A'L කරාද...? Degree එකක් කරනවද...?

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    private uni

    zbuspiisliitstudents.jpg


    A'L results එන්නත් ලඟයිනේ, ගොඩක් කට්ටිය දැන් courses හොයනවා සමහරු නම් දැනටත් ගිහින් ඇති.

    සල්ලි වියදම් කරලා මොකක්හරි course එකක් කරනවද? නැත්නම් ඉස්සරහට ප්‍රයෝජනයක් තියෙන course එකක් කරනවද කියලා මේ ටික බලලම හිතන්න.


    ප්‍රධාන වශයෙන් විෂයධාරා 4ක් යටතේ A'L කරනවානේ, එයින් බහුලම

    Maths and Science තමයි.

    මේවා කරන්නේ ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් වෙන්න පොඩ්ඩක් හරි හිතේ තියාගෙන.

    Engineering Faculty or Medical Faculty බැරි නම් වෙනත් Campus එකකට හරි හොඳට පාස්වුනොත් යනවා.

    අනිත් අය......?

    ගොඩක් අය Computer Science පැත්තට යනවා යන්න කලින් හොයන්න කරන්න හදන Course එකට ලංකාවේ පිළිගැනීම,



    UGC- University Grants Commission.
    විශ්වවිද්‍යාලීය ප්‍රතිපාදන කොමිශන් සභාවේ අනුමැතියක් රහිත පාඨමාලාවක් සම්පූර්ණ කිරීම කිසිම පලක් නැති ක්‍රියාවක්වේ.

    අනුමැතියක් සහිත සියලුම පාඨමාලා මෙම link එකෙන් සොයාගන්න හැකියි.


    Code:
    http://www.ugc.ac.lk/en/universities-and-institutes/degree-courses.html
    බොහෝ ආයතන UGC Approved කිව්වට එසේ නෑ, වැඩිපුර විස්තර අවශ්‍යනම් දුරකථනයෙන් විමසීමත් හොඳයි.

    University Grants Commission
    No.20, Ward Place,
    Colombo 07.
    Sri Lanka.

    Tel : +94 11 2695301
    Fax : +94 11 2688045





    අනිත් ප්‍රධාන විෂයධාරාව ඉංජිනේරු.



    බොහෝ ආයතන දැන් BSc.Eng, BTech.Eng, Honurs.Eng ලෙස විවිධ උපාධි පිරිනමනවා,

    ඒත් මෙම පාඨමාලා සම්පූර්ණ කලොත් ඉදිරියේදී ඔබට කවදාවත් "ලංකාවේ කිසිම ආයතනයක් ඉංජිනේරුවෙක් ලෙස රැකියාවක් කරන්න නොලැබේ"
    යන්න හොඳින් මතක තබාගන්න.


    මේක නම් 100% හරියන්නේ රජයේ ආයතන වලට විතරයි

    එයට හේතුව
    IESL-Institution of Engineers, Sri Lanka,

    හි සාමාජිකත්වය ඔබට නොලැබීමයි. තවද IESL Engineer කෙනෙක් එසේ නැති අයෙක්ව තමන් ලඟට රැකියාවකට ගන්නේ නෑ. ඒක ප්‍රසිද්ධ රහසක්.;)

    මේ කතාව නම් 90% විතර හරි :(:( මම ඉන්නෙ hayleys dipped products. අපේ company එකේ Engineer කියල designation එකක් නෑ Engineering Executive කියල එකක් තමයි තියෙන්නෙ. Bsc Engineers ගන්නෙත් මේ position එකටම තමයි. මේකට ගන්නකොට IESL බලන්නෙ නෑ.
    IESL Approved Courses සඳහා මෙය බලන්න

    Code:
    http://www.iesl.lk/htm/membership/m4.html
    වෙනත් රටකින් ලබාදෙන ඉංජිනේරු උපාධියක්නම් එම උපාධිය Washington Accord. සහතිකය ලබාතිබිය යුතුයි.
    Washington Accord පිළිබඳ විස්තර සඳහා මෙය බලන්න. මෙහි දක්වා නැති විදෙස් ආයතන මඟින් ලබාදෙන උපාධි ලංකාවේ Engineering Field එකේ වලංගු නැත.:no:


    මේ list එකේ තියන හැම degree එකටම IESL associate membership ගන්න බෑ (මන් කිව්වේ IESL exam නොක‍ර )


    Code:
    http://www.washingtonaccord.org/Washington-Accord/Accredited.cfm
    ඉන්දියානු විශ්වවිද්‍යාල සහතික IESL මඟින් පිළිගැනෙනවා.

    SLIIT electronic degree eka කරලත් UOC Msc Apllied electronics වගේ karapu අයත් ඉන්නවා
    කොහොමත් private university අන්තිම option එක විදියට තියාගන්න තරමට හොදයි :yes::yes:


     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මේ ත්‍රෙඩ් එක මේ මාස කීපය උඩින් තියපල්ලා. ඒ ලෙවල් ඉවර වෙච්ච පොඩි එවුන් නොමඟ යන එකෙන් වළක්ව ගන්න
     

    John007

    Member
    Nov 15, 2016
    27
    20
    3
    ඇත්තටම ගොඩක් දෙනෙක් NIBM,SLIIT,BIT,APIIT,IIT වගේ තැන් වල IT/Software කරන්න ගිහින් අන්තිමේදි රස්සා නැහැ. ඒත් මම වගකීමෙන් Institute for Java and Technological Studies නැත්තං Java Institute කිව්වහම ගොඩක් දෙනෙක් දන්න එක RECOMMEND කරනවා. WSO2, Virtusa වගේ ගොඩක් තැන් වල දැන් බහුතරයක් ඉන්නේ Java එකේ අය. එතකොට අපේ තාරක අයියලා ජනිත අයියලා කරපු දේවල් ගොඩක් දෙනෙක්ට කරන්න බැරි වුණා. කැම්පස් වුණ අයත් මෙතන ඇවිත් අපේ එක කරනවා.

    දැනට අපේ target එක තමයි ලංකාවේ ඕ ලෙවල් උසස් ලෙස සමත් වුණ දක්ශ ළමයි අපේ එකත් එක්ක එකතු කරගෙන වෙන තැන් වලට තරඟයක් දෙන්න බැරි workforce එකක් නිර්මාණය කරන එක. ඒ වගේම අපි කාටවත් අල්ලන්න බැරි කැම්පස් එකක් හදනවා කුරුණෑගල.

    අපේ Degree එක Vocational Training Authority එකින් Approve කරලා තියෙන්නේ. අනික UGC වෙබ්සයිට් එක කාලෙකින් උප්ඩේට් වෙලා නැහැ. බය නැතුව එන්න.

    Company වලින් තමන්ව ගන්න පොරකන තත්වෙකට එන්න අපිත් එක්ක එකතු වෙන්න.
     

    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    UGC Approval වගේ දේවල බලන එක ඇත්තටම හොඳයි. ඒ වගේම ඔබ පාඨමාලවක් තෝරාගන්නවනම් මේවා හදාරපු අය වැඩ කරන සමාගම් රැකියා පිලිබඳවත් හොයලා බලන්න. අදාල ක්ශේත්‍රයේ වැඩ කරන්න කාගෙන් හරි අහලා බලන්න පුලුවන් එක වඩාත් හොඳ. මොකද ළමයින්ගෙන් ඇහුවොත් ඒගොල්ලෝ ඉගෙනගත්ත තැනනේ හොඳයි කියන්නේ.

    අහලා බලන්න කවුරුත් නැතිනම් LinkedIn එකේ බලන්න. Universities යටතේ අදාල ආයතනය කරලා Find Alumni වෙත ගොස් ඒ ඒ අය කරන රැකියා බලාගන්න පුලුවන්. LinkedIn එකේ හොයලා බලන එක වඩාත් ප්‍රයෝජනවත්. මොකද එම
    පුද්ගලයින්ගේ වෘත්තිමය ඉතිහාසය සම්පූර්ණයෙන්ම වගේ බලන්න පුලුවන් නිසා

    උදාහරණයක්: https://www.linkedin.com/edu/alumni?name=Sri+Lanka+Institute+of+Information+Technology&trk=nav_responsive_sub_nav_find_alumni
     
    Last edited: