සම්මන්ත්‍රණ ශාලා සේවකයන් පවසන අනෙක් කාරණය නම් මෙම සම්මන්ත්‍රණ ශාලාව නිමැවූ චීනුන් විසින් ගින්නකින් වන හානි අවම කර ගැනීම සඳහා එදා සිටම අති දියුණු ක්‍රමවේද යොදා තිබූ බවයි.
යම් කිසි ගින්නකදී පිටත ගිනි නිවන හමුදා ඒමට අවශ්‍ය නොවන අතර ශාලාවේ අඩි 20 න් 20 ට පමණ අධි බල ගිනි නිවීමේ වතුර විදින ස්ථාන සහ ඒ සමගම වතුර විදින බට සවි කර ඇත. ඒවා ආරම්භ කරද්දී අවශ්‍ය පීඩන යන්ත්‍ර ඉබේම ක්‍රියාත්මක වන අතර ඒ සඳහා මධ්‍යම විදුලි බලය පවා අවශ්‍ය නොවන ආකාරයට ශාලාව නිමවා තිබේ. මධ්‍යම විදුලි පද්ධතිය අවශ්‍ය නොවන ආකාරයට නිමවා ඇත්තේ යම් හෙයකින් ගින්නකදී මධ්‍යම විදුලි සැපයුමද විසන්ධි වන බැවිනි. අඩි 20න් 20 ට ඇති ගිනි නිවීමේ අධිබල පීඩන යන්ත්‍ර ගින්නක් හට ගැනීමෙන් විනාඩි දෙකක් තුලදී සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීමේ හැකියාවද ශාලාව සතුය. ශාලාව ලඟදී නවීකරණය කළ බැවින් මෙම පද්ධතියේ කිසිදු දෝෂයක් තිබිය නොහැකිය.
මෙවැනි තත්ත්වයක් තුල ගින්නක් ඇති වුවද එමගින් සියල්ල විනාශ විය නොහැකිය. එසේ නම් මෙවැනි ගින්නක් හට ගත්තේ කෙසේද? මෙය පැහැදිලිවම කුමන්ත්‍රණයක් බව සේවකයෝ පවසති.
ඊට හොඳම උදාහරණය ලෙස ඔවුන් පවසන්නේ සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්ධුල ඒකනායකගේ පෙර නොවූ විරූ හැසිරීමයි. සාමාන්‍යයෙන් මෙවැනි විශාල ප්‍රදර්ශනයක් ආරම්භ කරන අවස්ථාවේදී අධ්‍යක්ෂ ජෙනරාල් සිටින නමුත් ඊයේ දිනයේ පමණක් ඔහු ආගිය අතක් නැත.
රෙජීමය ගින්නෙන් වැඩ ගැනීමේ දක්ෂයෝ ය. ලංකා ඊ නිව්ස් කාර්යාලය සහ පුස්තකාලය ගිනි තැබූහ. සන්ඩේ ලීඩර් මුද්‍රණාලයට දෙවතාවක් ගිනි තැබූහ. උදයන් කාර්යාලය දෙවතාවක් ගිනි තැබූහ. සිරස ගිනි තැබූහ. සියත කාර්යාලය ගිනි තැබූහ. ඒ තමාට පාලනය කළ නොහැකි මාධ්‍ය ආයතන ගිනි තැබීම් කිහිපයකි. ගිනි තැබූ කිසිවෙකුට අද දක්වා දඩුවම් දී නැත.
ඊට අමතරව තම දූෂන අකටයුතු කම් වසා ගැනීමටද දේපොල අයිතිකර ගැනීමටද ගිනි තැබීම් රාශියක් කළෝය.
කොළඹ කච්චේරියට ගිනි තැබූහ. එය විදුලි කාන්දුවක් නොවන බවත් කිසියම් ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයක් භාවිතා කළ ගිනි තැබීමක් බව රජයේ රස පරීකෂකවරයා විසින් වාර්තා කර තිබියදී අද දක්වා ගිනි තැබූ පුද්ගලයෙක් අල්ලාගත්තේ නැත.
වරායට ගිනි තැබූහ. සතොසට ගිනි තැබූහ. ක්‍රීඩා දෙපාර්තමේන්තුවට ගිනි තැබූහ. අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ගොඩ නැගිල්ලකට ගිනි තැබූහ. කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැතිවා පමණක් නොව මේවා සඳහා හරි හමන් පරීකෂණයක් හෝ සිදුකර නැත.
