Beginners guide to නලීන් ද සිල්වා

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මමත් ඔය මොකක් හරි පත්තරේක තිබ්බ ලිපි පෙළක් කියවන්න ගත්තා. ඒ වුනාට තේරුණේ නෑ. ආයේ ට්‍රයි පාරක් දාල බලන්න ඕනේ :)

    +++
     
    • Like
    Reactions: WhiteWalker

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මමත් ඔය මොකක් හරි පත්තරේක තිබ්බ ලිපි පෙළක් කියවන්න ගත්තා. ඒ වුනාට තේරුණේ නෑ. ආයේ ට්‍රයි පාරක් දාල බලන්න ඕනේ :)

    +++

    ඔව් එක පාරක් කියෙව්වට තේරෙන්නෙ නෑ :D
    තේරෙන්නෙ නැති දේවල් මෙතන දාපං. අපි සාකච්ඡා කරමු :cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ක්වොන්ටම් භෞතිකයේ චතුස්කෝටික න්‍යාය භාවිතයෙන් තේරුම් ගත හැකි සංසිද්ධි තියෙනව කියල නලීන් ද සිල්වා කියනව.


    :yes: :yes:
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    නියමයි+, මහාචාර්යතුමා ඔක්කොම ලියල ඉවර වුනාට පස්සේ Beginners guide එකක් හැදුවම පස්සේ ඒකට මුකුත් එකතු කරන්න ඕනේත් නැහැනේ.

    මේ වචනත් පුලුවන්නම් එකතු කරන්න
    කසිකබල්, පට්ටපල්, පුහු පඬියෝ...
     
    Last edited:

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    දැන්ද බන් guide කරන්නෙ...:dull::(
    නලීන්ද සිල්වා ලිපි ලියන එකත් නැවැත්තුව


    පස්සෙ කියවන්නම්
    තෑන්ක්ස්.
    රෙප් බෑලු
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Kauda ban Nalinda Silva kiyanne?

    https://en.wikipedia.org/wiki/Nalin_de_Silva
    මෙයා :yes: cosmology වලට ආචාර්ය උපාධිය ගත්තු ලංකාවෙ ඉන්න මහාචාර්යවරයෙක් :yes: අයින්ස්ටයින්ල නිව්ටන්ල වගේ විද්‍යාවෙ වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක්. ඒත් ආචාර්ය උපාධිය කරන්න ගියාට පස්සෙ තේරුම් ගන්නව අයින්ස්ටයින් කෙනෙක් වෙනව තියා තමන්ගෙ උපදේශකයගෙ මට්ටමටවත් ලඟාවෙන්න බෑ කියල. බොරුවට අලුත් දෙයක් හොයාගන්නැතුව උපාධි සහතිකයක් විතරක් අරං වැඩක් නෑ කියද්දි තමන්ගෙ ගුරුවරයගෙ කීමට ආචාර්ය උපාධිය සම්පූර්ණ කරල ලංකාවෙට අවෙ :yes: මුල් කාලෙ සමාජවාදියෙක්. සමසමාජ පක්ශෙ සාමාජිකයෙක්. මාක්ස්වාදය විද්‍යාත්මකද කියල අහගෙන සමසමාජ පක්ශෙන් අයිං වෙලා විද්‍යාව විවේචනය කරන්න ගත්ත. :yes:

    මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන්නේය. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසුලුවේය.

    1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ මහාචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.

    ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් විය. ඔහු 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පල කළේය.[තහවුරු කරන්න] මෙය පසු කාලීනව බ්‍රිතාන්‍ය-ඇමරිකානු ගවේෂණ කණ්ඩායමක් විසින් 1980 දී සොයාගනු ලැබීය.[තහවුරු කරන්න]

    නලින් ද සිල්වා මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙක් වූ අතර මාක්ස්වාදියෙක් සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොවපුරා එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 දී ඔහු විසින් මගේ ලෝකය රචනා කළේය. මෙය තුළින් තව දුරටත් ඥාන විභාගය සහ සත්භාව විචාරය පිළිබඳ හැදෑරීමකට යොමු වූ අතර එහිදී ඔහු විසින්, සංවේදන ඉන්ද්‍රියයන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව මිනිසා විසින් දැනුම ගොඩනැගීමේ පදනම ලෙස චින්තනය නමැති සංකල්පය හඳුන්වා දී එය වැඩි දියුණූ කළේය. ඔහුගේ ලේඛනය, ගුණදාස අමරසේකර විසින් යෝජනා කළ ජාතික චින්තනයෙහි න්‍යායාත්මක සහ දාර්ශනික පදනම මත සකස් වී ඇත.

    නලින් ද සිල්වාගේ කෘති සහ දේශන, එමෙන්ම ඔහු විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිතය ඉගැන්වීමේ යෙදෙන අතරතුර සිය මග පෙන්වීම ලබා දුන් ගවේෂකයෝ සංවිධානය, සහ ඔහු විසින් ලේකම් ධූරය දරන චින්තන පර්ෂදය සංවිධානය, ශ්‍රී ලාංකීය සමාජය වෙත නිසැක බලපෑමක් එල්ලකර ඇත.

    නලින් ද සිල්වා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුරු සංගම් සභාවේ (FUTA) මෙන්ම ශ්‍රී ලංකාවේ කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාල ගුරු සංගමයේ සභාපති වන්නේය. ඔහු විසින් පුවත්පත් ලිපි එක් දහස් පන්සියයකට වඩා පළ කොට ඇති අතර එහි වූ සමහර ලිපි කාලය වෙබ් අඩවියේ ඇතුළත් කර ඇත.
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන්නේය. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසුලුවේය.

    1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ මහාචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.


    හුටා.මහාචාර්ය නලින්ද සිල්වා පානදුරේද

    මම මේක ඇහුවේ උඹව අවුස්සන්න හිතාගෙන.එල එල .තෑන්ක්ස් බන්
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    වටිනවා. රෙප් දෙන්න ඕනේ එත් රෙප් දෙන්න බැලූ.
    හරිම උගතොකොටිකයි:sorry:(උගතොකොටික: මේකේ තේරුම මොකක්ද)

    ugatho nemei machan ubhathokotika.
    gatalu sahagatha
     
    • Like
    Reactions: ForgottenSand

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හුටා.මහාචාර්ය නලින්ද සිල්වා පානදුරේද

    මම මේක ඇහුවේ උඹව අවුස්සන්න හිතාගෙන.එල එල .තෑන්ක්ස් බන්

    එහෙම අවුස්සන්න ලේසි වෙන්නෑ :D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    mata dan hodatama sure uba thamai nalin de silva kiyala.... :D:yes:

    පිස්සුද යකෝ නලීන්ද සිල්වව ලේසියෙන්ම ඇවිස්සුවෑකි :baffled: කොකාකෝල පෙප්සි කතාවට අවුරුදු ගානක් බැන්න කියන්නෙ කොහොම ඇවැස්සිල්ලක් ඇවිස්ස්ලාද :sorry: මං එහෙම නෑ :D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    whitewalker = නලින් ද සිල්වා
    KasunKDP = කාලෝ ෆොන්සේකා
    :rolleyes:

    :lol: සිරාවට ඒ වගේ මිනිස්සු ඔය හර බර සංවාද වල යෙදිලම එපා වෙලා ආතල් එකක් ගන්න එහෙම මේ වගේ ෆෝරම් වලට එනවද දන්නෑ නේ බං :D