ශොක් ඇබ්සෝබර් අවුල චෙක් කරන්නේ කොහොමද මචන් ?
"Rpm අඩු වැඩි වෙනකොට කූල් එක වෙනස් වෙනවද බලන්න" මෙහෙම වෙනවනම් අවුල් කියලා නේද කියන්නේ?
compressor එකක් කීයක් වෙනවද?
ශොක්ස් නං ටිකක් දන්න කෙනෙක් එක්ක ගිහින් ටෙස් ඩ්‍රයිවු කරල තමයි බලන්න වෙන්නෙ.
වාහනේ ඔබල බලන්නත් පුලුවන් ඒක එච්චර සාර්ථක නෑ. වාහනේ පහලට තද කරල අත ඇරියම උඩට ඇවිත් නතර වෙන්න ඕනෙ. උඩට ඇවිත් ආයෙ පහලට ගියොත් (පැද්දුනොත්) අවුලක් තියෙනව.
කම්ප්‍රෂර් එක 60 000ක් විතර වෙයි. ඕකට 240යෙ කම්ප්‍රෂර් එක දාල හදන්නත් පුලුවන්. ඒකත් සාර්ථක ක්‍රමයක් කියල කියනව. මොකද 260 කම්ප්‍රෂර් එක ආයෙ ලක්ෂෙකින් ලෙඩ දෙන්න පුලුවන් හින්ද,
කම්ප්‍රෂර් අවුල තියෙනකොට ගොඩක් වෙලාවට එකම rpm එකක දිගටම යනකොට (2000rpm ට වගේ) ac නැතිවෙනව. ආයෙ rpm අඩුවෙනකොට ac එනව. ටිකක් දුර ඩ්‍රයිවු කරල තමයි බලන්න වෙන්නෙ.