A/L උපදෙස් ඕනෙ

al.al

Member
Mar 29, 2016
4
2
0
උබල දුන්න උපදෙස් වලට තෑන්ක්ස් බන්. ඇත්තටම ගොඩක් වටිනව.දෙපාරක් කියෙව්ව ඔක්කොම. දැන් නම් ඇත්තටම බයත් හිතෙනව. අඩුම ගානෙ නිකමට ෆිල්ම් එකක්වත් බලන්න වෙලාවක් ඉතුරුවෙන එකක් නැද්ද? නිදහස නැත්තතට්ම නැති වෙන සීන් එකක් තියෙන්නෙ.

එක්කෙනෙක් අහල තිබ්බ මගේ රිසාල්ට්. මට 9A තියේ. ඒත් ඉතින් ඕක මහ ලොකු දෙයක් නෙමේ කියල මම දන්නව. ඔය රිසාල්ට් එක නිසා කිසිම අධිතක්සේරුවක් නම් නෑ. ඕක ගන්නත් මම එච්චර මහන්සි උනේ නෑ. වාර විභාගෙද O/L ද කියල වෙනසක් නැතුව විභාගෙ දවස්වල රෑ එලිවෙනකන් තමා පාඩම් කරේ. පාස් පේපර් උනත් එහෙමට කෙරුනෙ නෑ. මාරම STRESS එකකින් දුක් වින්ද සමහර දවස්වල. :( මතක් කරන්නවත් කැමති නෑ.

ඒ වගේම තව අයිය කෙනෙක් කියල තිබ්බ අනිත් අයට උදවු කරන්න කියල. ඒකත් මම අනිවා කරන දෙයක්. උන්වත් ගොඩ දාන්න ට්‍රයි කරා ගොඩක්. ඒත් ඉතින් සමහර උන් නම් අපි කියල දුන්නත් තේරුම් ගන්න ඕන කමක් න්ඈ. :no:

තව මට පුලුවන්නන් හොද පොත් කියන්න ගන්න.(තියරි/ප්‍රශ්න දෙකම)

අන්තිමට හැමෝටම තෑන්ක්ස් කියල තමයි කියන්න තියෙන්නෙ. දෙන්න රෙප් නෑ. සොරි.
ආ ඒ අස්සෙ කවුද අසහනකාරයෙක් "ahh uhhh badu giyaaaaaaah!" කියල රෙප් කපල ගිහින්. :lol: මේ ෆේක් එකවුන්ට් එකට මොන රෙප්ද? :lol:
 

al.al

Member
Mar 29, 2016
4
2
0
රත්තරං;19935736 said:
:):)

ඒ වාගේම ඒලෙවල් මැත කරන අයට තියෙන ලොකුම අව්ල තමා පාඩම උගන්නන කලේ එලකිරි වගේ පුලුවන් වෙලා තිබ්බ පාඩම වෙනත් එකකට යනකොට අමතක වෙලා යෑම. උදාහරනෙකට පිසික්ස් වල ඉලෙක්ට්‍රොනික් උගන්නන කාලේ හොදටම පුලුවන් ද්‍රවස්තිතිය කරල බැලින්නම් ඉලෙක්ට්‍රොනික් ඒවා බෑ.. ඒකට කරන්න ඕනේ එකම පාස්ට්පේපර්ස් සෙට් එකක් රොටේට් කරපන්.. හැමදාම. පලවෙනි මාස දෙකෙන් පස්සේ එකේ හදන්න පුලුවන් ඒවා හද හදා පේපර් ටික එකින් එකට පලයන්. ආයෙත් මුලට. අව්රුදු දෙක ඉවරවෙද්දි සේරම හදන්න පුලුවන් වෙනවා වගේම හැමදේම මතකයෙත් රැදිලා තියෙනවා

ඔය අවුල නම් දැනටම තියේ බන්.තෑන්ක්ස් උපදෙසට
 
  • Like
Reactions: Prime HD

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    පැය 3ක් 4ක් මේ දවස් වල පාඩම් කරන්න පුළුවන් නං හොඳටම ඇති. මුලදී ගොඩක් මහන්සි වෙන ගොඩක් අයගේ උනන්දුව මහන්සිය කාලයක් යද්දී හොඳටම අඩු වෙලා යනවා. උනන්දුව වැඩි වෙන්න ඕනේ ටික ටික. මොකද ඉස්සරට තමයි වැඩ වැඩියෙන් තියෙන්නේ.
    සාමාන්‍යයෙන් ඉස්කොකොලේ ගිහින් ආයේ හවස පන්ති ගිහින් හැන්දෑවේ ගෙදර ඇවිත් කෑම කාල එහෙම 7.30 ට වගේ පාඩම් වැඩ පටන් ගත්තොත් 12 වෙනකන් වගේ කරන්න ඕනේ. ඊට වඩා කරන අයත් ඉන්නවා. හැබැයි 12 වෙනකන් කරනවා නං ඒ ඇති. රෑට ගොඩක් කෑවම පාඩම් කරන්න අමාරුයි නිදිමත හැදෙනවා. ඊට පස්සේ පාඩම් කරන්න අමාරුයි. ඒ නිසා අම්මලා ගොඩක් බෙදල දුන්නත් තරමකට ඕනේ කන්න.:)
    ක්ලාස් නැති දවස් තිබුනොත් ඒ දවස් වල හවසටත් වැඩ කරන්න ඕනේ. ස්කූල් වැඩිය යන්නේ නැත්තන් පාඩම් කරන්න ගොඩක් ටයිම් තියෙනවා. හැබයි ස්කූල් එකේ ගුරුවරු හොඳට වැඩ කරනවා නං ස්කූල් කට් කරන්නත් එපා.

    එක දෙයක් තියෙනවා හැබැයි. කඩ කඩ පාඩම් කරන එක එච්චර හරි යන්නේ නෑ. එක දිගට සතියක් වගේ පාඩම් නොකර ඉඳල ආයේ පාඩම් කරන්න ගන්නවා. ආයේ කාලයක් පාඩම් කරලා ආයේ සතියක් දෙකක් පාඩම් නොකර ඔහේ පන්ති යනවා. ඔය වගේ ටික කාලයක් පුරුද්දට ගියොත් දන්නෙම නැතිව ට්‍රැක් එකෙන් මඟ හැරෙනවා. ඊට පස්සේ හිතට භය දැනෙනවා කර ගන්න බැරි වෙයිද කියලා. ඒ භය ආවමත් අමාරුයි පාඩම් කර ගන්න. ඒ නිසා දවස් දෙක තුනකට වඩා පාඩම් වැඩ මඟ ඇරෙන්න දෙන්න එපා මොනම හේතුවකටවත්. මොනම හේතුවකටවත් එකම දවසක්වත් පන්ති කට් කරන්නත් එපා.


    මැත්ස් වලට ක්ලාස් දෙකකට යන්න පුළුවන් නං. ගොඩක් ආමාරු ගණන් විතරක් හදන ක්ලාස් එකකට අනිවාර්යෙන් යන්න පුළුවන් නං. ඒවගෙන් තමයි ස්පීඩ් එක හැදෙන්නේ. හැම පැති වලම ඒවගේ ක්ලාස් කරන අය ඉන්නවද දන්නේ නෑ. සමහර පැති වල නං තියෙනවා. ඒවාට වැඩිය එන්නේත් නෑ කට්ටියට මෙලෝ දෙයක් තේරෙන්නේ නැති නිසා. අපේ පැත්තේ ඒ වගේ පන්තියක් කරේ විෂවවිද්යාලයක ගණිත ආචාර්යවරයෙක්. එයා කරන ගොඩක් ගණන් අවුට් සිලබස්, නැත්තන් විභාගෙට එන මට්ටමට වඩා ගොඩක්ම අමාරු ගණන්. ඒත් ඒකෙන් මොලෙයි ස්පීඩ් එකයි හැදෙනවා නියමෙට.

    තව 2017 AL කරපු අයට කෙමිස්ට්‍රි රිවිෂන් පටන් ගනිද්දී එයාලගේ රිවිෂන් ක්ලාස් එකකටත් අනිවාර්යෙන් යන්න. කෙමිස්ට්‍රි රිවිෂන් ක්ලාස් එකත් ගොඩක් වටිනවා මැත්ස් කරන අයට. මම නං ගියේ ඩන්කන් සර් ගාවට. නියමෙටම කියල දෙනවා හැම දේම.
    කෙමිස්ට්‍රි වලට පුළුවන් නං 2017 2018 පන්ති දෙකටම දැන් ඉඳල ගිහින් එක අවුරුද්දෙන් වගේ සිලබස් එකම කවර් කර ගන්න බලන්න. ඒ වගේ එකිනෙකට සම්බන්ධයක් නෑ පාඩම් වල. තේරුම් ගන්න පුළුවන්. එහෙම එක අවුරුද්දෙන් සිලබස් කවර් කර ගන්න අය ඉන්නවා විෂයකට හෝ දෙකකට.


    ෆිසික්ස් වලට රෝසගේ පොත් අරන් කියවන්න අනිවාර්යෙන්. ගොඩක් වටිනවා ඒ ටික. කොළඹ ලොකු ඉස්කෝල වල පාස්පෙපර් කරන්න. ඒවා ගොඩක් අමාරුයි වගේම අපිට ට්‍රැක් එකට ගන්න උදව් වෙනවා ගොඩක්. රෝයල් මැත්ස් පේපර් එහෙම ගොඩක් අමාරුයි. ඒවා දැක්කම හිතෙනවා මුරුංග අතු වල ඉඳල වැඩක් නෑ අමාරු ගණන් කරන්න ඕනේ කියලා. එතකොට තමයි විෂයන්ට ආසාව ඇති වෙලා ට්‍රැක් එකට වැටෙන්නේ.

    හැම වෙලේම උදව් ඉල්ලන අයට උදව් කරන්න. පොතක් බලන්න ෆොටෝ කොපි ගහන්න ඉල්ලුවොත් ලෝභ නැතිව දෙන්න. ගානක් ඇහුවොත් හොඳටම කියල දෙන්න පුළුවන් උපරිමයෙන් කෙටි ක්‍රමත් එක්ක ගුරු මුෂ්ටියක් තියා ගන්නේ නැතිව. අනුන්ට කියල දෙන තරමට උදව් කරන තරමට තමන්ට විෂය පහසු වෙනවා, මනස නිදහස් වෙලා සතුටෙන් පාඩම් කරන්න ලේසි වෙනවා.

    විභාගේ හොඳට A3ක් වගේ දාලා පාස් වුන කෙනෙක්ගේ පන්ති පොත් ඉල්ලන් ෆොටෝ කොපි ගහල හරි තියා ගන්න. ඒවගෙන් පන්තියේ කරන්න තියෙන පාඩම ඊට කලින් දවසේ රෑ බලල යන්න පන්තියට යද්දී. ඒක ගොඩක්ම පහසුවක් ඉගෙන ගන්න.

    ජීවිතේ අවුරුදු 2ක් කියන්නේ මහ ලොකු කාලයක් විදියට දැනෙන්නේ අවුරුදු 16ක කොල්ලෙක්ට. හෙන බරක් වගේ දැනෙන්නේ ඔය අවුරුදු දෙක යන එක. ඒත් අවුරුදු 20ක් විතර වෙද්දී දැනෙනවා, අවුරුදු දෙකක් කියන්නේ ඉතාම සුළු කාලයක් කියල ජීවිතේ. මොන ගොන් කමක්ද කියලා හිතෙනවා ඊට පස්සේ ඒ අවුරුදු දෙක සම්පුර්ණයෙන්ම ඉගෙන ගන්න නොයදවපු එක. ඒක AL කරන්න පටන් ගද්දිම තේරුම් ගත්තොත් ගොඩක් වටිනවා.
    අපේ සෙට් එකේ පහක් හිටියා, ඔක්කොම කැම්පස් ගියා, සමහරු දෙවෙනි පාර. 3 දෙනෙක් ඉජිනියරින් මොරටු. 4ක්ම මොරටු කොහොම හරි. පිස්සුම කෙලපු පොර තුන්වෙනි පාර පිසිකල්. එක්කෙනක් අයිලන්ඩ් රෑන්ක් 20ට අඩුවෙන් දැන්මා පලවෙනි පාර. අපි හැමෝගෙම අත්දැකීම් වලිනුයි අපිට ගුරුවරු කියල දීපවගෙනුයි තමයි ඔය විස්තරේ කිව්වේ.

    පාඩම් කරන්න යාළුවො එක්ක සෙට් වෙන්න එපා ගෙවල් වල. එහෙම කරන ගොඩක් අය අසාර්ථකයි. කැම්පස් වගේ නෙවේ. කැම්පස් වල නං ඒ ක්‍රමේ සාර්ථකයි. මොකද ඔච්චර තරඟයක් නෑ. කොහොම හරි සබ්ජෙක් එක ගොඩ දා ගන්න ඕනේ. වැඩිය ලකුණු ඕනේ වෙන්නෙත් නෑ. ලේක්චරස්ලත් සබ්ජෙක් එක පාස් කරවල දෙනවා වැඩිය බලන්නේ නැතිව. ඒ හින්දා අඩුවෙන් පාඩම් කරලත් හොඳ මට්ටමකින් පාස් වෙන්න පුළුවන් කැම්පස් එකකදී. ඒ ඉන්දෙද්දීත් වැඩියෙන්ම පාඩම් කරනවට වඩා පිස්සු කෙලින එක කරන්නේ සෙට් වුනාම. ඒක හරි යන්නේ නෑ AL වලට. AL හොඳට අවධානෙන් කැපවීමෙන් කර ගන්න ඕනේ. පාඩම් කරන්න ඕනේ ටයිම් එකේ පිස්සු කෙලියොත් නං කෙළ වෙනවා.

    wadagath :yes:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    උබල දුන්න උපදෙස් වලට තෑන්ක්ස් බන්. ඇත්තටම ගොඩක් වටිනව.දෙපාරක් කියෙව්ව ඔක්කොම. දැන් නම් ඇත්තටම බයත් හිතෙනව. අඩුම ගානෙ නිකමට ෆිල්ම් එකක්වත් බලන්න වෙලාවක් ඉතුරුවෙන එකක් නැද්ද? නිදහස නැත්තතට්ම නැති වෙන සීන් එකක් තියෙන්නෙ.

    එක්කෙනෙක් අහල තිබ්බ මගේ රිසාල්ට්. මට 9A තියේ. ඒත් ඉතින් ඕක මහ ලොකු දෙයක් නෙමේ කියල මම දන්නව. ඔය රිසාල්ට් එක නිසා කිසිම අධිතක්සේරුවක් නම් නෑ. ඕක ගන්නත් මම එච්චර මහන්සි උනේ නෑ. වාර විභාගෙද O/L ද කියල වෙනසක් නැතුව විභාගෙ දවස්වල රෑ එලිවෙනකන් තමා පාඩම් කරේ. පාස් පේපර් උනත් එහෙමට කෙරුනෙ නෑ. මාරම STRESS එකකින් දුක් වින්ද සමහර දවස්වල. :( මතක් කරන්නවත් කැමති නෑ.

    ඒ වගේම තව අයිය කෙනෙක් කියල තිබ්බ අනිත් අයට උදවු කරන්න කියල. ඒකත් මම අනිවා කරන දෙයක්. උන්වත් ගොඩ දාන්න ට්‍රයි කරා ගොඩක්. ඒත් ඉතින් සමහර උන් නම් අපි කියල දුන්නත් තේරුම් ගන්න ඕන කමක් න්ඈ. :no:

    තව මට පුලුවන්නන් හොද පොත් කියන්න ගන්න.(තියරි/ප්‍රශ්න දෙකම)

    අන්තිමට හැමෝටම තෑන්ක්ස් කියල තමයි කියන්න තියෙන්නෙ. දෙන්න රෙප් නෑ. සොරි.
    පටන් ගද්දි දැනෙන බය අපිව ගොඩක් ඉදිරියට ගිනියනවා වගේම සුදානම් කරනවා විභාගෙට.
    යකා කියන තරම් කළු නෑ කියන්නත් බෑ AL වලදී. හැබැයි තමන්ට පහසුවෙන්ම මෙල්ල කර ගන්න පුළුවන් පාඩම් කරන ටික හරියට කරොත්. දැනට එච්චර පාඩම් නොකලත් උබට මල්ලි යකා කියන තරන් කළු නෑ කියලා හිතෙයි ඉස්සරහට. දැනටමත් හිතෙන්න ඕනේ උඹ ජනවාරි වල ඉඳම්ම පන්ති ගියා නං. වැඩේ තියෙන්නේ ඔය විදියට කෙරෙන පාඩම් ටික එකතු වුනාම. එතකොට එක දිගට පාඩම් කරලා තිබුනේ නැත්තන් වැඩේ අමාරු වෙනවා. ඒක දැන්ම තේරෙන්නේ නෑ. උගන්නන වෙලාවට කොච්චර ලේසි දෙයක් උනත් එක දිගට පිළිවෙලකට පාඩම් නොකොළොත් කාලයක් යද්දී ගොඩක් තියරි ගොඩ ගැහෙනවා. එතකොට එක පාරක් ඔක්කොම ටික පාඩම් කරා කියලා මතක හිටින්නේ නෑ. ඒකයි OL වලින් AL වෙනස් වෙන්නේ. එක දිගට ක්‍රමානුකුලව ආයේ ආයේ පාඩම් කර ගෙන ආවම තමා මනස තියරි වලට හුරු වෙලා ප්‍රශ්නෙකට උත්තර ලියන වෙලාවට ටග් ගාල ඕනේ තියරි ටික මතක් වෙන්නේ. නැත්තන් කොච්චර ලේසි දේ වුනත් ගොඩ ගැහුණම මතක තියා ගන්න අමාරුයි එක පාරක් ඔක්කොම ටික පාඩම් කරා කියලා. ඒ බව දැන ගෙන එහෙම අමාරු වෙන්න කලින් ක්‍රමානුකුලව පාඩම් කරගෙන යන්න. මනස හුරු කර ගන්න.

    මැත්ස් කරද්දී කොහොමත් මැත්ස් වලට ආසාවක් ඇති වෙනවා. ආසාව ඇති වෙන්න ඇති වෙන්න භයක් වගේ තිබුන නං ඒක නැති වෙනවා. ඒ නිසා කර ගන්න බැරි වෙයි කියලා බය වෙන්න එපා කවුරු මොනවා කිව්වත්. මට OL මේන් සබ්ජෙක්ට් 8ට A තිබුනා. AL කරද්දී ඉඳලා හිටලා කතා පොත් කියෙව්වා. tv එකේ යන ෆිල්ම්, සමහර වැඩසටහන් කලාතුරකින් අහම්බෙන් වගේ බලලා තියෙනවා ටිකක්. ඒත් පුරුද්දට ටීවී බැලුවේ නෑ කවදාවත්. ගෙදර කවුරුත් හරි ටීවී එක ටිකක් සද්දෙන් දැන්මත් මන් ගෙදර අයට සද්දයක් දාල මට ඇහෙන්නේ නැති ගාන්නට දා ගන්න කියනවා. මට මතකයි මං මාස තුනක් හතරක් විතර පාඩම් නොකර පන්ති වලදී කරන වැඩ විතරක් කර කර කාලයක් හිටියා. පන්තියේදී කරන ටික කොහොමත් තේරෙනවා ඒ වෙලාවට. ඒත් කම්මැලිකමට ඔහොම මාස ගානක් මුකුත් පාඩම් කරේ නෑ. ඊට පස්සේ තේරුණා ටිකක් කෙළ ගත්තා කියලා. ඒත් මගේ පුළුවන් උපරිමයෙන් ඕන දෙයක් වෙන්න මං කරනවා කියලා හිතන් ආයේ පාඩම් කරන්න ගත්තා. එතකොට විභාගෙත් ටිකක් ලංවෙලා. කොහොම හරි සබ්ජෙක්ට් තුනම A සහ B වලින් ගොඩ දැන්මා. සබ්ජෙක් තුනටම A දාන්න දැනුම තිබුනා මට විභාගේ ලියන වෙලාවෙත්. ඒත් exam එකේදී ඊට කලින් දවස් දෙකේ පාඩම් කරද්දී හෙනම ලේසියෙන් දාපු සමීකරනම මතක් වෙන් නෑ exam ලියන වෙලාවේදී. එහෙම වුනේ අර එක දිගට ක්‍රමානුකුලව පාඩම් නොකරපු නිසා එක දිගට. ඔක්කොම එක පාර පාඩම් කරාම ගාන කොච්ච්චර ලේසි වුනත් විභාගෙදි අමතක වෙලා කෙළවෙන්න පුළුවන්. මොනවා වුනත් A සහ B වලින් පාස් වෙන්න ප්‍රමාණවත් වුනා පලවෙනි පාරම. ආයේ කරේ නෑ. ඒ වගේම අන්තිමට දවස් දෙකකදී ඔක්කොම ටික ආයේ බලා ගන්න වෙනවා විභාගෙදි. ක්‍රමානුකුලව අවුරුදු දෙකම පාඩම් කරන් ආවේ නැත්තන් ඒ අන්තිම දවස් දෙකේදී සිලබස් එකම සම්පුර්ණයෙන් හරියට මතක් කර ගන්න ඕනේ වේගේ ලැබෙන්නේ නෑ. ඕක වෙන්නේ අන්තිම exam එකේදී. ඒකට තමා මුළු සිලබස් එකම පාඩම් කරන්න ඕනේ වෙන්නේ. මැද වාර විභාග වලදී ඕක තේරෙන්නේ නෑ එච්චර. කලින් පාඩම් කරලා තියෙන ප්‍රමාණය අනුව තමයි full syllabus එකම දවස් දෙකකින් හරියට මතක් කරගන්න පුළුවන් වේගය තීරණය වෙන්නේ.

    අපේ ඉස්කෝලේ කෙල්ලෙක් හිටිය OL A10 ම දාපු. OL වලට හොඳටම පාඩම් කරා එයා. ඒත් AL වලට පාඩම් කරේ නෑ. මං හිතන්නේ එයාට S3ක් වත් තිබුනේ නෑ ALවලට.
    අර මන් කිව්වා අයිලන්ඩ් රෑන්ක් 20ට අඩුවෙන් දාපු කොල්ලත් කතා පොත් කියෙව්වා ඉඳල හිටලා. අපිට වඩා කියෙව්ව. හැබැයි ඔය ලව් ස්ටෝරි නෙවෙයි. සමහර වෙලාවට මනෝ විද්‍යා පොත් වගේ ඒවත්. හැබැයි ඒවා කරේ ඉගෙන ගන්න එක මූලික කරන්, break එකකට වගේ. එක දිගට පාඩම් විතරක්ම කරන්නත් බෑනේ සාමාන්‍ය මනුස්සයෙක්ට. එයා තමයි අපේ අයගෙන් පන්ති වල උගන්නන දේ ඊට කලින් දවසේ බලන් ආවේ සිලබස් ඉවර වෙනකන්ම. අපි ඒක කරේ ටික කාලයයි. ඒ කරපු කාලේ හරිම ලේසියි පන්ති වල වැඩ කරන්න. ඒත් අපිට ඕක හැමදාම කරන්න තරන් කැපවීමක් උනන්දුවක් තිබුනේ නෑ ඒ දවස් වල. එහෙම වෙන්නේ AL පටන් අරන් ටික කාලයක් යද්දී විෂයන් ඔය කට්ටිය කියපු තරන් අමාරු නෑ කියල තේරුණාම ඒ කට්ටිය කියපු දේවල් ගැන බය යන්න ගිහින් කර ගන්න පුළුවන් කියන එක හිතට එනවා. එතකොට අර පෙර සුදානම වගේ පුංචි පුංචි වැඩ ටික ටික මඟ ඇරෙනවා. ඒ ගැන ඉතින් පස්සේ දුක හිතුනා ඔය පුංචි දේ කරා නං හොඳයි නේද කියලා ඔය පුංචි අවුරුදු දෙකක කාලේදී .

    ඉඳල හිටලා ෆිල්ම් එකක් බලන්න හිතුනොත් බලන්න ටයිම් නැති වෙයි වගේ කියලා හිතන්න එපා. ඒවාට කාලය තියෙනවා. ඉඩ නැත්තේ මේ අවුරුදු දෙකේ තමන්ගේ ප්‍රධාන සහ එකම අරමුණ AL විභාගය කියන එක අමතක කරන්න විතරයි. ෆිල්ම් එකක් බලන්න යද්දිත් AL මගේ වගකීම, ෆිල්ම් එක බලන්නේ බ්රේක් එකකට වගේ කියන හැඟීමක් ඇති කර ගන්න ඕනේ. ෆිල්ම් එක ඉවර උනාම ආයේ AL ගැන හිතන්න ඕනේ. මාසෙකට එකකට වැඩිය ෆිල්ම් බලන්න එපා දෙවෙනි අවුරුද්දේදී කොහොමත්. පලවෙනි අවුරුද්දේ නං ෆිල්ම් එකක් ඉඳල හිටලා බැලුවට ශේප් කර ගන්න පුළුවන්, දෙවෙනි අවුරුද්දු තදින්ම ගේමට බහිනවා නං. මොනවා උනත් ඔලුව කුණු වෙන ෆිල්ම් බලන්න එපා. බලල අමතක කරන්න පුළුවන් ඒවා විතරක් බලන්න. මොකද නැත්තන් සමහර වෙලාවට ෆිල්ම් එකක් බලල සතියක් දෙකක් ගිහිනුත් ෆිල්ම් එකේ දේවල් මතක් වෙන වෙලාවල් තියෙනවා. ඒක සෑහෙන බාධාවක් පාඩම් කරන්න. සංගීත වලට නං යන්න එපා. එක රැයයි කියල හිතුවට එදා රෑ වුන දේවල් දවස් 4ක් 5ක් වත් ඔලුවේ කැරකෙනවා සැරින් සැරේ. ඒ කියන්නේ දවස් 5ක් විතර පාඩම් කෙලවුනා කියන එක.

    මං නං වැඩිය ඉස්කෝලේ ගියේ නෑ ඉස්කෝලේ වැඩ කෙරුන් නැති නිසා. අපේ ඉස්කෝලේ මැත්ස් ටීචර් විතරයි හරියට පාඩමක් ඉගැන්නුවේ. ඉස්කෝලේ ගියපු ගොඩක් දවසට මං කරේ කාර්ඩ් ගහපු එකයි බෝල් ගහපු එකයි. හැබැයි ගොඩක් උන් සෙල්ලන් විතරක් කරද්දී මං ගණනුත් හැදුවා පන්තියේ තනියෙන් ඉඳන් සමහර වෙලාවට. ටියුෂන් පන්ති වලදී අපේ පස් දෙනා සෙට් වුනාම හැම තිස්සෙම ගොඩක් විහිළුවෙන් විනෝදෙන් හිටියේ. ඒක ඉගෙන ගන්න එකට බාධාවක් නෙවෙයි. ප්‍රෙෂර් එකක් දැනුන් නෑ. භය නැති කරන්න නෙවෙයි මෙහෙම කියන්නේ. ඕනෑවට වැඩිය අධික භයක් තියෙනවා නං ඒක නැති කරන්න. භය තියෙන්න ඕනේ AL පටන් ගද්දි. ඒ භය නැතිව AL පටන් ගන්න ගොඩක් අයට වරදින්න පුළුවන්. නිර්භීත පුද්ගලයෙක් එහෙම නැත්තන් දක්ෂයෙක් වෙන්නේ භය නැති කෙනා නෙවෙයි, භය තියෙද්දිත් භය හිතෙන දේට මූන දීලා, භය තියෙද්දීම වැඩේ කරන කෙනයි.

    යාළුවො උදව් ඉල්ලුවොත් උදව් කරන්න. ඒත් ගොඩ යන්න උනන්දුවක් නැති පිස්සු කෙලින අය ගොඩ දාන්න ට්‍රයි කරන්න එපා. ඕවා නවත්තල ඉගෙන ගනින් මෝඩයෙක් නොවී වගේ දෙයක් කියනව මිසක් පන්තියේදී උගන්නන දේ අහන් ඉන්නැති එක්කෙනෙක්ට අනවශ්‍ය විදියට තමන්ගේ කාලය වෙන් කරලා පාඩම් පිටින් උගන්නන්න උත්සාහ කරන්න යන්න එපා. උන් ඉගෙන ගන්නෙත් නෑ කොහොමත්. යාලුවෙක් නොවුනත් ඉගෙන ගන්න උනන්දුව තියෙන කෙනෙක් තේරෙන්නේ නැති දෙයක් ඇහුවොත් හරි උදව්වක් ඉල්ලුවොත් නං අර කලින් කිව්වා වගේ හොඳට කියලා දීල උදව් කරන්න. නැතුව යාළුවො කියලා පිස්සු කෙලින උන් එක්ක එකට ඉඳන් උන් ගොඩ දාන්න උත්සාහ කරන්නයි, තමන්ගේ AL ගොඩ දාගන්නයි දෙකක් කරන්න කාලයක් නෑ AL වලදී. AL ඉවර වුන ගමන් මාර නිදහස් කාලයක් එනවා සුපිරියටම පිස්සු කෙළින්න. ඒ හින්ද AL හින්ද තමන්ට පිස්සු කෙළින්න කාලයක් නැති වෙයි කියලත් හිතන්න එපා. AL කරද්දී පිස්සු කෙලපු උන් AL ඉවර උනාම අන්ද මන්ද වෙනවා. AL කරද්දී පිස්සු කෙලින් නැතිව හොඳට පාඩම් කරපු අය AL ඉවර වූනාම භය නැතිව සුපිරියටම පිස්සු කෙලිනවා.

    රෝයල් වල වගේ ලොකු ඉස්කෝල වල පාස් පේපර්ස් ටික පුළුවන් නං දැන්ම හොයා ගන්න. පස්සේ පන්ති යන දවස් වැඩි වුනාම ඕව හොයා ගන්න කාලයක් නැතිවෙනවා. යාපනේ maths පේපරුත් ගොඩක් හොඳයි හොයා ගන්න පුළුවන් නං.
    පොත් කතෘන් නම් නං දැන් මතක නෑ. රජයෙන් මුද්‍රණය කරපු හොඳ maths පොත් ටිකක් තිබුනා ඉග්රීසි කත්රුලගේ පොත් වලින් සිංහලට පරිවර්තනය කරපු. කෙමිස්ට්‍රි ගුරුඅත් පොතක් අනිවාරියෙන්ම ෆොටෝකොපි ගහන් ලඟින් තියා ගන්න හොයාගෙන. කෙමිස්ට්‍රි වලටත් රජයෙන් මුද්‍රණය කරපු හොඳ පොතක් තිබුන, කතෘ මතක නෑ. අපි AL කරලා සෑහෙන කල් දැන්. සියබලාපිටිය කියල කෙනෙක්ගේ හොඳ ගති ව්ද්‍යාව පොතක් තිබුන මතකයි.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පාඩම් කරන්න ඕනේ විදිහ එක එක්කෙනාට අනුව වෙනස් .. තමන්ට හරියන එක තමන් කරන්න ඕනේ ..
    ගොඩක් එවුන් ගට අරන් පටන් ගන්නවා , සතියයි දෙකයි මාසයයි ඊට පස්සේ නෑ .. අමාරුම වැඩේ තමා අවරුදු දෙකම ඒක පවත්වාගෙන යන එක ..

    අනිත් එක පරණ ඒවා බලන එක .. අදාළ පාඩම කරන වෙලාවට සාමාන්යෙන් ඕනේ එකෙක්ට හොදටම තේරෙනව (තමන්ට ගැලපෙන class එකක් හොයාගතොත් ) ගණන් 100 විතර හදන පුළුවන් ගේමක් නැතුව .. අව්ල වෙන්නේ එක ඉවර වෙලා තව පාඩම් දෙකක් විතර කරාට පස්සේ අරකෙන් ගණන් ගත්තම හදන්න බැරි වෙන එක .. එකට හැම වෙලේම මතක් කර කර බලන්න පුළුවන් නං හරි

    සාමාන්යෙන් maths කරන උන්ට වෙන එකක් තමා physics පුළුවන් වෙන්ව chem එපාම වෙලා යනවා පාඩම් කරනන් වගේ තියනවා කියල පෙන හින්ද .. ඒ උනාට එහෙම කවි පාඩම් කරනවා වගේ පාඩම් කරන්න දෙයක් නෑ chem වල හරියට theory තේරුම් ගත්තොත් ගොඩක් දේවල් ඒවගෙන් හදල හිතාගන්න පුළුවන්

    අනික class නං නිකරුනේ cut කරන්න එපා (ඉස්කෝලෙත් කරන විදිහ අනුව හොදයි නං අනිවා යන්න .. practical කරන්න ඉස්කෝලේ ගිහින්) වලක්වන්නම බැරි හේතුවක් හින්ද මිසක් class නිකන් but කරන එපා ,අර කොටස පුළුවන් කියල හිතාගෙන යන්නේ නැතුව ඉන්න එපා , ඒ කිය්නෙන් ඉතින් අසනීපයක් ඇරෙන්න වෙන හේතුවක් ඒ කාලේ ඇතුලත වැදගත් වෙන්නේ නෑ . පව්ලේම එකෙක්ගේ මළගෙදරකට වගේ මිසක් ජීවිතේටම දෙතුන් පාරක් දැකල තියන එකෙක්ගේ මළගෙදරක දැන් නැති theory පාර්ට් එකක් කරන class එකක් cut කරන යනවා කියන්නේ සැහෙන පාඩුවක් ඒ කාලෙට අනුව .. ඊලග දවසේ ගිහාම හරියට තේරෙන්නේ නැති උනාම මුළු පාඩමම එපා වෙන්ව . class cut කරලා ගොඩ දාපු උනුත් ඉන්නව තමා , ඒ උනාට උන්ව ආදර්ශෙට අරන් එහම කරන යන එක risk එක වැඩි තමන්ට එහම බැරි වෙන් පුළුවන් , class ගිහින් වැඩ කරලා අන්තිමේට බැරි උනා උනත් හිතට දුක නෑ එතකොට , මට පුළුවන් විදිහට මහන්සි උනා එත් බැරි උනා කියලා , එහෙම නැතුව අපරාදේ අරහෙම කරේ නැත්තන් වෙනෙන් නෑ කියලා හිත හිත තමා හැමදාම ඉන්න වෙන්නේ .

    පැය 3,4 පාඩම් කරනවා කියන එක නං බොරු දෙයක් මම නං කියන්නේ 3 නං කොහොමත් මදි , අනික ඉතින් වෙන දෙයක් නැනේ ඒ කාලේ කරන්න(සාමාන්‍ය කෙනෙක් ගැන කියනෙන් මම ගෙදර ආර්ථික අව්ල් ගොඩක් තියන අම්ම තාත්ත නැතුව හරි වෙන වගකීම් තියන අය ගැන නෙමේ..., සාමාන්‍ය කෙනෙක්ගේ නං ගෙදරට මොන උදව්වක්වත් ඕනෙත් නෑ පාඩම් කරගන්න කියලනේ කියනේ ගෙදරින් උනත් )
    එක හින්ද අවරුදු 2ක් කැප කරලා එක කරග්නන් ..
    හැම වෙලේම වැඩ කරන්න ඒ කියනෙන් හැම වෙලේම පොතක් බලන් කියවන්න කියල නෙමේ පැය 24ම පොත බලන් කියෙව්වට වැඩක් නෑ තේරෙන්නේ නැත්තන් මතක නැත්තන් . වැඩ කරන්න කිව්වේ හැම වෙලේම ඒවාට අදාළ දෙයක් ගැන හිතන්න , හදාගන් බැරි උන ගානක් ගැන හිතන්න නැත්තන් chem සමිකරනය්ක්,(කාර්මික රසායනය එහෙම කරාම තේරෙයි .. ඒවා එහෙම ඒ විදිහෙට නියමෙට step මතක් කරන්න පුළුවන්)
    මෙසේටම ඉගෙන පොත අතේ තියන් ඉන්න ඕනේ නෑ ..

    film එකක් බලනවත් වෙල්වාවක් නැතිවෙයිද කියල අහල තිබ්බේ .. මම නං කියන්නේ බලන්න එපා කියලා . උබට සමහර විට නැතිවෙන්න පුළුවන් ඒ උනාට මගේ අත්දැකීමෙන් කියනෙන් එහම එකක් බලනව කියලා ගතට එකෙන් නවතිනෙන් නෑ ඕක .. මේකත් බලලම වැඩ කරනවා එලගට දෙක තුනක් බලල නවතින්නේ නැත්තන් වැඩේ බාගෙට අරහෙන් මෙහෙන් කරලා හිත හදාගෙන දැන් කරනේ කියලා ආයේ බලන්න එනව .
    අව්රුදක් දෙකක් උනන්දුවෙන් කරන යන එක අමාරු වැඩක් සමහර වෙලාවට ගට නැතුවම් යනවා එපාම වෙන්ව , ඒ වෙලාවට අරවගේ ඇබ්බැහි වෙන දෙයක් ලග තියනව කියන්නේ නිකන්ම එකට සැහෙන වෙලවක් යනවා .

    මගේ අත්දැකීමෙන් කියනවනං , මම මාර කැමති computer වලට කවදාහරි ඉගෙනගන් ඕනේ උනෙත් එක රස්සවක් කරන්න ඕනේ උනෙත් එක සම්බන්දෙන් maths කරෙත් එක හින්ද .. A /L දෙපාරක් කරන්න උනා .. මටම තේරුණා පලවෙනි පාර කෙල වෙන්න එකත් ලොකු හේතුවක් කියල ..
    ඊට පස්සේ com එක ගලවල දැම්ම .. ගලවල දැම්මට හරිගියේ නෑ අර වගේ අව්ල් උන වෙලවට ආයේ කෑලි ටික සෙට් කරගෙන එක ගහනව මම .. මටම තේරුණා වැඩේ හරියන්නේ නෑ කියලා .. ram දෙක ගලවල කඩල දැම්ම , ඒ දවස වල DDR2 ආපු කාලේ ,මගේ තිබ්බේ DDR1 ඒ දවල් වල ඒවා සැහෙන්න ගැනනං .. ඒ හින්ද ආයේ use කරන්න ඕනේ හිතුනත් ගන්න විදිහක් තිබ්බේ නෑ , 4n එකත් මාරු කරා නිකන් nokia call විතරක් ගණන් පුළුවන් එකකට , ආයේ computer එකක්වත් හොද 4න් එකක් අතින්වත් ඇල්ලුවේ නෑ exam ඉවරවෙනකන් , ගෙදර TV එකක් තියන ඕනේ හින්ද තිබ්බ ඒ උනාට අන්තිම මාසේ ඇරෙන්න ඊට කලින් බැලුවෙම නෑ වගේ තමා ඒ අව්රුදම ..

    ඒ වගේ stress වෙලවට තමන් ඇබ්බැහි වෙනෙන් නැති දෙයක් කරන්න නොදීනම් වෙල්ව ගොඩක් යන්නේ නැති වෙන්න . මම නං කරේ ඒ වෙලවට exercise කරපු එක දුවපු , කොචර පාඩම් කරන බෑ හිතුනත් දවසම දුවන්න බැනේ මහන්සි උනාම ආයේ පාඩම් කරන එක හොදයි කියල හිතෙන ඒ හින්ද අව්ලක් නෑ

    උබට තිය්නෙන් ඒ computer සාදකේ නෙමේ වෙන්න පුළුවන් but කෙල වෙන්න වගේ එනව කියනේ අවදානේ යොමු වෙන වෙන මොකක්හරි සාධකයක් තියනව කියන එක .. එක මොකක්ද කියලා හොයාගෙන එක නැති කරලා අරකට අවදානේ යොමු කරන්න පුල්වුඅන් නං හොදයි ..
    සමහර විට luv case අරව මේවා වෙන්න පුළුවන් එකත් ඉතින් එක එක්කෙනාගේ අනුව වෙනස් වෙන්ව සහ යාලුවෙන කෙනා අනුව කාලේ යොදවන විදිහ අනුව , මගේ යාලුවෝ ඉන්නව එක හින්ද කෙල උන එවුනුත් , එකත් තියාගෙන merit rank දාපු උනුත් , ඒ උනාට risk එකක් ගැන නැතුව safe ම කරන්න පුළුවන් එක තමා ඒවාට හිත යොමු කරන නැතුව ඉන්න එක .


    දැන් තියන පොත් ගැන නං හරියට දන්නේ නෑ .. එකත් තමන්ට හරියන විදිහ තමා .. physics වලට prof.රෝසගේ , ගීකියනගේ ගේ වගේ පොත් හොදයි මතක විදිහට , maths වලට ගති විද්‍යාව කියල එකක් තිබ්බ , එචරයි මතක .. අනිවාර්යෙන් past papers කරන්න දෙතුන පාරක් පස් පාරක් උනත් අව්ලක් නෑ .. structured ඒවා අනිවාර්යෙන් .. දෙතුන් පර කියන්නේ කටපාඩමින් ලියල වැඩක් නෑ .. කරලා ටිකක් කල් ගිහින් ආයේ බලන්න ..
    අන්තිම වෙනකන් ඉන්න එපා papers කරන්න දැනට කරලා තියන පාඩම් වලින් හරි පුළුවන් ඒවා කරන්න .

    maths , physics .. sir board එකේ හදන එක බැලුවම හොදට තේරෙනව ඒ උනාට තනියම කරන්න ගිහාම අව්ල් ..ඒ හින්ද ගැන හදාගන් බැරි උනත් පුල්වුන් තරම් try කරන්න එක පාරට උතරේ බලන්න යන්න එපා එතකොට වැඩක් නෑ .. සතියක් දෙකක් හරි කමක් නෑ තමන් try කරලා තේරුම් ගන්න බලන්න ..

    සාමාන්‍ය හොද class එකකට යනවනං ප්‍රශ්න එහම ගොඩක් දෙනවා .. ඒවා කරන්න .. කලින් කිව්වා වගේ 100ම එක පාර කරට වැඩක් නෑ .. එහෙමත් කරන්න එක පාරක් මුලින් .. ඊට පස්සේ දිගටම කලින් කරපුව මතක් කර කර ඉන්න ඕනේ .. දවසට එක mcq එකක් හරි කරනන් එක කොටසකින් .. හැමදාම නිදාගන් කලින් හරි උදේ හරි .. පොත් පෙරලන්න ඕනේ නෑ නිකන් හිතින් මතක් කරන්න මුල ඉදන් summary එකක් වගේ මේ මේ පාඩම් තිය්නෙන් ඒවගේ මේ කොටස් වැදගත් ඒවා මේවා කියල එතකොට මතක නැති දෙයක් තියනවනං හොයා ගන්න පුල්වුඅන් .
    තමන්ට පාඩම් කරන්න හරියන වෙලාව තමන් හොයග්නන් ..

    good luck ..!!

     
    කිරියේ අයියලාගෙන් මල්ලිට උපදෙස් ගොඩක් ලැබිල තියෙන්නේ. :lol:
    මෙහෙමයි මලේ, මට වැරදුන තැන මම කියන්නම්.....
    මට ඒ කාලේ ඉන්ජිනිරින් යන්න ආසාවක් තිබ්බේ නැහැ, ආසාව තිබ්බේ පිසිකල් කරන්න. ඉතින් දරුණුවට මහන්සි උනේ නැහැ, සමහර පාඩම් කොටස් පිටින් ඉගෙනගත්තෙවත් නැහැ හරියට කෙමෙ කාබනික රසායනය වගේ ලොකු කොටස්..... අන්න එක ලොකු වැරද්දක් මල්ලි මොකද පස්සේ තමයි තේරෙන්නේ ඉගෙනගත්තුවගේ වටිනා කම. මම නම් කොහොම හරි මගේ ආස දේ කොරගත්ත, එත් දැන් හිතෙනවා ඒ කොටස් අපරාදේ මග ඇරියේ කියල.....
    හැමදේම ආසාවෙන් කරන්න ගන්න.
    අනික අර එක මල්ලි කෙනෙක් කිව්වා වගේ සා.පෙ. මානසිකත්වයෙන් උබ පොර කියල හිතන් කරන්න යන්නත් එපා. ඇනෙනවා ඈනිල්ලක් ආයේ ඇඩ්රස් නැහැ. :(

    කම්මැලි වෙලා බෑ මලේ, ආයේ ලොවෙත්. :no:

    ජය වේවා!!!!
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    dawasata paya 3k nam madi.
    anika yaluwo eka padam karana eka nam boru wadak. meterayak hambunot hodai. pissu kelina eun hambunot thamai case.
    anika eka parin goda yanna. yaluwo passe hall clz yanna epa. ehema igena ganna eunut inawa. ita wada hodai gedara genala individual clz karana eka. antima year eke individual karapan. danata group clz gihin.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    රත්තරං;19935736 said:
    :):)

    ඒ වාගේම ඒලෙවල් මැත කරන අයට තියෙන ලොකුම අව්ල තමා පාඩම උගන්නන කලේ එලකිරි වගේ පුලුවන් වෙලා තිබ්බ පාඩම වෙනත් එකකට යනකොට අමතක වෙලා යෑම. උදාහරනෙකට පිසික්ස් වල ඉලෙක්ට්‍රොනික් උගන්නන කාලේ හොදටම පුලුවන් ද්‍රවස්තිතිය කරල බැලින්නම් ඉලෙක්ට්‍රොනික් ඒවා බෑ.. ඒකට කරන්න ඕනේ එකම පාස්ට්පේපර්ස් සෙට් එකක් රොටේට් කරපන්.. හැමදාම. පලවෙනි මාස දෙකෙන් පස්සේ එකේ හදන්න පුලුවන් ඒවා හද හදා පේපර් ටික එකින් එකට පලයන්. ආයෙත් මුලට. අව්රුදු දෙක ඉවරවෙද්දි සේරම හදන්න පුලුවන් වෙනවා වගේම හැමදේම මතකයෙත් රැදිලා තියෙනවා

    sira ,oka thama physics ,chem wenne.maths nam paper class ekakata hari ghinn time ekata paper karanna huruweyan.dn ahema class thiyenawa balalth denawa,hoda yaluwo tikak set karaganin wadakarana,love karanna nam yanna epa putee:no: echhrai kiyanna thiyenne,good luck
     
    Last edited:

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මලයෝ උබට මුල්නිම කියන්නම් O/L වගේ කියලා හිතාගෙන A/L කරන්න එපා. මට 1st shy කෙලුනේ එහෙම කරලා. (O/L - A10 , 1st shy A/L c,s,s - maths). අර කිව්වත් වගේ පුළුවන් නම් කැම්පස් යන එකෙක් සෙට් කරගෙන class කරගනින්. යාලුවෝ ගියාට hall , group class වලට යන්න එපා. උබට ඕනේ නම් විතරක් පලයන්. A/L නම් අනිවා කැපවීම තමයි ..

    ජයවේවා
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    11.gif
    Campus yana kollek gedarata gennala class ekak kara ganin.
    Masekata wedi ganak yanne naaa.
    Loku loku class walata vitharak gihilla nam therumak naa. Godak porawal ugawanne "s" ekak ganna vitharai.
    eka nisa campus kollekta kiyala ubata vitharak thaniyama class ekak da ganin.
    Wun syllabus ekath ikmanata iwara karanawa. Ona deyak ahagannath puluwan.
    Godak campus laga class karana kollo notice dala thiyenawa, number ekak hoya gena call karala, set kara ganin.
    Loku class walatath palayan , mokada ethakota thamai thaman inne thathwe therum yanne,A/L aluth updates ehema dena ganna lebenneth.



    Good luck machan. Jaya wewa...!!!

    11.gif



    Class karannna kenek ona nam set karala denna puluwan onama subject ekakata.
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    උබල දුන්න උපදෙස් වලට තෑන්ක්ස් බන්. ඇත්තටම ගොඩක් වටිනව.දෙපාරක් කියෙව්ව ඔක්කොම. දැන් නම් ඇත්තටම බයත් හිතෙනව. අඩුම ගානෙ නිකමට ෆිල්ම් එකක්වත් බලන්න වෙලාවක් ඉතුරුවෙන එකක් නැද්ද? නිදහස නැත්තතට්ම නැති වෙන සීන් එකක් තියෙන්නෙ.

    එක්කෙනෙක් අහල තිබ්බ මගේ රිසාල්ට්. මට 9A තියේ. ඒත් ඉතින් ඕක මහ ලොකු දෙයක් නෙමේ කියල මම දන්නව. ඔය රිසාල්ට් එක නිසා කිසිම අධිතක්සේරුවක් නම් නෑ. ඕක ගන්නත් මම එච්චර මහන්සි උනේ නෑ. වාර විභාගෙද O/L ද කියල වෙනසක් නැතුව විභාගෙ දවස්වල රෑ එලිවෙනකන් තමා පාඩම් කරේ. පාස් පේපර් උනත් එහෙමට කෙරුනෙ නෑ. මාරම STRESS එකකින් දුක් වින්ද සමහර දවස්වල. :( මතක් කරන්නවත් කැමති නෑ.

    ඒ වගේම තව අයිය කෙනෙක් කියල තිබ්බ අනිත් අයට උදවු කරන්න කියල. ඒකත් මම අනිවා කරන දෙයක්. උන්වත් ගොඩ දාන්න ට්‍රයි කරා ගොඩක්. ඒත් ඉතින් සමහර උන් නම් අපි කියල දුන්නත් තේරුම් ගන්න ඕන කමක් න්ඈ. :no:

    තව මට පුලුවන්නන් හොද පොත් කියන්න ගන්න.(තියරි/ප්‍රශ්න දෙකම)

    අන්තිමට හැමෝටම තෑන්ක්ස් කියල තමයි කියන්න තියෙන්නෙ. දෙන්න රෙප් නෑ. සොරි.
    ආ ඒ අස්සෙ කවුද අසහනකාරයෙක් "ahh uhhh badu giyaaaaaaah!" කියල රෙප් කපල ගිහින්. :lol: මේ ෆේක් එකවුන්ට් එකට මොන රෙප්ද? :lol:

    Dr. P. Geekiyanage සර් ගෙ පොත් ටික ඔක්කොම ගන්න. ඒවාගෙන් ලොකු උදව්වක් ලැබුන මට.:yes: Theory, Questions and Answers තියේ. ඒවා එල
    11.gif
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,648
    2,494
    113
    නිධානයක් උඩ
    සතියකට පෑනක් ඉවරවෙන්න ගණන් හදන්න. අවම පැය 5ක් වත් වැඩ කරන්න.. ක්ලාස් වැඩිපුර දාගන්න එපා. ඕනේ දේවල් වලට විතරක් ක්ලාස් 2කත යන්න.. පලවෙනි අවුරුද්දේ (12 වසර) පුළුවන් තරම් ගණන් වලට මුල්තැන දීලා ගණන් හදන්න.. එතකොට මොලේ හොඳට ගණන් වලට හැඩ ගැහෙනවා.. දෙවෙනි අවුරුද්දේ කෙමෙස්ට්‍රි වලට බරව වැඩ කරන්න.. පිසික්ස් නම් පාස් පේපර්ස්ම තමයි විසදුම.. ඉස්කෝලේ ඉගැන්වුවේ නැතත් හොඳ වැඩඩො ටිකක් ඉන්නවනම් ඉස්කෝලේ ගිහින් උන්ගෙනුත් යමක් ඉගෙන ගනින්..

    ඉස්කෝලේ පන්තියේ වෙනියා ගැන වැඩිය සැලකිලිමත් වෙයන් ලකුණු වලට වඩා.. ඕනේ ඉස්කෝලෙක 1,2,3 වෙන වුන් ඉන්ගිනියරින් යන්න තියන චාන්ස් එක වැඩියි. හරියට වැඩ ටික මුල ඉදන් කරනවානම් ඒ ලෙවල් කියන්නේ දෙපාරක් ලියන්න ඕනේ විභාගයක් නෙමේ..

    ගුඩ් ලක් මල්ලි
     

    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    රත්තරං;19935736 said:
    :):)

    ඒ වාගේම ඒලෙවල් මැත කරන අයට තියෙන ලොකුම අව්ල තමා පාඩම උගන්නන කලේ එලකිරි වගේ පුලුවන් වෙලා තිබ්බ පාඩම වෙනත් එකකට යනකොට අමතක වෙලා යෑම. උදාහරනෙකට පිසික්ස් වල ඉලෙක්ට්‍රොනික් උගන්නන කාලේ හොදටම පුලුවන් ද්‍රවස්තිතිය කරල බැලින්නම් ඉලෙක්ට්‍රොනික් ඒවා බෑ.. ඒකට කරන්න ඕනේ එකම පාස්ට්පේපර්ස් සෙට් එකක් රොටේට් කරපන්.. හැමදාම. පලවෙනි මාස දෙකෙන් පස්සේ එකේ හදන්න පුලුවන් ඒවා හද හදා පේපර් ටික එකින් එකට පලයන්. ආයෙත් මුලට. අව්රුදු දෙක ඉවරවෙද්දි සේරම හදන්න පුලුවන් වෙනවා වගේම හැමදේම මතකයෙත් රැදිලා තියෙනවා

    Ratharan gen thawa upades tikak ganin. U ela.
     

    ITJOEWA

    Junior member
  • Nov 9, 2013
    128
    8
    18
    මචන් තුන් පාරක A/L කරා මමත් , මට කියන්න තියෙන්නේ මුල් මස හයේ PURE /APPLIED කරන්න ඊට පස්සේ PHY/CHE කරන්න.Past Paper වැදගත්. pr ROSA ge විවරණ බලන්න.
     
    • Like
    Reactions: sika2
    May 26, 2008
    16
    3
    0
    Malabe
    මම මේ 2015 දෙසැම්බර් O/L කරල නිවාඩුව(ටියුෂන් නිවාඩුව:yes: ) ගෙවන එකෙක්.අපේ රිසාල්ට් තමයි දැන් ටික දවසකට ඉස්සෙල්ල ආවෙ.

    මම Maths තමයි කරන්න ඉන්නෙ. දැනට ඒවට පන්ති යනවා. මට මැත ඇරෙන්න වෙන විසදුමක් නම් නෑ.

    මට දැනගන්න ඕනෙ මේ විශය කරද්දි පාඩම් කරන විදිහ වගේ දේවල්. දවසට පැය 3-4 වගේ පාඩම් කරල ගොඩ දාගන්න පුලුවන් වෙයිද? ( මම ටිකක් කම්මැලියෙක් :sorry:) නිදහසක් නැති වෙයිද? පාඩම් කරන්න යාලුවො එක්ක සෙට් වෙන එක සාර්තකද? මම ඒක මීට ඉස්සෙල්ල කරල නම් නෑ. කොහොමින් හරි මට A/L කාලෙට උපදෙස් තමයි ඕනේ.

    උබ කමලියෙක් නම් උබ ම තීරණය කරපන් මේක කරන්න පුළුවන් ද කියල කලින්ම...
    1. දවසට පැය 3-4ක් කරලා ගොඩ දන්නා පුළුවන් හැබැයි එක හැමදාම නොවරදවාම එක දිගමටම කරන්න ඕන.... ඊටවඩා කරන්න පුළුවන් හැමවෙලවකවම පාඩම් වැඩවලට කාලය යොදන්න. කොල්ලෝ එක්ක සෙට් වෙලා සේලං කරපන් පිස්සුත් ලාවට වගේ නැට්ටුවට කමක් නෑ හැබැයි පුතෝ දවසට තියන වැඩ එදාම ඉවර කරන එඅක අතිශය වැදගත්..
    2. හොද සැර එත් හොද අවංක ගුරුවරු 3න් දෙනෙක් හොයාගනින්ග් විෂයන් 3නට
    3. අනිවාර්යෙන් ගෙදරවැඩ එදාම කරලා ඉවරකරන්න ඕන.හෙට කියල දෙයක් නැ... හෙට ට වැඩ කල් දානවනම් වෙන අතක් බලාගනින් දැම්ම
    4. ගණන් තනියම හදන්න ඕන... කොච්චර වෙලා ගත්තත් මුලදී කමක් නෑ (සතියක් අරන් හරි තනියමම ගාන හදල උතරය ගන්න ඕන) එහෙම කරලා කරලා තමයි පුහුණු වෙන්න ඕන. එහෙම ක්‍රම තමයි මොලේ මලකඩ කපුවා බුරුල් වෙලා හොද මොලයක් හැදෙනේ.
    5.ගනන් විතරක් හද හද ඉදල හරියනෙත් නෑ... විෂයන් 3න ම සමබරව කරගෙන යන්න....
    6. නිදාගන්න කලින් හැමදාම පුරුද්දක් විදියට පරණ පොත් අරන් නිකන් උඩින් උඩින් හරි හැමදාම බලන්න(පාඩම් කරනවා නෙවෙයි නිකන් බලන්න) වැඩි වෙලා ගන්න එපා විනාඩි 10යක් එක විෂයකට ඇති
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර
    පුලුවන් කරම් පාස්ට් පේපර්ස් කරපන් කොල්ලො.ටයිමින්වලට පුරැදු වෙයන්.මොකද ස්පීඩ් එක ගොඩක් වැදගත්.උඹ හොද මීටරයක් නොවෙයිනම් විශේෂයෙන්ම මුල් කාලෙ පාඩම් වල ගැටලු වරින් වර රිවිෂන් කරපන් නැත්නම් අන්තිම වෙද්දි වැඩ වැඩියි,මානසික පීඩනය වැඩියි ඒ හින්ද ඒව කරන්න වෙලාව නැතිවෙයි.