තෙ මම :lol:). ඉතින් ඒකෙ ප්‍රතිඵලය A/L පංතියේ පළවෙනි වාරයේදීම මට ලැබුන. Combined Maths වලට තිබුනෙ ලකුණු 7 ක් විතර මතක හැටියට. :baffled: ඉතින් ඔහොම කාලයක් යද්දි මට Maths වලට තිබ්බ උනන්දුව අඩු උනා. අනිත් විෂයෙනුත් හරියට උනන්දුවකින් කරන්න හිතුනෙ නෑ. කොහොම හරි පළවෙනි අවුරුද්දෙ පාඩම් කරේ නෑ. එපා වෙලා වගේ හිටියෙ. ඒත් හිතේ තිබුනෙ A 3 ක් ගන්න එක නම් වෙනස් උනේම නෑ. :P

    ඔය දේවල් නිසා, මට Combined Maths වල මුල් පාඩම් මගහැරුනා. ඊට පස්සෙ කරන දෙවල් කරන්න උත්සහ කරත් මුල කොටස් නැතුව ඒවා කරන්නත් බැරි උනා. ඔහොම යද්දි අපේ Combined Maths පංති කරපු සර් Revision පටන් ගත්තා. ඒකෙ සර් මුල ඉදලා තියරිත් එක්කම කලා. ඉතින් මට එතනින් Combined Maths අල්ලගෙන යන්න පුලුවන් උනා. :rolleyes: . මගේ Maths වලට තිබ්බ උනන්දුව, ආසාව නැවත වැඩි දියුනු උනා. :D . එතකොට ඉතින් Physics ඉගෙන ගන්න එහෙමත් පට්ට ආසාවක් ඇති උනා. ගොඩක් දෙවල් මට ඉක්මනින් තේරුම් ගන්න පුලුවන් උනා. :) . කොහොම හරි අවසාන මාස කිහිපය උනන්දුවෙන් වැඩ කලා. (තවමත් හිතේ තිබුන A 3 ක් ගන්න එක නම් වෙනස් වෙලා නෑ. :P ). හැබැයි මට වැඩිය Papers කරන්න කාලයක් හමුබුනේ නෑ. මොකද මම අවුරුද්දක් විතර අපතේ යැව්වා. අවසාන මාස කිහිපයේ Group Class වලටත් ගියා. Classes වල දෙන පේපර්ස් කළා.

    අවසානෙට මට කොහොම හරි Physics ,ICT වල Past Papers හරියට කරන්න බැරි උනා. එකක් දෙකක් තමයි කරේ මතක හැටියට. (Maths වල නම් ටිකක් කරගත්තා.) ඉතින් ඊට පස්සෙ 2015 A/L ලිව්වා. ඔන්න ලිව්වට පස්සෙ නම් හිතේ තිබුන A 3 ක් ගන්න එක වෙනස් වුනා. :( දැන් මක් කරන්නද :baffled: මමයි මුලදි වරද්ද ගත්තෙ. :( Results ආවට පස්සෙ C 2 යි, B 1 යි. මම ICT කරපු නිසා බේරුනා. DR එක 3 වෙලා. :rofl: Chemistry කරානම් Rank එක 100 දිහාටවත් යයි. :lol: :baffled::baffled:

    කොහොම හරි මගේ ඉලක්කයට මට යන්න බැරි උනා. :dull: ඒ ගැන මට දුකයි. :(
    මම මේකෙන් ඉගෙන ගත්ත දේ තමයි. කවදාත් තමන් ගැන අධි තක්සේරුවකින් දෙයක් ඉගෙන ගන්න යන්න හොඳ නැහැ කියන එක. මම මේකත් කියන්න ඕනේ. O/L , A/L ලගින්වත් තියන්න බෑ. O/L Maths වල මුළු Syllabus එකම වගේ A/L Combined Maths වල සමහර පාඩම්.:shocked: (ඕක අහල බය වෙනව එහෙම නෙවෙ ඕං :D ) ඒත් ආසාවෙන් කරද්දි ලේසියි.:yes: තවත් ආස හිතෙනව :P ටිකක් දිගයි. :P

    උබට අනිවා ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. ;) (හැබැයි පුතෝ A 3 ක් ඕනේ ඈ :P). මුල ඉදලා ලස්සනට ආසාවෙන් පිළිවෙලට වැඩ කරපන්. :yes: ඔන්න ආයෙත් කිව්ව O/L මානසිකත්වයෙන් නම් A/L දිහා බලන්න එපා. :no:
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28

    Distrikke mokakda bn?
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    පැය 3ක් 4ක් මේ දවස් වල පාඩම් කරන්න පුළුවන් නං හොඳටම ඇති. මුලදී ගොඩක් මහන්සි වෙන ගොඩක් අයගේ උනන්දුව මහන්සිය කාලයක් යද්දී හොඳටම අඩු වෙලා යනවා. උනන්දුව වැඩි වෙන්න ඕනේ ටික ටික. මොකද ඉස්සරට තමයි වැඩ වැඩියෙන් තියෙන්නේ.
    සාමාන්‍යයෙන් ඉස්කොකොලේ ගිහින් ආයේ හවස පන්ති ගිහින් හැන්දෑවේ ගෙදර ඇවිත් කෑම කාල එහෙම 7.30 ට වගේ පාඩම් වැඩ පටන් ගත්තොත් 12 වෙනකන් වගේ කරන්න ඕනේ. ඊට වඩා කරන අයත් ඉන්නවා. හැබැයි 12 වෙනකන් කරනවා නං ඒ ඇති. රෑට ගොඩක් කෑවම පාඩම් කරන්න අමාරුයි නිදිමත හැදෙනවා. ඊට පස්සේ පාඩම් කරන්න අමාරුයි. ඒ නිසා අම්මලා ගොඩක් බෙදල දුන්නත් තරමකට ඕනේ කන්න.:)
    ක්ලාස් නැති දවස් තිබුනොත් ඒ දවස් වල හවසටත් වැඩ කරන්න ඕනේ. ස්කූල් වැඩිය යන්නේ නැත්තන් පාඩම් කරන්න ගොඩක් ටයිම් තියෙනවා. හැබයි ස්කූල් එකේ ගුරුවරු හොඳට වැඩ කරනවා නං ස්කූල් කට් කරන්නත් එපා.

    එක දෙයක් තියෙනවා හැබැයි. කඩ කඩ පාඩම් කරන එක එච්චර හරි යන්නේ නෑ. එක දිගට සතියක් වගේ පාඩම් නොකර ඉඳල ආයේ පාඩම් කරන්න ගන්නවා. ආයේ කාලයක් පාඩම් කරලා ආයේ සතියක් දෙකක් පාඩම් නොකර ඔහේ පන්ති යනවා. ඔය වගේ ටික කාලයක් පුරුද්දට ගියොත් දන්නෙම නැතිව ට්‍රැක් එකෙන් මඟ හැරෙනවා. ඊට පස්සේ හිතට භය දැනෙනවා කර ගන්න බැරි වෙයිද කියලා. ඒ භය ආවමත් අමාරුයි පාඩම් කර ගන්න. ඒ නිසා දවස් දෙක තුනකට වඩා පාඩම් වැඩ මඟ ඇරෙන්න දෙන්න එපා මොනම හේතුවකටවත්. මොනම හේතුවකටවත් එකම දවසක්වත් පන්ති කට් කරන්නත් එපා.

    මැත්ස් වලට ක්ලාස් දෙකකට යන්න පුළුවන් නං. ගොඩක් ආමාරු ගණන් විතරක් හදන ක්ලාස් එකකට අනිවාර්යෙන් යන්න පුළුවන් නං. ඒවගෙන් තමයි ස්පීඩ් එක හැදෙන්නේ. හැම පැති වලම ඒවගේ ක්ලාස් කරන අය ඉන්නවද දන්නේ නෑ. සමහර පැති වල නං තියෙනවා. ඒවාට වැඩිය එන්නේත් නෑ කට්ටියට මෙලෝ දෙයක් තේරෙන්නේ නැති නිසා. අපේ පැත්තේ ඒ වගේ පන්තියක් කරේ විෂවවිද්යාලයක ගණිත ආචාර්යවරයෙක්. එයා කරන ගොඩක් ගණන් අවුට් සිලබස්, නැත්තන් විභාගෙට එන මට්ටමට වඩා ගොඩක්ම අමාරු ගණන්. ඒත් ඒකෙන් මොලෙයි ස්පීඩ් එකයි හැදෙනවා නියමෙට.

    තව 2017 AL කරපු අයට කෙමිස්ට්‍රි රිවිෂන් පටන් ගනිද්දී එයාලගේ රිවිෂන් ක්ලාස් එකකටත් අනිවාර්යෙන් යන්න. කෙමිස්ට්‍රි රිවිෂන් ක්ලාස් එකත් ගොඩක් වටිනවා මැත්ස් කරන අයට. මම නං ගියේ ඩන්කන් සර් ගාවට. නියමෙටම කියල දෙනවා හැම දේම.
    කෙමිස්ට්‍රි වලට පුළුවන් නං 2017 2018 පන්ති දෙකටම දැන් ඉඳල ගිහින් එක අවුරුද්දෙන් වගේ සිලබස් එකම කවර් කර ගන්න බලන්න. ඒ වගේ එකිනෙකට සම්බන්ධයක් නෑ පාඩම් වල. තේරුම් ගන්න පුළුවන්. එහෙම එක අවුරුද්දෙන් සිලබස් කවර් කර ගන්න අය ඉන්නවා විෂයකට හෝ දෙකකට.

    ෆිසික්ස් වලට රෝසගේ පොත් අරන් කියවන්න අනිවාර්යෙන්. ගොඩක් වටිනවා ඒ ටික. කොළඹ ලොකු ඉස්කෝල වල පාස්පෙපර් කරන්න. ඒවා ගොඩක් අමාරුයි වගේම අපිට ට්‍රැක් එකට ගන්න උදව් වෙනවා ගොඩක්. රෝයල් මැත්ස් පේපර් එහෙම ගොඩක් අමාරුයි. ඒවා දැක්කම හිතෙනවා මුරුංග අතු වල ඉඳල වැඩක් නෑ අමාරු ගණන් කරන්න ඕනේ කියලා. එතකොට තමයි විෂයන්ට ආසාව ඇති වෙලා ට්‍රැක් එකට වැටෙන්නේ.

    හැම වෙලේම උදව් ඉල්ලන අයට උදව් කරන්න. පොතක් බලන්න ෆොටෝ කොපි ගහන්න ඉල්ලුවොත් ලෝභ නැතිව දෙන්න. ගානක් ඇහුවොත් හොඳටම කියල දෙන්න පුළුවන් උපරිමයෙන් කෙටි ක්‍රමත් එක්ක ගුරු මුෂ්ටියක් තියා ගන්නේ නැතිව. අනුන්ට කියල දෙන තරමට උදව් කරන තරමට තමන්ට විෂය පහසු වෙනවා, මනස නිදහස් වෙලා සතුටෙන් පාඩම් කරන්න ලේසි වෙනවා.

    විභාගේ හොඳට A3ක් වගේ දාලා පාස් වුන කෙනෙක්ගේ පන්ති පොත් ඉල්ලන් ෆොටෝ කොපි ගහල හරි තියා ගන්න. ඒවගෙන් පන්තියේ කරන්න තියෙන පාඩම ඊට කලින් දවසේ රෑ බලල යන්න පන්තියට යද්දී. ඒක ගොඩක්ම පහසුවක් ඉගෙන ගන්න.

    ජීවිතේ අවුරුදු 2ක් කියන්නේ මහ ලොකු කාලයක් විදියට දැනෙන්නේ අවුරුදු 16ක කොල්ලෙක්ට. හෙන බරක් වගේ දැනෙන්නේ ඔය අවුරුදු දෙක යන එක. ඒත් අවුරුදු 20ක් විතර වෙද්දී දැනෙනවා, අවුරුදු දෙකක් කියන්නේ ඉතාම සුළු කාලයක් කියල ජීවිතේ. මොන ගොන් කමක්ද කියලා හිතෙනවා ඊට පස්සේ ඒ අවුරුදු දෙක සම්පුර්ණයෙන්ම ඉගෙන ගන්න නොයදවපු එක. ඒක AL කරන්න පටන් ගද්දිම තේරුම් ගත්තොත් ගොඩක් වටිනවා.
    අපේ සෙට් එකේ පහක් හිටියා, ඔක්කොම කැම්පස් ගියා, සමහරු දෙවෙනි පාර. 3 දෙනෙක් ඉජිනියරින් මොරටු. 4ක්ම මොරටු කොහොම හරි. පිස්සුම කෙලපු පොර තුන්වෙනි පාර පිසිකල්. එක්කෙනක් අයිලන්ඩ් රෑන්ක් 20ට අඩුවෙන් දැන්මා පලවෙනි පාර. අපි හැමෝගෙම අත්දැකීම් වලිනුයි අපිට ගුරුවරු කියල දීපවගෙනුයි තමයි ඔය විස්තරේ කිව්වේ.

    පාඩම් කරන්න යාළුවො එක්ක සෙට් වෙන්න එපා ගෙවල් වල. එහෙම කරන ගොඩක් අය අසාර්ථකයි. කැම්පස් වගේ නෙවේ. කැම්පස් වල නං ඒ ක්‍රමේ සාර්ථකයි. මොකද ඔච්චර තරඟයක් නෑ. කොහොම හරි සබ්ජෙක් එක ගොඩ දා ගන්න ඕනේ. වැඩිය ලකුණු ඕනේ වෙන්නෙත් නෑ. ලේක්චරස්ලත් සබ්ජෙක් එක පාස් කරවල දෙනවා වැඩිය බලන්නේ නැතිව. ඒ හින්දා අඩුවෙන් පාඩම් කරලත් හොඳ මට්ටමකින් පාස් වෙන්න පුළුවන් කැම්පස් එකකදී. ඒ ඉන්දෙද්දීත් වැඩියෙන්ම පාඩම් කරනවට වඩා පිස්සු කෙලින එක කරන්නේ සෙට් වුනාම. ඒක හරි යන්නේ නෑ AL වලට. AL හොඳට අවධානෙන් කැපවීමෙන් කර ගන්න ඕනේ. පාඩම් කරන්න ඕනේ ටයිම් එකේ පිස්සු කෙලියොත් නං කෙළ වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: Prime HD

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කම් මැලි කමනම් එලවන්න වෙනවා පුටේ මේ අව්රුදු දෙකට. නැත්තං තව අව්රුදු 50 ක් උඹට දුක් විදින්න වෙනවා. ඒ නිසා කම්මැලි කම පැත්තකට දාලා ගනං හදන්න. අමතක වෙන ඒවා කැලැන්ඩර් වල පිටිපස්සේ ලියලා පුලුවන් තරම් ගනං හදන්න. බිත්තිය පුරා සිද්ධාන්ත අලවලා උදේ රෑ ඒවා බලන්න. පෑනක් සතියෙන් දෙකෙන් ඉවර කරලා පෑන් මිටි, ලියන කටුවැඩ කොල ගොඩ ගැහෙන හැටි බලලා සතුටු වෙන්න. ඉගෙනීම ගේම් එකක් කර ගන්න. මැත නෙවෙයි ආට් කලත් ලොකු කැපවීමක් නොවී නම් ගොඩයන්න බෑ ඒකයි ඇත්ත. එස් තුනක් දාන්න නෙවෙයි. කෙලින්ම ඉන්ජෙක් වෙන්න ට්‍රයි එක දෙන්න. කව්රුහරි කියනව නම් මැත කරලා එස් තුනක් දැම්මත් ඇති කියලා ඒක විහිලුවක්. අනිවා ඉන්ජිනියරිං යන්නම ට්‍රයි එක දෙන්න.

    :):)

    ඒ වාගේම ඒලෙවල් මැත කරන අයට තියෙන ලොකුම අව්ල තමා පාඩම උගන්නන කලේ එලකිරි වගේ පුලුවන් වෙලා තිබ්බ පාඩම වෙනත් එකකට යනකොට අමතක වෙලා යෑම. උදාහරනෙකට පිසික්ස් වල ඉලෙක්ට්‍රොනික් උගන්නන කාලේ හොදටම පුලුවන් ද්‍රවස්තිතිය කරල බැලින්නම් ඉලෙක්ට්‍රොනික් ඒවා බෑ.. ඒකට කරන්න ඕනේ එකම පාස්ට්පේපර්ස් සෙට් එකක් රොටේට් කරපන්.. හැමදාම. පලවෙනි මාස දෙකෙන් පස්සේ එකේ හදන්න පුලුවන් ඒවා හද හදා පේපර් ටික එකින් එකට පලයන්. ආයෙත් මුලට. අව්රුදු දෙක ඉවරවෙද්දි සේරම හදන්න පුලුවන් වෙනවා වගේම හැමදේම මතකයෙත් රැදිලා තියෙනවා