මචං දෙවියෝ සර්වබලධාරී නම් මිනිස්සුන් විපතකට පත්වෙන්න ඇරලා බලන් ඉන්නේ ඇයි ? සර්වබලධාරී දෙවියන්ට පුළුවන්නේ විපතෙන් මිනිස්සු මුදවා ගන්න. යාඥා කරනකන් ඉන්න ඕනෙද ? මම ආගමකට ගරහනවා නෙමේ.
නමුත් විද්‍යාව මෙච්චර දියුණු කාලෙක ඔය වගේ අන්ධ විශ්වාස මත පදනම් වෙච්ච විද්‍යාවට , තර්කයට හා බුද්ධියට හසු නොවන ආගමක් හෝ දර්ශනයක් ඉදිරියට පවතියි කියලා හිතන්න අමාරුයි.
අනිත් අතට දෙවියෝ ලෝකය මැව්වානම් ,සර්වබලධාරී නම්, අනුකම්පා සහගත නම් ඇයි ලෝකෙට අබ්බගාතයෝ , දුප්පතුන් , සමාජයේ අඩු වරප්‍රසාදිතයන් මැව්වේ. එහෙමනම් අංග සම්පූර්ණ, පොහොසත්, වරප්‍රසාද හිමි මිනිසුන් පමණක් ලෝකයට මැවිය හැකියි නේද?
නැවතත් කියන්නේ මම කිසිම ආගමකට හෝ විශ්වාසයකට ගරහන්න කැමති නැහැ. නමුත් විචාර බුද්ධියෙන් තොරව අන්ධ භක්තියෙන් අප මුදවාලුව මැනව කිව්වාට කිසිම දෙයක් වෙන්නේ නැති බව නම් ෂුවර්.