ඒ අනුව එම සොරකම් සිදු වූ බැංකු සහ ඒ අවට ආරක්ෂක කැමරා දර්ශන 79ක් සියුම් විමර්ශනයට ලක්කරමින් මෙම අපරාධකරුවන් පැමිණි මෝටර් රථය හඳුනා ගනිමින් මෙන්ම දුරකතන ජාල විශ්ලේෂණයක් තුළින් මෙම සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතා පැවසීය.
පරිගණක හැකරුන් මෙවැනි හැක් කිරීම් සඳහා කියනුයේ “බැලැක් බොක්ස් ඇටෑක්” යැයි කියාද ඔහු පැවසීය. “මේ දෙදෙනා රට රටවල්වල සැරිසරමින් මෙවැනි අපරාධවල නිරතව සිටින ජාත්‍යන්තර වංචාකරුවන් බවයි අපේ විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ. ටෙලර් මැෂින් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි ඉදිරිපසින් මුදල් තැන්පත් කරන ටෙලර් මැෂින් සහ සහ පසුපසින් මුදල් තැන්පත් කරන ටෙලර් මැෂින් වශයෙන්. මෙහිදී මේ අයගේ ඉලක්කය බවට පත්වන්නේ ඉදිරිපසින් මුදල් යන්ත්‍රයට තැන්පත් කරන ටෙලර් යන්ත්‍රයි. එම පරිගණක යන්ත්‍රවල යතුරුපුවරුව ළඟින් යන්ත්‍රයේ ආවරණ කොටස ගලවන්න පුළුවන්. එයාල කුඩා උපකරණයක් යොදල ඒ ආවරණයේ අගුල් පන්නනවා. ඒ හැරුණම එයාල ගාව උපකරණ තියෙනවා ඇණ මුරුච්චි පවා ගැලවිය හැකි. හැම දෙයක්ම අරගෙනයි ලංකාවට ඇවිල්ල තියෙන්නේ.
ලැප්ටොප් පරිගණකය ටෙලර් යන්ත්‍රෙය් දත්ත පද්ධතිය හා සම්බන්ධ කෙරුණයින් පස්සේ ඔවුන් ටෙලර් යන්ත්‍රයේ තියෙන සල්ලි පිටතට ගන්නවා. ඒ හරියට කාඩ්පතක් ඇතුළු කර ලබාගන්නවා වගෙයි. මෙහිදී කාඩ්පතක් නොමැතිව ඔවුන් පරිගණකය මඟින් ලබා දෙන විධාන මඟින් ඒ.ටී.එම්. යන්ත්‍රයේ ඇති රුපියල් 5000 නෝට්ටු සියල්ලක්ම පිටතට ගන්නවා” යැයි විමර්ශන නිලධාරියෙක් විදේශිකයන් දෙදෙනා ඒ.ටී.එම්. යන්ත්‍ර හැක් කළ අයුරු පැහැදිලි කළේය. බැංකුවේ පරිගණක පද්ධතියට පිටින් මෙම සොරකම සිදුවන බැවින් ඒ.ටී.එම්. යන්ත්‍රයේ මුදල් සොරා ගෙන ඇතත් බැංකුවේ පරිගණක පද්ධතියේ සටහන් වන්නේ මුදල් ඇති බව යැයි ද එම නිලධාරියා කීය.
“සාමාන්‍යෙයන් ඒ.ටී.එම්. යන්ත්‍රයකින් වරකට පිටතට ගන්න පුළුවන්කම තියෙන්නේ නෝට්ටු 60ක් විතරයි. ඒත් අපේ රටේ නෝට්ටු ප්‍රමාණය හා ඝනකම ආදී කරුණු නිසා එකවර පිටතට ගන්න පුළුවන් වෙන්නේ නෝට්ටු 50ක් 55ක පමණ ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය යන්ත්‍රයෙන් පිටතට එන්න තප්පර 40ක් වත් ගත වෙනවා. අපේ රටේ මැෂින්වලින් එකවර නෝට්ටු මේ ප්‍රමාණයට වඩා ගන්න බැහැ. මෙයාල ගාල්ල කරාපිටියේ මැෂිමෙන් ඊට වඩා ලොකු ගාණක් ගන්න ගිහින් මැෂිම හිර වුණා. ඒ නිසා ලොකු ගාණක් ගන්න බැරි වුණා. ඔවුන් ඊට පස්සේ බද්දේගමට ගිහින් ලක්ෂ 57ක් ගත්තා, ඒ ලක්ෂ 57 ගත්තේ අවස්ථා 1140කදී. මේ මුදල් ටික පිටතට ගන්න අඩුම තරමින් මේ අයට විනාඩි 40ක් විතර කල් ගතවෙලා තියෙනවා. ගන්න ගන්න මුදල් එක් අයෙක් මෝටර් රථයට ගිහින් දෙනවා.” යැයි ද එම විමර්ශන නිලධාරියා සඳහන් කළේය. ඒ.ටී.එම්. යන්ත්‍රයට ඇතුළු වන විටම එහි ආරක්ෂක කැමරා සියල්ලකම ස්ටිකර් අලවා දමන්නේ මෙම ක්‍රියාවලිය හඳුනා ගැනීමට නොහැකි වන ලෙස බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
මෙසේ සොරා ගන්නා මුදල් ඔවුන් මෙරට ඔවුන්ගේ උදව් කරුවන්ටද ලබාදී වැඩි කොටස ක්‍රිප්ටෝ කරන්සි බවට පරිවර්තනය කර ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
-
https://www.gossiplankanews.com/2023/01/atm-hack-meegahathenna.html