Apply Combank Banking Trainee once the results are released.
http://www.combank.net/newweb/info?id=107&oid=274&menu_type=top-menu
Ask him to go to a bank only if he has a true desire to excel in banking sector.
රිසල්ට්ස් එනකන් කමර්ෂල් එකේ Intern ට්‍රය් කරන්න කියපන්..උඩ ලින්ක් එකේ ඒකත් තියෙනවා..ඉන්ටර්න් ගන්නේ O/L වලින්..ගොඩක් ස්කූල් ලීවර්ස්ලා යනවා ඉන්ටර්න්..ඉන්ටර්න් හම්බෙන්නේ නම් ගෙවල් ළඟ බ්‍රාන්ච් එකක්..
බැංකු ජොබ් එක පිටින් පේනවා වගේ නිකන් A/C එකේ වාඩිවෙලා ආතල් එකේ ඉන්න පුළුවන් ජොබ් එකක් නෙමෙයි..හරිම එකාකරීයි..පීඩනය වැඩියි..හැබැයි පට්ට ආසාවෙන් කරනවා නම් කරන්න පුළුවන්..ආසාවයි අවශ්‍ය වෙන්නේ..
I worked at Combank as a Banking Trainee for 10 months and I resigned. මට කිසිම පසුතැවීමක් නැහැ..මම මගේ තීරණය ගැන සතුටු වෙනවා..මමත් ආසාවෙන් ගියේ නම්..මුල් අවුරුදු දෙකේ කට්ට කන්න ඕනේ..අන්තිම කාලේ වෙද්දී නම් මට එපා වුනා බැංකුවේ වැඩ කරන එක..ඊට වඩා මට වැඩිදුර ඉගෙනගන්න ආසාවක් ආව..බැංකුවේ ඉද්දි ඉගෙනගන්න ගමන් වැඩ කරන එක හිතන තරම් ලේසි නැහැ..ට්‍රේනී කාලේ නිවාඩුවක් ගන්න ගියහම හින්ගාකන්න ඕනේ නැති එක විතරයි..
මම නම් maths කලේ..CCS තිබුන රිසල්ට් එක, එකෙන් ගියේ සෙකන්ඩ් ෂයි කර කර හිටපු එකත් නවත්තලා..සෙකන්ඩ් ෂයි කරා නම් මම මීට වඩා ගොඩක් හොඳ රිසල්ට් එකක් දානවා..දැන් කරන්න දෙයක් නැහැ..කොහොමහරි දැන් මම ඉන්නේත් කැම්පස්..වාසනාවකට බැංකුවෙන් අයින් වෙන්න Resign Letter එක දුන්න දවසෙම මට ගෙදරට කැම්පස් එකෙන් බෝට්ටු ලියුමක් ඇවිල්ල..
මෙහෙමයි, IABF/DABF කරන්න පුළුවන් බැංකුවේ ඉද්දි..හැබැයි එකේ උගන්නන මගුල් බැංකුවේ පාවිච්චි වෙන්නේ නැහැ..කොමර්ෂල් නම් ඇතුලට යන්න IABF ඕනේ නැහැ..A/L විතරයි අධ්‍යාපන සුදුසුකමකට බලන්නේ..Banking Trainee Exam එකක් තියෙනවා බැංකුවෙන් කරන..එකේ තියෙන්නේ Maths and English පේපර් දෙකක්..ගොඩක් අය අමාරුයි කියන්නේ ඕක (අනේ මන්ද මම නම් මෙලෝ රෙද්දක් බැලුවේවත් නැහැ ආතල් එකට ගිහින් ලියල ආව..බලද්දී පාස් වෙලා)..පස්සේ IT Test > Documentation > Interview > Medical Test ඔන්න ඔය පිළිවෙලට තියෙන්නේ..ඔක්කොම පාස් වුනාම ජොබ් එකට ගන්නවා..
මුල් අවුරුදු දෙක Contract Basis..මුල් අවුරුද්දේ පඩිය 17,500..දෙවෙනි අවුරුද්දේ 20,000. අවුරුදු දෙකක් ඉවර වෙද්දී ට්‍රේනින් පීරියඩ් එක ඉවරයි..පස්සේ Permanent Cadre එකට ගන්න නම් IABF කම්ප්ලීට් කරලා තියේනං ඕනේ..එහෙමත් නැත්තන් Internal Exam කරන්න ඕනේ..Internal Exam එක අමාරුයිලු...Confirm වුනාම පඩිය 40,000 ක් විතර වෙනවා..ඊට අමතරව අවුරුදු තුනෙන් තුනට හැමෝගෙම පඩි වැඩි වෙනවා..Confirm වෙද්දී හම්බෙන පොස්ට් එක Junior Executive Assistant. ඊලගට Junior Executive Officer..එකට නම් කම්පෙටිෂන් එක වැඩියි..
ඔහොම තමයි..මම කියන්නේ, ආසාව තියෙනවා නම් විතරක් යන්න කියපන්..ඒ වගේම මගේ අදහස නම් Career එකක කොහෙවත් හරියන්නේ නැත්තන්, යන එනමන් නැත්තන්, අන්තිම ඔප්ෂන් එක විදියටයි බැංකුව තෝරාගන්න ඕනේ..මොකද පිළිගැනීම තියෙනවා..සාමාන්‍ය ජීවිතයකට හොඳ රස්සාවක්..කමර්ෂල් නම් මුලින්ම දාන්නේ තමන් ඉන්න ගෙදරට සාපේක්ෂව ඩොටේ බ්‍රාන්ච් එකකට..ඉතින් බෝඩිම් හෝ ක්වාටර්ස් ජීවිතයකට පුරුදු වෙන්නත් වෙනවා කමර්ෂල් එනවා නම්..මම මේ කියල තියෙන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ වෙනකන් තත්වේ..මම අයින් වුනේ පෙබරවාරි වල..කවුරුත් නොදකින පැත්තක් කිව්වේ..