Attorney at Law - Help

banda065

Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    මචන්ලා මට lawyer කෙනෙක් වෙන්න ආසාවක් තියෙනවා
    වයස 40 ට කිට්ටුයි government uni එකක degree එකක් සහ professional qualification එකක් තියෙනවා
    law entrance / llb entrance කලත් හරි ගියේ නෑ. දැන් මට හිතුනා private LLB degree එකක් කලොත් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයිද කියල
    Private LLB එකක් කරලා ආයෙත් law college එකේ මොනවද exam කරන්න ඕනි
    again entrance and final examination ?

    මම lecture ගියත් වැඩිය focus එකක් නෑ මට self study තමයි හරි යන්නෙ

    Exam fee එක විතරක් ගෙවලා London LLB වගේ එකක් කරගන්න පුලුවන් වෙයිද
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,520
    2,521
    113
    මාළඹේ
    නීතිඥයෙකු වීමේ ක්‍රම කිහිපයක් ඇත.

    1. උසස්පෙළ සමත් වී කොළඹ විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලට ඇතුලත් වී නීතිවේදී උපාධිය (LLB) ලබා ගැනීම.

    2. තරඟ විභාගයකින් පසුව විවෘත විශ්ව විද්‍යාලට ඇතුලත් වී නීතිවේදී උපාධිය (LLB) ලබා ගැනීම.

    3. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලට ඇතුලත් වී නීතිවේදී උපාධිය (LLB) ලබා ගැනීම. උසස්පෙළ සමත්වී ත්‍රිවිධ හමුදාවට බැඳී අභ්‍යන්තර සිසුවෙකු වශයෙන් උපාධිය ලබා ගත හැක.
    නැතිනම් මුදල් ගෙවා බාහිර සිසුවෙකු වශයෙන් ඇතුලත් වී උපාධිය ලබා ගත හැක.

    4. පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ලංඩන් නීතිවේදී උපාධිය (London LLB) ලබා ගැනීම.

    මෙම නීතිවේදී උපාධි තිබූ පමණින් නීතිඥයෙකු වීමට නොහැක. ඒ සඳහා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග සමත් වී නීතිඥ වෘත්තීය සුදුසුකම සපුරාගත යුතුය.

    මේ සඳහා කොළඹ, යාපනය, විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය ලබා ගත් අය නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය පමණක් සමත් විය යුතුය.

    පෙර අවස්ථාවලදී පේරාදෙණි, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය ලබා ගත් අය නීති විද්‍යාලයේ සියළුම වසර විභාගයන්ගෙන් සමත් විය යුතුව තිබුණි. නමුත් මෙම වසරේ සිට එම තත්ත්වය සංශෝධනය කර ඇති බවට තොරතුරු ලැබී ඇත. ඒ අනුව ඔවුන්ද නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය පමණක් සමත් විය යුතුව ඇත.

    පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ලංඩන් නීතිවේදී උපාධිය ලබා ගත් අය නීති විද්‍යාලයේ සියළුම වසර විභාගයන්ගෙන් සමත් විය යුතුය.

    මීට අමතරව, තරඟ විභාගයකින් සමත් වී නීති විද්‍යාලයට සෘජුවම ඇතුලත් වී සියළු වසර විභාගයන්ගෙන් සමත් වීමේ හැකියාවක් ඇත. මෙහිදී එම අයට නීතිවේදී උපාධියක් හිමි නොවේ.

    නීති විද්‍යාලයේ විභාගයන්ගෙන් සමත්වීමෙන් පසුව එම ආධුනිකයා මාස 6ක් වසර 8ට වඩා පළපුරුද්ද සහිත නීතිඥයෙකු යටතේ ආධුනික කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දීමේ හැකියාව ඇත.

    කොළඹ, යාපනය, පේරාදෙණිය, විවෘත, කොතලාවල විශ්ව විද්‍යාලයකින් වසර හතරකින් නීතිවේදී උපාධිය ලබා ගත හැක.

    ලංඩන් නීතිවේදී උපාධිය වසර තුනකි. පිළිගත් වෙනත් ප්‍රථම උපාධියක් තිබේ නම් එය වසර දෙකක් දක්වා අඩු වේ.

    නීති විද්‍යාලයේ අභ්‍යන්තර සිසුවෙකු වසර තුනක් අධ්‍යාපනය ලබාගත යුතුය.

    නීති විද්‍යාලයේ වසරකට දෙවතාවක් විභාග පැවැත් වේ.

    මේ අනුව, නීතිඥයෙකු වීමේ ඉක්මණ්ම ක්‍රමය වන්නේ සෘජුවම නීති විද්‍යාලයට ඇතුලත් වීමය.

    Exam fee එක විතරක් ගෙවලා ලංඩන් නීතිවේදී උපාධිය කරන්න පුළුවන්ද කියලා නම් දන්නේ නැහැ මචං.
     
    Thanks machan

    මේකෙ හැටියට KDU යන එක ලේසියි වගේ london LLB කරනවට වඩා

    මම Esoft එකට කතා කලා උන් කීවෙත් උන්ගේ LLB එක කලාම law college special entrance එකකුයි final exam එකයි විතරයි කරන්න ඕනි කියල