breakup එකකින් ගොඩ එන්න උදව්වක් ඕන. හිත හදාගන්න අමාරුයි.

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මචන් මෙහෙම දෙයක් මේකෙ දාන එක අවුල්නම් සමාවෙන්න. anonymous forum එකක මේක දාල අදහස් ටිකක් දැනගන්න හිතුන. මට පට්ට අව්ලක ඉන්නෙ. ගිය මාසෙ මැද මන් ආදරෙ කරපු කෙල්ල මාත් එක්ක breakup උනා. අවුරුදු 3ක් affair එක. 2019 අපි දෙන්න යාළු උනේ. මම පට්ට ආදරෙ කරා. එක පාරට හෙණ ගහනව වගේ ගිය මාසෙ මුල කීව ඈත් වෙමු කියල. මුලින්ම කීවෙ මාස 6ක් ඈත් වෙලා ඉමු කියල ඊට පස්සෙ අවුරුද්දක් ඉමු කීව. එහෙම ඉන්න අමාරුයි මචන්. මට පිස්සු හැදුණෙ නැති එක විතරයි. තවම recover වෙලා නෑ හරියට. හරි හේතුවක් කියන්නෙත් නෑ. ගෙදරින් යාලු වෙන එකට කේස් කීව, ඊට පස්සෙ මන් ගැන හිතේ නෑලු, මාව feel වෙන්නෙ නෑ කියල කීව. ඒව අහද්දි මට නිකන් පිහියෙන් අනිනව වගේ. එයාම මාව වදයක් කියල whatsapp එහෙම බ්ලොක් කරා. මම වැඳල ඉල්ලුව මාව දාල යන්න එපා කියල. මම එච්චර පාච්චල් වෙලා නෑ මචන් කාටවත් මොකේටවත්. හිත හදාගන්න අමාරුයි. ඒත් කොහොමහරි try කරන්න වෙනව. ඒත් තමව හිත පිළිගන්න කැමති නෑ. මම පට්ට බොලඳ වෙලා ඒක මටම තේරෙනව 😅 මම ඉස්සර මෙහෙම නෑ. අනේ මන්ද මොනව කරන්නද කියල. වැඩක් කරන්න හිත දෙන්නෙත් නෑ. මට හිතෙනව එයා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලාද කියල, ඒක මතක් වෙද්දි මට පිස්සු හැදෙනව පට්ට අවුල්. ඒත් එයා කියන විදිහට එයා හැසිරුණ විදිහට එහෙම කියල මට හිතෙන්නෙත් නෑ. මන් රැවටිලද දන්නෙත් නෑ හැබැයි. 😅 කෙල්ලගෙ ගෙදරින් එන pressure එක තමා මටනම් හිතෙන්නෙ හේතුව. එයාට එයාගෙ තාත්තට කියන්න බෑලු එයා යාළු වෙලා ඉන්නෙ කියල, තාත්තගෙ හිතේ කෙනෙක් ඉන්නවලු, උට එයා කැමති වෙනවලු. 😥 එයාල පොඩ්ඩක් traditional තාත්තට ගොඩක් බය family එකක්. මට වෙලාවකට හිතෙනව කෙලින්ම ගිහින් තාත්තට කතා කරන්න, ඒක කියද්දි කෙල්ල කියනව එපා තාත්ත එයාව මරයිලු. අපේ ගෙදරින් ඒ family එකට කේස් එන්න ඉඩ තියෙද්දිත් ඒව වැඩක් නෑ කියල මම ලව් කරේ. මොනව කරන්නද තේරෙන්නෙ නෑ මචන් මට. experiences තියන අය දෙනවද උපදෙස් ටිකක් මේක විසඳගන්නෙ කොහොමද කියල? හිත හදාගන්න මම මොනවද කරන්න ඕන?
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Ubata time ekat ekka oka adu wela yanwa machan kalayak yanakan light ekak dagena nidaganin. Mokda kaluwarat ekkama duka wadi wenawa eka eka dewal hitenna gannwa. Film ekak wage penna gannawa
    රෑටනම් අව්ලක් නෑ බන් මට. උදේට තමා. නැගිට්ට ගමන් මතක් වෙනව. පට්ට අවුල් එතකොට. 😥
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,107
    23,333
    113
    මම වැඳල ඉල්ලුව මාව දාල යන්න එපා කියල. මම එච්චර පාච්චල් වෙලා නෑ මචන් කාටවත් මොකේටවත්.
    Check inside your pants the availability of balls.
    මට හිතෙනව එයා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලාද කියල
    Yeah. This has happened.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,591
    113
    Somewhere in this world
    mulinma uba yaluwo tika ekka hangout weyan oya sim eka pathtakin thiyala wena temporary ekak ganin eka hodama yaluwonta diyan. Ita passe oya kella ge hamadema photos hamadema khe hari penne nathi thanaka dapan. Dn karanna thiyenne uba asa dewal trip ekak yana wkak wage yaluwo ekka poddak sellam karanawa wage eem.wadak thama. Anyway thaniyama inna ynna epw kea weno busy weyan digatama
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,627
    125,152
    113
    දෙහිවල
    මුලින් ජොබක් කරනවානම් එතනට ඔලුව දීපන් වැඩිපුර.. මොක්ද ජොබ වැදගත් සහ ඔලුව එතන තියෙද්දි වෙලාව ගෙවෙනවා..
    පටන්ගනින් හොද විනෝදාංශයක්..
    පොත්, ගමන් වගේ..
    ගහපන් ශුවර්ම පොරක් එක්ක අඩියක්..
    උබට උබ ආදරේ කරපන් මුලින්..
    උබට උබව අවශ්‍යම මොහොත දැන්..
    අනික එපා උන් එපා බන්..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    oya athdakeema jeewithaye idiri kalayata hari wadagath. akamathi nam iwathwenna ida denna andagen passen yanna epa. meka parajayak kiyala hithannath epa.
    අපි කාලය ශ්‍රමය ධනය අවධානය යොමුකළ යුත්තේ අපි වෙනුවෙන් එවන් කැපවීමක් පෙන්වන අයට පමනයි.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒක නැතිවෙන්න වෙන target එකක් හොයා ගනින් බන්.. මං ඔයවගේ කෙල්ලෙක්ව අමතක කරන්න හිතාගෙන hackathon ගහන්න ගත්තා.. සමහර ඒවා දින්නා, සමහර ඒවා පැරදුනත් experience ගත්තා, තවත් දිනන ආසාව වැඩිවුණා .. ඒවත් එක්ක මාසෙන් වගේ ඕවා සේරම අමතක වෙලා ගියා .

    කොල්ලෙක්ට උපතින්ම එන rough mode එකක් තියෙනවා මචන්.. අන්න ඒකට වරෙන් ඉස්සෙල්ලම.. ඊටපස්සේ සාමාන්‍ය සමාජෙට ගැලපෙන්න හීලෑ වෙයන්.. එතකොට කවුරු හිටියත් ගියත් තමන්ට ප්‍රශ්නයක් නෑ..

    Love එකක් කියන්නෙ ද්විපාර්ශ්වික දෙයක්.. One side love කියලා හුත්තක්‌ නෑ..එක පැත්තකින් යුතුකම් වෙන්නෙ නැත්නම් love එක නෑ එතන.. උඹ දැන් love ඒකිට නෙවේ එකිත් එක්ක හදපු memories වලට.. ස්වභාවිකව ඕවා කාලයක් ගියාම මතකෙන් blur වෙනවා අළුත් මතක එකතු වෙනකොට.. එතකන් උඹ කැමති දේකට හිත යෝදොපන් මචන්..
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,914
    113
    Abyss
    රෑටනම් අව්ලක් නෑ බන් මට. උදේට තමා. නැගිට්ට ගමන් මතක් වෙනව. පට්ට අවුල් එතකොට. 😥
    මේක මටත් එහෙමයි. ඔයාගෙ තරම් දිග love එකක් නොවුනත් මගෙ first love එක. නිකන් හිටියොත් අනිවාර්යෙන්
    මතක් වෙනවා.. මාත් thread එකක් දාන්න හිටියේ.. busy වෙන එක තමා මමනම් දැනට කරන්නේ.. මුල් පැය භාගය
    වගේ අමාරුයි.. ඒත් flow එක වැටුනම පැය 02k විතර ඉන්න පුලුවන්..

    යාලුවොන්ට කතා කරලා ඔයාගෙ දුක කියල වද දියන්. උන් වදයක් කියල හිතුවත් කමක් නෑ. මේ වගේ වෙලාවක
    අපෙ දුක අහන් ඉඳල හොඳ උපදෙසක් දෙන්න පුලුවන් යාලුවෙක් ඉන්න ඕන.

    මටත් තාම හරි ගිහින් නෑ.. ඒත් කාලයක් එක්ක හරියයි කියල හිතනවා.

    good luck බන් ...