casual wear ( adumak hariyata thoramu )

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඇඳුම් තෝරන විට... (casual wear)

    මම කියන්න යන්නෙ කැෂුවල් ඇඳුම් තෝරන විට මොන වගේ ඇඳුම්ද තෝරගන්න ඕනි කියල. පිරිමි කැෂුවල් ඇඳුම් ප්‍රධාන වශයෙන් ටී ෂර්ට් හෝ ෂර්ට් සහ කලිසම් හෝ ඩෙනිම් කලිසම් ලෙස බෙදන්න පුළුවන්.

    මේ හැම එකකදීම පාට තුනකට වඩා යන්න එපා. එහෙම ගියොත් අච්චාරුවක් වෙයි. ඇඳු‍මේ වටිනාකම පේන විදියට ඇඳුම් ගලපන්න. ඒ වගේම හැම ඇඳුමක්ම තමන්ගෙ ඇ‍ඟේ ප්‍රමාණයට ගැලපෙන විදියට තෝරගන්න.

    ඇ‍ඟේ ප්‍රමාණයට වඩා විශාල ටීෂර්ට් සහ ෂර්ට් ඔබේ ඇ‍ඟේ හැඩය හංගනවා. බැගි ෂර්ට් ඇන්දෙ 90 ගණන් වල දැන් ඒව එච්චර ගනන් ගන්නෙ නෑ. ඔබ කෙට්ටු නම් ඒ ගැන වද වෙන්න එපා. හැමෝම ලස්සනයි. ලොකු ඇඳුම් ඇන්ද කියල‍ ඔබ ලොකුවට පේන්නෙ නෑ. එහෙමයි කියල කිටි කිටියට හිර ඇඳුම් ගන්නත් එපා. ටී ෂර්ට් හෝ ෂර්ට් වල, කර ළඟින් ගානට හරි ගිය තරමින් ඉතිරි ටික නිකන්ම හරියන්නෙ නෑ. එක එක අයගෙ ශරීරයේ හැඩ පරිමාණ වෙනස් සමහරුන්ගෙ උරෙස් පළල් ඒත් ඉණ ටිකක් පොඩියි. තවත් සමහරුන්ගෙ බෙල්ල මහතයි. ඒ නිසා හැම තැනින්ම ගානට හරියන ඇඳුම් විතරක් තෝරගන්න.

    නිතරම ටී ෂර්ට් සහ ෂර්ට් තෝරන විට උරහිස සහ අත අසල මැස්ම නිවැරද තැන තියනවද බලන්න. එම මැස්ම තියෙන්නෙ උරහිසෙන් ඉහල හෝ පහල නම් ඒ ඇඳුම ගැලපෙන්නෙ නැහැ.


    shoulder.jpg



    ඔබේ උස අනුව ටී ෂර්ට් හෝ ෂර්ට් වල උස තෝරගන්න. විශේෂයෙන්ම ඕනෑවට වඩා උස ටී ෂර්ට් ඇන්දම ඒව නිතරම පිටිපස්සෙ පැටලෙනවා. මේක ටිකක් කරදරයක්. ටී ෂර්ට් එකේ උස, බෙල්ට් එකට ටිකක් පහලට වඩා යටට ගන්න එපා.

    කලිසම් තෝරනකොට නිතරම ඉණ මනින්න. බෙල්ට් thread එකේ කිව්වා ඉණ හරියටම තියෙන්නෙ කොතනද කියල. ඔබ ගන්නෙ ඩෙනිමක් නම් හරිගානට වඩා ටිකක් වැඩියෙන් ගත්තට කමක් නෑ. ගොඩක් ඩෙනිම් හෝදනකොට ටිකක් විතර පුංචි වෙනවා. ඉණ හරියටම තද කරගන්න බෙල්ට් එකක් පාවිච්චි කරන්න.

    ඩෙනිම් ගැන තව ගොඩක් දේවල් මම ඉස්සරහටම කියන්නම්. දැනට මෙන්න මේ ටික මතක තියාගන්න. ඩෙනිමේ පිටිපස්ස ඕනෑවට වඩා බැගී තියන ඒව ගන්න එපා. ඒව ඇන්දම ඇ‍ඟේ හරි හැඩය එන්නෙ නෑ. ‍එහෙමයි කියල ඕනවට වඩා කිටි කිටියට හිර ඒව ගන්නත් එපා. අනාගතේ ආරක්ෂා කරගන්න.


    1333520081414112262133_M.jpg

    බැගී ‍‍‍ඩෙනිම් :(

    ඒ වගේම කලිසම් වල උස ඉතා වැදගත්. ඩෙනිම් වල උස තෝරනකොට පහලින් ටිකක් රැළි තිබනට කමක් නෑ. ඒත් කලිසම් වල එහෙම රැළි තිබීම අවලස්සනයි. සපත්තුවේ අඩිය අසල තමා කලිසමේ උස තිබිය යුත්තේ. තවත් දෙයක් කලිසම් වල කකුල දිග නම් නවන්න එපා. ටේලර් කෙනෙකුට කීයක් හරි දීල කකුල අඩු කරල මහගන්න.
    goodfitjeans.jpg

    හොඳ ගැලපුමක් :)

    ඕනෑවට වඩා වැඩි වැඩ දාන්න යන්නත් එපා. උදා- යකඩ දම්වැල් සහිත ඩෙනිම් කලිසම + දිලිසෙන ප්‍රින්ට් සහිත ටී ෂර්ට් එක. අපේ අය ගොඩදෙනෙක් කරගන්න වැරැද්දක් මේක. චාම් ඒත් පෙනුමක් එන විදියට ඇඳුම් තෝරගන්න. දීප්තිමත් වර්ණ වලට යන්න. සියල්ල ලා පාට හෝ සියල්ල තද පාට වලින් තේරීමෙන් වලකින්න.

    ඇඳුම් වල වර්ණ ගැලපීම ඉතාමත් වැදගත්. පාට තුනකට වඩා යන්න එපා කියල මං කලිනුත් කිව්වනෙ. ඔබ තේරුවෙ ඩෙනිමක් නම් තනිපාටක ප්‍රින්ටඩ් ටී ෂර්ට් එකක් හොඳින් ගැපපෙනව. උදා-නිල්පාට ඩෙනිම + සුදු පාට ටී එක. ලා පාට සහ තද පාටවල් එකිනෙක ගලපන්න. ඩෙනිම් කලිසමේ වැඩිය මෝස්තර නැත්නම් මෝස්තර වැඩිය තියන ෂර්ට් එකක් හෝ ටී ෂර්ට් එකක් තෝරගන්න.

    අවසාන වශයෙන් හොඳ සපත්තු කුට්ටමක් සහ බෙල්ට් එකක් භාවිතා කරන්න. දැං කාලෙ සැන්ඩල්ස් දෙකක් ගන්නවට වඩා සපත්තු දෙකක් ගන්න එක ලාබයි.


    ඇඳුම් සඳහා වර්ණ ගැලපීම http://www.elakiri.com/forum/showthread.php?p=19907961#post19907961
    ජෙල් වැක්ස්
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=19907797
    කොන්ඩෙ කපමු http://www.elakiri.com/forum/showthread.php?p=19903219#post19903219

    රැවුල නිවැරදි කපමු http://www.elakiri.com/forum/showthread.php?p=19901463#post19901463

    Watch එකක් ගමු http://www.elakiri.com/forum/showthread.php?p=19899474#post19899474

    සපත්තු ගද http://www.elakiri.com/forum/showthread.php?p=19898593&posted=1#post19898593

    බෙල්ට් ගැන
    http://www.elakiri.com/forum/showthread.php?t=1732830
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    උබ ෆැෂන් ඩිසයිනින්ග් කෝස් එකක් වත් කරාද ? එහෙම නැත්තම් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ද ? නියම වැඩක් මචන්. රෙප් දුන්නා.:shocked:
     
    Last edited: