Bovdda Chanda laksha 50k

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    ඡන්ද ලක්ෂ 50 මෙවර නෙමෙයි - BBS

    ඉකුත්දා පැවැති මහා සමුළුවේදී බෞද්ධ ඡන්ද ලක්ෂ 50 ක් නිර්මාණය කරනවා යනුවෙන් සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන නොවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

    සැබෑ සිංහල බෞද්ධ රජෙකු නිර්මාණය කරගැනීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළක එක් කොටසක් වන එම කාර්යය මාසයකින් දෙකකින් කළ නොහැකි බවද උන්වහන්සේ කියා සිටියහ.

    සුපුරුදු පරිදි මේ දිනවල ආගමික කටයුතුවල යෙදෙමින් අධිෂ්ඨාන පූජා ආදී වැඩසටහන් පවත්වමින් සිටින බවද ඥානසාර හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.


    81975620bbs3.jpg