Buddhism and Deities ~ බුදු දහම සහ දෙවියෝ.....

කතරගම, විෂ්ණු දෙ&#3520

  • ඔව්.. මම පුද පූජා කරමි...

    Votes: 35 34.7%
  • නැහැ.. මම ප්‍රතික්ෂේප කරමි...

    Votes: 66 65.3%

  • Total voters
    101

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මට තියන ප්‍රශ්ණයක් මේක....
    අපි පිනක් කරද්දි දෙවියන්ට හෝ මලගිය ඇත්තන්ට ඒ පින මෙත් වඩන්න පුලුවන්....
    අපිට පවක් කරලා එහෙම කරන්න බැරි ඇයි????

    පව් ගොඩක් කරපු කෙනෙක් මැරුනාම, අපි කරන පිනෙන් කොහොමද ඒ පුද්ගලයට බලපාන්නේ?

    පව් අනුමෝදන් කරන්න පුළුවන් බන් ,කෙනෙක්ට වස් කවි කියලා හෙන ඉල්ලලා ,අවැඩක් වෙන්න කියලා හිතුවාම පව් තමා අනුමෝදන් වෙන්නේ ,හැබැයි පින් අනුමෝදන් කරාම හොඳ ප්‍රතිපල එනවා වගේම පව් අනුමෝදන් කරාම නරක ප්‍රතිපල එනවා
    මචන් පිනක් කරන්න ඕනේ කුසල් සිතකින් ,කෙටියෙන් කිව්වොත් රාග ,ද්වේශ ,මෝහ නැති සිතකින් ,ඒ කියන්නේ ඇලෙන්නේත් නැති ,ගැටෙන්නෙත් නැති ,ඒ දෙක අතර මැනීම නොකරන සිතකට ,සිත පිරිසිදු නම් පිරිසිදු චිත්ත කිරණ විශ්වයට මුදා හැරෙනවා ,ඒ කිරණ ගන්න පුළුවන් අය ඉන්නවා ,
    දැන් අපිට බත් කන්න පුළුවන් ,හැබැයි ආලෝකය ,හිරු එළිය කන්න බෑනේ ,හැබැයි වී ගහට පුළුවන් ආලෝකය තවත් දේවල් උදව් කරගෙන හාල් බවට බත් බවට පත් කරන්න
    හැබැයි අපිට ඇහැට පෙන්නේ නැති කොට්ටාශ ඉන්නවා මේ කිරණ අරගෙන තමන්ගේ තත්වය උසස් කරගන්න
    ඒ කිරණ අරගෙන ඒ අය අපිට සෙතක් වෙන්න කියලා පතනවා ,ඒ අයගේ හොඳ චේතනාවල යම්කිසි බලපෑමක් අපිට තියෙනවා
    හැබැයි ඒ බලපෑම ඔය මිනිස්සු ඉල්ලන තරම් නම් ලැබෙන්නේ නෑ
    අපි කිසිම දෙයක් ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්නත් නරකයි
    ඒක හරියට දානයක් හිගන්නන්ට දීලා ,තමුන්ට කවද හරි මේ හිගන්නා උදව් කරයි කියලා හිතනවා වගේ ,එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
    පිං කමක් කරලා ඒකෙන් තමුන්ගේ ලෙඩ රෝග නැති වෙන්න ,එන ආත්මේ හොඳ වෙන්න ,සල්ලි හම්බ වෙන්න කියලා හිතනවානම් ඒ පිංකමේ ප්‍රතිපල අඩුයි
    සිත පිරිසිදු කරගෙන දෙන සුළු දානයක් වුනත් මහත් පල මහානිසංසයි
    ඉතාම සුළු පිංකම් කරලා සුගති ලබපු අය ගැනත් ,ඉතාමත් සුළු අකුසල කරලා දුගති වල ගිය ගැන උදාහරණ බණ කතාවල ,ජාතක කතාවල සෑහෙන්න තියෙනවා

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මම ලගදී කියෙවුවා පුජ්‍ය වේවැල්දෙණියේ නන්දසීල හිමියන් විසින් සම්පාදිත තිපිටක විශාරද ඇති පුජ්‍ය න උයනේ අරියධම්ම නාහිමියන්ගේ දේශනා ඇසුරෙන් රචිත පොතක්.. පොතේ නම "නොපෙනෙන ලොව සබැ තතු"

    ඔය පොතේ ඕකට හොද උත්තරයක් තියනවා...
    සාරාංශයක් වශයෙන් කියනවා නම් පින හෝ පව නිපදවා ගන්නේ අපේ සිත විසින්මයි...
    එය වැඩි දිවූනු කරගැනීමත් අපි විසින්ම සිදු කරන දෙයක්...
    කරපු පිනක් නිතර නිතර මතක් කරනකොට ඒ පින වැඩි දිවුණු වෙනවා වගේම කරපු පවු ගැනත් නිතර නිතර මතක් කරනකොට පසුතවෙනකොට පවත් වැඩි දිවුණු වෙනවා...

    එතකොට අපි කරන පින කොහොමද වෙන අයට දෙන්නේ??
    මටත් තිබ්බ ප්‍රශ්නයක් ඕක...
    එකටත් අර පොතේ පිළිතුරක් තියනවා...
    පිනක් අනුමෝදම් කරනවා කියන්නේ තමන්ගේ පිනෙන් කොටසක් දෙන එක නෙමෙයි...
    අපි මතක් කරන කෙනා (දෙවියෙක්, මලගිය කෙනෙක්) අපි කරන පින දිහා බල සතුටු වීමයි...
    මොකද ඒ අයත් එකට සහබාගි කරගන්නවා කියල විශාල සතුටක් ඒ අයට ඇති වන නිසා...
    එකෙන් ඒ අය තවත් සුගතිගාමී වෙනවා...

    එතකොට මලගිය අයටයි දෙවියන්ටයි විතරද එහෙම පින් අනුමෝදම් කරන්න පුළුවන්??
    නැහැ... අපිටත් පින් අනුමෝදම් කරගන්න පුළුවන්...
    කෙනෙක් කරන පිනක් දිහා බලලා අපිටත් ඒ පින් අනුමෝදම් කරගන්න පුළුවන්....
    සාදුකාර දීලා හිත පහදවා ගන්න පුළුවන්...
    මහා ලොකුවට සල්ලි ඕනේ නැහැ පින් කරන්න කියන්නේ එකයි...
    එක මලක් පුජා කරලා කල්ප ගානක් දෙවුලොව මනුලොව සැප වින්දා කියල බන කතා අහල තියනවා නම් එකට හේතු වෙන්නේ ඔය වගේ හේතුවක්....

    පවත් ඒ වගේම තමා... මොනයම් හෝ විදිහකට කරපු පවක් ගැන කියල කෙනෙක් සතුටු වෙනවා නම් දිගින් දිගටම එයට ඒ පවා අනුමෝදම් වෙනවා...
    වෙන කෙනෙකුත් එක දිහා බලල සතුටු වෙනවා නම් එතකොට එයටත් ඒ පව අනුමෝදම් වෙනවා...

    මම අරුට බොරු කළා... මම අරකිට අහවල් වැඩේ කළා... මම බිවුවා මෙච්චරක්... අපි ත්‍රස්තයෝ මෙච්චර ගානක් මරුවා.... මම නම් හම්බයෝ මෙච්චර ගානක් මරනවා... මමත් මරාගෙන මැරෙනවා... මම මෙච්චර ගානක දෙයක් ඉස්සුවා කියලා සමහර අය තමන් කරපු, කරන්න ඉන්න අකුසල කර්ම ගැන මහා උජාරුවට කියවනවා....

    කෙනෙක් ඒ දේ දිහා බලලා සතුටු වෙනවා නම් එතැනදී එයාට අර අකුසලය අනුමෝදම් වෙනවා...
    එකෙන් ඇතිවන විපාකය දුක් විපාකයක්මයි...

    ඒ නිසා කුසලයකදී සතුටු වෙන්නත් නිතර නිතර මතක් කරන්නත්... අකුසලයකදී ඊට හවුල් නොවීමටත් වචනයෙන් හෝ අනුබල නොදීමටත් හිතට ගන්නවා නම් හොදයි...

    අනික පිනක් කලහම හැමවිටම "මේ පින උතුම් වූ නිවන පිණිසම හේතු වේවා" කියල ප්‍රර්ථනා කරන්න.

    මම ඇසුරු කරන ලද ධර්ම කාරණා ඇසුරෙන් ලියන ලද්දක් වන අතර වැරදි ඇත්නම් අනුකම්පා කොට නිවැරදි කරත්වා...​

    උඹ කියන දේට මට එකඟ වෙන්න වෙනවා....
    එක හමුදුරුවෝ කෙනෙක් පිනෙයි,කුසලයෙයි වෙනස පහදද්දි ඔය වගේ දෙයක් දේශණා කලා..

    පින ~ මිනිහෙක් දානයක් දීම..
    කුසලය ~ ඒ දිහා බලන් ඉන්න අපි හිතින් හිතනව ඒක හරි හොඳ වැඩක් කියලා.

    පව ~ මිනිහෙක් අපේ හතුරෙක්ව මැරීම
    අකුසලය ~ ඒක දැනගත්තු අපි සිතින් සිතීම, අනේ හොඳ වැඩේ ඕකට ඔහොම වෙලා මදි කියලා

    එතකොට අපි අමුතුවෙන් අනුමෝදම් කරන්න ඕනී නැහැ නේද? අපි පිනක් කරන එකයි වැදගත්, එහෙම දෙවි කෙනෙක් ඉන්නවනම් අනුමෝදම් කරගනියි. තව අපි පවක් නොකරන එක වැදගත්, කොහොමද අපි මැරුනු කෙනාගේ හතුරෙක් මරණවා.. ඒකෙන් ඒ අය බලන් ඉන්නවනම් අකුසල් අනුමෝදම් කරනගන්නවනේ. එහෙම කියලා සමහර දේවල් අපිට අත අරින්නත් බැහැ, මිනීමරුවෙක්ව පොලීසියට භාරදීලා ඒ මනුස්සයට නීතියෙන් දඬුවම් දීම..
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    නැහැ.. මම ප්‍රතික්ෂේප කරමි...

    කපුවා අවේස වෙන්නේ සල්ලි දුන්නහමලු නේද....:lol:විශ්වාස කරපන් මම තාම කතරගම ගිහින් නැහැ...යන්න චාන්ස් ඕන තරම් ආවා..ඒත් ගියේ නැහැ..

    Sira Kollek
    11.gif

    Mamath thawama gihin ne

    Yanna idea ekekuth ne...
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පව් අනුමෝදන් කරන්න පුළුවන් බන් ,කෙනෙක්ට වස් කවි කියලා හෙන ඉල්ලලා ,අවැඩක් වෙන්න කියලා හිතුවාම පව් තමා අනුමෝදන් වෙන්නේ ,හැබැයි පින් අනුමෝදන් කරාම හොඳ ප්‍රතිපල එනවා වගේම පව් අනුමෝදන් කරාම නරක ප්‍රතිපල එනවා
    මචන් පිනක් කරන්න ඕනේ කුසල් සිතකින් ,කෙටියෙන් කිව්වොත් රාග ,ද්වේශ ,මෝහ නැති සිතකින් ,ඒ කියන්නේ ඇලෙන්නේත් නැති ,ගැටෙන්නෙත් නැති ,ඒ දෙක අතර මැනීම නොකරන සිතකට ,සිත පිරිසිදු නම් පිරිසිදු චිත්ත කිරණ විශ්වයට මුදා හැරෙනවා ,ඒ කිරණ ගන්න පුළුවන් අය ඉන්නවා ,
    දැන් අපිට බත් කන්න පුළුවන් ,හැබැයි ආලෝකය ,හිරු එළිය කන්න බෑනේ ,හැබැයි වී ගහට පුළුවන් ආලෝකය තවත් දේවල් උදව් කරගෙන හාල් බවට බත් බවට පත් කරන්න
    හැබැයි අපිට ඇහැට පෙන්නේ නැති කොට්ටාශ ඉන්නවා මේ කිරණ අරගෙන තමන්ගේ තත්වය උසස් කරගන්න
    ඒ කිරණ අරගෙන ඒ අය අපිට සෙතක් වෙන්න කියලා පතනවා ,ඒ අයගේ හොඳ චේතනාවල යම්කිසි බලපෑමක් අපිට තියෙනවා
    හැබැයි ඒ බලපෑම ඔය මිනිස්සු ඉල්ලන තරම් නම් ලැබෙන්නේ නෑ
    අපි කිසිම දෙයක් ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්නත් නරකයි
    ඒක හරියට දානයක් හිගන්නන්ට දීලා ,තමුන්ට කවද හරි මේ හිගන්නා උදව් කරයි කියලා හිතනවා වගේ ,එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්
    පිං කමක් කරලා ඒකෙන් තමුන්ගේ ලෙඩ රෝග නැති වෙන්න ,එන ආත්මේ හොඳ වෙන්න ,සල්ලි හම්බ වෙන්න කියලා හිතනවානම් ඒ පිංකමේ ප්‍රතිපල අඩුයි
    සිත පිරිසිදු කරගෙන දෙන සුළු දානයක් වුනත් මහත් පල මහානිසංසයි
    ඉතාම සුළු පිංකම් කරලා සුගති ලබපු අය ගැනත් ,ඉතාමත් සුළු අකුසල කරලා දුගති වල ගිය ගැන උදාහරණ බණ කතාවල ,ජාතක කතාවල සෑහෙන්න තියෙනවා

    මම තව කෙනෙක්ට පවු අනුමෝදම් කිරීම උඹ කියන විදිහට වෙනවා කියලා පිළිගන්න කැමති නැහැ...
    මොකද ඉපදීමට ජීවිතය ගෙනයාමට හේතුවන සියලු කර්ම වෙන කෙනෙක් කරගත් දෙයක් නොව අපි විසින්ම කරගන්නා දෙයක් බව බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියනවා...
    එහෙනම් පින් හෝ පවු. වෙන වචනෙකින් කියනවා නම් කුසල් හෝ අකුසල් තව කෙනෙක් අපිට කරලා නොදෙන බව පැහැදිලි වෙනවා....
    එය අපි විසින්ම කරගන්න දෙයක්...

    "කෙනෙක්ට වස් කවි කියලා හෙන ඉල්ලලා ,අවැඩක් වෙන්න කියලා හිතුවාම පව් තමා අනුමෝදන් වෙන්නේ"

    එකෙන් වෙන්නේ තමන්ට ඒ පව අනුමෝදම් වීමයි....
     
    Last edited:

    උඹ හරි අපි හොඳ දෙයක් කරලා අපිට අපස්සට දේවල් බලපොරොත්තු වෙන්න බැහැ... අපිට ඒකෙන් හොඳක් උනත් නැතත් අපි හිතින් සතුටු වෙන්න ඕනී එවැනි දෙයක් කිරීම ගැන... එහෙම ජීවත් වෙන කෙනෙක්ට හිතින් දැවෙන ප්‍රශ්ණ අඩුයි. හිරු එලිය අපිට කන්න බැහැ හැබැයි අපිට අවශ්‍ය‍යි, ඒ ප්‍රභාසංස්ලේශනයෙන් ශාඛ නිපනදවන ආහාර පමනක් නෙමෙයි.... හමට විටමින් ඩී, ඔක්කොටමත් වඩා ආලෝකය. මගේ මතය හොඳ දේවල් කරන්න ඕනී අන් අයගේ හොඳට..
    විශේෂයෙන්ම නොපෙනන දෙයකට වඩා ඇහැට කනට පේන මනුස්සයන්ට, සත්තුන්ට සහ පරිසරයට.... මිනිහෙක් මැරුනට පස්සේ ලොකු දාන දෙන එකට වඩා වටිනවා, ඒ මනුස්සයා ජීවත් වෙලා ඉන්න කාලේ ඒ මනුස්සය වෙනුවෙන් කරපු හොඳ වැඩ.මේ රටේ ඕකයි නැත්තේ... අම්ම තාත්තා බලගන්නේ නැහැ වයසට ගියාම, හැබැයි මලාට පස්සේ ලොකු දාන දෙන්න හදනවා...
     
    • Like
    Reactions: keerthi.mac

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ කියන දේට මට එකඟ වෙන්න වෙනවා....
    එක හමුදුරුවෝ කෙනෙක් පිනෙයි,කුසලයෙයි වෙනස පහදද්දි ඔය වගේ දෙයක් දේශණා කලා..

    පින ~ මිනිහෙක් දානයක් දීම..
    කුසලය ~ ඒ දිහා බලන් ඉන්න අපි හිතින් හිතනව ඒක හරි හොඳ වැඩක් කියලා.

    පව ~ මිනිහෙක් අපේ හතුරෙක්ව මැරීම
    අකුසලය ~ ඒක දැනගත්තු අපි සිතින් සිතීම, අනේ හොඳ වැඩේ ඕකට ඔහොම වෙලා මදි කියලා

    එතකොට අපි අමුතුවෙන් අනුමෝදම් කරන්න ඕනී නැහැ නේද? අපි පිනක් කරන එකයි වැදගත්, එහෙම දෙවි කෙනෙක් ඉන්නවනම් අනුමෝදම් කරගනියි. තව අපි පවක් නොකරන එක වැදගත්, කොහොමද අපි මැරුනු කෙනාගේ හතුරෙක් මරණවා.. ඒකෙන් ඒ අය බලන් ඉන්නවනම් අකුසල් අනුමෝදම් කරනගන්නවනේ. එහෙම කියලා සමහර දේවල් අපිට අත අරින්නත් බැහැ, මිනීමරුවෙක්ව පොලීසියට භාරදීලා ඒ මනුස්සයට නීතියෙන් දඬුවම් දීම..

    පින හා කුසලය කියන එක දෙකක් කියල ගන්න එකෙත් වැරද්දක් තියනවා කියලා මම දකින්නේ... එක හරියට පහනක් දල්වන විට අදුර නසන්නාක් මෙන්ම ආලෝකය පැතිරීමත් සිද්ද වෙනවා....
    කුසලය කියන්නේ ලොබ ද්වේශ මෝහ ආදී කෙලෙස් දුරුවීම වන අතර පින කියන්නේ සිතේ ඇතිවන පිරිසිදු බාවයට. නමුත් දෙකම එකක් බව පැහැදිලි වෙනවා නේද??

    චේතනාව හොද නම් කුසලයක් වෙන අතර නරක නම් අකුසලයක් සිද්ද වෙනවා කොහොමත්...
    අපේ සමාජ රටාවට අනුව ඒ දේ හරි කියල හිතුනත්...
    මේ තියන සමාජ රටාවත් නිත්‍ය දෙයක් නෙමෙයි...
    කාලෙන් කාලෙට වෙනස් වෙමින් යන සමාජ රටාවක් තියෙන්නේ...
    නමුත් බුදුන් වහන්සේ දේශනා කල ලෝක ධර්මතාවය වෙනස් වෙන්නේ නැහැ...
    තියන චේතනාව අනුව තමා කුසලය හෝ අකුසලය සිද්ද වෙන්නේ...
    එක තමන් ඉන්න සමාජ රටාවට නිවැරදි උනත් ලෝක ධර්මතාවය අනුව ක්‍රියාව හරි හෝ වැරදි වෙන්න පුළුවන් චේතනාව අනුව...
    උදාහරණයක් විදිහට මුස්ලිම් රටවල වැරද්දක් කලොත් අමානුෂික විදිහට මරනවා...
    සත්තු මරණ එක ඒ අයට සාමාන්‍ය දෙයක්....
    නමුත් හිතාගෙන ඉන්නේ ඒ දේ තම හරි කියලා...
    තව විවිධ අමානුෂික විශ්වාස තියනවා ආගමෙන් උගන්වන...
    නියත මිත්‍යා දෘෂ්ටිය පිහිටලා වැඩ කරනවා...

    නමුත්..
    මේ දේවල් කලොත් අකුසල් රැස් වෙනවා කියල අවබෝදයක් නැති කම නේද මේ හැම දෙකටම හේතුව??
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මම තව කෙනෙක්ට පවු අනුමෝදම් කිරීම උඹ කියන විදිහට වෙනවා කියලා පිළිගන්න කැමති නැහැ...
    මොකද ඉපදීමට ජීවිතය ගෙනයාමට හේතුවන සියලු කර්ම වෙන කෙනෙක් කරගත් දෙයක් නොව අපි විසින්ම කරගන්නා දෙයක් බව බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියනවා...
    එහෙනම් පින් හෝ පවු. වෙන වචනෙකින් කියනවා නම් කුසල් හෝ අකුසල් තව කෙනෙක් අපිට කරලා නොදෙන බව පැහැදිලි වෙනවා....
    එය අපි විසින්ම කරගන්න දෙයක්...

    "කෙනෙක්ට වස් කවි කියලා හෙන ඉල්ලලා ,අවැඩක් වෙන්න කියලා හිතුවාම පව් තමා අනුමෝදන් වෙන්නේ"

    එකෙන් වෙන්නේ තමන්ට ඒ පව අනුමෝදම් වීමයි....

    මම කිව්වේ කුසල් අනුමෝදන් කිරීමක් ගැන නෙමේ ,පින් අනුමෝදන් කිරීම ගැන ,ඒවගේම පව් අනුමෝදන් කරාම යම්කිසි කෙනෙක්ට එයින් යම්කිසි ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන් ,මම කියන්නේ නෑ ඒවා සියල්ලම ලැබෙනවා කියලා ,හැබැයි පිනේදී අනුමෝදන් කරන කෙනාට ලැබෙනවා වගේම අනික් පැත්තත් එහෙමයි ,අපි අයහපත් චිත්ත කිරණ පැතුරුවම අනික් කෙනාට වඩා අපි කරගන්න හානිය වැඩියි
    ඒවගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා කර්ම විෂය අචින්ත්‍ය වගේම බුද්ධ විෂයක් කියලා

    "
    එහෙනම් පින් හෝ පවු. වෙන වචනෙකින් කියනවා නම් කුසල් හෝ අකුසල් තව කෙනෙක් අපිට කරලා නොදෙන බව පැහැදිලි වෙනවා.. "

    මේකෙන් පැහැදිලි වෙනවා සහෝදරයා පින් පව් කුසල් අකුසල් ගැන වෙනස්කම් නොදන්නා බව

    මෙහෙමයි බොහෝ අවස්ථාවල පිනක් කරලා තමා කුසලයක් ලබාගන්න පුළුවන් ,පින් නිවන් මාර්ගයට හේතු වෙන්නේ නෑ හැබැයි කුසල් හේතු වෙනවා
    මම උඩිනුත් ඒ බව දාලා තියෙනවා ,පිනක් කරලා ඒක සියලු සත්වයන්ට අනුමෝදන් කරන්න ඕනේ ,

    අකසට්ටචා ගාථාව ,ඉදම්මේ ඥාති ,එත්තවතාච ගාථා තියෙන්නේ ඒ වගේ පින් අනුමෝදන් කරන්න
    මෙන්න මෙහෙම උදාහරණයක් ගමු
    ඔයා චන්දේ ඉල්ලන්න ඉන්නේ ,ඒවෙනුවට ඉස්පිරිතාලයක් හදනවා ,හැබැයි යටි අරමුණ තියෙන්නේ චන්දේ දිනීම ,මේක නිකන්ම නිකන් සාමන්‍ය පිනක් වෙනවා
    හැබැයි ඔයා කිසිම බලාපොරොත්තුවක් නැතිව ඉස්පිරිතාලේ හදලා හාමුදුරුවෝ වැඩම කරලා පින් අනුමෝදන් කරලා සියළු සත්වයන්ට, එය කුසලයක් වෙනවා
    මොකද කුසලය කියන වචනයේ තේරුම කුණු සලා හැරීම කියන එක
    බලාපොරොත්තුවක් නැති නිසා ටික වෙලාවකට හරි ඔයාට උපේකා සිතක් පහල වෙනවා
    ඒවගේම පින සහ කුසලය යන දෙකම සම්පුර්ණ වුණ නිසා මහත් පල අනිසංසත් ලැබෙනවා

    මම කලින් කලේ උබේ මතයට පහර ගැහීමක් නෙමෙයි මචන්... උබ කියන විදිහට නරකක් වෙනවා නම් එක මම දකින්නේ විද්‍යාවකින් සිද්ද කරන දෙයක් හැටියට.... හරියට පිරිත් වගේ. පිරිත් උනත් නිවැරදිය උච්චාරණයෙන් සජ්ජායනය කලොත් එකෙත් ලොකු බලයක් තියනවා කියල අහල තියනවා... ඒ වගේම තම ඔය කියන වස් කවිත්...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පින් කරලා පින් අනුමෝදන් කරලා පිහිට බලපොරොත්තු වෙන එක නෙමෙයි කල යුත්තේ....
    මම මිනිහෙක්ට උදව් කරන්නේ මනුස්ස කමට, ඒකට මට පිනක් ලැබුනත් නැතත් ප්‍රශ්ණයක් නැහැ... නොපෙනෙන දෙයක් වෙනුවෙන් දේවල් කරනවට වඩා කරන්න දේවල් ගොඩක් තියනවා.. දැන් බලහන් මචං මෙච්චර දෙවියන්ට පින් අනුමෝදන් කරන අපේ රටයි අනිත් රටවල් සසඳලා.. කී දෙනෙක් මිනී මරාගන්නවද.. හොරකම් කරනවද කියලා... මේ රට අවුරුදු 30 යුද්ධයක් තියෙද්දි මොන දෙවියෙක්වත් හිටියේ නැහැ... කවුරුත් පිහිට උනේ නැහැ..

    මෙතැනදී කව්රුවත් නොහිතන දෙයක් සිද්දවෙනවා සහෝදරයා. බෞද්ධ මිනිස්සුන්ට මාර බලපෑම් වැඩියි. ඒ හින්දයි අපේ රටවල්වලට කරදර වැඩි. එත් දෙවියන්ගේ උදව්වත් අපේ රටවලට වැඩියෙන් ලැබෙනවා. ලෝකේ බල පරාක්‍රම අතින් බුදුරජානන් වහන්සේටත් වඩා බලයෙන් වැඩියි මාරයාගේ බලය. මාර දිව්‍ය පුත්‍රයාට අනික් රටවල් එක්ක කිසිම බරපතල ප්‍රශ්නයක් නැහැ මොකද ඒ මිනිස්සු සංසාරේ හැමදාමත් මැරෙනවා උපදිනවා. එත් බෞද්ධ උදවිය හරි පාරට වැටුනොත් කවදාහරි මාරයා පරාද වෙනවා. ඒ හින්ද අපේ මිනිස්සුන්ට බුදු දහම එපා වෙන්න නියම බුදු දහමෙන් ඉවතට අරන් යන්න බුදු දහමේ නොදෙන්න පුළුවන් හැම උත්සාහයක්ම මාර තුමා යොදනවා. ඒ හින්දයි අපේ රටවල මිනිස්සුන්ට කරදර වැඩි කියලයි මගේ පුද්ගලික මතය. එතනින් ගැලවෙන්න නම් අපි කොහොමහරි වෙලාවක් යොදාගෙන දහමේ යෙදිලා පින් දහම් කරන්න ඕනෑමයි.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔබ හරි සහෝ ,ආර්ය මාර්ගයේ යන්න උත්සහ කරන මිනිහට අයහපත් ශක්තීන් වල බලපෑම වැඩියි ,ඒවගේම පිට රට විශේෂයෙන් හිරු එළිය අඩුවෙන් වැටෙන රටවල් වලට ඒ බලපෑම් අඩුයි ,ඒ මිනිස්සු දහම නොදන්නවා උනත් ජීවිත සරලයි .එදා වේල කාලා බීලා ලල් එකේ ඉන්නවා ,අපේ මිනිස්සු එහෙමද තමුන්ටත් හම්බ කරගෙන තව පරම්පරා හතකට හම්බ කරන්න යන්නේ ,එකෙන් රැස් කරගන්න පව් ,අකුසල් තව භව ගානකට අපායේ ඉන්න හොඳටම ඇති
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    katharagama yanne kiri wehera wandinna witharay mama mama oya katharagama deyyoo kiyana hands 12 y face 12 k thiyana napunsaka gon hukannawanam piliganne neeee ookata oya widiyatama polu 12 y eta 24 kuth athi neeeda hikzzzzzzzzzzzz

    walli amma uge hora shot eka kiyanneee attada?

    deyyek nam hora shot gahawwe ey

    maha wesige putheknee uuuuu
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    මේකෙන් පැහැදිලි වෙනවා සහෝදරයා පින් පව් කුසල් අකුසල් ගැන වෙනස්කම් නොදන්නා බව

    මෙහෙමයි බොහෝ අවස්ථාවල පිනක් කරලා තමා කුසලයක් ලබාගන්න පුළුවන් ,පින් නිවන් මාර්ගයට හේතු වෙන්නේ නෑ හැබැයි කුසල් හේතු වෙනවා
    මම උඩිනුත් ඒ බව දාලා තියෙනවා ,පිනක් කරලා ඒක සියලු සත්වයන්ට අනුමෝදන් කරන්න ඕනේ ,

    අකසට්ටචා ගාථාව ,ඉදම්මේ ඥාති ,එත්තවතාච ගාථා තියෙන්නේ ඒ වගේ පින් අනුමෝදන් කරන්න
    මෙන්න මෙහෙම උදාහරණයක් ගමු
    ඔයා චන්දේ ඉල්ලන්න ඉන්නේ ,ඒවෙනුවට ඉස්පිරිතාලයක් හදනවා ,හැබැයි යටි අරමුණ තියෙන්නේ චන්දේ දිනීම ,මේක නිකන්ම නිකන් සාමන්‍ය පිනක් වෙනවා
    හැබැයි ඔයා කිසිම බලාපොරොත්තුවක් නැතිව ඉස්පිරිතාලේ හදලා හාමුදුරුවෝ වැඩම කරලා පින් අනුමෝදන් කරලා සියළු සත්වයන්ට, එය කුසලයක් වෙනවා
    මොකද කුසලය කියන වචනයේ තේරුම කුණු සලා හැරීම කියන එක
    බලාපොරොත්තුවක් නැති නිසා ටික වෙලාවකට හරි ඔයාට උපේකා සිතක් පහල වෙනවා
    ඒවගේම පින සහ කුසලය යන දෙකම සම්පුර්ණ වුණ නිසා මහත් පල අනිසංසත් ලැබෙනවා

    මම දැනගෙන තියන විදිහට නම් පින යනු සිතේ ඇතිවන පිරිසිදු බාවයයි... සිතේ හටගෙන තියන ලොබ ද්වේශ මෝහ දුරු කිරීම කුසලයයි.... නමුත් මේ දෙකම එකම ධර්මතාවක් වගේ නේද?? හරියට පහනකින් එලිය පතුරනවා වගේම අදුර නසනවා වගේ??

    තිපිටක විශාරද ඇති පුජ්‍ය න උයනේ අරියධම්ම නාහිමියන්ගේ දේශනා ඇසුරෙන් රචිත "නොපෙනෙන ලොව සබැ තතු" පොතේ ඕකට පිළිතුරක් තියනවා. මම ඒක උපුටා දක්වන්නම්..

    "කුස සංඛතේ පාපකේ අකුසලේ ධමෙම සලයන්ති චලයන්ති කමෙපනති විධංසේනතිතී කුසලං
    පාප ධර්මයන්ට කියනවා කුස කියලා නින්දිතාර්ථයෙන්. අනික සැපය කපා දමන අර්ථයෙන් ද කුස කියා කියනවා. සියලු සම්පත් විනාශ කරන අර්ථයෙන්ද පාපයන්ට කුස කියනවා. කුස නම් වූ කාර්ම කපදමන්නේ, සොලවා දමන්නේ, කම්පා කරන්නේ සුනු විසුනු කරන්නේ යම් ධර්මතාවක් ද එය කුසල කියා හදුන්වනවා. සිතේ පහල වීමට තියන අකුසල් නසන අර්ථයෙන් ද කුසල් නම් වෙනවා.

    එතකොට පුඤඤ හෙවත් පින් කියන එකේ තේරුම මෙහෙමයි. හදයං පුනාතීති පුඤඤං චිත්ත සන්තානය පිරිසිදු කරන අර්ථයෙන් පින කියල කියනවා. සමහරු මේකට කියනවා සිත පිනවීම පිනය කියල. එසේ තේරීම වැරදියි. හදයං පුනාතීති පුඤඤං කියන්නේ පිනවීමක් ගැන නෙමෙයි. සිත පිරිසිදු කරන අර්ථයෙනුයි පින කියන්නේ. පිනවන අර්ථයක් මෙහි තියනවා නම් පීනෙතීති පුඤඤං වෙන්න ඕනේ. සිතේ හටගෙන තියන ලෝබ ද්වේශ මෝහ දුරුවීම කුසල නම් වන අතර සිත පිරිසිදු වීම පින් නමින් හදුන්වනවා. ඒක හරියට පහනකින් එලිය පතුරනවා වගේම අදුර නසනවා වගේ දෙයක්. කුසල් සිතේ ඔය ක්‍රියාකාරී දෙකම සිද්ද වෙන බැවින් එකට කියනවා පින ය, කුසලය කියල. ඒක නම් දෙකක් මිසක් ධර්මතා දෙකක් නෙමෙයි."

    පුළුවන් නම් මේ සදහන් කරපු පොත හොයාගෙන කියවලා බලන්න. සමාජයේ මුල් බැසගෙන තියන ගොඩක් මිත්‍යා මත වලට උත්තර තියනවා...

    මේ කරුණ පටිච්චසමුප්පාදය වැඩිදුර විමසනකොටත් පැහැදිලි වෙන කරුණක්.

    සහෝදරයා කියන විදිහට ඔය විදිහේ සිද්දියක් මම දකින්නේ මහා පුණ්‍ය කර්මයක් කරලා ලෝබ සිත් පහළ කරගෙන තමා විසින්ම ඒ පින බාල කරගන්න අවස්ථාවක්...
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මෙතැනදී කව්රුවත් නොහිතන දෙයක් සිද්දවෙනවා සහෝදරයා. බෞද්ධ මිනිස්සුන්ට මාර බලපෑම් වැඩියි. ඒ හින්දයි අපේ රටවල්වලට කරදර වැඩි. එත් දෙවියන්ගේ උදව්වත් අපේ රටවලට වැඩියෙන් ලැබෙනවා. ලෝකේ බල පරාක්‍රම අතින් බුදුරජානන් වහන්සේටත් වඩා බලයෙන් වැඩියි මාරයාගේ බලය. මාර දිව්‍ය පුත්‍රයාට අනික් රටවල් එක්ක කිසිම බරපතල ප්‍රශ්නයක් නැහැ මොකද ඒ මිනිස්සු සංසාරේ හැමදාමත් මැරෙනවා උපදිනවා. එත් බෞද්ධ උදවිය හරි පාරට වැටුනොත් කවදාහරි මාරයා පරාද වෙනවා. ඒ හින්ද අපේ මිනිස්සුන්ට බුදු දහම එපා වෙන්න නියම බුදු දහමෙන් ඉවතට අරන් යන්න බුදු දහමේ නොදෙන්න පුළුවන් හැම උත්සාහයක්ම මාර තුමා යොදනවා. ඒ හින්දයි අපේ රටවල මිනිස්සුන්ට කරදර වැඩි කියලයි මගේ පුද්ගලික මතය. එතනින් ගැලවෙන්න නම් අපි කොහොමහරි වෙලාවක් යොදාගෙන දහමේ යෙදිලා පින් දහම් කරන්න ඕනෑමයි.

    මමත් මේ අදහසට එකගයි. කෙනෙක් ආර්ය මාර්ගයේ ගමන කරනවට මාරයා කැමති වෙන්නේ නැහැ. නමුත් නුවනින් විමසන්න පුළුවන් තැනැත්තාට මාර බලය කියන ඒක තේරුම අරගෙන එකට මුහුණ දෙනවා කියන ඒක අපහසු කරුණක් නෙමෙයි. මොකද සම්මා දිට්ටිය තියන නිසා. සම්මා දිට්ටිය අති කර ගන්න නම් බුදුන් වහන්සේගේ දේශනා ශර්ධවෙන් පිළිඅරගෙන පුරුදු කරන්න ඕනේ ජිවිතයට...
    ගොඩක් අයට තියෙන්නේ දහම ගැන දැනුමක් විතරයි.. ඒක අවබෝදයක් බවට පත කර ගන්නේ කින් කි දෙනාද?

    මාරයා පින් කරන එකටත් හැම වෙලාවේම අකුල් හෙලනවා කියන්නත් බැහැ. මොකද කුසල් හා අකුසල් දෙකම අපි සිදු කරන්නේ අවිද්‍යාව නිසා. සසරේ ගමන කරන්න කරන්න මේ දෙකම හේතු වෙනවා. නමුත් නිවන් දකින්නට නම් අනිවාර්යෙන් කුසල ශක්තිය තිබිය යුතුමයි. එන නිසා කුසලයකින් බලාපොරොත්තු වෙන්න ඕනේ උතුම්ම චේතනාව වෙන්න ඕනේ උතුම් වූ නිවන මයි.
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    සමන් දෙවි සහ අයියනායක දෙවියන්ව පිලිගනිමි. නමුත් පුද පුජා නොකරමි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Valli Marries the God of the Mountain

    [SIZE=+3]T[/SIZE]he story of Kataragama is perhaps worth repeating as I had not seen it detailed in any of the diaries I have read. As told to me—though there are probably different versions, it is as follows:
    land_katirkama500.jpg

    Kataragama was living in India with his wife Tevanai, with whom he had a "tiff". He left her and went to Ceylon landing at Dondra. Thence he went to Veddahundkanda — a hill above Kataragama.
    vallimu.jpg

    She said she was afraid of nothing except elephants. Immediately Ganesha appeared as an elephant and Walliamma clung to Kataragama asking him to protect her.
    tree-muruga500.jpg

    The Veddhas were proceeding to cut down the tree when at the first blow blood gushed out, so the Veddhas thereby knew him to be a God. [SIZE=+2]K[/SIZE]ataragama was living in India with his wife Tevanai, with whom he had a 'tiff'. He left her and went to Ceylon landing at Dondra. Thence he went to Veddahundkanda — a hill above Kataragama—where he lived alone.
    One day out hunting he met Walliamma, the adopted daughter of a local Veddha. He proposed marriage and she refused. Thereupon he went and consulted his brother Ganesha and asked for his help.
    Next day he appeared as an old Brahmin before Walliamma and asked for food. She gave him some but he said he could not eat it unless he had a drink of water to wash it down. So she agreed to show him the way to the well. On the way he asked her if she was not afraid of living alone in the chena while all the men were away hunting.
    She said she was afraid of nothing except elephants. Immediately Ganesha appeared as an elephant and Walliamma clung to Kataragama asking him to protect her (a most amusing fresco of the scene). He said he would do so if she would marry him. She agreed and the elephant disappeared. So Kataragama brought her back to the chena.
    On their return her family and friends (Veddhas) rushed out to attack Kataragama whereupon he turned himself into a tree. The Veddhas were proceeding to cut down the tree when at the first blow blood gushed out, so the Veddhas thereby knew him to be a God and agreed to the marriage. Thus Kataragama and Walliamma lived together happily for many years.
    After a while Thevanai being tired of being a grass-widow sent Muttulingam Sami—Kataragama's teacher—and a man called Mohamed Navi to search for Kataragam. They searched for a long time and were giving up the task as hopeless when one day Muttulingam Samy found that his opium pipe, which he had left behind the previous day, had been smoked. By this he knew that Kataragam must have done it and that he could not be far off. He was then soon found and was asked to return to India.
    At first Kataragam consented but afterwards refused when he was told that Walliamma could not come too. Kataragam however persuaded Muttulingam Samy to stay behind, but Mohamed Navi returned to India and betrayed Kataragam's whereabouts to Thevanai.
    Thevanai came forthwith to Ceylon and Kataragam built a Kovil for Muttalingam Samy and a mosque for Mohamed Navi on either side of Walliamma's Devale. And now when the perahera conducts Kataragam to Walliamma's shrine there is a furious bell ringing and beating of drums and other loud noises in Thevanai's shrine to drown Thevanai's cries—or as others say to distract her attention. The noise would do either easily!
    It is curious how the part of Mohamed Navi is dragged into the story so as to give the Mohamedans a place in the worship. But they have to "take a back seat" as owing to Navi's betrayal of Kataragama no Mohamedan is allowed to appear within the temple precincts during the perahera under penalty of being beaten.

    sella_kgama.jpg

    Sella Kataragama

    cave_swami.jpg

    Sella Kataragama

    1st August:
    Went out in the early morning to Sella Kataragama about 3 miles North-West of Kataragama where there is a small shrine to Ganesha which is visited by the pilgrims. This is the place tradition says Walliamma met the elephant (Ganesha) when she was escorting Kataragama to the well. It is a beautiful spot all the more delightful in the present dry weather, owing to its greeness. A clear rocky stream makes it cool and green and the fine Kumbuk trees afford pleasant shade—in very marked contrast to the surrounding country which is all burnt up and dry. The fish in the stream are so tame that they will actually eat out of one's fingers! Saw a hermit perched up above the stream in a cave. Was told that he had been there some years.
    I think this Kataragama festival must be a relic of Veddha worship. The traditional connexion of Veddhas with the place eg that they adopted Walliamma; that in early days Veddhas did the work of Kapuralas and the name of the hill above where Kataragama is supposed to have lived—Veddha-hun-kande of Veddha-siti-kande all point to a Veddha origin. Parker in his Ancient Ceylon notes that rock-hills were often connected with the Veddha God-Gale Deviyo and it is quite likely that the Kataragam worship was originally of Veddha descent and that the Kataragama story was imposed by Tamil invaders on a spot already sacred.