breakup එකකින් ගොඩ එන්න උදව්වක් ඕන. හිත හදාගන්න අමාරුයි.

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,627
    125,152
    113
    දෙහිවල
    ඒක නැතිවෙන්න වෙන target එකක් හොයා ගනින් බන්.. මං ඔයවගේ කෙල්ලෙක්ව අමතක කරන්න හිතාගෙන hackathon ගහන්න ගත්තා.. සමහර ඒවා දින්නා, සමහර ඒවා පැරදුනත් experience ගත්තා, තවත් දිනන ආසාව වැඩිවුණා .. ඒවත් එක්ක මාසෙන් වගේ ඕවා සේරම අමතක වෙලා ගියා .

    කොල්ලෙක්ට උපතින්ම එන rough mode එකක් තියෙනවා මචන්.. අන්න ඒකට වරෙන් ඉස්සෙල්ලම.. ඊටපස්සේ සාමාන්‍ය සමාජෙට ගැලපෙන්න හීලෑ වෙයන්.. එතකොට කවුරු හිටියත් ගියත් තමන්ට ප්‍රශ්නයක් නෑ..

    Love එකක් කියන්නෙ ද්විපාර්ශ්වික දෙයක්.. One side love කියලා හුත්තක්‌ නෑ..එක පැත්තකින් යුතුකම් වෙන්නෙ නැත්නම් love එක නෑ එතන.. උඹ දැන් love ඒකිට නෙවේ එකිත් එක්ක හදපු memories වලට.. ස්වභාවිකව ඕවා කාලයක් ගියාම මතකෙන් blur වෙනවා අළුත් මතක එකතු වෙනකොට.. එතකන් උඹ කැමති දේකට හිත යෝදොපන් මචන්..
    පට්ට.. සරලවම කියලා 👊👊
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    මචන් මෙහෙම දෙයක් මේකෙ දාන එක අවුල්නම් සමාවෙන්න. anonymous forum එකක මේක දාල අදහස් ටිකක් දැනගන්න හිතුන. මට පට්ට අව්ලක ඉන්නෙ. ගිය මාසෙ මැද මන් ආදරෙ කරපු කෙල්ල මාත් එක්ක breakup උනා. අවුරුදු 3ක් affair එක. 2019 අපි දෙන්න යාළු උනේ. මම පට්ට ආදරෙ කරා. එක පාරට හෙණ ගහනව වගේ ගිය මාසෙ මුල කීව ඈත් වෙමු කියල. මුලින්ම කීවෙ මාස 6ක් ඈත් වෙලා ඉමු කියල ඊට පස්සෙ අවුරුද්දක් ඉමු කීව. එහෙම ඉන්න අමාරුයි මචන්. මට පිස්සු හැදුණෙ නැති එක විතරයි. තවම recover වෙලා නෑ හරියට. හරි හේතුවක් කියන්නෙත් නෑ. ගෙදරින් යාලු වෙන එකට කේස් කීව, ඊට පස්සෙ මන් ගැන හිතේ නෑලු, මාව feel වෙන්නෙ නෑ කියල කීව. ඒව අහද්දි මට නිකන් පිහියෙන් අනිනව වගේ. එයාම මාව වදයක් කියල whatsapp එහෙම බ්ලොක් කරා. මම වැඳල ඉල්ලුව මාව දාල යන්න එපා කියල. මම එච්චර පාච්චල් වෙලා නෑ මචන් කාටවත් මොකේටවත්. හිත හදාගන්න අමාරුයි. ඒත් කොහොමහරි try කරන්න වෙනව. ඒත් තමව හිත පිළිගන්න කැමති නෑ. මම පට්ට බොලඳ වෙලා ඒක මටම තේරෙනව 😅 මම ඉස්සර මෙහෙම නෑ. අනේ මන්ද මොනව කරන්නද කියල. වැඩක් කරන්න හිත දෙන්නෙත් නෑ. මට හිතෙනව එයා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලාද කියල, ඒක මතක් වෙද්දි මට පිස්සු හැදෙනව පට්ට අවුල්. ඒත් එයා කියන විදිහට එයා හැසිරුණ විදිහට එහෙම කියල මට හිතෙන්නෙත් නෑ. මන් රැවටිලද දන්නෙත් නෑ හැබැයි. 😅 කෙල්ලගෙ ගෙදරින් එන pressure එක තමා මටනම් හිතෙන්නෙ හේතුව. එයාට එයාගෙ තාත්තට කියන්න බෑලු එයා යාළු වෙලා ඉන්නෙ කියල, තාත්තගෙ හිතේ කෙනෙක් ඉන්නවලු, උට එයා කැමති වෙනවලු. 😥 එයාල පොඩ්ඩක් traditional තාත්තට ගොඩක් බය family එකක්. මට වෙලාවකට හිතෙනව කෙලින්ම ගිහින් තාත්තට කතා කරන්න, ඒක කියද්දි කෙල්ල කියනව එපා තාත්ත එයාව මරයිලු. අපේ ගෙදරින් ඒ family එකට කේස් එන්න ඉඩ තියෙද්දිත් ඒව වැඩක් නෑ කියල මම ලව් කරේ. මොනව කරන්නද තේරෙන්නෙ නෑ මචන් මට. experiences තියන අය දෙනවද උපදෙස් ටිකක් මේක විසඳගන්නෙ කොහොමද කියල? හිත හදාගන්න මම මොනවද කරන්න ඕන?
    උපදෙසක් දෙන්නම් මම ආදරේ ගැන expert කෙනෙක් නෙවෙයි හැබැයි. එකපාර්ශවික ආදරයක් තිබ්බේ. මමත් හිතුවා මට එයාව දවසට 100පාරක් විතර මතක් වෙන එක නවත්තන්න බැරි වෙයි කියලා. ඊටත් වඩා අවුල මට එහෙම එයාව අමතක කරන්න ඕනි නැති එක. ඒත් අමාරුවෙන් ඔක්කෝම connection අයින් කරලා දැම්මා. එයා සම්බන්ධ කිසිම දෙයක් දැන් දකින්නේ නෑ ඇහෙන්නේ නෑ. වෙන වැඩ වලට කාලේ යොදවන්න නිකන් හිත හිත ඉන්න එපා. එයා මතක් වෙනකොට වෙන දෙකට හිත යොදවන්න පුරුදු වෙන්න සමහරවිට හිතනවට වඩා කාලයක් යයි එකට. කාලයක් ගිහින් දැන් මගේ තත්වේ ගොඩක් හරි ගිහින් තියෙන්නේ ඔය දේවල් වලින්. අවුරුදු 7ක් 8ක් වගේ තිබ්බ පිස්සු අන්තිමට අයින්ම වගේ කරේ ඔහොම. කාලය කියන එකත් එක බෙහෙතක්.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,914
    113
    Abyss
    ඔව්.. නැත්නම් ගෙදරින් case කියලා මූව block කරයිද නේ? අනිත් එක එච්චර නිවට ගෑණු බැන්දම ප්‍රශ්න double වෙනවා..
    මේකනම් කෙල්ලගෙ බොරුවක් කියල මන් හිතන්නේ. අයින් වෙන්න ඕන වුනාම කෙල්ලො රටේ නැති
    හේතු හදල කියනවා.. ඒ කෙල්ලට මෙයාව එපා වෙලා තියෙන්නේ ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    ලව් කරන්න ජීවත් වෙන්න එපා. ජීවත් වෙන නිසා ලව් කරපන්. කොහොම උනත් පොටෝ එකක් බලන්නෙ නැතුව මීට වඩා උදව්වක් කරන්න අමාරුයි මිත්‍රයා
     
    • Like
    Reactions: siri_ayya

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    තාත්තට කියන්න බෑලු එයා යාළු වෙලා ඉන්නෙ කියල, තාත්තගෙ හිතේ කෙනෙක් ඉන්නවලු, උට එයා කැමති වෙනවලු. 😥
    මේ තියෙන්නේ මල්ලි කතන්දරේ ලස්සනට. අවුරුදු ගාණක පලපුරුද්දෙන් කියන්නේ. කෙල්ලෙක් සිරා ලවු නම් ඔය ගෙදරට බය, තාත්තට බය, අයියට බය පයියට බය කතා නෑ පුතේ. හිත හදාගනින් ඉතින්. සමහර විට ඒකි උඹව බඳින්න ආස්‍රය කරන්න නැතිව ඇති. බැක් අප් එකක් විදියට, නැත්තම් කොල්ලා විදියට තියාගන්න( මානසික ආතල්) ඇත්තේ උඹව. එහෙම කෙල්ලොන්ට තප්පරෙන් අමතක කෙරුවැකි බං කොල්ලව. ඕන තරම් ඔය සිද්දි දැකලා තියෙනවා.
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    උඹ දැන් love ඒකිට නෙවේ එකිත් එක්ක හදපු memories වලට
    මේක ඇත්ත කියල මටත් තේරීගෙන එන්නෙ. ඒකි දැන් ආපහු ආවත් ඉස්සර වගේ ඉන්න පුළුවන් වෙයිද මට සැකයි. ඒත් මතක තමා අමතක කරන්න අමාරු. Thanks advice එකට මචන්. මාත් developing side එකේ ඉන්නෙ. field එකට අලුත්. ඔක්කොම අමතක වෙන්න බර දාල අලුත් framework එකක්වත් ඉගෙන ගන්න ඕන.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    oya tatta paule seen okkoma baila machan. dan ubawa epanm matat epa kiyala kelin idahan . Amarui tama. Pataranga boot kawa apit.apit ohoma hituwa.kelo gatta. Tawa ekekta wenna oni nati nisa kiyanne. Eki ubata kamathi na kiyana eka piliganin mulin. Wena ubata hita giya kellek innawanm katakarapan. Gym ekakata wage palayan. Lassanata kala bila yaluwo ekka idapan happy eke pennat ekka. Ara katawak tiyenne There’s always more kiyala. Loke billion 8 k wage inno. Ekek nisa nasti wenna epa
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මේක මටත් එහෙමයි. ඔයාගෙ තරම් දිග love එකක් නොවුනත් මගෙ first love එක. නිකන් හිටියොත් අනිවාර්යෙන්
    මතක් වෙනවා.. මාත් thread එකක් දාන්න හිටියේ.. busy වෙන එක තමා මමනම් දැනට කරන්නේ.. මුල් පැය භාගය
    වගේ අමාරුයි.. ඒත් flow එක වැටුනම පැය 02k විතර ඉන්න පුලුවන්..

    යාලුවොන්ට කතා කරලා ඔයාගෙ දුක කියල වද දියන්. උන් වදයක් කියල හිතුවත් කමක් නෑ. මේ වගේ වෙලාවක
    අපෙ දුක අහන් ඉඳල හොඳ උපදෙසක් දෙන්න පුලුවන් යාලුවෙක් ඉන්න ඕන.

    මටත් තාම හරි ගිහින් නෑ.. ඒත් කාලයක් එක්ක හරියයි කියල හිතනවා.

    good luck බන් ...
    ඔව් බන්. වාසනාවට එහෙම කොල්ලො සෙට් එකක්නම් ඉන්නව මට. උනුත් නිතරම කෝල් කරල විස්තර අහනව ප්‍රශ්නෙ ගැන, හිත හදනව. ඒ අතින් නම් අවුලක් නෑ. උබටත් good luck මචන්. හොඳට වැඩ ටික කරගනින්. 👊
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    ගැනිව පේන හැම එකක්ම අයින් කරපන් , යාලුවො සෝශල් මිඩීයා ඔක්කොම සෝශල් මීඩියා බ්ලොක් කරපන් ඒකි යන තැන් වලට නොගිහින් ඉදපන් , Purpose එකක් තියාගෙන මනෝ ගහපන්
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ගැනිව පේන හැම එකක්ම අයින් කරපන් , යාලුවො සෝශල් මිඩීයා ඔක්කොම සෝශල් මීඩියා බ්ලොක් කරපන් ඒකි යන තැන් වලට නොගිහින් ඉදපන් , Purpose එකක් තියාගෙන මනෝ ගහපන්
    උබලගේ පල්ලියට කියලා යාලු කරලා දෙන්න බැරිවෙයිද
     
    • Haha
    Reactions: siri_ayya