China's record-breaking glass bridge closes

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    පසුගිය මාසයේ චීනයේ දී විවෘත කළ වීදුරු පතුලක් සහිතව නිමවා ඇති ලෝකයේ දිගම පාලම තාවකාලිකව වසා දමා ඇත.ප්‍රමාණයට වඩා සංචාරකයන් පිරිසක් එක් වරක දී පාලම තරණය කිරීම එයට හේතුව බවයි බලධාරීන් පවසන්නේ.එක් වතාවකදී අට සීයක් පමණ පිරිසක් මෙම මීටර හාර සියයකට වැඩි දිගින් යුත් පාලම තරණය කරති.

    හුනාන් පළාතේ සන්ජියෙජි සානුව හරහා මීටර 300 ක් ඉහලින් ඉදිකර ඇති මෙම පාලමේ සිට බලද්දී ජනප්‍රිය ඇමරිකානු චිත්‍රපටයක් වන 'අවතාර්' චිත්‍රපටයේ දැක්වෙන භූමි දර්ශණ වලට සමාන පරිසරයක් සිහිගන්වයි.බලධාරීන් පවසන්නේ පාලම පිහිටි ප්‍රදේශයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා සිකුරාදා පාලම වසා දැමූ බවයි.එය නැවත විවෘත කරන දිනයක් සඳහන් කර නැත.





    BBC/RT​
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    චීන බඩු ලොන්ග් ලාස්ටින් ඔන්ලි දැට් මච් ඔෆ් ටයිම්..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    _90841891_hi033705974.jpg