පැය 3ක් 4ක් මේ දවස් වල පාඩම් කරන්න පුළුවන් නං හොඳටම ඇති. මුලදී ගොඩක් මහන්සි වෙන ගොඩක් අයගේ උනන්දුව මහන්සිය කාලයක් යද්දී හොඳටම අඩු වෙලා යනවා. උනන්දුව වැඩි වෙන්න ඕනේ ටික ටික. මොකද ඉස්සරට තමයි වැඩ වැඩියෙන් තියෙන්නේ.
සාමාන්‍යයෙන් ඉස්කොකොලේ ගිහින් ආයේ හවස පන්ති ගිහින් හැන්දෑවේ ගෙදර ඇවිත් කෑම කාල එහෙම 7.30 ට වගේ පාඩම් වැඩ පටන් ගත්තොත් 12 වෙනකන් වගේ කරන්න ඕනේ. ඊට වඩා කරන අයත් ඉන්නවා. හැබැයි 12 වෙනකන් කරනවා නං ඒ ඇති. රෑට ගොඩක් කෑවම පාඩම් කරන්න අමාරුයි නිදිමත හැදෙනවා. ඊට පස්සේ පාඩම් කරන්න අමාරුයි. ඒ නිසා අම්මලා ගොඩක් බෙදල දුන්නත් තරමකට ඕනේ කන්න.

ක්ලාස් නැති දවස් තිබුනොත් ඒ දවස් වල හවසටත් වැඩ කරන්න ඕනේ. ස්කූල් වැඩිය යන්නේ නැත්තන් පාඩම් කරන්න ගොඩක් ටයිම් තියෙනවා. හැබයි ස්කූල් එකේ ගුරුවරු හොඳට වැඩ කරනවා නං ස්කූල් කට් කරන්නත් එපා.
එක දෙයක් තියෙනවා හැබැයි. කඩ කඩ පාඩම් කරන එක එච්චර හරි යන්නේ නෑ. එක දිගට සතියක් වගේ පාඩම් නොකර ඉඳල ආයේ පාඩම් කරන්න ගන්නවා. ආයේ කාලයක් පාඩම් කරලා ආයේ සතියක් දෙකක් පාඩම් නොකර ඔහේ පන්ති යනවා. ඔය වගේ ටික කාලයක් පුරුද්දට ගියොත් දන්නෙම නැතිව ට්‍රැක් එකෙන් මඟ හැරෙනවා. ඊට පස්සේ හිතට භය දැනෙනවා කර ගන්න බැරි වෙයිද කියලා. ඒ භය ආවමත් අමාරුයි පාඩම් කර ගන්න. ඒ නිසා දවස් දෙක තුනකට වඩා පාඩම් වැඩ මඟ ඇරෙන්න දෙන්න එපා මොනම හේතුවකටවත්. මොනම හේතුවකටවත් එකම දවසක්වත් පන්ති කට් කරන්නත් එපා.
මැත්ස් වලට ක්ලාස් දෙකකට යන්න පුළුවන් නං. ගොඩක් ආමාරු ගණන් විතරක් හදන ක්ලාස් එකකට අනිවාර්යෙන් යන්න පුළුවන් නං. ඒවගෙන් තමයි ස්පීඩ් එක හැදෙන්නේ. හැම පැති වලම ඒවගේ ක්ලාස් කරන අය ඉන්නවද දන්නේ නෑ. සමහර පැති වල නං තියෙනවා. ඒවාට වැඩිය එන්නේත් නෑ කට්ටියට මෙලෝ දෙයක් තේරෙන්නේ නැති නිසා. අපේ පැත්තේ ඒ වගේ පන්තියක් කරේ විෂවවිද්යාලයක ගණිත ආචාර්යවරයෙක්. එයා කරන ගොඩක් ගණන් අවුට් සිලබස්, නැත්තන් විභාගෙට එන මට්ටමට වඩා ගොඩක්ම අමාරු ගණන්. ඒත් ඒකෙන් මොලෙයි ස්පීඩ් එකයි හැදෙනවා නියමෙට.
තව 2017 AL කරපු අයට කෙමිස්ට්‍රි රිවිෂන් පටන් ගනිද්දී එයාලගේ රිවිෂන් ක්ලාස් එකකටත් අනිවාර්යෙන් යන්න. කෙමිස්ට්‍රි රිවිෂන් ක්ලාස් එකත් ගොඩක් වටිනවා මැත්ස් කරන අයට. මම නං ගියේ ඩන්කන් සර් ගාවට. නියමෙටම කියල දෙනවා හැම දේම.
කෙමිස්ට්‍රි වලට පුළුවන් නං 2017 2018 පන්ති දෙකටම දැන් ඉඳල ගිහින් එක අවුරුද්දෙන් වගේ සිලබස් එකම කවර් කර ගන්න බලන්න. ඒ වගේ එකිනෙකට සම්බන්ධයක් නෑ පාඩම් වල. තේරුම් ගන්න පුළුවන්. එහෙම එක අවුරුද්දෙන් සිලබස් කවර් කර ගන්න අය ඉන්නවා විෂයකට හෝ දෙකකට.
ෆිසික්ස් වලට රෝසගේ පොත් අරන් කියවන්න අනිවාර්යෙන්. ගොඩක් වටිනවා ඒ ටික. කොළඹ ලොකු ඉස්කෝල වල පාස්පෙපර් කරන්න. ඒවා ගොඩක් අමාරුයි වගේම අපිට ට්‍රැක් එකට ගන්න උදව් වෙනවා ගොඩක්. රෝයල් මැත්ස් පේපර් එහෙම ගොඩක් අමාරුයි. ඒවා දැක්කම හිතෙනවා මුරුංග අතු වල ඉඳල වැඩක් නෑ අමාරු ගණන් කරන්න ඕනේ කියලා. එතකොට තමයි විෂයන්ට ආසාව ඇති වෙලා ට්‍රැක් එකට වැටෙන්නේ.
හැම වෙලේම උදව් ඉල්ලන අයට උදව් කරන්න. පොතක් බලන්න ෆොටෝ කොපි ගහන්න ඉල්ලුවොත් ලෝභ නැතිව දෙන්න. ගානක් ඇහුවොත් හොඳටම කියල දෙන්න පුළුවන් උපරිමයෙන් කෙටි ක්‍රමත් එක්ක ගුරු මුෂ්ටියක් තියා ගන්නේ නැතිව. අනුන්ට කියල දෙන තරමට උදව් කරන තරමට තමන්ට විෂය පහසු වෙනවා, මනස නිදහස් වෙලා සතුටෙන් පාඩම් කරන්න ලේසි වෙනවා.
විභාගේ හොඳට A3ක් වගේ දාලා පාස් වුන කෙනෙක්ගේ පන්ති පොත් ඉල්ලන් ෆොටෝ කොපි ගහල හරි තියා ගන්න. ඒවගෙන් පන්තියේ කරන්න තියෙන පාඩම ඊට කලින් දවසේ රෑ බලල යන්න පන්තියට යද්දී. ඒක ගොඩක්ම පහසුවක් ඉගෙන ගන්න.
ජීවිතේ අවුරුදු 2ක් කියන්නේ මහ ලොකු කාලයක් විදියට දැනෙන්නේ අවුරුදු 16ක කොල්ලෙක්ට. හෙන බරක් වගේ දැනෙන්නේ ඔය අවුරුදු දෙක යන එක. ඒත් අවුරුදු 20ක් විතර වෙද්දී දැනෙනවා, අවුරුදු දෙකක් කියන්නේ ඉතාම සුළු කාලයක් කියල ජීවිතේ. මොන ගොන් කමක්ද කියලා හිතෙනවා ඊට පස්සේ ඒ අවුරුදු දෙක සම්පුර්ණයෙන්ම ඉගෙන ගන්න නොයදවපු එක. ඒක AL කරන්න පටන් ගද්දිම තේරුම් ගත්තොත් ගොඩක් වටිනවා.
අපේ සෙට් එකේ පහක් හිටියා, ඔක්කොම කැම්පස් ගියා, සමහරු දෙවෙනි පාර. 3 දෙනෙක් ඉජිනියරින් මොරටු. 4ක්ම මොරටු කොහොම හරි. පිස්සුම කෙලපු පොර තුන්වෙනි පාර පිසිකල්. එක්කෙනක් අයිලන්ඩ් රෑන්ක් 20ට අඩුවෙන් දැන්මා පලවෙනි පාර. අපි හැමෝගෙම අත්දැකීම් වලිනුයි අපිට ගුරුවරු කියල දීපවගෙනුයි තමයි ඔය විස්තරේ කිව්වේ.
පාඩම් කරන්න යාළුවො එක්ක සෙට් වෙන්න එපා ගෙවල් වල. එහෙම කරන ගොඩක් අය අසාර්ථකයි. කැම්පස් වගේ නෙවේ. කැම්පස් වල නං ඒ ක්‍රමේ සාර්ථකයි. මොකද ඔච්චර තරඟයක් නෑ. කොහොම හරි සබ්ජෙක් එක ගොඩ දා ගන්න ඕනේ. වැඩිය ලකුණු ඕනේ වෙන්නෙත් නෑ. ලේක්චරස්ලත් සබ්ජෙක් එක පාස් කරවල දෙනවා වැඩිය බලන්නේ නැතිව. ඒ හින්දා අඩුවෙන් පාඩම් කරලත් හොඳ මට්ටමකින් පාස් වෙන්න පුළුවන් කැම්පස් එකකදී. ඒ ඉන්දෙද්දීත් වැඩියෙන්ම පාඩම් කරනවට වඩා පිස්සු කෙලින එක කරන්නේ සෙට් වුනාම. ඒක හරි යන්නේ නෑ AL වලට. AL හොඳට අවධානෙන් කැපවීමෙන් කර ගන්න ඕනේ. පාඩම් කරන්න ඕනේ ටයිම් එකේ පිස්සු කෙලියොත් නං කෙළ වෙනවා.