මේක මරු. VS Code extension එකක් විදිහට තමයි මේ tool එක install කරගන්න තියෙන්නේ. AWS Toolkit Extension එකේ තමා මේ Amazon CodeWhisperer tool එක include කරලා තියෙන්නේ.
https://marketplace.visualstudio.com/items?itemName=AmazonWebServices.aws-toolkit-vscode
මේක දිගටම free දෙයි බොහෝදුරට. එහෙම වුනොත් Github Copilot එකට ලොකු challenge එකක් වෙයි මේක. Copilot එකේ වගේම අපි function එකක් ලිය ලිය ඉද්දි මෙයා ඉබේම ඒ function එක complete කරලා draft එකක් විදිහට පෙන්නනවා. Tab එක hit කරාම ඒ function එක ලියවෙනවා. තව Comments වලින් අපිට ඕනේ requirement එක කිව්වහම ඒ requirement එකට අනුව CodeWhisperer එකෙන් code snippets generate කරලා පෙන්නනවා. ඒ කියන්නේ මේක Copilot වගේම තමයි. හැබැයි Github Copilot X තරම්ම advanced වෙන එකක් නැති වෙයි මේක තාම. ඔයගොල්ලොත් මේක දාගෙන බලන්න. මාත් දාගත්තා.
මේ video එකේ තියෙනවා CodeWhisperer දාගන්න steps ටික.

