Android ආ ගමනේ සවිස්තරාත්මක විස්තරය
අද ලෝකයේ වේගයෙන්ම ජනප්‍රිය වෙමින් තිබෙන මොබයිල් ෆෝන් මෙහෙයුම් පද්ධතිය, android ය.
ගෙවී යන සෑම තත්පරයක් පාසාම ලොව පුරා විකිණී යන android සහිත ස්මාරට් ෆෝන් ගණන 13කි. එනම් දිනකට අළුතින් ලෝකයට එක්වන android සහිත ස්මාර්ට් ෆෝන් ගණන ලක්ෂ පනස් දාහකට වැඩිය.
ඒ අනුව දැන් ලොව පුරා ක්‍රියාත්මකව තිබෙන android ජංගම උපාංග ගණන විසි කෝටිය ඉක්මවා ගොස් ඇත, මිලියන වලින් නම් 200 කට වඩා ඉහල අගයකි.
Android මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන ජංගම දුරකථන වන්නේ ස්මාර්ට් ෆෝන් ය.එනම් පරිගණක වලින් කල හැකි වැඩ කරන්නට පුළුවන් ජංගම දුරකථනය. නැතහොත් ටැබ්ලට් පරිගණකය. එනම් අතේ ගෙනයාහැකි තාක්ෂණයේ computer ය.
එහෙත් මිට අමතර වශයෙන් ඉලෙක්ට්‍රොනික් පොත් කියවිය හැකි උපාංග හෙවත් e-රිඩර්ස් වලදීද, ඉන්ටෙර්නෙට් භාවිතයට පහසු සේ සැකසු, නෝට්බුක් කියා හදුන්වන ලැප්ටොප් පරිගණක වලදීද, රුපවාහිනී යන්ත්රවලදීද android මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කරන්නට පුලුවන.
තවත් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති ගණනාවක් තිබියදී ඒ අතරින් android පමණක් මෙතරම් ජනප්‍රිය වන්නට බලපෑ ප්‍රධාන කාරණය වන්නේ, android සතු අංග සම්පුර්ණ ජංගම මෙහෙයුම් පද්ධතියක් තිබීමේ සාධනීය ගුණාංගය නිසාය.
අදින් අවුරුදු 16කට කලින් එනම් 2001දී, android වැඩසටහන් නිර්මාණය කිරීම ඇරඹින. ඇමරිකානු ජාතික ඇන්ඩ් රූබින්, රිචි මයිනස්, ක්‍රිස්වයිට් සහ නික් සියර්ස් යන පරිගණක වැඩ සටහන් සකසන්නෝ මෙහි මුලාරම්භකයෝ වෙති.
පරිගණක වැඩසටහන් සැකසීම මේ අයගේ අරමුණ විණ. ඒ අරමුණ සපුරාලනු වස්, 2003 දී android ඉන්කොපරේෂන් සමාගම පිහිටුවිය. එහෙත් එය සාර්ථක නොවිය. ආදායමක් උපයන්නට බැරිවීම නිසා android සමාගම බංකොලොත් වන්නට යද්දී එය බේරාගැනීමට ඉදිරිපත් වූයේ ගූගල් සමාගමය. ඒ ඇන්ඩ් රූබින් ඇතුළු සේවක පිරිසද සමගින් android සමාගම මිලදී ගැනීමෙනි.
වසර 2005 අගෝස්තුවෙදී කල මේ ගණුදෙනුවෙන් පසු මොබයිල් උපාංග සදහා නව පන්නරයේ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරිම ඇරඹිණි. ඒ google android යන නමිනි.
ඇන්ඩ් රූබින්ගේ මුලිකත්වයෙන් ගුගල් සමාගමේ මුලිකත්වයෙන්, ගුගල් සමාගමේ සේවකයින්ද එක්ව මේ නව මෙහෙයුම් පද්ධතිය සකසා නිම කළේ, 2007දිය.
Android මොබයිල් මෙහෙයුම් පද්ධතිය මුලික වශයෙන් ලිනක්ස් කර්නලය හෙවත් ප්‍රධන කේත සටහ පාදක කොට ගෙන නිර්මාණය කල එකකි. XML,C,JAVA සහ C++ යන ක්‍රම ලේඛ භාෂා ඇසුරෙන් android ගති ලක්ෂණ නිමවා තිබේ. මේ සියල්ල සමගින් android මෙහෙයුම් පද්ධතිය හදුන්වා දිය හැක්කේ Opensource මාදිලියේ මුදුකාංගයක් ලෙසය. එනම් එය කාටත් නොමිලේ ගෙන, තමන්ට ඕනෑ හැටියට වෙනස් කොට ගෙන භාවිතා කල හැක්කකි. නමුත් එය නීති රීති රාමුවකට යටත්ව කල යුත්තකි. එනම් android මොබයිල් මෙහෙයුම් පද්ධතියේ භාරකරුවෙකු සිටි. android මෙහෙයුම් පද්ධතියේ භාරකරුවා වන්නේ Open Handset Alliance නමින් හඳුන්වන ආයතනයි.
Android මෙහෙයුම් පද්ධතියේ මුලික සංස්කරණය නිමවා අවසන් වූ පසු 2007 නොවැම්බරයේදී ගූගල් සමාගමේ මූලිකත්වයෙන් Open Handset Alliance ආයතනය පිහිටු විය. ඒ ලෝකප්‍රකට ජංගම දුරකථන හා සංගම්වල එකමුතුවනි.
Android මෙහෙයුම් පද්ධතියේ හැකියාවන්ට උචිත සේ ජංගම උපාංග තැනීමත්, අලුත් උපාංග වලට ගැලපෙන සේ android මෘදුකාංග දියුණු කිරීමේ මාවත් තෝරා බේරා ගැනීමත්, Open Handset Alliance ආයතනය විසින් කරනු ලබයි.
මේ සියල්ලෙන් පසු 2008 සැප්තැම්බර් 20 වැනිදා android මෙහෙයුම් පද්ධතියේ සම්පුරණ කේත සටහනට ගැලපෙන සේ නොයෙක් වැඩසටහන් හෙවත් application හෙවත් apps නිර්මාණය කිරීමට අනුබල දෙමින් වෙනසකට මුලපිරීය.
මෙසේ නිර්මාණය කරනු ලබන apps හුවමාරු කරන්නට විශේෂ ‘තැනක්’ මිට කලින් නම් 2008 අගෝස්තුවේ ගුගල් සමාගම විසින් ප්‍රසිද්ධ කොට තිබිණි. එය android market ය. ඕන කෙනෙකුට apps තනා ගුගල් සමාගම සමග එක්ව මෙතැනට එක් කරන්නට හැකියාව ඇත.
ගුගල් විසින් මිලදී ගත් වැඩි හරියක් ම apps, ගුගල් මාර්කට් හි විකුණන්නට තිබේ. නොමිලේ දෙන එවාත් බොහෝය. කෙසේ වෙතත් ඕනෑම apps එකක් ගුගල් මාර්කට් වෙත එක් කරන්නේ ගුගල් සමාගමේ අධීක්ෂණය යටතේය.
android මොබයිල් මෙහෙයුම් පද්ධතිය යනු ඉතා සම්පුර්ණ මේහෙයුම් පද්ධතියක් කියා පිළිගැනේ.ඕනෑම මොබයිල් උපාංගයකට ගැලපෙන සියලු මෘදුකාංග android ඉදිරිපත් කරයි. ජංගම උපාංග නිෂ්පාදනය කරනෙකුට හෝ වේවා, ජංගම උපංගයකට සන්නිවේදන සම්බන්ධතා ලබාදෙන්නෙකු හෝ වේවා, මේ කාටත් වුවමනා වන තාක්ෂණික පසුතලය android මෙහෙයුම් පද්ධතිය තුල සහජනනයෙන්ම තිබේ. ජංගම උපාංග නිෂ්පාදකයින් වැඩි දෙනෙක් තම උපංගයේ මෙහහෙයුම් පද්ධතිය සේ android තෝරා ගන්නේ ඒ නිසාය.
Androdi මෘදුකාංගයේ පළමු වාණිජ සංස්කරණය වුයේ android 1.0ය. එය 2008 සැප්තැම්බර් 23 වැනිදා නිකුත් කරන ලදී. එම මෘදුකාංගයෙන් පණ ලැබූ පළමු ජංගම උපානගය වුයේ, HTC Dream – G1 ස්මාට් ෆෝනයයි. මෙතැන් පටන් android මෙහෙයුම් පද්ධතියේ අලුත් අලුත් සංස්කරණ එලි දැක්විණ. ඒවා නම් කෙරුනේ අතුරු පස වල ඉංග්‍රීසි නම් වලිනි. ඒ ඉංග්‍රීසි හෝඩියේ අකාරාදියට අනුවය.
2012 වසරේදී Android Market යන නම ඉවත්වී Google Play ලෙසින් අලුත් මුහුණුවරකින් ඉදිපත් කෙරුණි.
Android මෙහෙයුම් පද්ධතිය නොමිලේ දෙන ගූගල් සමාගම එය දියුණු කරන්නට මුදල් සොයා ගන්නෙත් ලාභ ලබන්නේත් apps විකුණා ලැබෙන ආදායමෙනි. ලොව පුරා තැන තැන සිට මෘදුකාංග දියුණු කරන්නෝ 10,200ක් පමණ ගුගල් වෙත මෙම apps එකතු කරනු ලබයි. දැනට Google Play හි තිබෙන apps වලින් 67%කම නොමිලේ ලබා ගත හැකි ඒවාය. ඉතිරි ඒවා සාමාන්‍යයයෙන් ඩොලර් 1 – 3 පමණ මුදලකට අලෙවි වෙයි.මෙසේ apps විකුණන මුදල් අද ගුගල් සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ග වලින් එකක්ය. මිට අවුරුදු හයකට කලින් ගුගල් සමාගම විසින් android සමාගම මිලදී ගනු ලැබුවේ ඩොලර් මිලියන 50 කටය.
මේ වන විට android වෙළදාමෙන් ගුගල් සමාගම ලබාගන්නා ආදායම ඩොලර් බිලියන ගණනකි.
source:refresh
Android
Android ආ ගමනේ සවිස්තරාත්මක විස්තරය
අද ලෝකයේ වේගයෙන්ම ජනප්‍රිය වෙමින් තිබෙන මොබයිල් ෆෝන් මෙහෙයුම් පද්ධතිය, android ය.
ගෙවී යන සෑම තත්පරයක් පාසාම ලොව පුරා විකිණී යන android සහිත ස්මාරට් ෆෝන් ගණන 13කි. එනම් දිනකට අළුතින් ලෝකයට එක්වන android සහිත ස්මාර්ට් ෆෝන් ගණන ලක්ෂ පනස් දාහකට වැඩිය.
ඒ අනුව දැන් ලොව පුරා ක්‍රියාත්මකව තිබෙන android ජංගම උපාංග ගණන විසි කෝටිය ඉක්මවා ගොස් ඇත, මිලියන වලින් නම් 200 කට වඩා ඉහල අගයකි