ඔය වගේ පොරවල් අනන්තවත් වෙලා තියනවා. මතක ඒව ටිකක් මේ
අර බඩු මල්ල හලාගෙන දගලන එකා මට ලගදි තලාහේන 8කනුව කීලස් එක ඉස්සරහදි සෙට් උනා. මම නම් දැක්කෙ නෑ වගේ ගියා. පොශ් ගෑනු සෙට් එකක් කම්මුලේ අත ගහගෙන බලං හිටියා දැක්කා
තව දවසක් කොටුව ස්ටේශන් එක ලග වයස 40ක බුවෙක් අඩ අඩ උගේ සල්ලියි ෆෝන් එකයි උස්සලා අවිස්සාවේල්ලෙ යන්න කීයක් හරි දෙන්න කිවුවා. මම කිවුවා සල්ලි දෙන්නෙ නැහැ ගෙදරට කෝල් එකක් අරන් දෙන්නම් කියලා. පලවෙනි සැරේ නම්බර් එකක් කිවුවා. මම මට වැරදුනා වගේ ආපහු ඇහුවා ඒ සැරේ වෙන නම්බර් එකක් කිවුවා. මම කිවුවම කලින් කිවුවෙ වෙන එකක් නේද කියලා මටත් රවලා යන්න ගියේ. තව දවසක් එතනම බුවා ඉන්නවා දැක්ක මම දැක්ක විතරයි පටස් ගාල මාරු උනා
බොරෑල්ල මවුන්ට්මේරි හරියෙ බස් වලට නැගලා සල්ලි ඉල්ලන හොදට ඇද පැලදගනිපු බුවෙක් ඉන්නවා. ටිකක් රැවුල එහෙම තියන. සමහර වෙලාවට කඩ්ඩෙන් ටෝක් කරනවා
තව බස් වලට නැගලා කොල්ලොන්ගෙ ලගට ඇවිත්, මචන් කොල්ලෙක් නිසා කියන්නෙ අපි මියුසිකල් එකක් කරනවා ඒකට සල්ලි එකතු කරනවා කියලා සල්ලි ඉල්ලන කොල්ලො සෙට් එකක් ඉන්නවා
තව ගාල්ලෙ සමනල පාක් එකේ එකෙක් ඉන්නවා හැමදාම කපල් ලගට ගිහින් බුක්මාක් හරි ෆොටෝකොපි කරලා හයිලයිට් වලින් පාට කරලා ලැමිනේට් කරපු කොල විකුනනවා. විකුනන්නෙ තග දාල. කපල් ඉන්න බෙන්ච් උඩින් එක එක තියාගෙන යනවා ආපහු ඇවිත් සල්ලි එකතු කරගෙන යනවා. ක්ලාස් කට් කරගෙන එන පොඩි කපල් බය වෙලා සල්ලි දෙනවා. මම දුන්නෙ නැහැ, දවසක් දෙකක් මල්ලි ගාල්ලෙදි උඹට කේස් එකක් උනු දවසට එකෙක්වත් එන එකක් නැහැ කියලා ගියා. ඊලග දවසෙ මූ මාත් එක්ක හෙන ගේම. මූ කියනවා මූ විකුනන්නෙ මුගේ එව නෙමයි කාගෙද කකුල කැඩුනු ආමි එකේ පොරක්ගෙ ඒවා. උඹ එක දවසක්වත් එකක්වත් ගන්නෙ නැහැ. මේ පාක් එකට උඹලා එන්නෙ ලවු කරලා යන්න කියලා හෙන හයියෙන් සද්දෙ. මාත් බෙන්ච් එකෙන් නැගිටලා මූට වඩා හයියෙන් දෙකක් කිවුවා. එතකොට තව කපල් එකක ඉදපු කොල්ලෙකුත් ඇවිත් මේ කැ*යා හැමදාම පොඩි එවුන්ගෙන් සල්ලි එකතු කරනවා. කියලා සුද්ද සිංහලෙන් අමතන්න ගත්තා. අද තොපි දෙන්නා ඉවරයි. වරෙන්කෝ ටවුන් එකට කියලා අරූ ගියා. ටවුන් එකේදිත් මොනවත් උනේ නැහැ. මම ඊට පස්සෙත් මූ එනවා දැකලා තියනවා පොඩි එවුන්ගෙන් සල්ලි එකතු කරන්න. මම ඉන්න අහලකටවත් ආවෙ නැහැ
එතනදිම කොල්ලො සෙට් එකක් බැට් එකකුත් අරගෙන ක්රිකට් ගහන්න ආව බෝලයක් ගන්න සල්ලි ඕන කියලා සල්ලි එකතු කරනවා. සෙට් එක කපල් එක වට කරගනිපු ගමන් ගොඩක් එවුන් බයවෙලා සල්ලෙ දෙනවා. මෙතනත් සල්ලි දුන්නෙ නැති උනාම සෙට් එක හෙනම ගේම. කෑල්ලත් පට්ටෙට බයවෙලා. උනුත් ටිකක් වෙලා ගේම ඉල්ලලා මමත් අත අරින්නෙ නැහැ කියලා තේරුනාට පස්සෙ මල්ලි උඹට කුඩ්ඩෙක් කේස් එකක් දාපු දවසට එක කොල්ලක් උදවුවට නැහැ කියලා ගියා. එදා වෙනකන් අද වෙනකන් කුඩ්ඩෙක් කේස් එකක් දැම්මෙත් නැහැ අර සෙට් එක දැක්කෙත් නැහැ
දැන් නම් ගාල්ලෙ සමනල පාක් එකේ සල්ලි එකතු කරන්න දෙන්නෙ නැහැ. ඒකෙ සික්කො සල්ලි එකතු කරන එවුන් පන්නනවා.
තව දවසක් මායි තව යාලුවෙකුයි(යාලුවා කොල්ලෙක්) මාතර ස්ටෑන්ඩ් එක ලග බීච් එකේ ඉදිද්දි අර විදියටම ෆොටෝකොපි කරලා මාකර් වලින් පාට කරලා ලැමිනේට් කරපුවා විකුනනවා. මූ අපි දෙන්නගෙන හෙනම ගේම. ටිකක් සද්දෙට කෑගහනකොට එකා දෙන්න වටවෙනකොට අරූ මාරු.