අපේ ගෙදර ගස් වගයක් කපලා දැම්මා. මේ කදන් කුට්ටි කර ගැනීමට මට Chain Saw එකක් අවශ්‍ය වෙනවා. අඩි 2කෙ විතර කුට්ටි කරලා පොරවෙන් ගහලා දර කරන්න තමා අදහස්. මම හාර්ඩ්වෙයාර් එකෙන් විමසීමෙන් පස්සේ එයාල මට Grinder එකට සෙට් කරන Chain saw එකක් පෙන්නුවා. ඒක නම් ප්‍රමාණයෙන් මදියි ලොකු කොට කපන්න. ඉතිං මට ඕනේ Gasoline Chain Saw එකක්. ඉතින් මේවා ගැන අදහසක් තියෙන කෙනෙක් කියනවද මොන වගේ එකක්ද මම තෝරා ගන්න අවශ්‍ය බව? ඔය මැෂින් වලට දාන්නේ පෙට්‍රල් ද ඩිසල්ද? ඕවා ටු ස්ට්‍රෝක් එන්ජිංද? ඔව් නම් ඕවාට 2ස්ට්‍රෝක් ඔයිලුත් කලවන් කරන්න ඕනෙද? මම ජිවත් වෙන්නේ හුන්නස් ගිරියේ. ඉතින් මේ කඩවල ඇහුවට නැහැ. මට නුවර අවටින් හරි නැත්නම් ඔන්ලයින් ගෙන්න ගන්න තැනකුත් දන්නවා නම් කියන්න.
