AKON ගේ නාඩගමට කුමට නම් අපි යක්බෙර වයමු ද?
මෙහි මුල් ලිපිය මෙතනින් බලන්න පුලුවන්. මම මේක පෝස්ට් කරන්න හිතුවේ අපේ ගොඩක් අය අන්ධ විදිහට සිතන නිසයි. මෙම ලිපියට අදාල සියලු අයිතියීන් අදාල කතු වරයා සතු වෙයි.
පහල කොටස් 3ම බලන්න
(ගෞතම සංදේශය 11)
එදා ගයාවේ බෝ මැඩ මුල අප මහා ශාස්තෘන් වහන්සේ, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මුළු ලොවම වෙලා ගත් ඒ මහා මාර බලය, මාර සෙනඟ පරාජය කොට ලොව්තුරා සම්බුද්ධත්වයට පත්වෙමින් එතැන් පටන් වසර දහසකට ඒ පවිටු බලය පරාජය කරන ලදී. මැඩලන ලදී. යටපත් කරන ලදී. බුදු සසුන බැබලුන වකවානුවයි ඒ. සත්‍යයේ කාහළ නාදය ගිගුම් දුන් අවධියයි ඒ. නිකෙලෙස් මුනිවරු මේ මිහි තළය පුරා ඇවිද ගිය සොඳුරු යුගයයි ඒ. බුදු බලය, බුදු සුවඳ දසත වෙලාගත් රමණීය යුගයයි ඒ. ඒ අසිරිමත් දහස් අවුරුද්ද ගෙවී ගොස් හමාරය. අද අප සිටිනුයේ එයින් වසර 2598ක් ගතවූ තැනය. මාර බලයෙන් දසත වෙලී ගොසිනි. මාර සෙනඟ අවි අමෝරා සිටිති. ලෝක සත්‍යයට ඉඩක් ඇත්තේම නැත. සත්‍යය සදාතනික වුවද එහි නිරාවරණයට හෝ පැවැත්මට ඉඩක් නැත. ඒ අපට ගිලිහුනු අතීතය සහ හිමිව ඇති වර්තමානය සැකෙවිනි.
එළාර රජු පරදා රට එක්සේසත් කළ හෙළ වංශකතාවේ සුවිශේෂී, උදාර චරිතයකි 'දුටුගැමුණු'. ඔහු ජාතිය වෙනුවෙන් එතරම් වීරකමක් කළ ද මුල් අවධියේ තම බාල සොයුරු සද්ධාතිස්ස සමඟ යුද්ධයට ගොස් දෙවරක්ම පැරදී පළාගිය අයෙකි. ඔහු එවකට තමාගේ තරම දැන සිටියේ නැත. තමාගේ පසුබිම ගැන පැහැදිලි වැටහීමත් තිබුනේ නැත. නමුදු ජාතියේ පිනකට ඔහුට ඉහමොළ පෑදුනි. අප ද අපගේ තරම දැනගත යුතුය. අපගේ පසුබිම ගැන අවබෝධයක් තිබිය යුතුය. අපගේ අරමුණ පිළිබඳ පැහැදිලි ස්ථාවරයක් තිබිය යුතුය. අද ගෞතම සංදේශයේ මුල් දෙඡේදය අපගේ කතිකාවතට ප්රවේශයකි.
අපරදිග සංගීතයේ R&B/Hip-Hop රසිකයන්ගේ ආදරණීය නාමයකි AKON - Aliaune Badara Akon Thiam. මුස්ලිම් භක්තිකයකු වන මොහු ඇමරිකානු පුරවැසියකු වන අතර කළු අප්‍රිකානු සෙනේගල් සම්භවයකින් පැවත එන්නෙකි. ගායකයකු, ගීත රචකයකු, සංගීත නිෂ්පාදකවරයකු මෙන්ම ව්‍යාපාරිකයකු ලෙසද මොහු ප්‍රසිද්ධත්වයක් උසුලයි. බිරින්දෑවරුන් තිදෙනෙකුට හිමිකම් කියන මොහු ආයුධ හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය/ළඟ තබාගැනීම හා බාල වයස්කාර ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ දෙවතාවකදී වසර 5ක් දක්වා සිරබත් කෑ අයෙකි. Sexy Bitch නමින් මොහුගේ නවතම ගීත එකතුව මේ අසරණ මිථ්යාදෘෂ්ඨිකයාගේ පව්කම් ගොන්නට තවත් නිරයගාමී අකුසල් රැසක් එක්කරමින් මෑතදී එළිදක්වන ලදී. මොහුගේ මෙම ගීත ඇල්බමයේ වීඩියෝ දර්ශන සඳහා පසුබිමේ බුද්ධ ප්‍රතිමාවක් සහිතව අඩනිරුවතින්, අශීලාචාරව හැසිරෙන 'මාර දූවරුන්' යොදා ගැනීම මොහු ලොවපුරා බෞද්ධයන්ගේ උදහසට ලක්වීමට ආසන්නතම හේතුව විය. මේ අතරතුර ලංකාගමනයකට සැරසෙන මොහු කිසිදා නොවූ විරූ ලෙස ලක් දනන් අතර කතාබහට ලක්වී ඇති සෙයකි. තවත් කොටසක් මේ පව්කාරයාට ගල් ගැසීමට සැදී පැහැදී සිටිති. මෙහිදී බෞද්ධ අපගේ කාර්යභාරය කුමක් ද? අප කෙසේ හැසිරිය යුතු ද? අප මොහුට කෙසේ ප්‍රතිචාර දැක්විය යුතු ද?

Last edited: