Bike පිස්සොන්ට සුභ ආරන්චියක්..!!!

soldierthilina

Active member
  • Feb 21, 2011
    276
    31
    28
    Bike පිස්සොන්ට සුභ ආරන්චියක්..!!!

    අධිබල යතුරුපැදි ගෙන්වන්න අවසර..!!!:love:

    ප‍්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කල යෝජනාවක් අනුව සීසී 450ත් සීසී 1001 ත් අතර එන්ජින් ධාරිතාව සහිත යතුරුපැදි ලියාපදිංචියට හා ආනයනය සඳහා අවසර ලබැදමට අමාත්‍යංශය තීරණය කර ඇත.

    මෙරට තුළ යතුරුපැදියක් ලියාපදිංචි කළ හැකි උපරිම එන්ජින් ධාරිතාව සීසී 450ක් වුව ද අනුමත එන්ජින් ධාරිතාවට වඩා වැඩි එන්ජින් ධාරිතාවකින් යුත් යතුරුපැදි ශ‍්‍රී ලංකාවේ මාර්ගවල භාවිත වන බව අමාත්‍යංශය සඳහන් කරයි.
    මේ තත්ත්වය මඟ හරවා ගැනීමේ පියවරක් ලෙස එවැනි යතුරුපැදි ලියාපදිංචිය සඳහා අවසර ලබාදීමට අමාත්‍යංශය බලාපොරොත්තු වේ.

    ඒ අනුව නිසි රේගු පටිපාටියකින් තොරව මෙරටට ආනයනය කරන ලද හෝ කොටස් ගෙන්වා එකලස් කරන ලද යතුරු පැදි කොන්දේසිවලට යටත්ව ලියාපදිංචිය සඳහා අවසර ලබාදීමට ද පියවර ගැනෙනු ඇත.

    මේ වසරේ පෙබරවාරි මස 1 වැනිදාට පෙර, මෙරටට ආනයනය කර ඇති හෝ දේශීය ව එකලස් කර ඇති යතුරු පැදි ලියාපදිංචිය සඳහා අවසර දීමේ දී රුපියල් 25,000ක අධිභාරයක් පැනවීමට අපේක්ෂා කෙරේ...!!