දැන් හැමෝම බලනව ඇති කවුද බොලේ මේ කියලා
මේ තමයි අත්ලාන්තික් සාගරය හරහා ගුවන් යානයක් පදවාගෙන ගිය පළමු කාන්තාව. මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ අද Google එකේ home page එක දැක්කට පස්සෙයි 
අද ඇයගේ 115 වන ජන්ම දිනයයි. ඉපදිලා තියෙන්නේ 1897 ජූලි 24 වෙනිදා කැන්සාස් කියන ප්‍රදේශයේ. 1920 දී තමයි මෙයා පළමු වරට ගුවන් යානයක ගමන් කරලා තියෙන්නේ, ඒ මගියෙක් විදිහට. ඒ ගමන විනාඩි 10 ක වගේ පොඩි ගමනක් වුනත් ඒ ගමන මෙයාගේ ජීවිතය උඩු යටිකුරු කරනවා

ඊට පස්සේ විවිද රැකියා කරලා ගුවන් නියමු පුහුණු පාඨමාලාවකට යන්න සල්ලි එකතු කරන්න පටන් අරන් තියෙනවා. කොහොමින් කොහොමින් හරි ඡායාරූප ශිල්පියෙක්ගේ සිට ට්‍රක් රියදුරෙක් දක්වා රස්සාවල් කරල තමයි අන්තිමට සල්ලි හොයාගෙන තියෙන්නේ
එයා ගුරු හරුකම් ලබාගෙන තියෙන්නේ පළපුරුදු ගුවන් නියමුවරියක් වන Neta Snook ගෙන්.

Neta Snook
මේ කාලයෙදී ඇය අතට හසුවුන ගුවන් යානා පිළිබඳ සියළුම පොත් කියවලා දැනුමෙන් පෝෂණය වෙන අතරම දවසේ වැඩි කාලයක් ගත කරල තියෙන්නේ ගුවන් යානා ධාවන පථවලයි.

1921 දී ඇය කලින් භාවිතා කරන ලද Kinner Airster වර්ගයේ ගුවන් යානාවක් ඩොලර් 2000 කට මිලදී ගන්නවා. ඊටපස්සේ සම්පූර්ණ ගුවන් යානාවම දීප්තිමත් කහ පාටකින් වර්ණ ගන්නලා "The Canary" කියලා නම් කරනවා.
The Canary සහ Amelia Earhart
1923 කාලයේදී ඇය කා අතරත් ජනප්‍රියව ඉඳල තියෙන්නේ ලින්ඩි ආර්යාව කියලයි. ලෝකයේ කාන්තාවන් අතරින් ගුවන් නියමු බලපත්‍රය ලබාගත් 16 වැනියා ඇයයි. 1928 දී ඇය අත්ලාන්තික් සාගරය හරහා පියාසර කල පළමු කාන්තාව වගේම අත්ලාන්තික් හා පැසිෆික් සාගර හරහා පියාසර කළ පළමු පුද්ගලයා විදිහටත් ඉතිහාසගත වෙලා තියෙනවා.
ලෝකය වටා සංචාරයට යොදාගත් ගුවන් යානය
(Lockheed Electra 10E)
1937 දී සමකය දිගේ ලෝකය වටා පියාසර කරමින් සිටියදී ඇය අභිරහස් ලෙස අතුරුදහන් වෙලා තියෙනවා

අවසාන ගමන අතරතුරදී ගත් ඡායාරූපයක්
අවුරුදු 2ක් තිස්සේ කළ සෙවීම් වලින් අනතුරුව 1939 දී නීත්‍යානුකූලව ඇය මියගොස් ඇති බව ප්‍රකාශයට පත් කරලා තියෙනවා

Amelia Earhart ගැන වැඩි විස්තර මේක බැලුවොත් දැනගන්න පුළුවන් වෙයි.....
කාටත් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. එහෙනන් මම කැපුනා.......

"The woman who can create her own job is the woman who will win fame and fortune."
– Amelia Earhart
Amelia Earhart ගැන වැඩි විස්තර මේක බැලුවොත් දැනගන්න පුළුවන් වෙයි.....
කාටත් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. එහෙනන් මම කැපුනා.......

Thanks for sharing!