Cancer Treatment

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
Machanla cancer walata sinhala wedakam karana thenak dannwada?

mage nenda kenekta cancer ekak

denata english treatment karanawa cancer hospital ake. Ath tikak amarui danna kenek innawanam help karanna.

Balangoda paththe sinhala wedakam karana kenek genath aranchiyak awa.

Dannawanam udaw karanna loku pinak machanla
 
  • Like
Reactions: ilanganthilaka

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Meka FB eke dakka poddak balanna

    nmkqhe.jpg
     
    • Like
    Reactions: Shaiman

    CancerMan

    Member
    May 22, 2015
    2
    4
    0
    කැන්සර් වලට ඉංග්‍රීසි බෙහෙත් තමයි හරි. මමත් පිළිකා රෝගියෙක්.
     
    • Like
    Reactions: Shaiman

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    BUMP thamai machan :( machan salli wiyadam karanna puluwan nam India apollo hospital ekata giniyana eka thamai hodama wede,oya wage ledak hadunama kochara salli thibunath madi ban :( ape nanda kenektath haduna,
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,267
    15,837
    113
    images


    පිළිකා සඳහා මා අත්දුටු ඖෂධය

    cancer1.jpg


    මුත්‍ර වාහිනියේ (ureter) පිළිකාවක්‌ ඇති වීමෙන් වසර හතකට පසුව මගේ මුත්‍රාශයේ ද්විතීයික පිළිකාවක්‌ හට ගත්තේ ය. මා ගේ මකුගඩුවක්‌, මුත්‍ර වාහිනිය සහ මුත්‍රාශයේ කොටසක්‌ ද ශල්‍යකර්මයකින් ඉවත් කෙරිණි. ඉන් පසුව මා ගේ උදරය පෙදෙසට විකිරණ ප්‍රතිකාරය ද සිදු කෙරිණි. එය මුත්‍ර වාහිනියේ සංක්‍රමණික සෛල පිළිකාවක්‌ විය. ශල්‍යකර්මයෙන් පසු වසර හතක්‌ මම නිරෝගීව සාමාන්‍ය ජීවිතයක්‌ ගත කළෙමි. කොළඹ ජාතික රෝහලේ දී මට ශල්‍යකර්මය සිදු කළ ඒ විශිෂ්ට වෛද්‍යවරයා විසින් ම මා ගේ මුත්‍රාශය වාර්ෂිකව පරීක්‍ෂාවට ලක්‌ කෙරිණි.

    හත්වැනි වර්ෂයේ දී මාගේ මුත්‍රාවල ලේ ස්‌වල්පයක්‌ දක්‌නට ලැබිණි. වෛද්‍ය මතය වූයේ මුත්‍රාශයේ නැවත වර්ධනයක්‌ හට ගෙන ඇති බව ය. එය නැවතත් සංක්‍රමණික සෛල පිළිකාවක්‌ විය. එය ද ශල්‍යකර්මයක්‌ මගින් ඉවත් කරන ලදී.

    නැවතත් එය හටගත්තොත් කළ යුත්තේ කුමක්‌ ද? එසේ කල්පනා කරමින් මා විවේක සුවයෙන් සිටිද්දී රස චිකිත්සාවක්‌ (Chemotherapy) නොමැති ව ඇප්‍රිකොට්‌ ඵලයේ ඇටයේ මදය අනුභව කිරීමෙන් පිළිකා සඳහා ඇමෙරිකානුවන් හා ඕස්‌ටේ්‍රලියානුවන් යොදා ගන්නා ප්‍රතිකාරයක්‌ ගැන මට අසන්නට ලැබිණි. මේ තොරතුරු www.worldwithoutcancer.org නම් වෙබ් අඩවියේ ද දැකිය හැකි ය.

    ඉතා කෙටියෙන් කියනවා නම් එය පිළිකාව මත ක්‍රියා කරන්නේ මෙසේ ය. ඇප්‍රිකොට්‌ ඇටයේ මදයේ විටමින් ඊ17 නම් වූ ද්‍රව්‍යයක්‌ අඩංගු ය. එය සොයාගනු ලැබුවේ දශක කිහිපයකට පෙර ඇෆ්ගනිස්‌තානයේ ආගමික ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයකු විසිනි. අෆ්ගනිස්‌තානුවන් සිය පොහොසත්කම මනිනු ලබන්නේ ඔවුන් සතු ඇප්‍රිකොට්‌ ගස්‌ සංඛ්‍යාව අනුව බව මේ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයාට දැනගන්නට ලැබිණි. ඇෆ්ගනිස්‌තානු ජාතිකයෝ ඇප්‍රිකොට්‌ ඵලය මෙන්ම ඇටවල මදය ද අනුභව කළ හ. ඇප්‍රිකොට්‌ ඇටයේ මදය ආමන්ඩ්වල හැඩය, ප්‍රමාණය හා සුවඳට සමාන ය. ඇප්‍රිකොට්‌, තිත්ත ආමන්ඩ් (Bitter almond) නමින් ද හඳුන්වනු ලබයි. එම බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයාට පෙනී ගිය විශේෂ කරුණක්‌ වූයේ එම පෙදෙසේ සිටි කිසිවකු පිළිකා රෝගයෙන් නො පෙළන බව ය. ඇප්‍රිකොට්‌ ඇටයේ මදයේ විටමින් B17 නමින් හඳුන්වනු ලබන ද්‍රව්‍යයක්‌ අඩංගු බව එම වෛද්‍යවරයාට සොයා ගන්නට ලැබිණි.




    මා පිළිකා රෝගයෙන් පෙළෙන කෙනකු හෙයින්, අප විසින් එදිනෙදා ගනු ලබන ආහාරවල මේ විටමින් B17 අඩංගු දැයි සොයා බැලීමට මා සිත තුළ කුතුහලයක්‌ ඇති විය. අන්තර්ජාලය හරහා සොයා බලද්දී මඤ්ඤොක්‌කාවල විටමින් B17 ඉහළ සාන්ද්‍රණයකින් අඩංගු බව දැන ගන්නට ලැබිණි. ඒ අනුව මම අනුමාන වශයෙන් සිතා මඤ්ඤොක්‌කා ග්‍රෑම් 100ක්‌ පමණ දිනකට වරක්‌ ආහාරයට ගන්නට පටන් ගත්තෙමි. මෙසේ මඤ්ඤොක්‌කා මාසයක්‌ පමණ නිතිපතා ආහාරයට ගැනීමෙන් පසුව ජාතික රෝහලේ මගේ පුරුදු ශල්‍ය වෛද්‍යවරයා හමු වී මුත්‍රාශයේ සයිටොස්‌කොපි පරීක්‍ෂාවක්‌ කර ගත්තෙමි. මගේ මුත්‍රාශය සම්පූර්ණයෙන් නිරෝගී සහ සාමාන්‍ය තත්ත්වයෙන් තිබෙනු දුටු වෛද්‍යවරයා ද පුදුමයට පත් විය." බයොප්සි පරීක්‍ෂාවට සාම්පලයක්‌ ගන්න තැනක්‌ වත් නෑ..." ඒ ශල්‍ය වෛද්‍යවරයා ගේ වදන් ම විය.

    මා මඤ්ඤොක්‌කා ආහාරයට පටන් ගත් පසු මා අවට ඇසුරු කරන අය කියන්නට පටන් ගත්තේ මා වෙනදාට වඩා සුවතාවෙන් සිටින බව පෙනෙන බවයි. ඒ ඔවුන් මා තුළ දුටු වෙනස ය.

    මුත්‍රාශයේ නවතම වෛද්‍ය පරීක්‍ෂණයේ ප්‍රතිඵලවලින් දිරිමත් වූ මම ශ්‍රී ලංකාවේ සිටින අනෙකුත් පිළිකා රෝගීන් ගේ ද සුබසිද්ධිය පිණිස මා ගේ කතාව ප්‍රසිද්ධියට පත් කළෙමි.

    එවක්‌ පටන් තුන් මසකට වරක්‌ එම වෛද්‍යවරයා ලවා ම මා ගේ මුත්‍රාශය පරීක්‍ෂාවට භාජන කරන ලද අතර ඒ හැම අවස්‌ථාවක දී ම පෙනී ගියේ මා ගේ මුත්‍රාශයේ නිරෝගී බවයි. මඤ්ඤොක්‌කා අනුභවය හැර මා මේ දක්‌වා කිසිදු ප්‍රතිකාරයක්‌ ගෙන නැත.

    මඤ්ඤොක්‌කාවල අඩංගු විටමින් B17 ක්‍රියා කරන ආකාරය ඉතා සරලව පැහැදිලි කරනු කැමැත්තෙමි. විටමින් B17වල විද්‍යාත්මක නාමය වන්නේ amygdalin ය. පිළිකා සෛල අපරිණත සෛල බවත් ඒවායේ එන්සයිම සාමාන්‍ය සෛලවල එන්සයිමවලට වඩා වෙනස්‌ බවත් අපි දනිමු.

    විටමින් B17 සාමාන්‍ය සෛලයක්‌ තුළ දී සීනි අණු 3ක්‌ බවට පරිවර්තනය වේ. එහෙත් පිළිකා සෛලයක්‌ තුළ දී එය සීනි අණුවක්‌, බෙන්සැල්ඩිහයිඩ් අණුවක්‌ හා හයිෙඩ්‍රාසයනික්‌ අම්ල අණුවක්‌ නිපදවයි. හයිෙඩ්‍රාසයනික්‌ අම්ලය මගින් පිළිකා සෛලය මරුමුවට පත් කරයි.

    මගේ මුල් ලිපිය පළ වීමෙන් පසු එය කියවූ අය මඤ්ඤොක්‌කා භාවිතය පිළිබඳ තමන් ගේ අත්දැකීම් ලියා එවන්නට පටන් ගත් හ. එම අත්දැකීම් ඔබේ පාඨකයන් සමග බෙදාහදා ගනු පිණිස මෙහි සඳහන් කරනු කැමැත්තෙමි.

    cn1.jpg

    cn2.jpg




    පෙරේරා මහත්මයා හැත්තෑ වියෙහි පසු වූ පුද්ගලයෙකි. ඔහු පුර:ස්‌ථ ග්‍රන්ථි පිළිකාවෙන් පෙළෙන බව හඳුනා ගනු ලැබූවෙකි. ඔහු ගේ බිරිඳ කොළඹ ජාතික රෝහලේ සේවය කළ හෙදි පාලිකාවකි. ඇය විශ්‍රාමික ය. පෙරේරා මහත්මිය මගේ ලිපිය කියවා, මඤ්ඤොක්‌කා ප්‍රතිකාරය සිය සැමියාට කළ යුතු යෑයි තීරණය කළා ය. ඒ හේතු කිහිපයක්‌ නිසා ය. පෙරේරා මහත්මයාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා දිනකට රුපියල් 1000 ක්‌ බැගින් වියදම් වන පෙති වර්ගයක්‌ නියම කළේ ය. තව ද සතියකට වරක්‌ රු. 11000ක්‌ බැගින් වියදම් වන එන්නතක්‌ ද නියම කළේ ය.

    විශ්‍රාමිකයන් ලෙස මෙය ඔවුන් දෙදෙනාට දරාගත නොහැකි වියදම් අධික ප්‍රතිකාරයක්‌ විය. පෙරේරා මහතා දින කිහිපයක්‌ එම පෙති ද එන්නත් ද ලබා ගත්තේ ය. එම පෙති සහ එන්නතින් පසු ද ඔහු ගේ රෝගී තත්ත්වය වර්ධනය වූ හෙයින් තවදුරටත් එම පෙති ගැනීම ප්‍රතික්‌ෂේප කළේ ය. මේ තත්ත්වය ඇසූ ඇමෙරිකාවේ සිටින පෙරේරා මහත්මිය ගේ දියණිය ලංකාවට පැමිණ මව සමග සාකච්ඡා කොට මඤ්ඤොක්‌කා ප්‍රතිකාරය දීමට තීරණය කළේ ය.

    සතියක පමණ මඤ්ඤොක්‌කා ප්‍රතිකාරයෙන් පසුව පෙරේරා මහතා ක්‍රමයෙන් සුව අතට හැරෙන ලක්‍ෂණ පෙන්වන්නට පටන් ගත්තේ ය. මාසයක්‌ පමණ දිනපතා උදෑසන මඤ්ඤොක්‌කා ආහාරයක්‌ ගත් පෙරේරා මහතා සිය වෛද්‍යවරයා හමු වූයේ ය. ඒ PSA රුධිර පරීක්‍ෂාවේ වාර්තාව ද සමග ය. පුර(ස්‌ථ ග්‍රන්ථි පිළිකාවෙන් පෙළෙන බව සොයා ගත් දින සිට පෙරේරා මහතා ගේ PSA අගය 280-290 අතර විය. එහෙත් පුදුමයක මහතෘ මඤ්ඤොක්‌කා ආහාරය පටන් ගෙන මාසයකට පසුව PSA අගය 5.89කට පහළ බැස තිබිණි. පෙරේරා යුවල මා හමු වීමට පැමිණ මඤ්ඤොක්‌කා ප්‍රතිකාරයට පෙර හා පසු වෛද්‍ය පරීක්‍ෂණ වාර්තා මා හට පෙන්වී ය. පෙරේරා මහත්මයා දැන් කිසිදු පිළිකා රෝගී ලක්‌ෂණයක්‌ පෙන්නුම් නො කරයි. නිතර මා හමු වන්නට පැමිණෙන ඔහු සැබැවින් ම නිරෝගී පුද්ගලයෙකි.

    මා දන්නා තවත් මහත්මයකු අක්‌මා පිළිකාවකින් පෙළුණු අතර ඔහු ශල්‍යකර්මයකට ද භාජන වූවෙකි. ලංකාවේ දී සිදු කරන ලද එම ශල්‍යකර්මයෙන් පසු තවත් පිළිකා සෛල ස්‌වල්පයක්‌ ඉතිරි වී ඇති බැව් පසුව කරන ලද MRI ස්‌කෑන් වාර්තාවේ දැක්‌විණි.

    ඔහුට උපදෙස්‌ දෙනු ලැබුවේ ඉන්දියාවට ගොස්‌ වඩාත් සවිස්‌තරාත්මක MRI ස්‌කෑන් වාර්තාවක්‌ ලබා ගන්නා ලෙස ය. මෙය ඉතා විදයම් අධික එකක්‌ බැව් ද පැහැදිලි කෙරිණි.

    ඔහු ද ඊළඟට මඤ්ඤොක්‌කා ප්‍රතිකාරයට බැස්‌සේ ය. කලකට පසු වෛද්‍යවරයා නියම කළ පරිදි විස්‌තරාත්මක MRI ස්‌කෑන් වාර්තාවක්‌ සඳහා ඉන්දියාවයට ද ගියේ ය. එහි දී ඔහු පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් පැවසුවේ කිසිදු ශල්‍යකර්මයකට හෝ ප්‍රතිකාරයකට හෝ යැම අවශ්‍ය නැති බවත් ඉතිරි ව තිබූ පිළිකා සෛල ස්‌වල්පය මුළු අවුරුද්ද පුරා විශාල නො වී මුල් ආකාරයෙන් තිබෙන බවත් ය.

    ඔහු කරගෙන ගිය ආකාරයට ම මඤ්ඤොක්‌කා ප්‍රතිකාරය කරගෙන යයි. ඔහු ද පැමිණ මා හමු වෙයි. ඔහුත් සැබැවින් ම නිරෝගී බවේ සංකේතයක්‌ බඳු පුද්ගලයෙකි.
    camcer2.jpg

    මා හමුවට එන පුද්ගලයන් ගෙන් අසන්නට ලැබෙන පුවත් ඉතා සිත් ගන්නාසුලු ඒවා ය. ඒවායින් මට ද ලැබෙන්නේ ධෛර්යයකි. ඒ, විශේෂයෙන් ම ඉතා අධික විදයම් සහිත ප්‍රතිපිළිකා ඖෂධවලින් ද අපේක්‌ෂිත සුවය නො ලැබෙන හෙයිනි.

    මගේ අල්ලපු ගෙදර විසූ ඥතියකු ද මා මඤ්ඤොක්‌කා ප්‍රතිකාරය පිළිබඳව දැන ගන්නට පෙර පිළිකාවකින් පෙළුණා ය. ඇය එක එන්නතක්‌ සඳහා රුපියල් 40000-50000ක මුදලක්‌ වියදම් කළා ය. ඇය පිළිකාව නිසා අනන්ත දුක්‌ වින්දා ය. අවසානයේ දී එයින් ම මිය ගියා ය. මේ නිසා මේ අත්දැකීම් සියලු දෙනා ගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කළ යුතු යෑයි මම කල්පනා කළෙමි.

    ඖෂධ වර්ග ගැන පර්යේෂණ පවත්වන මහ ලොකු කොම්පැනිකරුවන් මේ විටමින් B17 ගැන පර්යේෂණ පවත්වා තිබේ ද? නැතිනම් ඒ ගැන පර්යේෂණ කළොත් නරක ද? මඤ්ඤොක්‌කා ලාබදායී ය. ලබා ගැනීමට පහසු ය. තම්බන්නට පහසු ය. ඉතා රසවත් ය. කිසිදු අතුරු ආබාධයකින් ද තොර ය. මීට වඩා දෙයක්‌ කෙනකුට බලාපොරොත්තු විය හැකි ද?

    (මේ ලිපියට ඔබේ ප්‍රතිචාර විදුසරට යොමු කරන්න)

    වෛද්‍ය සින්තියා ජයසූරිය
    පරිවර්තනය
    ආචාර්ය පියසිරි අමිලසිත් යාපා








    මේක විදුසර පත්තරේ ගි‍ය ලිපි‍යක් 2011.08.10 Webඑකෙත් ති‍යෙනවා.
    http://www.vidusara.com/2011/08/10/viduindex.htm


    Re-post නම් Sorry :D
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    thanks machanla help karapu hamotama

    මඤ්ඤොක්කා gena hoyapuwama mekath labuna

    මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ,මාගේ හිතවතෙකු තම ඥාතී දියණියකගේ මොළයේ හට ගෙන තිබෙන පිළිකා රෝග තත්ත්වයක් සඳහා මඤ්ඤොක්කා අල ප‍්‍රතිකාර ක‍්‍රමය, පහසුවෙන් යොදා ගත හැකි ක‍්‍රමයක් පිළිබඳ කළ විමසුමකට ප‍්‍රතිචාරයක් ලෙසය.

    මා, පිළිකා රෝගය ඇතුලු බෝ නොවන රෝග පිළිබඳව වන, බටහිර හා විකල්ප වෛද්‍ය ක‍්‍රම පිළිබඳව වන තොරතුරු ගවේෂකයෙකු සහ ඉදිරිපත් කරන්නෙකු පමණක් වන බවත්, ඒ හා සම්බන්ධ වෘත්තිකයෙකු හෝ පර්යේෂකයෙකු නොවන බවත්, මෙහිලා අවධාරණය කර සිටිමි.

    පිළිකා සුව කිරීම සඳහා නිස්චිත විකල්ප ක‍්‍රමයක් ලෙස මෙහිලා සාකච්ඡ කෙරෙන කරුණු කාරණා පමණක්, පිළිකා රෝගීන් විසින් නොසැලකිය යුතුය. ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව, ප‍්‍රතිශක්ති චිකිත්සාව ආදී උසස්ම ක‍්‍රම වලින් තොරව පිළිකාවලින් සුවය ලබන්නට තැත් කිරීම බුද්ධිමත් නොවනු ඇත.

    එසේ උවත්, පිළිකාවලින් ආරක්ෂා වීම සඳහා අපගේ ස්වභාවධර්මය සතු බලය නොතකා හැර, යතෝක්ත ප‍්‍රතිකාර ක‍්‍රම කෙරෙහි පමණක් විශ්වාසය තැබීම ද මුළුමනින් අසාධාරණය. පිළිකා වැළැක්වීමටත්, ප‍්‍රතිකාර වලින් ලැබෙන සුවය ප‍්‍රගුණ කිරීමටත්, එකීස්වභාවික ශක්තීන් ප‍්‍රයෝජනයට ගත හැකිය.

    මඤඤොක්කා අල ප‍්‍රතිකාරය සාර්ථකව භාවිත කළ මහාචාර්යවරයෙක්…

    පිලිපීනයේ මැනිලා හී, සන්තෝම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැනුවෙල් නවාරෝ විසින් බොහොම කලකට පෙර, මඤ්ඤොක්කා අල ප‍්‍රතිකාරයෙන් උග‍්‍ර පිළිකා රෝගීන් 500 ක් පමණ සුවපත් කොට ඇති බවටද වාර්තා වෙයි.

    මහාචාර්ය නවාරෝ විසින් යොදා ගත්, ඒ විශේෂිත මඤ්ඤොක්කා අල ප‍්‍රතිකාර ක‍්‍රමය මෙසේය.

    * අගල් 4ක පමණ දිග සහ අගල් 2 ක් 3 ක් පළල අමු පිරිසිඳු මඤ්ඤොක්කා අල කැබැල්ලක් ගන්න. එහි දුඹුරු පැහැති පිට පොත්ත පමණක් ශුද්ධ කරන්න.

    * දැන් එය කුඩා කැබලි වලට කපා ගෙන එම කැබලි බ්ලෙන්ඩරයකට දමා ඊට උතුරුවා නිවා ගත් ජලය පිරුණු කෝප්ප 2ක් දමා මිනිත්තු 2ක් පමණ වැඩි වේගයකින් හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.

    * දැන් අඹරා ගත් කිරි පැහැති දියරය උස වීදුරුවකට දමා පැය දෙකක් පමණ ශීතකරණයේ තබන්න. එවිට මඤ්ඤොක්කා අල වල පිටි කොටස වීදුරුවේ පතුලේ තැම්පත් වනු ඇත.

    * ඉහළින් ඇති ජලය වැනි අවර්ණ දියර කොටස ප‍්‍රවේශමෙන් වෙනත් බඳුනකට වෙන් කර ගන්න.

    * එම දියරයෙන් භාගයක් උදේ කෑමට පෙරද ඉතිරි භාගය සවස ද පානය කරන්න. (මෙම ද්‍රාවණය තරමක් තිත්ත රසැතිය)

    * ඊට පසු දිනද පෙර සේම ද්‍රාවණය සකස් කර ගන්න. හැබැයි පෙර දිනයේදී ඔබ ගත් අල කැබැල්ලට වඩා අගල් භාගයක් දිග වැඩි අල කැබැල්ලක් ගැනීමට වග බලා ගත යුතුය.

    *මෙසේ ක‍්‍රමයෙන් අල කැබැල්ලේ දිග අගල් භාගය භාගය වැඩි කරමින් මඤ්ඤොක්කා අල ද්‍රාවණය සකස් කර ගෙන පානය කරන විට, එක් දිනකදී මෙම ද්‍රාවණය පානය කිරීමෙන් අනතුරුව, ඔබට කරකැවිලි ගතියක් දැනෙණු ඇත. (මතක තබා ගන්න. ඒ ඔබට දරා ගත හැකි ඖෂධයේ සීමාවයි. මාත‍්‍රාවයි)

    * පසු දින සිට සිට ඔබ ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් භාගයකින් අඩු කරන්න. අගල් භාගයකින් අඩු කළ මඤ්ඤොක්කා අල කැබැල්ල (උදාහරණයක් ලෙස අද දින ඔබට කැරකැවිල්ල හැදුනූ අල කැබැල්ලේ දිග අගල් 7 ක් නම්, හෙට සිට ඔබ පෙර කී ද්‍රාවණය සකස් කර ගැනීමට ගත යුතු මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග අගල් 6 හමාරක් විය යුතුය.)

    * මතක තබා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ ඔබේ මාත‍්‍රාව ඉක්මවා නොයැමයි.

    *මෙම ද්‍රවණයේ රසය, ප‍්‍රසන්න කර ගැනීම සඳහා දොඩම් හෝ දෙහි යුෂ එක් කර ගත්තාටද වරදක් නොමැත.

    * මෙම ප‍්‍රතිකාරය මාස 3ක් පමණ කළ යුතු බව වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියගේ අත්දැකීම් අනුව පැහැදිළි වෙනවා. (වෛද්‍ය ජයසූරිය මහත්මිය විසින් තම පිළිකා රෝගය සම්පූර්ණයෙන්ම සුව කර ගෙන ඇත්තේ දිනපතාම වේලකට මඤ්ඤොක්කා ග‍්‍රෑම් 100 ක් පමණ, මාස 3 ක් එක දිගට ආහාරයට ගැනීමෙන් බව ඇය විසින් හෙළි කර ඇත.

    * මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය මහාචාර්යය නවාරෝ විසින් ළමුන් සඳහා නිර්දේශ නොකලද පසුව කරන ලද

    ප‍්‍රායෝගික අත්දැකීම් වලට අනුව ළමුන් සඳහාද භාවිත කළ හැකි බව සින්තියා ජයසූරිය මහත්මිය ප‍්‍රකාශ කර තිබිණි.

    * ළමුන් සඳහා භාවිත කිරීමේදී ප‍්‍රතිකාරය ආරම්භ කිරිමට යොදා ගන්නා මඤ්ඤොක්කා අල කැබැල්ලේ දිග, ළමයාගේ වයස අනුව තරමක් අඩු කළ යුතු බව මගේ හැගීමයි.

    * මෙම ප‍්‍රතිකාර ක‍්‍රමයේ තවත් වාසියක් වන්නේ මඤ්ඤොක්කා අල වල තිබෙන පිෂ්ඨය ඉවත් කෙරෙන නිසා දියවැඩියා රෝගීන් සඳහාද යෝග්‍ය විමයි.

    පිළිකා මර්දනයෙහිලා මඤ්ඤොක්කා අල සතු සුවිශෙෂී හැකියාව.

    මඤ්ඤොක්කා අල සහ ඇප‍්‍රිකොට් වැනි ශාක තුළ තිබෙන, විටමින් බී 17 මගින් පිළිකා ෙසෙල පමණක් විනාශ කරන නිසාවෙන්, සහ එය සාමාන්‍ය නිරෝගී ෙසෙල වලට හානි නොකරන නිසාවෙන් මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව විශිෂ්ඨ වන බව පැවසේ.

    පිළිකා මර්දන හැකියාව සතු තවත් ස්වභාවික ආහාර වර්ග කිහිපයක්.

    මඤ්ඤොක්කා අල ග‍්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග‍්‍රෑම් 500 ක් පමණ අන්තර්ගත වන බවත්, බතල අල ග‍්‍රෑම් 100 ක විටමින් බී 17 මිලි ග‍්‍රෑම් 100 ක් පමණ තිබෙන බවත් සොයා ගෙන තිබෙනවා.

    මෙයට අමතරව, රතු කැකුළු සහල්, රතු කවුපි. තල වැනි ආහාරවලත් විටමින් බී 17 අඩංගු වෙයි. පිළිකා මර්දනයෙහිලා කටු අනෝදා, පැපොල්, කොමාරිකා මදය සතු විස්මිත හැකියාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව, විද්‍යාඥයින් අවධාරණය කරති.

    (මෙම ලිපිය කියවා කිසිවෙකු හෝ ප‍්‍රයෝජනයක් ගත්තොත්, එයින් ලැබෙන පිනෙන්, මඤ්ඤොක්කා අල සතු පිළිකා මර්දන හැකියාව පිළිබඳව ලාංකිකයින්ගේ ඇස් පෑදු විශේෂඥ වෛද්‍ය සින්තියා ජයසූරිය මහත්මියට දීර්ගායුෂ ලැබෙන්නට, හේතු වේවා කියා ප‍්‍රාර්ථනා කරමි.)

    ගැමුණු සාලිය පෙරේරා

    මහජන සෞඛ්‍ය පරීක්ෂක – ඇල්ල

    - See more at: https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/main-news/95825/#sthash.6dlVr18q.dpuf
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    oya hodata anoda bonna, hema dawasama.

    Oyata danne nehe Anodha fruit eke tiyena watinakama, It can cure cancer 10th folds as it does with chemo therapy.

    Take my advice and buy a lot of anoda fruits, and anoda juice.

    I hope you can afford it!
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බම්ප් ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    සිංහල වෙද්දු ගොඩක්ම අමු හොරු..බලාගෙන.