Ai ban apita yanna bari unee....

Umbe Ammata

Banned
Jun 7, 2017
6
1
0
18882265_475673116115578_6475695773053122649_n.jpg


"ඉස්සර කැම්පස් එකේ කෑම එකක් රුපියලයි. අපේ ගෑණුළමයි ගිහින් කෑම අරන් එනවා. මම ළඟින් වාඩිවෙලා ඉන්නකොට ටිකක් කාලා පිඟාන දෙනවා. මම පිඟාන අරගෙන ආයේ පෝලිමේ ගිහින් අඩු අරගන්නවා. අඩු බෙදාගන්න ගන්නෙ සත පනහයිනේ."

මෙහෙම කියන්නේ රාජ්‍ය පරිපාලනයේ හිනිපෙත්තටම ගිය නිළධාරියෙක්. විශ්‍රාම ගියාට පස්සෙ එතුමා දැන් මගේ රුහුණ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සභිකයෙක් විදියට ඉන්නවා. බුද්ධප්‍රිය නිගමුණි.

එතුමාට මොනවද විශ්වවිද්‍යාලයෙන් ලැබුණ වටිනම දේ? රාජ්‍ය පරිපාලනයනේ ඉහල තනතුරුද? සුපිරි මන්දිර, යානවාහනද? නෑ. තමන්ගේ 'සුන්දර දුක්බර' අතීතය කෘතඥ පූර්වකව සිහිපත් කරන්න පුළුවන් නිහතමානී අවංකකම.

පින් ඇති සරසවි වරම සැබැවින්ම සාඩම්බරයි. ගෞරව සම්ප්‍රයුක්තයි. ඒත් කවදාවත් ඒකෙන් හිස උදුම්මා ගන්න එපා. වී කරල් පීදෙන්න පීදෙන්න පහලට නැමෙන බව මතක තියාගන්න.

● පළවෙනියටම සරසවියේ පිහිටි බිමට පවා ආදරය කරන්න ඉගෙනගන්න. ඇස් පියාගෙන මේ රූස්ස වනස්පති, අහස සූරන ගොඩනැගිලිවල කටහඬ අහන්න. පුස්තකාලවල තේජසින් දිලෙන පොත්වල සුවඳ විඳින්න. ඒවා ඇත්තටම කතා කරනවා. ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්න ආශිර්වාද කරනවා.

● කවදාවත් උගන්වන ඇදුරුතුමෙක්ගේ හිත රිදවන්න එපා. කවුරු කිව්වත් කවුරු පෙළඹවෙව්වත්. සිංහයෙක් වගේ කෙලින් ඉන්න ඉගෙනගන්න. මූසිලයන්ට කවදාවත් සුගතියකට දොරටු විවර වෙන්නෙ නැතිබව මතක තියාගන්න.

● කැම්පස් එකේ ගේට්ටුවෙන් එලියට බැස්සම හමුවෙන්නෙ මෝඩයෝ නෙවෙයි. නූගත්තු නෙවෙයි. ඒ තමයි අපට උගන්නන දෙවිවරු. දවල්ට කාපු බත්පතට වියදම් කලෙත් ඒ දෙවිවරු බව සිහියෙ තියාගන්න.

● කිසිම දෙයක් කවදාවත් නොමිලේ ලැබෙන්නේ නෑ. හැමදේටම කවුරුහරි අසීමිතව කැපවෙලා තියෙනවා. අපිට මේ අවස්ථාව ලැබුණේත් එහෙම කවුරුමහරි කෙනෙක් මේවා රැකගත්ත නිසා. කවදාවත් මේවා විනාශ වෙන තීරණයකට අත උස්සන්න එපා. හා කමක් නෑ කියන්න එපා.


● හැම විශ්වවිද්‍යාලයකම පරිසරය එක වගේ නෑ. ඒත් හැම විශ්වවිද්‍යාලයකම ඔබට ලැබෙන පහසුකම් බොහෝදුරට එකවගේ. කැම්පස් එකේ ඉන්න සමාජය නිසා ඔබේ ගතිගුණ පිරිහෙනවනම් දෙවරක් හිතන්න එපා. ඒ සමාගමයෙන් ඉවත් වෙන්න. පාප මිත්‍රයෝ සියයකට වඩා එක හොද යාළුවෙක් වටිනවා. තනියම ඉදීම වටිනවා.

පින් ඇති සරසවි වරමක් ලැබණ හැම නංගි කෙනෙක්ටම මල්ලි කෙනෙක්ටම උණුසුම් සුබ පැතුම්! හැම කෙනෙක්ගෙම දිවිමගේ සුන්දරතම පරිච්ඡේදය වේවා!
 
Last edited:

දැන් කැම්පස් පද්දතිය විනාස වෙලා.පාලකයොන්ට විතරක් දොස් කියන්න බැ .ඇතුලෙ ඉදන් ඔක කල දාන උනුත් ඉන්නවා..
කවුරුත් හිතන්න ඔන මම ඉගෙන ගන්නෙ රටෙ මිනිසුන්ගෙ සල්ලි වලින් කියල.
කියන්න කනගාටුයි නිදහස් අද්‍යාපනය මත ගොඩ නැගුනු සරසවිය තවත් ටික කලයි මෙ මහ පොලවෙ රැදෙන්නෙ
:
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පින් ඇති සරසවි වරමක් ලැබණ හැම නංගි කෙනෙක්ටම මල්ලි කෙනෙක්ටම උණුසුම් සුබ පැතුම්!
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Api poddak Yatharthavadiva hithamu. Dan Campus student ta adu milata meal eka denna, Government eken canteen ownerta facility ekak denava. Government ekata money labenne main income eka tax. Tax valin University nadatthu karanava. Sadaranai kiyamuko. Students la venuvenne. ATH DEVANUVA OYA GOVERNMENT JOB KARANA KENATH THAVA DURATATH HIGANA TAX EKEN NE PADI GANNE. EKA NISA GOVERNMENT JOBS VALIN COUNTRY EKAK DEVELOP KALA NOHAKA. COUNTRY DEVELOP KALA HAKKE NIVAHAL PRIVATE BUSINESS INDUSTRY OWNER LAGEN PAMANI.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Api poddak Yatharthavadiva hithamu. Dan Campus student ta adu milata meal eka denna, Government eken canteen ownerta facility ekak denava. Government ekata money labenne main income eka tax. Tax valin University nadatthu karanava. Sadaranai kiyamuko. Students la venuvenne. ATH DEVANUVA OYA GOVERNMENT JOB KARANA KENATH THAVA DURATATH HIGANA TAX EKEN NE PADI GANNE. EKA NISA GOVERNMENT JOBS VALIN COUNTRY EKAK DEVELOP KALA NOHAKA. COUNTRY DEVELOP KALA HAKKE NIVAHAL PRIVATE BUSINESS INDUSTRY OWNER LAGEN PAMANI.

    mmm machan...