(ලංකා ඊ නිව්ස් -2015.ජුලි.04, පෙ.ව.11.50) ලෝක ඉතිහාසයේ අති දැවැන්තම මහා පාවාදීම ශ්‍රී ලංකාවේ පොලොන්නරුවේ පදිංචි පල්ලවෙත්ත ගමරාලලාගෙ මෛත්‍රීපාල යාපා සිරිසේන විසින් සිදුකර ඇති බව සාතිශය සංවේගයෙන් යුතුව වාර්තා කරමු.
තමා සමග එකතු වූ සිංහල දෙමළ මුස්ලිම් හැට දෙලක්ෂයක ජනතාවක් විසින් මීට දින 177 කට පෙර පරාජය කරන ලද ආසියාවේ මහා චෞරයා සහ මිනීමරුවා කිසිදු ලජ්ජාවක් නොමැතිව බදා වැළැඳ ගනිමින් ඔහු යලි කරළියට ගෙන ඒමට ඊයේ ගත් තීරණයට පල්ලවෙත්ත ගමරාලලාගෙ මෛත්‍රීපාල යාපා සිරිසේන විසින් තම කැමැත්ත දී ඇති අතර ජනතා වෛරයෙන් බේරීම සඳහා මේ දක්වා කිසිදු ප්‍රකාශයක් නොකර සැඟවී සිටී.
මෛත්‍රීපාල සිරිසේනගේ මෙම ද්‍රෝහී තීන්දුව ගෙන ඇත්තේ තමන්ට ජනාධිපති වීමට පොදු අපේක්ෂක ධූරය ලබා දීමට මහත් කැපවීමක් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හෝ ශ්‍රීලනිපයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයන්ට හෝ නොදන්වා ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය වෙනුවෙන් ඊයේ රාත්‍රී පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයටද මෛත්‍රීපාල සිරිසේන සහභාගී වන බව කියා නොදන්වාම නොපැමිණ මගහැර තිබේ. සාමාන්‍ය ගැමියෙක් පවා කෑමකට එන බව කියා නොපැමිණෙන්නේ නම් ඒ බව දැන්වීම සිරිතක් වුවද මෛත්‍රී ඒ ගුණය හෝ තබා නැත.
මේ තරම් ද්‍රෝහී ක්‍රියාවක් කළ පුද්ගලයෙක් ලෙස ලෝක ඉතිහාසයේ අන් කිසිවෙක් නැත. අරලිය ගහ මන්දිරයේ මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කා ජනතාව වෙත පැමිණියාක් සේම ජනතාව සමග කා පතේ පහරා යලිත් මහින්ද රාජපක්ෂ මෘග චෞරයා සමග අත්වැල් බැඳ ගැනීමට කිසිදු විලි ලැජ්ජාවක් නැති පල්ලවෙත්ත ගමරාලලාගෙ මෛත්‍රීපාල යාපා සිරිසේන ද්‍රෝහියා තීන්දු කිරීමෙන් ඔහු ඔහුගේම මිනීවල කපා ගෙන තිබේ.
මෙම තීන්දුව ගැනීමට පැය ගණනකට පෙරදී පවා ඔහු කියා සිටියේ තමන් ජනතාව ප්‍රතික්ෂේප කළ චෞර මෘග රාජපක්ෂවරුන්ට නාම යෝජනා නොදෙන බවකි. යලි පැය ගණනකට පසු ඔහු තම ස්ථාවරය වෙනස් කරමින් තමා කිසිදු ස්ථිර වචනයක් නැති අමනයෙක් බව මුළු ලොවටම පෙන්වා තිබේ.
ඉතිහාසයේ සිදුකරන ලද මෙම දැවැන්තම පාවාදීම අනුව ඉදිරි දේශපාලනය වෙනස් වී තිබේ.
මේ අනුව එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ සිදුකිරීමට ගිය ජාතික ආණ්ඩු සංකල්පය ඉවත් කර ගැනීමට එම පක්ෂයට සිදුව ඇත. මහින්ද රාජපක්ෂ සමග එන එජනිසය සමග කුමන තරාතිරමක හෝ ජාතික ආණ්ඩුවක් ගොඩ නොහැකි බව එම පක්ෂ නායකයන් සාකච්ඡා කරමින් සිටිති.
එමෙන්ම ජනවාරි 8 ජයග්‍රහණය කළ ජනතා බලවේගයේ අපේක්ෂාවන් එක් ද්‍රෝහියෙකුගේ අමන තීරණයක් නිසා ආපස්සට හැරවීමට ප්‍රධාන දේශපාලන බලවේගය වන එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම සූදානම් නොවන අතර ඒ සඳහා ‘හංසයා‘ ලකුණින් එදා සමගි කරන ලද සියළු බලවේග එ්කරාශී කරමින් රාජපක්ෂ-මෛත්‍රී ද්‍රෝහී හැතිකරය පරාජය කිරීමට ඒකරාශී වීමට සාකච්ඡා කරමින් සිටිති.
අලියා ලකුණෙහිම එල්බ ගෙන නොසිට පවතින දේශපාලන යථාර්ථයට මුහුණ දෙමින් හංසයා සමග වරක් ජයග්‍රහණය කළ පුළුල් මහජන බලවේගය යලි පුබුදුවා ලීමට ශ්‍රීලනිපයේ අවංක නායකයන් රාශියක්ද දැනටමත් එකඟතාවය පළ කර ඇති අතර හංසයා සමග එක් වූ සියළුම වෘත්තීය සහ සිවිල් බහුජන සංවිධාන ද එකඟතාවය පළ කර තිබේ. වරක් චෞර රෙජීමයක් පරාජය කළ හංසයාට යලිත් චෞරයන් සහ එක් ද්‍රෝහියෙකු පරාජය කිරීම සිම්පල් ය.
මහින්ද රාජපක්ෂට නාම යෝජනා දෙන මෛත්‍රීපාල සිරිසේන තමන් දූෂිතයන්ට නාමයෝජනා නොදෙන්නේ යැයි කියන්නේ කෙසේද? අංක එකේ හොරාටම නාම යෝජනා දුන් මෛත්‍රීපාල, මහින්ද රාජපක්ෂ සමග එන රත්තරන්ලා එතනෝල්ලා කුඩු දුමියලා සියල්ලන්ටම නාමයෝජනා දෙනු ඇත. ( නාමයෝජනා සකසනවා විනා දේශපාලන වේදිකාවට නොඑන බව ඔහු පවසා ඇති නමුත් ඉන් ඇති පලක් නැත.)
ශ්‍රී ලංකාව නම් දූපතේ මහා ජනතා විප්ලවයක් සිදුකළ ජනතා නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේනට ජාත්‍යන්තරයෙන් ලැබී තිබූ ප්රතිරූපයද එක රැයින් මේ ගොං හරකා නැති කර ගත්තේය. ලෝක ප්‍රකට ද්‍රෝහියෙක් ලෙස දින 177 කින් විනාශය කරා ගිය දේශපාලන නායකයෙකු ලෙස පමණක් ඔහුට ඉතිහාසගත නමක් හිමිවනු ඇත.
---------------------------