CCTV: හෝමාගම උන එකක්
හෝමාගම පනාගොඩ ලේලන්ඩ් හන්දිය ආසන්නයේ දී සිදුවු රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මිය ගොස් තිබේ.
අද(19) උදෑසන 6.40 පමණ නිවස ඉදිරිපිට මාර්යට තම පුතා පාසලට ඇරලීම සඳහා මෙම පුද්ගලයා යතුරුපැදිය මාර්ගයට ගෙන තිබේ.
අදාළ මාර්ගයේ ගමන් ගත් මෙම කුඩා ලොරි රථය වංගුව ගන්නාවත් සමඟ රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයේ ඒ මේ අත ගමන් කිරීමේ දී යතුරුපැදිකරුගේ වැදී මාර්ගයෙන් ඉවතට විසි වී යයි.
මෙම අනතුර යතුරුපැදිකරුගේ නිවසේ සවි කර තිබූ සී.සී.ටීවි කැමරාවෙහි සනිටුහන් වී තිබුණු අතර එය ඉතා සංවේදී දසුනක් විය.
අනතුර සිදුවීමෙන් පසුව යතුරුපැදිකරු වහාම රෝහල් ගත කිරීමට කටයුතු කළ ද බරපතළ තත්ත්වයෙන් සිටි ඔහු පසුව මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ හෝමාගම පනාගොඩ, ලේලන්ඩ් හන්දිය ප්රදේශයේ පදිංචි කනත්තගේ ප්රියන්ත ජයසිරි නැමති 46 හැවිරිදි එක් දරු පියෙකු වන අතර, ඔහු ඒ ආසන්නයේම පෞද්ගලික ආයතනයක සේවය කරයි.
අනතුර සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර මහතා විසින් සිදු කිරීමට නියමිතයි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු ලෙස සිටි පුද්ගලයා මේ වන විට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත වෙයි.
අතුරුගිරිය පොලිසියේ රථවාහන අංශය විසින් පරීක්ෂණ පවත්වනු ඇත.
පුතා එනතුරු මඟ බලා සිටි පියා මාරයාට බිළිවෙයි-CCTV දර්ශන සහිතයි