awurudu 3000 kata warak පිපෙන_උඩුම්බරා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    awurudu 3000 kata warak පිපෙන_උඩුම්බරා

    picture-15.png


    බෞද්ධ සාහිත්‍යයේ ඇතැම් තැන්වල සඳහන්ව ඇති උඩුම්බරා නොහොත් ‘යුටාන් පොලුවෝ’ නමින් ද හඳුන්වනු ලබන මල් විශේෂය පසුගියදා චීනයේ යැංසි ප්‍රාන්තයේ ලුෂාන් කඳුකරයේ වාසය කරන චීන භික්ෂුණියකගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

    වසර 3000 කට වරක් පිපෙන මෙම මල අතිදුර්ලභ ගණයේ පුෂ්ප විශේෂයකි. මිලිමීටර් එකක පමණ විශ්කම්භයකින් යුතු මේ මල 50 හැවිරිදි මියාවෝ වෙයි භික්ෂුණියට මුලින් ම දැකගත හැකි වූයේ ඇයගේ රෙදි සෝදන යන්ත්‍රය යට තිබියදී ය. ඇය මුලින් සිතුවේ මේවා පණු බිත්තර දෝ කියා යි. එහෙත් දිගටි දණ්ඩ දිගේ සුදු පැහැති කුඩා මල් 18 ක් පිපී තිබෙන අයුරු ඇයට දැකගත හැකි විය. එසේ ම ඒවා දැඩි සුගන්ධවත් වීම නිසා එම මල් ස්වාභාවික මල් බව තීරණය කිරීමට ඇයට හැකි විය.

    සංස්කෘත භාෂාවෙන් උඩුම්බරා නම් වූ මේ පුෂ්ප හඳුන්වනු ලබන්නේ දිව්‍යලෝකයෙන් ගෙනෙනු ලැබූ සුබ පුෂ්ප ලෙසට ය.

    අතිශය දුර්ලබ ගණයේ පුෂ්පයක් වන උඩුම්බරා මල පිළිලයක් ලෙස වැඩෙන මල් විශේෂයකි.

    මෙම මල් එම වෘක්ෂයෙන් පටන්ගන්නා ගෙඩිය තුළ වැඩෙන අතර එම ගසේ ම අතුවල පිළිලයෙකු ලෙස පිපී වැඩෙන බව දැක්වේ. ඒ සඳහා වසර 3000 පමණ කාලයක් ගතවන බව ද කියැවේ.

    ථෙරවාද බුදු දහමේ උරග සූත්‍රයේ හා මහායාන බුදුදහමේ නෙළුම් සූත්‍රයේ (Lotus Sutta) උඩුම්බර මල ගැන සඳහන්වී ඇති බව දැක්වේ.

    සම්බහුල සූත්‍රයේ මාර දිව්‍යපුත්‍රයා බ්‍රාහ්මනයෙකුගේ වේශය ගෙන උඩුම්බරා ගසේ ලීයක් බස්තමක් ලෙස පාවිච්චි කළ බව කියනු ලැබේ.

    ඒ හැමටම වඩා දීඝ නිකායේ හා බුද්ධවංශ නම්වූ ග්‍රන්ථවල කෝනාගම බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගත්තේ උඩුම්බර ගස සෙවණේ බව සඳහන් වී ඇත.

    මජ්ජිම නිකායේ එන ඛන්නඛත්තල (Kannalatthala) සූත්‍රයේ බුදුන්වහන්සේ සතර කුලයේ සිටින සතර දෙනෙකුට එක සමාන අයුරින් විමුක්තිය ලබාගත හැකි බව පෙන්වීම සඳහා ගත් උපමාවේ උඩුම්බර වෘක්ෂය පිළිබඳ සඳහනක් ඇත. මේ අයුරින් බුදුදහමට ඇති සම්බන්ධයත් ‍එසේ ම අතිදුර්ලබ මල් වර්ගයක් නිසාත් විශේෂත්වයක් පෙන්නුම් කරන අතර රජෙකුගේ උපතක් සිදුවීම පිළිබඳ පෙර දැක්මක් ලෙස මේ පුෂ්ප විකසිත වන බවට ද විශ්වාසයක් ඇත.




    - සිළුමිණ/telegraphuk
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇහ් බන් ගොයියො. එතකොට මේ මල දැකපු අන්තිම එකා ඉන්නේ මීට අවුරුදි රින ගානකට කලින්නේ.. :P
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඇහ් බන් ගොයියො. එතකොට මේ මල දැකපු අන්තිම එකා ඉන්නේ මීට අවුරුදි රින ගානකට කලින්නේ.. :P

    ඇහ් බන් ගොයියො. එතකොට උඹ හිතන්නෙ කාලය පටන් ගත්තෙ අවුරුදු 2014 කට කලින් කියලද?:lol::P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඇහ් බන් ගොයියො. එතකොට මේ මල දැකපු අන්තිම එකා ඉන්නේ මීට අවුරුදි රින ගානකට කලින්නේ.. :P

    අවරුදු 3000කට පස්සේ කිව්වට ඉතින් ඔය මල් තියෙන්නේ එකම තැන නෙමේ නේ....එක එක තැන වල නේ..ඔය කියනවා ඇත්තේ එකම තැන පිපෙන්න අවුරුදු 3000ක් යනවා කියලා වෙන්න ඇති.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සිළුමිණ පැත්තකට දාපන්.උබ හිතන්නේ england website වලත් බොරු දානවා කියලද?:P

    http://www.telegraph.co.uk/news/wor...-flower-found-under-nuns-washing-machine.html
    ආහ්. නැ නැ බන්. ඔක ඇත්ත.. මම මේ ජොක් එකට කිව්වේ.. ඔය අන්තිමට පිපිලා තියෙන්නේ ක්‍රිස්තු වර්ශ ඒ කියන්නේ අපි දැන් බාවිතාකරන අවුරුදු ක්‍රමේට කලින්නේ. ඒකයි මම එහෙම කිව්වේ.