ගොඩබිම තියන ලොව විශාලතම වාහනේ ගැන ඔබ දන්නවද? කියන්න සතුටුයි එය එක්ස්කවෙටරයක්. එක තමා Bagger 293
මේකේ උස මීටර් 96 . දිග මීටර් 225 . බර ටොන් 14200 හදල තියෙන්නේ 1995දී
අද මම ලියන්නේ අන්න ඒ වාහනේ එහෙමත් නැත්තම් යන්ත්‍රය වගේ එකක් ගැන මෙයා තමයි Bagger 293 හදන්න කලින් තිබුණු ලොව විශාලම කැනීම් යන්ත්‍රය
මේකට කියන නම තමයි Bagger 288 .මේක බකට් විල් එක්ස්කවෙටරයක් මේක හැදුවේ ජර්මනියේ KRUPPS කියන සමාගමෙන් .එ සමාගමේ ලංකාවේ නියෝජිතයා තමයි SENOK කියන ආයතනය. KRUPPS සමගම විසින් මේ Bagger 288 යන්ත්‍රය නිපදවන්නේ ජර්මනියේ බලශක්තිය පිලිබදව සහ ගල් අගුරු කැනීම් සිදු කරන Rheinbraun සමගම වෙනුවෙන් .මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වෙනවා. ලංකාවේ මුදලින් රුපියල් මිලියන 15000කට වැඩි යි . ජර්මනියේ Tagebau Hambach හි ගල් අගුරු ආකාරයක් මතුපිට පස ඉවත් කරන්න තමයි මෙය මුලින්ම යොදා ගත්තේ .
KRUPPS සමගමට මෙම යන්ත්‍රය සැලසුම් කරන්න අවුරුදු 5 ක් ගත උනා එවගෙම් මේ යන්ත්‍රයේ කොටස් ටික එකතුකරලා නිම කරන්න තවත් අවුරුදු 5 ක් ගත උනා . අන්න ඒවිදියට 1978 දී මේක හදල ඉවර උනා . මේකේ උස මීටර් 95 ක් වෙනවා දිගින් මීටර් 215 වෙනවා.ඉතින් මේ යකඩ ගොඩේ බර කියක් වෙනවා ඇද්ද? බර ටොන් 13500 ක් .මේ යන්ත්‍රය වැඩ කරන්නේ විදුලි බලයෙන් එකට පිටතින් විදුලිය දීමෙන් තමා ක්‍රියාකර වන්නේ එකියන්නේ එකට එන්ජිමක් නැ . වැඩකරන්න මෙගා වොට් 16.5 ක් ප්‍රමාණයක් ඕනි .ඒවගේම මේ යන්ත්‍රය ක්‍රියා කරවන්න 5 ක් ඔනිවෙනවා. මේකේ ධාවන වේගය විනාඩියකට මිටර් 2 ත් 10 ත් අතර එහෙමත් නැත්තම් 0.1 සිට 0.6 km/h.ඒවගේම අවම හැරවුම් අරය මීටර් 100.ක් . ප්‍රධාන චැසිය මීටර් 46 ක් පළල වන අතර මේ යන්ත්‍රය දම්වැල් ඒ කියන්නේ යකඩ පතුරු 12 උඩ තමා තියෙන්නේ .එක දම්වැල් පතුරක් මීටර් 3.8 ක් පළලයි .ඒ කයන්නේ ආදී 12 ක් විතර . මේකේ පස් කපන්නේ රවුම් දැති රෝදයක් වාගේ තියන කොටසකින්.එකේ විෂ්කම්බය මිටර් 21.6 ඒ යකඩ රෝදෙට කියුබික් මීටර් 6.6 ක් විශාල බකට් 18 ක් හයි කරලා තියනවා .
මෙයන්ත්රයෙන් දිනකට ගල් අගුරු ටොන් 240,000 හෝ පස් කියුබික් මීටර් 240,000 ක් කැනීම් කරන්න පුළුවන්.
අන්තිමේදී 2001 පෙබරවාරි මාසයේදී එම ගල් අගුරු ආකාරයට තව දුරටත් මේ Bagger 288 යන්ත්‍රය අවශ්‍ය වුනේ නැ .ඉන් පස්සේ ඒ ය මේ යන්ත්‍රය 22 km අතින් තියන තවත් ගල් අගුරු කැනීම් කරන තැනකට ගෙන්නියන්න සැලසුම් කලා .එත් ඒ කටයුත්ත පහසු දෙයක්නෙවෙයි .මහාමාර්ග,දුම්රිය මාර්ග, ගංගාවල් වගේ බාදක මතින් තමා යන්න සිද්ද උනේ .ඒ 22 km යන්න ඇමරිකානු ඩොලර් මිලියන් 10 ක් සහ සති 3 ක කාලයක් වැය උන ඒ වගේම් ඒ සදහා 70 දෙනෙක් සහය කඅරගත්තා
ලොවටම ඇත්තේ මේ මාදිලියෙන් මේ එක යන්ත්‍රය පමණි .a
ආර්ටිකල් එක ලිව්වෙ.හිරාන් චමින්ද
Last edited:
