AKON ගේ නාඩගමට කුමට නම් අපි යක්බෙර වයමු ද​?

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    AKON ගේ නාඩගමට කුමට නම් අපි යක්බෙර වයමු ද​?

    මෙහි මුල් ලිපිය මෙතනින් බලන්න පුලුවන්. මම මේක පෝස්ට් කරන්න හිතුවේ අපේ ගොඩක් අය අන්ධ විදිහට සිතන නිසයි. මෙම ලිපියට අදාල සියලු අයිතියීන් අදාල කතු වරයා සතු වෙයි.

    පහල කොටස් 3ම බලන්න
    (ගෞතම සංදේශය 11)

    එදා ගයාවේ බෝ මැඩ මුල අප මහා ශාස්තෘන් වහන්සේ, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මුළු ලොවම වෙලා ගත් ඒ මහා මාර බලය​, මාර සෙනඟ පරාජය කොට ලොව්තුරා සම්බුද්ධත්වයට පත්වෙමින් එතැන් පටන් වසර දහසකට ඒ පවිටු බලය පරාජය කරන ලදී. මැඩලන ලදී. යටපත් කරන ලදී. බුදු සසුන බැබලුන වකවානුවයි ඒ. සත්‍යයේ කාහළ නාදය ගිගුම් දුන් අවධියයි ඒ. නිකෙලෙස් මුනිවරු මේ මිහි තළය පුරා ඇවිද ගිය සොඳුරු යුගයයි ඒ. බුදු බලය​, බුදු සුවඳ දසත වෙලාගත් රමණීය යුගයයි ඒ. ඒ අසිරිමත් දහස් අවුරුද්ද ගෙවී ගොස් හමාරය​. අද අප සිටිනුයේ එයින් වසර 2598ක් ගතවූ තැනය​. මාර බලයෙන් දසත වෙලී ගොසිනි. මාර සෙනඟ අවි අමෝරා සිටිති. ලෝක සත්‍යයට ඉඩක් ඇත්තේම නැත​. සත්‍යය සදාතනික වුවද එහි නිරාවරණයට හෝ පැවැත්මට ඉඩක් නැත​. ඒ අපට ගිලිහුනු අතීතය සහ හිමිව ඇති වර්තමානය සැකෙවිනි.

    එළාර රජු පරදා රට එක්සේසත් කළ හෙළ වංශකතාවේ සුවිශේෂී, උදාර චරිතයකි 'දුටුගැමුණු'. ඔහු ජාතිය වෙනුවෙන් එතරම් වීරකමක් කළ ද මුල් අවධියේ තම බාල සොයුරු සද්ධාතිස්ස සමඟ යුද්ධයට ගොස් දෙවරක්ම පැරදී පළාගිය අයෙකි. ඔහු එවකට තමාගේ තරම දැන සිටියේ නැත​. තමාගේ පසුබිම ගැන පැහැදිලි වැටහීමත් තිබුනේ නැත​. නමුදු ජාතියේ පිනකට ඔහුට ඉහමොළ පෑදුනි. අප ද අපගේ තරම දැනගත යුතුය​. අපගේ පසුබිම ගැන අවබෝධයක් තිබිය යුතුය​. අපගේ අරමුණ පිළිබඳ පැහැදිලි ස්ථාවරයක් තිබිය යුතුය​. අද ගෞතම සංදේශයේ මුල් දෙඡේදය අපගේ කතිකාවතට ප්‍රවේශයකි.

    අපරදිග සංගීතයේ R&B/Hip-Hop රසිකයන්ගේ ආදරණීය නාමයකි AKON - Aliaune Badara Akon Thiam. මුස්ලිම් භක්තිකයකු වන මොහු ඇමරිකානු පුරවැසියකු වන අතර කළු අප්‍රිකානු සෙනේගල් සම්භවයකින් පැවත එන්නෙකි. ගායකයකු, ගීත රචකයකු, සංගීත නිෂ්පාදකවරයකු මෙන්ම ව්‍යාපාරිකයකු ලෙසද මොහු ප්‍රසිද්ධත්වයක් උසුලයි. බිරින්දෑවරුන් තිදෙනෙකුට හිමිකම් කියන මොහු ආයුධ හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය/ළඟ තබාගැනීම හා බාල වයස්කාර ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ දෙවතාවකදී වසර 5ක් දක්වා සිරබත් කෑ අයෙකි. Sexy Bitch නමින් මොහුගේ නවතම ගීත එකතුව මේ අසරණ මිථ්‍යාදෘෂ්ඨිකයාගේ පව්කම් ගොන්නට තවත් නිරයගාමී අකුසල් රැසක් එක්කරමින් මෑතදී එළිදක්වන ලදී. මොහුගේ මෙම ගීත ඇල්බමයේ වීඩියෝ දර්ශන සඳහා පසුබිමේ බුද්ධ ප්‍රතිමාවක් සහිතව අඩනිරුවතින්, අශීලාචාරව හැසිරෙන 'මාර දූවරුන්' යොදා ගැනීම මොහු ලොවපුරා බෞද්ධයන්ගේ උදහසට ලක්වීමට ආසන්නතම හේතුව විය​. මේ අතරතුර ලංකාගමනයකට සැරසෙන මොහු කිසිදා නොවූ විරූ ලෙස ලක් දනන් අතර කතාබහට ලක්වී ඇති සෙයකි. තවත් කොටසක් මේ පව්කාරයාට ගල් ගැසීමට සැදී පැහැදී සිටිති. මෙහිදී බෞද්ධ අපගේ කාර්‍යභාරය කුමක් ද​? අප කෙසේ හැසිරිය යුතු ද​? අප මොහුට කෙසේ ප්‍රතිචාර දැක්විය යුතු ද​?
     
    Last edited:

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මතභේදයට තුඩුදුන් වීඩියෝ දර්ශන: (රාග සිත ගැන සැළකිලිමත් වන්න​)
    Behind the scenes:
    http://www.youtube.com/watch?v=9bl05ZoDRuE
    Official video:
    http://www.youtube.com/watch?v=ryDqnJM3Sz8

    සංකර වූ බටහිර සංස්කෘතියට බුදුපිළිමයක් යනු තවත් එක් කලාත්මක භාණ්ඩයක් පමණි. හැදියාවක්, සංවරකමක්, අන් අයට ගරු කිරීමක්, පුදසත්කාර කිරිමක් ඔවුන්ගේ සංස්කෘතිය තුළ ඔවුහු නොදනිති. බෞද්ධයකු ජේසුස් වහන්සේගේ පිළිරුවට දක්වන ගෞරවය හෝ අල්ලා දෙවියන්ට දක්වන ගෞරවය බුදු පිළිමයක් වෙත දක්වන්නට ඔවුන් නොපෙළඹෙන්නේ එහෙයිනි. අප සංඝයාවහන්සේලා, දෙමාපියන් වන්දනා කරන විට ඔවුන් කට ඇරගෙන පුදුමයෙන් බලා සිටින්නේ එහෙයිනි. එය ඔවුන්ගේ නොදැනුවත්කම ය​. නොදියුණුකම ය​. ඔවුන් අනුකම්පා ලැබිය යුතු පිරිසකි. නමුදු බුදු දහමින් පන්නරය ලද අප ප්‍රෞඩ සංස්කෘතිය මනා සභ්‍යත්වයකින් යුතු වූවකි. පිදිය යුත්තන් පුදන්නට අපි දනිමු. අන් මත ගරුත්වයෙන් ඉවසීමට ද අපි දනිමු. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂාවෙන් අපි වාසය කරන්නෙමු. ඉවසීම මංගල කාරණයක් බව ද අපි දනිමු. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත්, අවෛරයෙන්ම වෛරය සංසිඳෙන බවත් අපි දනිමු. සියළු සත්වයෝ 'කර්මය​' තම ඥාතියා කොටගෙන​​, 'කර්මය​' තම උප්පත්ති ස්ථානය කොටගෙන​ සිටින බව ද අපි දනිමු. එසේම හේතුවක් නිසා හටගත් සියළු සංස්කාරයෝ අනිත්‍ය වී යන බව ද අපි දනිමු. ඒ අපගේ ශාස්තෘන් වහන්සේ මේ සියළු කරුණු කාරණා මහා කරුණාවෙන් යුක්තව​, අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව වදාළ නිසාවෙනි. අවාසනාවට ‘බෞද්ධ’ අපට මේ බොහොමයක් දෑ අමතකව ගොස් ඇති සෙයකි.

    ජාති ආගම් භේදයකින් තොරව AKON කාගේත් ආදරය දිනා සිටි අයෙකි. නමුදු අනිත්‍යතාවය මනාව පිළිබිඹු කරමින් ඔහුට පිදුම් දුන් ලෝකයම අද ඔහුට එරෙහිව නැගී සිට ඇත​. ලෝ දහම මෙයයි. අපට හැමදා ගල් ද​, හැමදා මල්ද නොලැබේ. වැරදුනොත් නිවැරදි කරගත යුතුය​. ඒ සඳහා නිහතමානී විය යුතුය​. එසේ නොවුව හොත් ඒ තුලින්ම ඔහු වැනසී යනු ඇත​. සත්-අට මසකට පෙර තුන් හෙළයම හිසනමා ගෞරවාචාර කළ ජෙනරල් ෆොන්සේකා ආසන්නතම උදාහරණය ලෙස දැක්විය හැක​. AKON ගේ ඉරණම ද ලෝ දහම අනුව විසඳෙනු ඇත​. ඒ සඳහා අප කලබල විය යුතු නැත​.

    'චේතනාව යනු කර්මය යි' ඒ බුද්ධ භාෂිතයයි. බොහොමයක් බෞද්ධයන් මේ අසරණ AKON දෙස බලනුයේ ද්වේශ සහගත චේතනාවෙනි. AKON කල ක්‍රියාවට ඔහුට නිසි විපාක ඇත​. ඒවා අද හෝ හෙට ක්‍රියාත්මක වනු ඇත​. ඒ ඔහු චේතනාත්මකව සිදුකළ ක්‍රියාවේ විපාකය​. ඔහු වෙත ද්වේශ සහගත සිතිවිලි ඇතිකොට ගෙන අපි වෙර දරන්නේ කුමකට ද​? ද්වේශය අකුසලයක් බව අපට නැවතත් අමතක වූවා නොවේ ද​? අකුසල් චේතනා පහළ කිරීමෙන් පවා අත්වන්නේ දුක් විපාක බව අපට අමතක වූවා ද​?............ මේ කර්මයන් ඵල දෙන හැටි මහා පුදුමාකරයි. ඒ නිසා අංශුමාත්‍ර වරදේ පවා බිය දකිමින් අප්‍රමාදීව​ දහම තුළ හික්මීම යි කළයුතු වන්නේ. ගෞතම බුදු සසුනේ සෝවාන් මගඵල ලැබූ මගධේශ්වර බිම්බිසාර රජතුමා පෙර භවයක කාෂ්‍යප බුදු සසුන පැවති සමයේ මනුලොව ඉපදිලා හිටියා. අහංකාර​, මාන්නක්කාර රජකෙනෙක් වෙලා. මෙයා දවසක් පන්සලකට ගිහිල්ලා හිතාමතාම පාවහන් දාගෙන චෛත්‍යය වටේ ගියා පිරිවර සමඟ​. ඊට පස්සේ ස්වාමින්වහන්සේලා වෙනුවෙන් වූ පා පිස්නයක මෙයත් කකුල් පිස දැම්මා. රජකමේ පවර් එකට​. ඒ කතාව එතනින් ඉවරයි. දැන් කෙනෙක් බලයි කෝ ඉතින් පල දුන්නද කියලා...... එයා සෝවාන් වුන ආත්ම භවයේ එයාගෙම පුතා අජාසත් එයාගෙ කකුල් පළලා ලුණු දැම්මා. මැරෙණකල්ම එයා ඒ දුක වින්දා. ඒකයි අපි මුලින් කිව්වේ මේ පව් පල දෙන හැටි හරි පුදුමයි කියලා.
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    AKON හට දෙස් දෙවොල් තබන බොහෝ ලාංකිකයන් හට ඇත්තේ සිය මනෝලෝක තුළ ආත්මගරුත්වය ගිලිහී යාම නිසා ඇතිවූ ද්වේශ සහගත හැඟීමක් මෙන්ම තම ආගමට විරුද්ධ වීම නිසා ඇතිවූ ආවේගශීලී මානසික තත්ත්වයකි. AKON බෞද්ධ ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් සමාව ගතයුතු යැයි ඔවුහු තරයේ විශ්වාස කරති. කළ වරදකට සමාව ගැනීම ශිෂ්ඨසම්පන්න සමාජයක සිරිත ය​. නමුත් AKON ගේ ශිෂ්ඨසම්පන්න භාවය මෙන්ම ඔහු ජීවත්වන සමාජයේ ශිෂ්ඨසම්පන්න භාවය මැනවින් දන්නා අප ඔහුගෙන් එවැන්නක් අපේක්‍ෂා කිරීම කොතරම් ප්‍රායෝගික ද​? බුදුන් වදාළ ධර්මයට අනුව සළකා බැලුවහොත් බුදු දහමට​, බුදු සසුනට AKON ගේ ‘අනුරාගී බැල්ලිය’ (Sexy Bitch) නිසා සිදුවී ඇති හානියක් නොමැත​. පාට කණ්ණාඩි උනා දමා ස්වාධීන ඇසකින් ඒ දෙස බලන ඕනෑම අයකුට එය මැනවින් පසක් වනු ඇත​. අප කොතරම් කෑගැසුවද ප්‍රායෝගික සත්‍යය එය යි. බුදු සසුනට හානි පමුණුවන්නේත්, සසුන වනසන්නේත් සසුන තුළින්ම බිහිවන අධර්මවාදීන් මිසක අන්‍යමතධාරීන් නොවන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කොට ඇත​. එය එසේම මිස අන් අයුරකින් නොවේ. මන්ද යත් එය මේ මොහොතේ ද අප දෑස් ඉදිරියේ ඒ ආකාරයෙන්ම සිදුවෙමින් පවතින බැවිනි.


    මේ අසරණ AKON දැන හෝ නොදැන නින්දා කරනු ලැබුවේ බුදුන් වහන්සේගේ නාමයෙන් අඹන ලද පිළිමයකටය​. නමුත් එදා දෙව්රම් වෙහෙරේදී චිංචි මානවිකාව බුදුරදුන් ඉදිරිපිටදී කළ නින්දාව​? අන්‍ය තීර්ථකයින් දිගින් දිගටම භාග්‍යවතුන් වහන්සේට, ධර්මයට එල්ල කළ චෝදනා? දේවදත්තයාගේ කෙනෙහිලිකම්? ඔවුන් සියළුදෙනා තමුන් කළ කී දෑ වල විපාක රැගෙන ඒ ඒ තැන් වල ගියහ​. නමුදු ඒ සදාතනික ධර්මයට හානි කරන්නට ඔවුන් කිසිවෙකුට නොහැකි විය​. තමුන් හට හෝ බුද්ධ ශාසනයට සිදුවූ මේ අසාධාරණ කෙනෙහිලිකම් හේතුවෙන් උන්වහන්සේ රාජ්‍ය නීතියේ සරණ පැතුවේ නැත​. රාජ්‍ය බලය යෙදෙව්වේද නැත​. අන්‍යපුද්ගල තීර්ථකයින්ගේ රැස්වීම්, යාග-හෝම වැළැක්වීමට ක්‍රියා කලේද නැත​. තමන් වහන්සේ සතුවූ අපරිමිත ඉර්ධි බලයෙන් ඒ ඕනෑම දෙයක් කිරීමට උන්වහන්සේට හැකියාව තිබිනි. අප සරණ ගියේ එවන් අසහාය චිත්ත සන්තානයකින් හෙබි වූ මහාකාරුණික​, අසමසම මනුෂ්‍ය රත්නයකි.

    බුදු සසුනට අපරිමිත රාජ්‍ය අනුග්‍රහයක් පැවති එදා, මාර බලය මුළුමනින්ම මැඩපවත්වා තිබූ එදා, බුදුසසුනේ ස්වර්ණමය යුගය වූ එදා තත්ත්වය ඒ ආකාරය​. මෙවන් ගැටළු වලදී ක්‍රියා කලේ ඒ ආකාරයටය​. එසේ නම් මේ කිසිවක් නොමැති මෙදා..... අප කලබල වී, දහමත් අමතක කොට​, අකුසලුත් රැස් කොටගෙන කුමට නම් වල්මත් වන්න ද​? යමක් සිදුකිරීමට තමාගේ තරම​, පසුබිම මෙන්ම අරමුණ පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බව මේ කතිකාවත ප්‍රවේශයේදී අපි සඳහන් කළෙමු. පූර්වාපර සන්ධි ගැලපීම බුද්ධිමත් ඔබට භාරය​.
    "මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ට මිසක දුෂ්ප්‍රාඥයින්ට නොවේ"
    - භාග්‍යවතුන් වහන්සේ

    ගෞතම සංදේශය-
    මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට​......