Chupacabra(චූපකප්බ්-රා)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    chupacabra.gif



    chupacabra සමහරු මේ ගැන අහලා ඇති, නොදන්නා අයත් ඇති...

    chupacabra කියන නමේ තේරුම වන්නේ "goat sucker" බැටළුවන් මරන්නා, වැනි තේරුමක්. ලොව හඳුනානොගත් සත්ව විශේෂයක් වන මෙය පුවර්ටෝරිකෝ(Puerto Rico) හා මෙක්සිකානු ලතින් ඇමරිකානු රටවලින් වාර්ථාවනවා.
    ඔවුන්ගේ බැටළුවන් ගවයින්ගේ රුධිරයෙන් මෙම සත්වයා යැපෙන බවයි පැවසෙන්නේ.

    පළමුවෙන්ම 1995දී Puerto Rico වලදී මෙම සත්වයා වාර්ථාවනවා. පසුව චිලී, බ්‍රසීලය වැනි රටවලින් විවිධ සිද්ධීන් වාර්ථාවනවා.

    අඩි 4-6ත් අතර උස,
    විශාල රතු ඇස් සහිත,
    කැන්ගරුවකු මෙන් දෙපයෙන් යන,
    උල් දත් දෙකක් සහිත,
    කොටියකු මෙන් මුහුණක් සහිත,
    පිටේ උල් කටු සහිත ලෙස මෙම සත්වයා ඇසින් දුටු සාක්ෂිවලින් පැවසෙනවා.


    මෙම සත්වයා, බැටළුවන්, ගවයින්, කුකුළන්, බල්ලන්ව ගොදුරුකරගත් වාර්ථා බහුලයි. එම සිද්ධීන්ගෙන් රාශියක්ම DNA පරීක්ෂණ වලින් එකම සත්ව කාණ්ඩයක් විසින් කරන ලද්දක් ලෙස ස්ථිරකර තිබෙනවා.

    මෙම සත්වයා ගොදුරුකරගත් කුකුලු කූඩුවක්

    20100112_014810_0183650_4.jpg


    මෙම සත්වයා ගොදුරුකරගත් බල්ලෙක්

    el%20chupacabra.jpg


    මෙම සත්වයා ගොදුරුකරගත් ගවයෙක්

    cattle-abduction-mutilation.jpg


    2006දී රුසියාව, 2007දී ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය, 2008දී පිලිපීනයෙනද මීට සමාන සිද්ධීන වාර්ථාවූවා.

    ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්ථාවන සත්වයා බල්ලකුමෙන් ස්වරූපයක් ගන්නවා, මෙවන් සත්වයෙක් උගුලකට අසුවී මරණයට පත්වූ අවස්ථාවක්ද පවතිනවා.

    chupacabra_2330.jpg


    මෙම වීඩියෝ එකත් බලන්න...

    http://www.youtube.com/watch?v=I6vRdy4SO4Y


    Puerto Rico වල සත්වයාව තවමත් හරිහැටි නිරීක්ෂණයට අසුවී නෑ.. එහෙත් අහඹුලෙස වීඩියෝ කිහිපයකට අසුවී තිබෙනවා.


    ප්‍රසිද්ධම වීඩියෝ එක මෙයයි..

    http://www.youtube.com/watch?v=SmHmnfgON4A


    තවත් බොහෝ වීඩියෝ බලන්න..

    http://www.youtube.com/results?search_query=chupacabra+&aq=f

    මෙහි සත්‍යය අසත්‍යය තවමත් නොවිසඳී පවතින්නක්.


     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    අපෙ රටෙ දෙශපාලකයො වගෙමයි මෙ අද්බුත සතා ලෙ උරා බොන්න හොදට දන්නවා:D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    මෙ සතා ලංකාවෙ ඉන්න මි මින්නො වගෙ නෙද ටිකක්:confused: