මම එක වසරට ආවම අපේ පන්තිභාර ටීචර් අපිට කියල තිබ්බේ ටොයිලට් යන්න උවමනාවක් ආවොත් පන්තියටම අල්ලලා තියන ටොයිලට් එකට යන්න කියලා. ( අටෑච් ) මේක ලොකු උනාම දැනගත්තේ. අපිට කලින් වසරවල් වල හිටපු ළමයි කලිසමේ කක්කා දාගන්න නිසා පාසලේ විදුහල්පතිනිය මැදිහත් වෙලා පන්තියටම අල්ලලා ටොයිලට් 5 හැදුවා. ඉතාමත් පිරිසිඳු මට්ටමේ තිබ්බා. මේ ටොයිලට් එකට යන්න පුළුවන් 1 වසරේ ළමුන්ට විතරයි. එකිනෙකට ඈදපු ටෝයිලට්ස් 5 හදලා තිබ්බා.
මුලින්ම ඉගැන්නුවේ බිඩර් එක අල්ලලා හොඳට සෝදා ගන්න විදිහ. පස්සේ පස්ස පිහදාන්න ටොයිලට් පේපර්ස් තිබ්බා. ඒකෙන් පිහදාගන්න. පස්සේ අත සෝදන්න ටෙටෝල් ලික්විඩ් වගේ එකක් තිබ්බ. ඒකෙන් සෝදාගන්න ඕනේ.
පන්තියට ආපු මුල් කාලයේදීම ටීචර්ස් ල ඉගැන්නුවේ ටොයිලට් එකට ගිහින් තමන් තනියම හරියට සෝදගන්නේ කොහොමද කියලා. දවස් ගානක් ළමයින්ට ප්‍රැක්ටිස් කෙරෙවුවා තමන් තනියම සොදාගන්නේ කොහොමද කියලා. ඉතින් එකෙක්ටවත් කලිසමේ නම් ගියේ නැහැ. දවසක් අපේ පාසලට ආපු කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂක සර් කෙනෙකුත් මේ වැඩේ අගය කළා. පස්සේ නගරයේ අනෙක් පාසැල් වලටත් මෙය හඳුන්වා දුන්නා. මටත් එක සැරයක් ඔය වගේ එකක් සෙට් වෙලා දෙයියනේ කියල වැඩේ කොරන් ටීචර් ට පින් සිද්ද වෙන්න සෝදා ගත්තා.