ප්‍රංශයේ පැරිස් නගරයේ බොහෝ දේවස්ථාන වසා දමා ඇති මුත්, සාන්ත නික්ලස් මුනිදුන්ගේ දෙව් මැදුරේ වසංගත සමයන්හී දේව කරුණාව හා සුවය අයැදීමට ද, දෙවියන් වහන්සේගේ සර්ව සාධාරණ උදහසට වන්දි ගෙවීමට ද පිදෙන සම්ප්‍රදායික ලතින් ගායානා දිව්‍ය පූජාවන් මේ දින කිහිපය තුළ අඛණ්ඩව සැමරෙන අතර, බොහෝ කතෝලිකයින් ද දිව්‍ය පූජාව හා පාපොච්චාරණය සදහා මේ වීරෝදාර කතෝලික පියතුමන්ලාගේ ආත්මික සේවය සොයා පැමිණෙන බව කතෝලික විදෙස් මාධ්‍ය සදහන් කරයි.
අපත් ඔවුන් හා එක්ව නොකඩවා ශුද්ධවූ ජපමාලය හා දේව දයාවේ මල්දම ඔප්පු කරමින් අප රටටත් මුළු මහත් මිනිස් වර්ගයාටත් අවැසි දෙවියන් වහන්සේගේ නිම්හිම් නොමැති දයාවේ ශ්‍රී රුධීර ජල දහරා ගලා එවන මෙන් යදිමු.

අපත් ඔවුන් හා එක්ව නොකඩවා ශුද්ධවූ ජපමාලය හා දේව දයාවේ මල්දම ඔප්පු කරමින් අප රටටත් මුළු මහත් මිනිස් වර්ගයාටත් අවැසි දෙවියන් වහන්සේගේ නිම්හිම් නොමැති දයාවේ ශ්‍රී රුධීර ජල දහරා ගලා එවන මෙන් යදිමු.