මචන් කැමරාවක් ගන්න කොට මතක තියාගනින් උඹ කැමරා හදන කොම්පැනියට අහුවෙන බව. උඹ ලෙන්ස් මාරු කරන්න පුලුවන් කැමරාවක් ගන්නව කියන්නෙ, ඒ කොම්පැනියෙ සිස්ටම් එකට හදපු ලෙන්ස් විතරයි පාවිච්චි කරන්න පුලුවන්. කැනන් හෝ නිකොන් කියලා තෝරගන්නකොට ඒක මතක තියාගනින්.
හොඳට කියවලා බලපන් උඹ ගෙවන මුදලට මොනවද හම්බවෙන කියලා බලපන්. මම දන්න තරමින් කැනන් වල ලෙන්ස් එකේ auto focus මෝටරේ තියෙන්නෙ ලෙන්ස් එකේ. ඒක නිසා ලෙන්ස් ටිකක් මිලෙන් වැඩියි.
නිකොන් වල නම් මෝටර් එක කැමරා බොඩියෙ තියෙන වර්ගයකුත්, එහෙම නැති වර්ගයකුත් තියෙනව කියල තමයි මම අහල තියෙන්නෙ. Focus motor එක නැති නිකොන් කැමරා බොඩියක් ගත්තොත් උඹට වැඩි ගානක් දීල focusing system එක ලෙන්ස් එකේ තියෙන එකක් ගන්න ගන්න වෙනව. නැත්තන් මැනුවල් ෆෝකස් කරන්න වෙනව. උඹ ක්‍රීඩා, උත්සව වගේ දේවල් ෆොටෝ ගන්නව නම් මැලුවල් ෆෝකස් වලින් වැඩක් නැති තරම්.
කැමරා එකක් ගන්නකොට උඹ ඒක මොනවටද පාවිච්චි කරන්නෙ, කොච්චර වියදම් කරන්න පුළුවන්ද කියල කල්පනා කරලා ගනින්. මොකද ඕව ලාබ නෑනෙ.