Bangaliyonta 25% දඩය_මදි -හර්බජාන් සිං

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Bangaliyonta 25% දඩය_මදි -හර්බජාන් සිං

    ''මමත් ඔය වගේ දේවල්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් ඒ දේවල් මම කළේ යම්කිසි සීමාවක ඉඳගෙනයි'' සුපිරි ක්‍රීඩකයෙක් බංගලාදේශයට දෙහි කපයි...!

    main-qimg-041fd8919caa2fe86bfb50d2d69d5cba-c.jpg



    නිදහස් කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමේ හැසිරීම පිළිබඳව ජාත්‍යන්තරයේම අවධානයට ලක්වුනා. එසේම ඔවුන්ගේ හැසිරීම පිළිබඳව ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම දැක්වූයේ අයපත් ප්‍රතිචාරයක්.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය හිටපු දඟ පන්දු යවන්නකු වන හර්බජාන් සිං ඉන්දියානු පුවත් පතකට දක්වමින් කියා තිබුනේ මහත් අශෝභන ලෙස හැසිරුණු බංග්ලාදේශ කණ්ඩායමට තරග කිහිපයක තහනමක් පැනවිය යුතු බවයි.

    එසේම ශ්‍රී ලංකාවතුලදී බංග්ලාදේශයේ ක්‍රීඩකයන් හැසිරුණු ආකාරය පිළිබඳව සමාවක් දිය නොහැකි බවත්, ඔවුන්ට අයි.සී.සී.ය විසින් පැනවූ 25%ක දඩය කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත් පැවසූ ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද ප්‍රකාශකර තිබුණා.

    "ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානියක් කළා විතරක් නොවෙයි, ඔවුන් ඔවුන්ට හිතවත්ව සිටි ක්‍රීඩා ලෝලීන් ප්‍රමාණයක්ද අහිමි කරගත්තා. මමත් ඔය වගේ දේවල්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් ඒ දේවල් මම කළේ යම්කිසි සීමාවක ඉඳගෙනයි. බංග්ලාදේශ නායකයා හැසිරුණු ආකාරය අන්තිම නරකයි. ඔහු කණ්ඩායමේ සෙසු අයට ලබා දුන්නේ නරක ආදර්ශයක්. අමතක කරන්න එපා මේක නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියක්" යනුවෙන්ද පැවැසූ හිටපු ඉන්දීය දඟ පන්දු යවන්නා මෙම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් බෝඩ් බරපතළ වාර්තාවක් ලබා දෙන්න තිබුණා. කෙසේ වුවත් ඔවුන්ට ලැබුණු තරග මුදලින් 25% දඩ මුදල සම්බන්ධයෙන් තමා විස්මයට පත්වූ බවත්, අඩුම වශයෙන් ඔවුන්ට (බංග්ලදේශයට) තරග කිහිපයක තහනමක්වත් පැනවිය යුතු බවත් සඳහන් කළේය.




    source: neth news
     
    • Like
    Reactions: ChoraKolla

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    madi nennam.. ape ekek karaa nam.. uge cricket life ekath iwarai...

    බංගලියෝ ක්‍රිකට් වලට සැහෙන්න අත යටින් වියදම් කරනවා මට පේන්නේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෝ මේ ලෝක පූජිත අපේ සංගා, මහේලලා සද්දයක් නෑනේ මේ ගැන...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝ මේ ලෝක පූජිත අපේ සංගා, මහේලලා සද්දයක් නෑනේ මේ ගැන...

    වැරැද්ද අපේ වුනා නම්
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Wal uro kakuna thalanakota, haban kukulonta bagul lu 😂 mu hoda miniha wage hariyata.. epama karapu ballek thamai mekath mata..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    කෝ මේ ලෝක පූජිත අපේ සංගා, මහේලලා සද්දයක් නෑනේ මේ ගැන...

    unta welawa naha ban. mahela me tike Melwa eke wada. Sanga nam softlogic ekei Keels ekei wada.. :rolleyes:
     

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    කෝ මේ ලෝක පූජිත අපේ සංගා, මහේලලා සද්දයක් නෑනේ මේ ගැන...

    Un monawa karannada machan, un awurudu ganak thisse karanna one de kala,, den inna ewwoth unge wede kalanam me prashna nene, ape unta match ekak dinaganna behe bangaliyonta gahala,, indian karayo unta gahuwe unge main player la nethuwa, kohliya ne kiyanne ithin apita sanga mahelala nethi una wagene, eth un gehuwane,, ape un peradune netnam bangaliyonta ohoma haiyak enwada?

    api balaporoththu wenwa sangala mewata idiripath wenna one kiyala,, eth ai ban?? un ehema karanna one nehene ne,, api rassawak karala eken retire unayen passe ape position ekata ena eka karana de wath, uta wena dewath balanna yannene api..